-මොහාන් සමරනායක
සැප්තැම්බර් මුල් සතියේ ලොව පුරා ජනමාධ්‍යන්හි සහ සමාජ ජාලයෙහි පළ වූ චායාරූපයක් අයුක්තිය හමුවේ සසල වන හෘදය සාක්ෂියක් සහිත කෝටි සංඛ්‍යාත මිනිසුන් කම්පනයට පත් කළේය. නිලුෆර් ඩෙමීර් නැමති 29 හැවිරිදි තුර්කි ප්‍රවුත්ති චායාරූප ශිල්පිනියගේ කැමරා කාචයෙහි සටහන් වුණු චායාරූපයෙහි දැක්බුණේ තුර්කියේ බොඩ්‍රම් වෙරළට ගොඩ ගසා තිබූ මුහුදේ ගිලී මිය ගිය හුරුබුහුටි කුඩා පිරිමි දරුවෙකි. මනාව හැඳ පැළඳ සිටි දරුවාගේ සිරුර මුහුදු දියෙන් සේදෙමින් තිබිණ. ඔහුගේ නම අයිලාන් කුර්දි ,වයස තුනයි.දරුවා වෙරළ මත මුණින් අතට වැතිර සිටියේය.

සිරියානු ජාතික කුර්දි සිය පියා, මව , ගල්ප් නැමති පස් හැවිරිදි වැඩිමල්සොහොයුරා ඇතුළු පිරිසක් යුරෝපයට සංක්‍රමණය වනු පිණිස මුහුදු ගමනකට නුසුදුසු බෝට්ටුවක නැගී ග්‍රීසියේ කොස් දිවයින බලා යාත්‍රා කරමින් සිටියදී මේ විපතට ගොදුරු විය. බෝට්ටුව මුහුදේ ගිලී යාමේන් 12 දෙනෙක් මළහ . අයිලාන් පවුලේ සාමාජිකයන්ගේ දිවි බේරා ගැනීමට හැකි වූයේ පියාට පමණි.මේ ඔවුන් තුර්කියටත් අනතුරුව යුරෝපයටත් පැන යාමට උතාහ කළ තුන් වැනි අවස්ථාවයි.පළමු වර දේශසීමා රැකවළුන් විසින් ඔවුන් නතර කරනු ලැබූහ. දෙවන වර මිනිස් ජාවාරම්කරුවෙක් ඔවුන්ගේ මුදල් සොරා ගත්තේය .තෙවැනි ගමන හෝකාන්තයක් විය.
කුර්දි පවුල සිය උපන් බිම හා ගේදොර අතැහැර දිවි පරදුවට තබා යුරෝපයට පලා යාමට උත්සාහ කළේ තම දේශය වෙලාගත් යුධ භීෂණයෙන් මිදී ජීවිත ආරක්ෂාව සළසාගනු පිණිසය.ඔවුහු සිරියාවේ දැනට මහත් ප්‍රසිද්ධියට පත්ව ඇති කොබොනේ නගරයේ වැඉයෝ වූහ. 2011 අරබි වසන්තය සමග සිරියාවේ පැනනැගුණු ආණ්ඩු විරෝධී සන්නද්ධ ව්‍යාපාරයේ එක් අවස්ථාවක කොබනේ නගරය බියකරු සටන්වලින් පසු කුර්දි කම්කරු පක්ෂයේ සහය ලබන කුර්දි සන්නද්ධ කණ්ඩායම් අතට පත් විය. දැනට වසරකට පමණ පෙර ISIS (Islamic state of Iraq and Syria ) නමින් ප්‍රකට කෲර මිනීමරු බළකාය නගරය අල්ලා ගත්හ. ඉවක් බවක් නැතිව මිනිසුන් ඝාතනය කළ ඔවුහු වහල් වෙළඳාම සඳහා ස්ත්‍රීන් පැහැරගෙන ගියහ. නගරයේ බලය යළි අත්කර ග්ගැනීම සඳහා කුර්දි සන්නද්ධ කණ්ඩායම් එක්සත් ජනපද ගුවන් ප්‍රහාරය ආවරණය ඇතිව සටන් වැදුණු විට නගරය සුන්බුන් ගොඩක් බවට පත් විය. වැසියෝ බියකරු නගරය අත්හැර පලා යන්නට වූහ.
තුර්කි වෙරළට ගොඩ ගසා තිබූ අයිලාන් කුර්දිගේ ප්‍රාණය නිරුද්ධ බිළිඳු සිරුර දැක්වෙන ඡායාරූපය යුද්ධයේ භීෂණයේ නිරූපණය කරන පළමු හා අවසාන පින්තූරයද නොවේ.දිනපතාම යුධ බිමෙන් මෙවැනි ඡායාරූප සිය ගණනින් ලැබෙමින් පවතී. කවර හෝ හේතුවක් නිසා මේ සුවිසේෂී ඡායාරූපය ලොව පුරා මනුෂ්‍ය හෘදය සාක්ෂියෙහි මහත් කැළඹීමක් ඇති කළේය."දරුවාගේ විලාපය ලෝකයට ඇසෙන්නට සැලැස්වීම" සිය අරමුණ විනැයි නිලුෆර් ඩේමීර් සඳහන් කළාය.ඇගේ අදහස ඉටු විය. දරුවාගේ විලාපය ලොවට ඇසිණ. ආවේගයෙන් , සංවේගයෙන් , කෝපයෙන් යුතුව පුවත්පත්වල බොහෝ ලිපි පළ විය. සයිබර් අවකාශයේ බොහෝ සටහන් තැබිණ. මෙවන් රුදුරු විපත් කිසි කලක නොවේවායි ප්‍රාර්ථනා කෙරිණ. එහෙත් අයිලාන් කුර්දි දරු පැටියාගේ මරණය පිටුපස කටුක දේශපාලන යථාර්ථය බොහෝ දෙනා දුටුවේ නැත.දුටුවද නොදුටුවා සේ උන්හ. බටහිර ව්‍යාපාරික මාධ්‍ය හිතාමතාම ඒ යථාර්ථය වසන් කළේය.
සිරියානු ජනයා සිය දහස් ගණනින් තම රට හැර පලා යනුයේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඒකාධිපති , මර්ධනකාරී , රුදුරු පාලනය ඉවසිය නොහැකි නිසායයි මතයක් සමාජගත කිරීමට බටහිර ජනමාධ්‍ය විචාරකයන් සහ බටහිර අරමුදල් මගින් නඩත්තු කෙරෙන සිවිල් සමාජය කලෙක සිට උත්සාහ කරන දැකිය හැකිය. අල් අසාද් පිය පුතු පාලනය ඒක පාක්ෂික, අධිකාරිවාදී හා මර්දනකාරී එකක් බව සැබෑය. එහෙත් බටහිර මැදිහත්වීම් සිදු වන තුරු එරට බොහෝ සෙයින් සාමකාමී ස්ථාවර රාජ්‍යයක්ව පැවතිණි. 2010 බ්‍රාට් (Bradt) සංචාරක අත්පොත මෙසේ සඳහන් කරයි. සමහර විට සිරියාව ලෝකයේ වඩාත්ම ආරක්ෂා සහිත රටවලින් එකක් විය හැකිය.ප්‍රචණ්ඩත්වය හෝ විදේශිකයන්ට එරෙහි සුළු අපරාධ නැත්තටම නැති තරම්ය. බෂර් අල් අසාද්ගේ සිරියාව අන්‍ය ආගම් ඉවසන ආගමික (secular) රාජ්‍යයකි.
2010 දෙසැම්බර් ටියුනීසියාවෙන් මතුවී 2011 වසර ආරම්භයේ සිට මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු රටවල් රැසක පැතිර ගිය අරාබි වසන්තය සමග සියල්ල වෙනස් වන්නට විය. මේ රටවල ජනතාව මර්දනයට , පීඩනයට දූෂණයට අධිරාජ්‍යවාදී සූරෑකෑමට සහ නව ලිබරල් ගෝලීයකරණයට එරෙහිව නැගී සිටි විට බටහිර පාලක පන්තීහු එකී ජනතා නැගිටීම තම අභිමතය පරිදි හැසිරවීමට මැදිහත් වූහ. ලෝක ඛනිජ තෙල් සැපයුමෙන් සියයට 65 කට වගකියන භූමි කලාපය සිය ග්‍රහණයෙන් මිදී ස්වාධීනව නැගී සිටිනු දකින්නට ඔවුන් කැමති වූයේ නැත.
මැදිහත්වීම දෙයාකාර විය. තමනට අවනත , හිතෛෂී රටවල - බහරේන් සවුදි අරාබිය වැනි - ජනතා නැගිටීම මර්ධනය කරනු පිණිස පාලකයනට උදව් කරනු ලැබීය. තමනට අවනත නොවන ලිබියාව, සිරියාව වැනි රටවල , කැරලිකාර කණ්ඩායම් අවි සහ අරමුදල් සපයමින් පෝෂණය කොට ආණ්ඩු වෙනස් කිරීමට ආධාර කරනු ලැබීය. රෙජීම් චේන්ජ් (Regime Change) පිළිවෙත නමින් ප්‍රකටව ඇත්තේ ලෝකය පාලනය කිරීම සඳහා බටහිර අධිරාජ්‍යවාදය මෑතකදී නිර්මාණය කළ උපාය මාර්ගයයි.
1991 දී සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ලොව තනි සුපිරි බලවතා ලෙස ඉතිරි වූ ඇමරිකා එක්සත් ජනපදය තමන් සතු අතිරික්ත මිලිටරි ශක්ති ලෝකය පාලනය කිරීම සඳහා උපයෝගී කොට ගත යුත්තේ කෙසේදැයි කළ අධ්‍යනයකින් පසු රෙජීම් චේන්ජ් පිළිවෙත හඳුන්වා දෙනු ලැබීය. සිය දේශපාලන ආර්ථික වුවමනාවන්ට වාසිසහගත පරිදි ගෝලීය ආර්ථික ප්‍රතිනිෂ්පාදනය පවත්වාගනු පිණිස විශේෂයෙන් තුන්වැනි ලෝකයේ ආණ්ඩු වෙනස් කිරීම ඉන් අදහස් විය. ඒකාධිකාරී පාලන ව්‍යුහයක් සහිත රටවලදී "වර්ණ විප්ලව" ද උපයෝගී ක්ලර ගැනේ. "රෙජීම් චේන්ජ්" ව්‍යාපෘතිය හැමවිටම ක්‍රියාත්මක වනුයේ ප්‍රජාතන්ත්‍රවාදය ,මානව අයිතිවාසිකම් ,මානුෂවාදී මැදිහත්වීම් ,ආරක්ෂා කිරීමට ඇති අයිතිය (R2p) වැනි තේමා පාඨ අවසන් අභිමතාර්ථ ලෙස දක්වමිනි.
අරාබි වසන්තය සමග ලිබියාව හා සිරියාව රෙජීම් චේන්ජ් පිළිවෙතට ගොදුරු විය. ලිබියාවේ පාලකයා මහ මග ඝාතනය කෙරිණ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රට අරාජික භාවයේ ගිලී ගියේය. දැන් ලිබියාව නොනිල වශයෙන් දෙකඩ වී තිබේ.නීතියේ පාලනය වෙනුවට තුවක්කුවේ පාලනය රජ වී ඇත.ආර්ථිකය බිඳ වැටී ගොසිනි. ලිබියානුවෝ සිය දහස් ගණනින් රට හැර යමින් සිටිති. සිරියාවේ අල් අසාද් ආණ්ඩුව තවම රැකී තිබුණද බියකරු ප්‍රචණ්ඩත්වය මුළු රටම වෙලා ගෙන ඇත. හැම විටම සිදු වන පරිදි අස්ථාවරත්වය හා අරාජික භාවය විසින් නිර්මාණය කෙරෙන දේශපාලන රික්තය පුරවනු ලබනුයේ කිහිප ගුණයකින් සාහසික ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය විසිනි. ISIS හමුදාව දැන් සිරියාව තුළ ඒ කාර්‍ය ඉටු කරමින් සිටී.මේ ව්‍යසනය 1991 දී ඇමරිකාවේ මෙහෙයවීමෙන් ඉරාකයට පහර දීමෙන් පටන් ගත් ක්‍රියාදාමයේ දිගුවකි. ISIS ත්‍රස්තවාදය බිහි වූයේ ඇමරිකාවේ සහ නේටෝ රටවල ක්‍රියා කලාපය නිසා යැයි එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් මෑතකදී චෝදනා කලේය.
ළදරු අයිලාන් කුර්දි රෙජීම් චේන්ජ් ශාපයට ගොදුරු විය. තවත් දහස් සංඛ්‍යාත අයිලාන් කුර්දිලා බිලිඳු වේශයෙන් හෝ වැඩිහිටි වේශයෙන් ඉදිරියටත් අපට හමු වනු ඇත. ශාපය උදා කළ පිරිස් අන්තර්ජාතික ප්‍රජාව යන සුජාඅත නාමයෙන් ලෝකය හමුවේ පෙනී සිටිති. අධිරාජ්‍යවාදය ආර්ථික ලාභය මිස දයාව ,අනුකම්පාව හෝ මනුශ්‍යත්වය නොහඳුනයි. අන්තර්ජාතික ප්‍රජාවේ නාමයෙන් පෙනී සිටින අධිරාජ්‍යවාදය නිවරදිව හඳුනා ගැනීම ඊට එරෙහිව අරගල කිරීමට පෙළ ගැසීම ජනතාවගේ වගකීමකි. අයිලාන් කුර්දි නාමයෙන් අප කළ යුත්තේ එයයි. මේ වගකීම ඉටුකිරීමට ලෝක ජනතාව අසමත් වන තාක් කල් අධිරාජ්‍යවාදී යුද්ධ හා ආර්ථික ප්‍රතිපත්ති විසින් දස සංඛ්‍යාත ජනයා මරණයට හා සරණාගතභාවයට ඇද දමනු ඇත
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා යුතුකමට ලියන ලිපි මාලාවේ පළමුවැන්න...

මොහාන් සමරනායක : msamaranayakalb@gmail.com
-යුතුකම සංවාද කවය
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .