ලංකාවේ බුදු සසුන මුහුණ දෙන ප්‍රශ්න සහ ඒවාට විසඳුම් ගැන පසුගිය ලිපිවලින් කතා කළා.එහි තවත් කොටසක් ලෙස සමාජයේ වැඩි අවධානයට ලක්නොවෙන ප්‍රශ්න කීපයක් සහ විසඳුම් සටහන් කරන්නම් .මේ දේවල් ලියන්නේ බෞද්ධයන් ලෙස අපගේ වගකීමක් ඉටු කරනු පිණිසයි .පුද්ගල අපහාස නැතුව කරන විවේචනවලට පිළිතුරු දෙන්නත් අප වැරදි නම් එම වැරදි නිවැරදි කරගන්නත් සුදානම් අපි බලමු කලින් කතා කල ප්‍රශ්නවලට විසඳුම් මොනවාද කියා .අපි විවෘත සහ සාධාරණ ලෙස මේ ගැන කතාකරමු .
1.සාමණේර කැපකරු දායක ක්‍රමයක් ඇති කිරීම
මෙය ප්‍රේමදාස යුගයේදී ක්‍රියාත්මක උනා නමුත් එය කොතරම් විධිමත් ලෙස ක්‍රියාත්මක උනාද යන්න සැක සහිතයි .දැනට ලංකාවේ සාමණේර හිමිවරුන් 20,000 කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර බෞද්ධයන් මිලියන 15 ක් පමණ සිටිනවා .මිලියන 15 ක ජනතාවකට සාමණේර හිමිවරුන් 20,000 කට සිව්පසය ලබාදෙමින් රැක බලාගැනීමට නොහැකි වීම කණගාටුදායක තත්වයක් .
ඇතැම් ප්‍රදේශවල සාමණේර භික්ෂුන් ඉතාම දුෂ්කරතා මැද ශාසනික සහ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා .ඇතැම් දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන්වල දානය නොලැබීම නිසා ගොවිතැන් කටයුතු කිරීමටත් උන්වහන්සේලාට සිදු වී තිබෙනවා .උදාහරණ බොහෝයි .වැදගත් වෙන්නේ විසඳුමයි .
ලක්ෂ 150 ක් පමණ වන බෞද්ධයන් අතරින් ශාසනය රැකගැනීමට කැමති 20,000 ක් වත් තෝරාගෙන මේ සාමණේර භික්ෂුන්ගේ අවශ්‍යතා සොයා බලා දායකත්වය ලබාදීමට කටයුතු කිරීම සුදුසු වේ .එවිට උන්වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් නොමැති වීම නිසා ඇතිවෙන කලකිරීම් අවම වේවී .කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් ඇතැම් විහාරස්තානවල වැඩ කරන ඇතැම් බෞද්ධයන්ද මේ වැඩසටහනට එකතු කරගත යුතුය .ශාසනික සේවය සමාජ සේවය මෙන්ම සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමටද උන්වහසේලාට එමගින් පහසුවක් වේවි .සාමණේර භික්ෂුන් වහන්සේලා යනු සසුනේ අනාගතය බව අමතක නොකළ යුතුයි .
එසේම සිය ජීවිතය සමාජය උදෙසාම කැප කර ඇති උන්වහන්සේලා බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා සපුරන අතර බෞද්ධ සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට මහඟු මෙහෙවරක් සිදු කරනවා .උන්වහන්සේලාගේ කැප කිරීම අප තේරුම් ගත යුතුය .ආගමික කටයුතුවලට කැඳ වූ විට පුද්ගලික අවශ්‍යතා පසෙකලා සහභාගී විය යුතුය .ක්‍රීඩා කටයුතු කළා කටයුතු උන්වහසේලාට අකැපයි .සියලු නෑ හිත මිතුරන්ගෙන් දුරස්ව ජීවත් විය යුතුයි .පිරිවෙන් අධ්‍යාපනය හෝ ශාස්ත්‍රීය අධ්‍යාපනය හැර වෙනත් කැමති අධ්‍යාපනයක් ලැබීමට වරම් නැත .කැමැති ස්ථානයකට කැමති වෙලාවක යාමට ගිහි අපට මෙන්ම අවස්තාවක් උන්වහන්සේට නැත .
භික්ෂුන් වහන්සේලා නොමැති කළ ශාසනයක්ද නැත. බෞද්ධ සංස්කෘතියක්ද නැත .එනිසා භික්ෂුන් වහන්සේලාව රැකගැනීම සිව්පසය සැපයීම බෞද්ධයන්ගේ පරම වගකීමකි .මේ කටයුත්ත විධිමත් ලෙස ආරම්භ කරන්නේනම් අපගේ පුර්ණ සහාය ලැබෙනු ඇත .
-මතු සම්බන්ධයි

රන්ජන් බාලසූරිය
සංවාදයට විවෘත්තයි...
ඔබගේ ප්‍රතිචාර ලිපි editor@yuthukama.com වෙත යොමුකරන්න

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .