10/19/2015

පාට වෙලාද, පාට කරලාද? කෘත්‍රිමව ඉදවූ පලතුරු අනුභවයේ සෞඛ්‍ය අනතුර

කතෘ:යුතුකම     10/19/2015   No comments

ගසක මල් පිපී, ඵල හට ගෙන, ඒවා පැසී, මෝරා ඉදීම කියන සංසිද්ධිය ස්‌වභාවධර්මයේ නීතියට අනුකූලව සිදු වන සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියකි. එසේ පැසී, ඉදෙන පලතුරු ආහාරයට ගැනීමෙන්, ශරීර සෞඛ්‍යයට අත් වන ආනිසංශ බොහෝය.

එහෙත් පලතුරු ආහාරයට ගැනීමට උනන්දු වන වත්මන් පාරිභෝගිකයා තමන් මිලදී ගන්නේ, සෞඛ්‍යාරක්‌ෂිත පලතුරුද, නැතිනම් බෙහෙත් ගසා ඉදවූ (සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි) පලතුරුද යන්න තෝරා බේරා ගැනීමේ උභතෝකෝටිකයකට මුහුණ දී සිටී.

පලතුරු ඉදීමේ ස්‌වභාවධර්මයාගේ කල් මැරීමේ නීතිය ඉවසා වදාරන්නට නූතන කට්‌ටපුච පරපුරේ වෙළෙන්දන්ට අපහසුය. ඉදුණු පලතුරු දුර පළාත්වල සිට ප්‍රවාහනය කිරීම අපහසු නිසා (පසු අස්‌වනු හානිය) ඇඹිලිපිටිය, වැල්ලවාය, වැනි ප්‍රදේශ වලින් තුට්‌ටු දෙකට මිලදී ගන්නා අමු පලතුරු (මෙම වෙළෙඳුන් අඹ වැනි පලතුරු, ගස්‌ පිටින් ගොවීන්ගෙන් බදු ගන්නා අතර, එසේ බදු ගන්නා ගස්‌ වල නොමේරූ ලා ගෙඩි පවා නෙළා ගනී.) දුර පළාත් වලට ප්‍රවාහනය කර, කෘත්‍රීම රසායනික ද්‍රව්‍යයන් භාවිත කර ඉදවා, නැවුම් පලතුරු ලෙසින් වෙළඳ පොළට ඉදිරිපත් කරයි.

කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා භාවිත කරන්නේ මොනවාද?

මේ සඳහා "කාබයිඩ්" නමැති තහනම් රසායනික ද්‍රව්‍යය සහ, යම් යම් කොන්දේසි වලට යටත්ව භාවිත කරන්නට රජයෙන් අනුමත කර ඇති, "එතපෝන්" නමින් හඳුන්වන රසායනික ද්‍රව්‍ය භාවිත කෙරේ. (එතපෝන් අවශ්‍යනම් ගැලුම් ගණනින් මිල දී ගැනීමේ පහසුකම් ඇත.)

"කාබයිඩ්"


මෙය රසායනිකව "කැල්සියම් කාබයිඩ්" (CaC2) ලෙසින් හැඳින්වෙන අතර, හුණු නිෂ්පාදනයේදී අතුරු ඵලයක්‌ ලෙසටද සෑදේ. "සංශුද්ධ කාබයිඩ්" අවර්ණ වන අතර, "අසංශුද්ධ කාබයිඩ්" අළු පැහැයට හුරු හෝ
අඳුරු පැහැයෙන් පැවතිය හැකිය. ලාක්‌ෂණික සුදුලූණු ගණ්‌ධයක්‌ සහිතය "කාබයිඩ්" වලට ජලය මුසු වීමේදී "ඇසිටලීන්" වායුව නිකුත් කෙරෙන අතර, "ඇසිටලීන්" පලතුරු ස්‌වභාවිකව ඉදීමේ ක්‍රියාවලියට ඉවහල් වන ශාක හෝමෝනයක්‌ වන "එතිලීන්" රසායනිකයට සමාන ගුණ දක්‌වන නිසා, පලතුරු කෘත්‍රීමව ඉදීමේ ක්‍රියාවලියට ලක්‌ වේ. අසංශුද්ධ කාබයිඩ් වල, "ආසනික්‌", "පොස්‌පරස්‌ හයිඩ්‍රයිඩ්", "පොස්‌පීන්", "ආසීන්" වැනි, විෂ සහිත රසායනික සංයෝගයන්ද අඩංගු වෙයි. මෙයට අමතරව පලතුරු මතට "කාබයිඩ්" ඉසීමෙන් "සයනයිඩ්"ද සැදෙයි.

"කාබයිඩ්" සහ වෙනත් රසායනික සංයෝග භාවිත කර පලතුරු ඉදවීම, ලොව බොහෝ රටවල සිදු කෙරෙන අතර, පිටරටවල් වලින් නැව් පිටින් පටවා ලංකාවට එවන පලතුරු වර්ගද, මේ අනුව ඒවා තුළ ඇතැයි පැවසෙන විවිධ වස විස වලට අමතරව "කාබයිඩ්" වලින් දූෂණය වී තිබීමේ අවදානමද නැත්තේ නොවේ.

කාබයිඩ්වලින් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු.

කාබයිඩ් මෙන්ම, කාබයිඩ්" වල ඇති අනෙකුත් විෂ රසායන ද්‍රව්‍යයන් බොහොමයක්‌ද පිළිකාකාරක බව සොයා ගෙන ඇත. මෙයට අමතරව මෙම රසායනික ද්‍රව්‍යයන් ශරීරගත වීමෙන් මුඛය, ආමාශය, උගුර යන ස්‌ථානවල දැවිල්ල සහ තුවාල ඇති වීම, ලේ සහිතව හෝ රහිතව වමනය සහ පාචනය ඇති වීම, සම මත පලු දැමීම, ඇස්‌ දැවිල්ල හා ඇස්‌ වලට ස්‌ථිර ලෙස හානි සිදු වීම, ශරීරය අප්‍රාණික වීම, අත් පා වල ඇති වන හිරි ගතිය, කැස්‌ස, හතිය සහ ඇදුම රෝගය, ගබ්සා වීම් සහ අංගවිකල දරුවන් බිහිවීම වැනි සංකූලතා ඇති විය හැකි බවත්, සොයාගෙන ඇත.

අපගේ අවධානයට ලක්‌ විය යුතු තවත් වැදගත් කාරණාවක්‌ වනුයේ, පලතුරු වලට යොදන පළිබෝධනාශක වර්ගවල ශේෂ කොටස්‌ (residuals) සමග "කාබයිඩ්" වල ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියා කිරීමෙන් අනපේක්‌ෂිත සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව, විද්‍යාඥයන් අවධාරණය කරයි.

අපේ රටේ ගොවීන් තක්‌කාලි සඳහා අධික ලෙස පළිබෝධනාශක ද්‍රව්‍යයන් යොදන අතර, (අස්‌වනු නෙළීමෙන් පසුද පළිබෝධනාශක ඉසින බව නිරීක්‌ෂණය කෙරී ඇත.) තක්‌කාලි වලටද (විශේෂයෙන් මිල අධික කාලවලදී) "කාබයිඩ්" යොදන බව දැන ගන්නට ඇත.

පලතුරු ඉදවීමට සඳහා එතපෝන් භාවිතය
එතපෝන් (Ethephon) රසායනිකව, "2-ක්‌ලෝරෝ එතිල් පොස්‌පරික්‌ ඇසිඩ්" ලෙස හැඳින්වෙන අතර, පලතුරු වල මල් හට ගැනීම ක්‍රමවත් කිරීම සඳහා භාවිත කෙරෙන රසායනිකයකි. (plant growth regulator) කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහාද භාවිත කෙරේ.

මෙම රසායනිකයේ විෂභාවය (LD50) අඩු වුවද, දීර්ඝ කාලීන ප්‍රතිඵල පිළිබඳ තවම විද්‍යාඥයන් අතර නිශ්චිත එකඟතාවක්‌ නොමැති බැවින්, පලතුරු මතට කෙළින්ම යෙදීම සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් යෙදීම නිර්දේශ කරන්නේ නැත.

එතපෝන් ශාක (පලතුරු) තුළදී පොස්‌පේට්‌ , එතිලීන් සහ ක්‌ලෝරයිඩ් බවට බිඳ වැටේ. මෙම එතිලීන් පලතුරු ඉදීමටද හේතු වන ශාක රසායනිකයකි.

එතපෝන් යෙදූ ඇතැම් නිෂ්පාදන තුළ මොනොක්‌ලෝරෝ ඇසිටික්‌ ඇසිඩ් (Monochloroacetic acid) සොයා ගෙන තිබේ. (h t t p : / / e x t o x n e t . o r s t . e d u / pips/ethephon.htm) ජලය ක්‌ලෝරනකීරණය කිරීමේදී ද, ජලයේ තිබෙන කාබනික සහ අකාබනික සංයෝග සමග ක්‌ලෝරීන් ප්‍රතික්‍රියා කිරීමෙන් මෙම සංයෝගය සෑදෙන අතර පානීය නළ ජලයේ තිබිය හැකි මොනොක්‌ලෝරෝ ඇසිටික්‌ ඇසිඩ් මාත්‍රාව සඳහා සීමා මායිම් යුරෝපා රටවල් වල පනවා තිබේ. මෙම රසායනිකය නිතර සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් ශරීරගතවීම පිළිකා සඳහා පවා හේතු වන බව පැවසේ. ( http://www.ewg.org/tap - water/chemical -contaminants/Monochloroacetic -acid/2450/ )

කෙසේ වෙතත් පලතුරු සමග එතපෝන් ශරීරගතවීම උදරයේ සහ ස්‌නායු පද්ධතිය ආශ්‍රිත සංකූලතා වලට හේතුවිය හැකි බව (විශේෂයෙන් අවුරුදු 06 ට අඩු ළමුන් සඳහා) සැලකේවා.

පැනමා රාජ්‍යය පලතුරු ඉදවීම සඳහා එතපෝන් භාවිතය තහනම් කර ඇත. ඉන්දියාව, වර්ෂ 2010 දී එතපෝන් යෙදූ පලතුරු වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්‌ දියත් කළද, මහා පරිමාණ පලතුරු වෙළෙන්දන්, එතපෝන් වෙළෙන්දන්ගේ සහ වෙළෙන්ඳන්ගේ වරප්‍රසාද වලට යටවුණු නිලධාරීන්ගේ බලපෑම මත එකී වෑයම අත් හරින ලදී.

පලතුරු කෘත්‍රිමව ඉදවීමේ නිර්දේශිත ක්‍රමය

කැල්සියම්" හෝ "සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ්" ද්‍රdවනයකින් මිලි ලීටර් 1 ක්‌ ජලය ලීටර් 1 ක දිය කර, එයට "එතපෝන්" දියරයෙන් මිලි ලීටර් 1 ක්‌ මිශ්‍ර කර සාදා ගනු ලබන ද්‍රdවනය බාස්‌කට්‌ එකකට දමා, වසන ලද කාමරයකට මේරූ පලතුරු පමණක්‌ දමා, එම කාමරය තුළ එකී භාජනය පැය 24 ක කාලයක්‌ තැබීමෙන් ද්‍රdවනයෙන් නිකුත් කෙරෙන "එතිලීන්" වායුවට පලතුරු පැය 24 ක කාලයක්‌ නිරාවරණය කිරීමෙන්, පලතුරු කෘත්‍රිමව ඉදවීම කළ හැකිය.

මෙම ක්‍රමයට පටහැනි ලෙස පලතුරු ඉදවීමේ සියලුම ක්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2011. 05. 19 දින නිකුත් කෙරුණු චක්‍රලේඛයෙන් තහනම් කර ඇත. තවද මෙම ක්‍රමයට ඉදවිය හැක්‌කේ පැපොල්, කෙසෙල්, අඹ සහ අලි පේර වැනි පලතුරු පමණක්‌ වන අතර, එත්‍රල් දියරය පලතුරු මතට කෙළින්ම යෙදීමද තහනම් කර ඇත.

කෙසේ වෙතත් සියලුම වෙළෙන්දන්, එතපෝන් කෙළින්ම පලතුරු මතට ස්‌ප්‍රේ කිරීමට හෝ කාබයිඩ් පලතුරු මතට ඉසින්නට පෙළැඹී ඇති බව දකින්නට ඇති අතර, වෙළෙඳ පොළේ තිබෙන බොහොමයක්‌ පලතුරු මෙසේ ඉදවූ ඒවා විය හැකිය. මේ නිසා අප ආහාරයට ගනු ලබන පලතුරුවල සෞඛ්‍ය ආරක්‌ෂිතභාවය මෙන්ම, ගුණාත්මකභාවයද බරපතළ ලෙස හානියට පත්ව ඇත. කෙසේ වෙතත් පලතුරු මත මෙම රසායනික සංඝටක තිබෙනවාදැ, යි රස පරීක්‌ෂක වාර්තාවක්‌ කැඳවා, නීති මගින් මෙම කූට වෙළෙඳුන් අච්චු කිරීමට තරම් ශක්‌තිමත් නීති රෙගුලාසි මෙතෙක්‌ සම්පාදනය කෙරී නොමැති නිසාවෙන්, ප්‍රායෝගිකව මෙය නතර කිරීම හෝ නීති මගින් කටයුතු සිදු කිරීම දුෂ්කර කාර්යක්‌ව ඇත.

කෘත්‍රීමව ඉදවූ පලතුරු වල පෝෂණ ගුණය

ස්‌වාභාවිකව පලතුරු ඉදීමේ ක්‍රියාවලියේදී පුළුල් ජෛව රසායනික ක්‍රියාවලියක්‌ සිදුවන අතර, එහි ප්‍රතිඵලයක්‌ ලෙස, "ක්‌ලෝරෆිල්" සහ "එන්සයිම" වර්ග බිඳ වැටීම, "කැරටිනොයිඩ", ප්ලෙවොනොයිඩ" සහ ඇන්තොකයිනේස්‌" වැනි ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරක, පිළිකානාශක සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කරන (immune system boosters) රසායනික සංයෝග වල සිදුවන ජෛව සංස්‌ලේෂණය මෙන්ම, විටමින් වර්ග, අත්‍යවශ්‍ය මේද අම්ල සංස්‌ලේෂණය වැනි සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලීන් රාශියක්‌ කෘත්‍රිමව පලතුරු ඉදවීමේදී සිදු නොවන බවත,a පලතුරු වල තිබෙන විටමින් ඒ හා සී මෙන්ම බොහොමයක්‌ පෙර කී අතිශයින්ම වැදගත් ශාක රසායනිකයන් විනාශ වෙන බවත්, පලතුරු වල ස්‌වභාවික රසය, සුවඳ, වයනය වැනි ගුණාංගද හානි වෙන බවත් පෝෂණ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

පලතුරු ආහාරයට ගැනීමේ අතිශයින්ම වැදගත් කාරණාව වන්නේ, අපගේ දිවි රැකගැනීමට බෙහෙවින්ම වැදගත් වන මෙකී රසායනික සංයෝගවල පැවැත්මය.

ඉන්දියාවේ ආහාර විද්‍යාව සහ පෝෂණ විද්‍යා මහාචාර්යවරයෙකු වන කමල් ගෝපිනාත් මහතා ප්‍රකාශ කරන්නේ, ස්‌වභාවදහමේ නියමයට පටහැනිව කවර හෝ රසායනික ද්‍රව්‍යයක්‌ භාවිත කොට කෘත්‍රිමව පලතුරු ඉදවීමේදී පලතුරු තුළම සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් හේතු කොට ගෙන පිළිකාකාරක සංඝටක ඇති වෙන බවය. (http://www.thehindu.com/todayspaper/ tpnational/tp-karnataka/beware-somemangoesoutthere-can-affect-yourhealth/article2102410.ece)

කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනා ගන්නේ මෙහෙමයි

* ඇස්‌ ඇදගන්නා ආකර්ෂණීය පෙනුමකින් යුතු, සමාකාරව පැතුරුණු තීව්‍ර වර්ණයක්‌ සහිත, සම්පූර්ණ ගෙඩියම හෝ කැණම එකවර ඉදී ඇති පලතුරු හෝ එසේ ඉදුණු එහෙත් තැනින් තැන කොළ පාට ලප, පැල්ලම් ඉතිරිව තිබෙන පලතුරු මිල දී නොගන්න.
* අවාරයේදී වෙළඳපොළේ ඇති පලතුරු මිලදී නොග න්න. අවාරයට වෙළඳපොළට පැමිණෙන පලතුරු බොහෝ විට කෘත්‍රීමව ඉදවූ ඒවා විය හැකිය. (අඹ වැනි පලතුරු වාරයට සුලභ වන බැවින්, කෘත්‍රීමව ඉදවීම බොහෝ විට අවශ්‍ය නොවේ.)
* මුළු කැණම එකවර වර්ණ ගැන් වී ඇති, කෙසෙල් මිලදී නොගන්න. කෘත්‍රීමව කෙසෙල් ඉදවීමේදී කැණම එකවර වර්ණ ගැන්වෙන අතර, එහි ඇවරි සම්බන්ධ වන කඳ කොටස (stem) තද කොළ පාටින් තිබෙනු නිරීක්‌ෂණය කළ හැකිය. මක්‌ නිසාද යත් "එතිලීන්" හෝ "ඇසිටලීන්" මගින් ඉදෙන්නේ පලතුරු මිස එහි කඳ කොටස නොවන බැවින්ය.
* පලතුරු මිල අධික කාලවලදී, මිල අධික පලතුරු වෙනුවට මිල අඩු විකල්ප පලතුරු පරිභෝජනය කරන්න. මිල අධික කෙසෙල් වර්ග, කර්තකොලොම්බන් වැනි අඹ වර්ග, බොහෝ විට කෘත්‍රීමව ඉදවා තිබිය හැකිය.
* මිල වැඩි කාලවලදී සම්පූර්ණයෙන්ම ඉදුණු/ ගොඩම වර්ණ ගැන්වී ඇති තක්‌කාලි මිලදී නොගන්න.
* භාගෙට ඉදුණු පලතුරු මිලදී ගන්න. ස්‌වභාවිකව පලතුරු ඉදීමේ රටාවක්‌ ඇත. ඊට පටහැනි ලෙස සම්පූර්ණයෙන් ඉදී ඇති පලතුරු මිලදී නොගන්න. උදාහරණයක්‌ ලෙස පැපොල් ගෙඩියක්‌නම් එය පිටුපස සිට ක්‍රමයෙන් ඉදීම සිදුවේ.
* පිටින් ඉදී ඇති, ඇතුළතින් අමු පලතුරු පරිභෝජනය නොකරන්න. ස්‌වභාවිකව පලතුරු ඉදීමේදී ගෙඩියේ අභ්‍යන්තරයේ සිට පිටතට ඉදීම සිදු වන අතර, කෘත්‍රීමව ඉදවීමේදී එය ප්‍රතිවිරුද්ධ දිසාවට සිදු වේ.
* පලතුරු ආහාරයට ගැනීමට පෙර ගලන ජලයෙන් හොඳින් සෝදන්න.
* පොතු ඉවත්කර, සෝදා ආහාරයට ගන්න.
* ඇපල්, අඹ වැනි පලතුරු කිසි විටෙක, ගෙඩිය එහෙම පිටන්ම ආහාරයට නොගෙන, කැබලි වලට කපා වර්ණ වෙනස්‌ වීමක්‌ සිදු වී තිබේදැයි පරීක්‌ෂා කරන්න.
* ලාක්‌ෂණික රසය, සුවඳ නොමැති, අස්‌වාභාවික රසයක්‌ සුවඳක්‌ සහිත පලතුරු ආහාරයට නොගන්න.
* සැක සහිත තත්ත්වයක්‌ තිබේනම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයාට පැමිණිලි කරන්න.


-ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‌ෂක,
ඇල්ල. (බණ්‌ඩාරවෙල)
[දිවයින]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions