“ජිනීවා උගුලෙන් ගැලවිය හැකි එකම මඟ මානව හිමිකම් රැකීමයි” යන හිසින් යුත් අපූරු රචනාවක් පසුගිය දිනක කියැවීමි. එය ජාතික සාම මණ්ඩලයේ හෝ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රකාශනයක පළවූ ලිපියක් නොවේ. එය සියලූ රටවල් යාළු කරගෙන ජාත්‍යන්තරය ජයගත් බව කියන මෙරට සරල චාම් ජනාධිපති පඹයාගේ හෝ ඔහුගේ විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශයක්ද නොවේ. මෙය ලංකාවේ සමාජවාදය සඳහා නොනවතින අරගලයක යෙදෙන බව කියන ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම පුවත්පත වන නියමුවා පුවත්පතේ 2015 ඔක්තෝබර් කලාපයේ ප්‍රධාන සිරස්තලය සහිත ලිපිය වෙයි. මාක්ස්ගේ ලෙනින්ගේ වාක්‍ය ආභරණ ලෙස එල්ලා සුුපුරුදු ලෙස සරසා ඇති නියමුවා පුවත්පත මේ අපට හෙලි කර සිටින්නේ ජවිපෙ වත්මන් දේශපාලන විඥානයේ තරමද? නොඑසේ නම් එජාප කුලී හේවායාගේ නායකත්වය යටතේ ජවිපෙ තුළ අන් කවරදාකටත් වඩා උත්සන්න වී ඇති තක්කඩිකමේ ප්‍රමාණයද? යන ප්‍රශ්න පාඨක අවධානයට භාර කරමි.
කෙසේ හෝ වේවා මේ කැකිල්ලේ සිද්ධාන්තය අනුව ජිනීවා මෙහෙයුම අසාධාරණ එකක් නොව අතිශය සාධාරණ එකකි. ඔවුන් මේ මැදිහත් වී සිටින්නේ අප විසින් මානව හිමිකම් කඩකිරීම නිසාය. මානව හිමිකම් මැනවින් ආරක්ෂා කළේ නම් ජාත්‍යන්තරය අපට උගුල් ඇටවීමට මැදිහත් නොවේ. ඒ අනුව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් යනු රහසින්වත් පවු නොකරමින්, අනුන්ගේ වැරදි සඳහා දඩුවම් දීමට කැපවී සිටින අතිශය සාධාරණ විනිසුරු මඩුල්ලකි. ඔවුන් ඉරාකය, ලිබියාව, සිරියාව ඇතුළු රටවලට පමණක් නොව අඩ සියවසක් තිස්සේ කියුබාවට මැදිහත් වීම් කරමින් සිටින්නේද ඒ රටවල මානව හිමිකම් ආරක්ෂා කර දීම සඳහාය. සවුදි අරාබිය වැනි රටවලට අරාබි වසන්ත උදා නොවන්නේ ඒ රටවල ඉහලින්ම මානව හිමිකම් ආරක්ෂා වන නිසාය. ලිබියාවේ, ඊජිප්තුවේ හටගත් අරාබි වසන්ත යනු ඒ රටවල විප්ලවය උදෙසා වූ කම්කරු පන්තියේ නැගිටීම් බවටද ජවිපෙ පුවත්පත්වල එකල ඉල ඇදෙන විග්‍රහයන් පළවිය. ජවිපෙ මන්ත්‍රීවරු දෙපලක් මෙරට කියුබානු තානාපතිවරයා හමුවූ ඡායාරූපයක්ද මෙවර නියමුවා පුවත්පතේ පළවී තිබේ. කියුබානු තානාපතිවරයා දැන් වහ වහා කළ යුතුව ඇත්තේ මානව හිමිකම් සුරැකීමෙන් බටහිර තර්ජන මඟහරවා ගත හැකි ආකාරය ගැන ජවිපෙ මහදැනමුත්තන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමය.
අද ඊනියා මානව හිමිකම් නැමති කඩතුරාවකට මුවාවෙමින්, සිය දහස්වර අතිශෝක්තියට නැංවූ අතිශය පක්ෂග්‍රාහී හා අබූත යුධ අපරාධ චෝදනා කන්දරාවක් එල්ල කරමින්, ඒ අපරාධවලට දඬුවම් ඉල්ලා සිටීමේ සීමාවෙන්ද නොනැවතී, යුධ අපරාධ ප්‍රශ්නයට මුවාවී රටේම බෙල්ල අනෙක් පැත්තට කරකැවීමේ දැවැන්ත මෙහෙයුමක් සූක්ෂමව දියත්ව ඇති මොහොතක ඒ තර්ජනය පිළිබඳ වමේ යැයි කියාගන්නා කසිකබල් පක්ෂයක හිඟන ස්ථාවරය මෙවැන්නකි. මේ සමස්ථ ප්‍රශ්නයේ තරම දැකීමට නොහැකි නම් අඩුම තරමේ යුධ අපරාධ චෝදනා යනු දේශපාලන බල උපකරණයක් ලෙස භාවිතයට ගැනෙන්නක්ය යන පොදු සත්‍යය වෙනුවෙන් හෝ පෙනී සිටීමට මේ තක්කඩි පක්ෂයට අද නොහැකි වී තිබේ. ඇත්තෙන්ම මෙය වසර කීපයක සිට උද්ගත වෙමින් ආ තත්ත්වයක් මිස අලූත් ප්‍රවණතාවක්ද නොවේ. බටහිරයන් මේ රටට මැදිහත් වන්නේ මහින්ද විසින් දොරටු ඇර තැබීම නිසා බව කියමින් ආරම්භ වූ අධිරාජ්‍යවාදය පිළිබඳ ජවිපෙ නව ප්‍රවාදය, අද හෙටම කෙළවර වනු ඇත්තේ “ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට ආදරෙයි” වැනි නිමල්කා ප්‍රනාන්දු පන්නයේ උද්යෝග පාඨයකිනි. එදා මහින්දගේ දොරටු ඇරීම ගැන නව ප්‍රවාද ඉදිරිපත් කළ ජවිපෙ සමාජවාදී චීවරධාරීහු අද ජවිපෙ අතහැර රනිල්ගේ කලිසම අස්සට රිංගාගෙන සිටිති. ජවිපෙ සමාජවාදය යනු යටත්විජිතවාදයේ දේශපාලන සම්බාරුවට එක් කළ රතු කරපිංචා නැට්ටක් පමණක් වන විට එම චීවරධාරීන්ට කරපිංචා නැට්ට අතහැර සම්බාරුව තෝරාගැනීමට සිතක් පහලවීම පුදුමයක් නොවේ.
නූතන ජනතා විමුක්ති පෙරමුණට අනුව අධිරාජ්‍යවාදය පිළිබඳ ප්‍රශ්නයක් ලංකාව තුළ නැත. බෙදුම්වාදය යනුවෙන් ප්‍රශ්නයක් ලංකාව තුළ නැත. ඒ නිසාම අපි සම්බන්ධන්ගේ ඡන්ද ලක්ෂ පහට විපක්ෂ නායකකම පවරා සහජීවනය ආරක්ෂා කර ගත යුතුය. අධිරාජ්‍යවාදය තිබුණේ ලෙනින්ගේ හතර වැනි වෙළුමේ වන අතර බෙදුම්වාදය තිබෙන්නට ඇත්තේ යුගොස්ලෝවියාවේය. ඒ සියල්ලට වඩා ලංකාවේ කේන්දීය ප්‍රශ්නය වන්නේ දූෂණ වංචාය. ඒ අතරිනුත් අන් කාගේවත් දූෂණ වංචා නොව මහින්දගේ දූෂණ වංචාය. ජිනීවා ප්‍රශ්නයද මහින්දගේ නිර්මාණයක් වන අතර අද ජිනීවා යෝජනා හරහා රට පාවාදී ඇතැයි බොරු ඝෝෂා නඟන්නේද යන එන මං නැතිවී සිටින රාජපක්ෂවාදීන් කීපදෙනෙකි. මේ අපූරු ප්‍රවාද ඔස්සේ දිගට ගොස් ලංකාව හා මනුෂ්‍ය වර්ගයා හමුවේ ඇති බියකරුම තර්ජනය සිංහල බෞද්ධ ජාතිකවාදය යැයි ජවිපෙ සෘජුවම ප්‍රකාශ කළ දාට එය තවත් එක් පෙරටුගාමී පක්ෂයක් බවට පත්වී වාශ්පීකරණය වන ආකාරය එහි බැතිමත්ම සාමාජිකයාට පවා සියැසින්ම දැක ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
ඇත්තෙන්ම ජවිපෙ තවත් එක් එන්ජී ඕ යූඇන්පී වමක් බවට පත්වී දැන් බොහෝ කල් වුවද අද වනතුරුත් විවිධ ආලවට්ටම් හරහා ඒ බව යම් තරමකට සඟවා තබා ගැනීමට ඔවුන් සමත්ව තිබේ. මේ සා යහපත් තමන්ගේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයට ඡන්ද නොලැබෙන්නේ මන්දැයි අවංකවම කම්පාවට පත්වන බැතිමත් සාමාජික පිරිසක්ද තවමත් ඒ වටා සිටිති. පසුගිය මැතිවරණයෙන් පසුව ඔවුන්ට කළ හැකිව තිබුණේ “අලූත් ජනතාවක් පත්කර ගත යුතුය” වැනි බ්‍රෙෂ්ට්ගේ මෝඩ කතා ෆේස්බුක්වල ෂෙයා කරගනිමින් දුක නිවා ගැනීමය. එවැනි දුක නිවා ගැනීමේ සරල උදෘත පාඨ වෙනුවට තම පක්ෂයේ උපායමාර්ගිය ව්‍යසනය ඇතුළු ස්වයං විනාශයේ හේතු කාරණා ගැන මොහොතක් සිතා බැලීමට ජවිපෙ සාමාජිකයන්ට හැකි වේවා යි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමි. එන්ජී ඕ කුලී කාරයන්ගේ හා අලූත් පරපුරු සෙවලයන්ගේ ආශිර්වාදයට ලක්වන ජනතා විමුක්ති පෙරමුණකට කිසිදා ජනතා ආශිර්වාදය හිමි නොවන බව අප විසින් කරුණු සහිතව අවධාරණය කරනු ලැබ ඇත්තේ අද හෝ ඊයේ සිට නොවේ.
-ඉසුරු ප්‍රසංග

උපුටා ගැනීම :www.lankaleadnews.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .