ජිනීවාහිදී ආණ්ඩුව දණ ගසා යටත් වී සිදු කල භයානක එමෙන්ම නිවට පාවාදීම 1815 උඩරට පාවාදීමේ ගිවිසුම පරදවන පාවාදීමක් බවත් , නමුත් 1815 පාවාදීමට එරෙහිව 1818 දී සිදුවූ ජනතා නැගිටීම ආදර්ශයට ගනිමින් මේ මහා පාවාදීමටද එරෙහිව ජනතාව පෙරට ආ යුතු බවත් සිනමාවේදී සුදත් රෝහණ මහතා පෙන්වා දෙයි.
පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ යුතුකම සංවාද කවයේ සංවිධායකත්වයෙන් "බිල්ලො ඇවිත්. : රට වැසියන් බේරාගන්නේ කෙසේද?" යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයේදී ඔවු මේ බව ප්‍රකාශ කළේය. එහිදී තව දුරටත් අදහස් දැක්වූ සුදත් රෝහණ මහතා:
මගේ ප්‍රකාශන මාධය රූපවාහිනිය සහ සිනමාව. දේශපාලනිකව මගේ අදහස් මම ප්‍රකාශ කරන්නේ ඒ හරහා.නිර්මානකරණය තුල මගේ විශේෂ නැඹුරුවක් තියෙනවා අතීතය ප්‍රතිනිර්මාණය කරන්න. මගේ ඒ නිර්මාණ දෙකක් ඔස්සේ කරුණු ගෙනහැර දක්වන්න සූදානම් මම අද.
ජාතික රූපවාහිනියෙ විකාශනය උනා යුග විලක්කුව, එහෙම නැත්නම් යුගයේ අවියට ලක්වූ ලක් පොලව නමින් ටෙලි නාට්‍යයක්. මේ යුග විලක්කුවට පාදක උනේ 1985 මැයි මාසෙ 14 වෙනිදා ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට එල් ටී ටී ඊ ය කල ම්ලේච්ඡ ප්‍රහාරයේ සිට 1994 දක්වා මේ රට තුල පැවති සමාජ දේශපාලනික තත්වයන්. ඒ කාල සීමාව තුල අපිට යුද්ධය ගැන අහන්න දකින්න ලැබෙන්නෙ මාධ්‍ය තුලින් පමණක් නිසා නිර්මාණ කරුවෙකු ලෙස මා සිතුවා මේ යුද්ධය පවතින සැබෑ ප්‍රදේශ වලටම ගිහින් මේ යුද්ධය පිළිබඳ සැබැ අත්දැකීම ගත්තොත් මට මේ හරහා වඩාත් හරවත් නිර්මාණයක් කරන්න හැකිවෙයි කියලා. ඒ නිසා මම විශාල උත්සාහයක් අරගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය අරගන්න කිහිප වතාවක්ම උත්සාහ කලා, නමුත් කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප වුනා තිබුන තත්වය උඩ. නමුත් අවසානයේ මගේ සහ අනෙකුත් නිර්මාණ කරුවන්ගේ ජීවිත අවධානම කොලේකට අරගෙන 1994 වසරේ අපි යනවා යාපනයට.
ඇත්තටම ඒ මොහොත වෙනකොට මේ යුද්ධය ගැන මම නොහිතපු, මම නොදැකපු හුඟක් කාරණා මට අහන දකින්න ලැබුනා. ඇත්තටම එල් ටී ටී ඊ එක ඒ වෙනකොට යුද්ධ කලේ තුවක්කුවෙන් විතරක් නෙවේ, ඔවුන් කැමරාවෙනුත් යුද්ධ කලා. මම එහෙම කියන්නෙ ඔවුන් පල්ලියක්, පන්සලක්, කෝවිලක්, පාසලක්, එහෙම නැත්නම් ජනයා ගැවසෙන ස්ථානයක ඉඳන් ආරක්ශක හමුදාවට ප්‍රහාර එල්ල කලා. එතනදි ආරක්ශක හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කරන්න දුවගෙන යනකොට ඔවුන් කැමරාව එල්ල කරලා, ජනතාව ගැවසෙන තැන් වලට හමුදාව ප්‍රහාර එල්ල කරනවා, පල්ලි, පන්සල්, කෝවිල්, රොහල්, පාසල් ආදියට, ප්‍රහාර එල්ල කරනවා, මහජනතාවට ප්‍රහාර එල්ල කරනවා කියල ඔවුන් ලෝකය හමුවට ගෙන ගියා.
එතනදි නිර්මාණ කරුවෙකු හැටියට මට හැකි උනා ලෝකයේ රටවල් කිහිපයකට ගිහින් මේ සත්‍ය අත්දැකීම ලොකය හමුවට පෙන්වන්න. එහිදී ඔවුන්ගේ මතවාදය යම් ප්‍රමාණයකට වෙනස් කරන්න අපිට හැකියාවක් ලැබුනා.
ඒ විතරක් නෙවේ, ඒ ප්‍රදේශවල හිටිය කාලයේදි දැන් මාත් එක්ක කතාකරල යන පුද්ගලයා, රණවිරුවා මට හවසට දකින්න ලැබෙන්නෙ මළ මිනියක් විදියට.එහෙම නැත්නම් අත් පා නැති ආබාධිතයෙක් විදියට, එහෙම නැත්නම් බිම්බෝම්බයකට කකුල ගිහින් මර වේදනාවෙන් කෑ ගහන පුද්ගලයෙක් විදියට.
මම මේ අත්දැකීම දැක්කා, වින්දා, මේ අත්දැකීම මගේ ජීවිතය විශාල වශයෙන් සසල කරන්න පටන් ගත්තා. මට මතකයි බලඝණ නායක තුශාන්ත එදිරිසිංහ, අපේ ගුවන් යානය පදවපු නියමුවා,කිසි කෙනෙකුට යන්න බැරි ඉතාම අවධානම් කලාප වලට ඔහු යානය පදවගෙන මාව අරගෙන ගියා. මට එක රෑක ආරංචි වෙනවා තුවාල කරුවන් ගෙන එන්න ගිය මෙහෙයුමකදී ඔහුගේ යානයට ප්‍රහාරයක් එල්ල වෙලා යානය ගිනිගත්ත බව. මට මතකයි ඒ වෙනකොට ඔහු කියල තිබුන මට ඔහුගේ බිරිඳ මාස 7ක ගැබිණියක් බව. ඒ රණවිරුවාව අඳුරගන්න පුලුවන් උනෙ ඔහුගේ ඇඳුමේ තිබුන තුශාන්ත කියන නාම පළඳනාවෙන් පමනයි. මේ අමිහිරි අත්දැකීම මම බොහෝ සෙයින් වින්ද කෙනෙක්. අන්න ඒ නිසා මේ යුද්ධය ඉවර කරන්න කටයුතු කරපු හිටපු ජනාධිපති තුමාට මගේ කෘතවේදීත්වය, මගේ ගෞරවය හැමදාම තියෙනවා.
මම මේ ගන්න හුස්ම පොදක් පාසාම ඒ කෘතවේදීත්වය, ඒ ගෞරවය එතුමාට, එතුමාට පමණක් නෙවේ, ආරක්ශක ලේකම් තුමාට, හමුදාපතු වරුන්ට , සියලුම නිලදාරීන්ට, සෙබලුන්ට හිමි විය යුතුයි.
කිසිවෙක් හිතන්නෙපා මම ජාතිවාදියෙක් කියලා. මොකද මම ඇත්තටම මානව වාදියෙක්. ඔබට මතකනම් යුධ විලක්කුවේ අවසාන ජවනිකාවේ දැක්වෙන්නෙ දෙමළ තරුණිය සහ සිංහල තරුණයා. සුනිල් ආරියරත්න මහත්මයා අපූරු ගීතයකුත් නිර්මාණය කරල තිබුනා එකට " ලේ කඳුලුම පමණයි කාටත් මේ මතින් ඉතිරි වන්නේ" කියලා. අවසානයේ අපිට ඒ මගින් කියන්න පුලුවන් උනා මොන ආකල්පය තිබුනත් අවසානයේ ඉතුරු වෙන්නෙ එකම ලේ කියන කාරනාව.
ඉතින් මීට කලින් දේශන වලින් ඔබට පැහැදිලි උනා මේ රට සම්බඳව දැන් ජාත්‍යන්තරව සිදුවන දේ පිළිබඳව නැවත වතාවක් ඒ වගේ අවාසනාවන්ත සිදුවීම් වලට ඉඩක් ලැබෙන ආකාරයට. ඒක දැන් ඇස් පනාපිටම සිදුවෙමින් සහ ඔප්පු වෙමින් පවතිනවා.එය බිල්ලන් එනවා කියල කරන හුදෙක් බිය ගැන්වීමක් නෙවෙයි, ඊට එහා ගිය ලොකු කතාන්දරයක් ඒ තුල තියෙනවා. ජාතික අනතුරකදි නොබියව ඉදිරිපත් වෙන ප්‍රමාණය මම හිතන්නේ හරිම අඩුයි.
ඒ අතරින් විවිධ තර්ජන වලට ලක්වීම් බහුලයි, එහෙම වුන එක සිදුවීමක් මම ඔබට කියන්නම්. මම ඔබට කිව්වා යුධ විලක්කුවට මූලික තේමාව උනේ ජය ශ්‍රී මහ බෝධියට එල්ල උන ප්‍රහාරයත් එක්ක ඇති උන තත්වය. මේ ප්‍රහාරය කරන්නෙ ත්‍රස්තවාදීන් අනුරාධපුර නගරයට ඇවිත් සී ටී බී බස් එකක රියදුරු සහ කොන්දොස්තර මරල බස් එක පැහැරගෙන. ඔවුන් හමුදා ඇඳුම ඇඳල එක්කෙනාට එක්කෙනා පිටට පිට තියාගෙන එන්නෙ. හිටපු ගමන් හිතාගන්න බැරි විදියට වෙඩි තියන්න පටන් ගන්නවා, වැඩපොලවල් වලට යන්න, පාසල් වලට යන්න , විවිධ කරුණු සඳහා යන්න ආපු අහිංසක මිනිස්සු විශාල පිරිසක් ඝාතනයට ලක් කරනවා. ඊට පස්සෙ එතන තිබුන තාත්තයි පුතයි කියන රෝසා බස් එක අරගෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලඟට යනකල්ම මගදිගට ඉන්න හැම මිනිහෙක්ටම වෙඩි තියාගෙන යනව. ඒ මොහොත වෙනකොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ රැකවරණයට ඉන්නෙ පොලිස් බටයන් දෙදෙනයි රයිෆල් දෙකක් සමග, ඒ දෙකත් පත්තු වෙන්නෙ නැති දෙකක්.ඔවුන් දුවනවා.
ඉන් පස්සෙ මේ බස් එක පුත්තලම පාර හරහා ඉදිරියට යනවා විල්පත්තුව හරහා පැනලා යන්න. එතකොට මැදවච්චියෙ එක බැංකුවක සේවය කරපු ආරක්ශක බටයෙක් මේ එල් ටී ටී ඊ එක යන බසයට වෙඩි තියනවා. එතනදි එකම එක එල් ටී ටී ඊ සාමාජිකයෙක් නැතිවෙනවා මැරෙනවා. ඒ වෙනකොට ජනමාධ්‍ය වලින් කිව්වෙ හැටයි හැත්තෑවයි කියල, ඒත් ඒ වෙනකොට තුන්සීයකට ( 300 ) අධික ප්‍රමාණයක් ජීවිතක්ශයට පත්වෙලා, ඒ වගේම ප්‍රමාණයක් ආබාධිත වෙලා. එහෙම කරල යද්දිත් එකම එක එල් ටී ටී ඊ සාමාජිකයයි අපිට නැතිකරන්න හම්බවෙන්නෙ, ඒත් අර බැංකුවේ ආරක්ෂක නිලධාරියා තබපු වෙඩි පහරින්.
එදා ජේ ආර් ජයවර්ධන මහත්තයගේ ආණ්ඩුවෙන් ඒ ආරක්ෂක බටයට හොඳ තෑග්ගක් දෙනවා. මොකද්ද? ඉහල අණකින් තොරව වෙඩි තැබීමේ වරදට ඔහුව රැකියාවෙන් නෙරපනවා. මම හිතන්නේ මේ කාරයට අතගහල තියෙන අයටත් ඒ අවධානම අදටත් යම් යම් වේශ වලින් ආදේශිතයි.
අද ලංකාවේ පවතින දේශපාලනික තත්වය බොහෝ දෙනෙක් නිවැරදිව ප්‍රකාශ කරනවා වගේම එක තුල විකෘතියකුත් දකින්නට තියෙනවා.
සම්මුතියක් ඇති උනා කියලා කියනවා,සම්මුති වාදයක් ගැන් කතා කරනවා,හැබැයි මේ සම්මුතිය සඳහා කතිකාවක් තිබුනද... එහෙම සමාජ කතිකාවකින් පස්සෙද මේ සම්මුතිය ඇති උනේ කියල විශාල ප්‍රශනයක් සහ ගැටලුවක් අපිට තියෙනවා.
ඒ කොහොම උනත් මේ කරුණු කාරනා එක්ක බලනකොට මට අතීත සිදුවීමක් ලෙස මතක් වෙනවා 1815 උඩරට ගිවිසුම. මේ උඩරට ගිවිසුමට වසර 200ක් පිරීම නිමිත්තෙන් මම පසුගිය දිනවල චිත්‍රපටයක් නිර්මාණය කලා. මෙහි එදා නාටකයේ නම තමයි යටත් විජිත වාදය, නමුත් අද නාටකයේ නම තමයි නව යටත් විජිත වාදය. 1815 සිද්දවෙච්ච දේ අපිට ආයෙ වෙනස් කරන්න පුලුවන් කමක් නෑ. හැබැයි වර්තමානයේ මේ සිදුවෙන්නට යන කාරණාව අපිට වෙනස් කරන්නට පුලුවන්. 1815 දි අහිමි වුන දේ දිනාගන්න 1818 දි කන්ද උඩරට ජනතාව පලවෙනි ජන අරගලය පටන් ගන්නවා ඌව වෙල්ලස්ස කැරැල්ල විදියට.මම හිතන්නෙ වසර 200 කට පස්සෙ මේ පත්වෙලා ඉන්න තත්වය දිහා බැලුවහම ඒ පූර්වාදර්ශය නැවත ගත යුතු වෙලාවද කියන ප්‍රශ්නය තමයි දැන් අපේ සමාජ පසුබිම තුල තියෙන්නෙ කියන කාරණාවයි මට හිතෙන්නෙ, මට කියන්නට අවධාරනය කරන්නට උවමනා.
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .