10/28/2015

පාවාදෙන්නන් ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය බිඳ හෙලමින් තිබෙනවා [Video]

කතෘ:යුතුකම     10/28/2015   No comments


-විශ‍්‍රාමික මේජර් නීතිඥ අජිත් ප‍්‍රසන්න

2002 වසරේ සටන් විරාම ගිවිසුමත් එක්කම යුධ හමුදාව තුළ මට මානව හිමිකම් සම්බන්ධව විශේෂ උපදේශක
තනතුරක් ලැබෙනවා. ඒ වගකීමට අනුව හමුදා කඳවුරුවලට ගිහින් හමුදා නිලධාරීන්ට මානව හිමිකම් උගන්නන්න, වෙඩි තියන්න තහනම් කියල උගන්වන්න, මට සිද්ධවෙනවා. මෙහෙම උපදෙස් දෙනකොට සෙබළු මගෙන් අහපු මූලික ප‍්‍රශ්නෙ තමයි, මේ දවස් වල පොංගු තමිල් උත්සව කාලෙ, මොවුන් පෙළපාලි යනවා, ඒ යන අය ඇවිල්ලා සරම උස්සලා පෙන්නනවා. හූ කියනවා, ගල් ගහනවා, අන්තිමට දුම් බෝම්බ ගහනවා. අපි ඔලූ ව නවාගෙන ඉන්නවා. මේකෙ තියෙන නීතිමය තත්වය මොකද්ද?” කියන එක. මට දෙන්න උත්තරයක් නෑ.

එහෙමයි එදා රනිල් වික‍්‍රමසිංහ රණවිරුවන්ගේ කොඳු කඩා දැම්මේ. ඒ වගේම තමයි, කුප‍්‍රකට මිලේනියම් සිටි සිද්ධිය. එදා ඒ පාවා දීමෙන් 150 කට වැඩි බුද්ධි අංශ නිලධාරීන් පිරිසකගෙ ණම් හෙලිදරව් කරල අන්තිමට ඔවුන්ව මරන්න අවස්ථාව සලසල දෙනවා. ඒකම නෙවේද මේ අදත් සිද්ධ වෙන්නේ? දැනුත් ගිරිතලේ කඳවුරට ගිහින් කඳවුර පරීක්ෂා කරන්න සීඅයිඞී එකට අවසර දීල තියෙනවා. මේ වෙනකොට ගිරිතලේ කඳවුරේ කර්නල්වරු දෙදෙනෙක් ඇතුළු රණවිරුවො කිහිප දෙනෙක් ඉන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑ. ඔවුන් රැුඳවුම් නියෝග අරගෙන ප‍්‍රශ්න කරනවා. මේ අනුව අද එක්නැලිගොඩව පාවිච්චි කරලා අපේ රටේ පොලීසිය සහ සීඅයිඞීය මුළුමහත් රටක ආරක්ෂාවේ කොඳු නාරටිය වෙච්ච බුද්ධි බලකායේ තොරතුරු එකතු කරනවා. ඒවා යනවා කොටින්ට. අපි දන්නෙ නැති තොරතුරු කොටි දන්නවා. ඇමරිකාව ඉන්දියාව දන්නවා. ඒත් ඒ රණවිරුවන්ව බලන්න අපිට අවසර නෑ. දැන් ඒ පාවාදීම ආයෙත් පටන්ගත්තා.

ඒ විතරක්ද, කැලම් මැක්රේ චැනල් ෆෝ එකේ වීඩියෝ හැදුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය ඒ හැම වීඩියෝ එකකටම ප‍්‍රති වීඩියෝවක් හැදුවා. හදලා සාක්ෂි සහිතව අපි ඔප්පු කරා ඒවා බොරු කියලා. රනිල්ගේ කුප‍්‍රකට ආණ්ඩුව ආපු ගමන් මොකද කළේ? පොල්හේන්ගොඩ ශ‍්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ දැනට මාස එකහමාරකට පෙර චැනල් ෆෝ යුධහමුදාවට එල්ල කරන චෝදනා ඔප්පු කිරීමේ පරීක්ෂණයක් පටන් අරගෙන තිබෙනවා. අර චිත‍්‍රපටියේ පෙන්වන කොටස් අරගෙන, හමුදා නිලධාරීන්ට සමාන ඇඳුම් ඇඳ සිටින නළුවන්ගේ ජවනිකා පෙන්වමින්, එදා උරෙනුර ගැටී ලේ හලාගෙන සටන් කරපු, හමුදාවේ නායකවරු, අණදෙන නිලධාරීවරු, සේනාංකාධිපතිවරු, හතර පස් දෙනා බැගින් ගෙන්වමින් ප‍්‍රශ්න කරනවා. හමුදාවට අණ දීපු මේ රණවිරුවො අද යුධ හමුදා පොලිස් සේවා බලකා කඳවුර ඇතුලෙ අසරණ වෙලා. මේක තමයි ඇත්ත. ”මවුබිම වෙනුවෙන් රණවිරුවෝ” කියන සංවිධානය හැටියට අපි මේ ගැන මාධ්‍ය සාකච්චාවක හෙළි කරා. පසුව යුධ හමුදාවේ වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශකවරයා සනාත කළා, ඔවු චැනල් ෆෝ චිත‍්‍රපටිය පෙන්වලා ප‍්‍රශ්න කිරීමක් සිදු වෙනවා කියලා.

අපේ මාතෘකාව බිල්ලො ඇවිත්, රට වැසියන් බේරාගත යුත්තේ කෙසේද? ඇත්තටම බිල්ලො ආවෙ 2015 ජනාධිපතිවරණය පටන්ගන්නත් කලින්. එදා අපේ සමහර මන්තී‍්‍රවරු සිංගප්පූරුවට ගියා. ඒත් ආපහු ලංකාවට ආවෙ බිල්ලො වෙලා. ඒ පඬුරු පාක්කුඩම්වලට, බලයට, මුදලට, ඇමති තනතුරුවලට ලෝබ වෙලා. දැන් මේ බිල්ලෝ තමයි තනතුරු එක්ක, පඬුරු පාක්කුඩම් එක්ක ගමට ගිහින් ජනතාවට කතාකරන්නෙ. ”මහින්ද රාජපක්ෂ මොන කෙහෙල් මලක්ද කළේ? ඒකට මෛත‍්‍රී මහත්තයා, රට ගියා, ලෝකය දිනුවා, රණවිරුවන්ට අභිමානය ගෙනාවා, දැන් ඔය දෙමුහුන් අධිකරණ නෑ. දේශීය විතරයි. ඔන්න බිල්ලෝ කියන දේවල්. ඒ කියන්නෙ අපිට ලොකු සටනක් තියෙනවා.. බිල්ලො ඇවිල්ලා. මේ බිල්ලෝ ඇමරිකාවෙ, ඉන්දියාවෙ, එංගලන්තෙ බිල්ලො නෙවේ. මේ අපේ බිල්ලො. මතක තියාගන්න මේ බිල්ලො මිනිස්සුන්ගෙ ඔලූ වෙනස් කරනවා. රනිල් වික‍්‍රමසිංහ මේ ලඟදි සියලූ ම මාධ්‍ය ගෙන්නලා කියනවා, ජිනීවා ගැන කට හොල්ලන්න බෑ. දෙමුහුන් අධිකරණ ගැන කතා කරන්න බෑ කියලා.

අනික් පැත්තෙන් මෛතී‍්‍රපාල මහත්තයා සියලූ ම නිදහස් පක්ෂෙ මැති ඇමතිවරු කැඳවලා කියනව, ජිනීවා ගැන කට හොල්ලන්න බෑ. විපක්ෂයේ ඉන්න පුළුවන්, හැබැයි පක්ෂය විවේචනය කරන්නට බෑ, රටේ ආණ්ඩුව විවේචනය කරන්නට බෑ. දැන් පාර්ලිමේන්තුවෙත් බිල්ලො ගොඩයි. අනිත් අය බිල්ලො නෙවෙයි, හැබැයි බිල්ලන්ට බයයි. විපක්ෂයේ කියලා ඉන්නවා, හැබැයි විපක්ෂය ගැන කතා කරන්නෙ නෑ. දැන් මොවුන් කතා කරනවා මාධ්‍ය නිදහස ගැන. යහපාලනය යටතේ තමයි ෆේස්බුක් ප‍්‍රශ්නවලට පුද්ගලයෝ අත්අඩංගුවට ගන්න පටන් ගත්තේ. ලංකාවෙ මුහුණුපොත් පැමිණිලිවලට කි‍්‍රයාකරන්න නීතියක් නෑ. දැන් නීති ගේන්න හදනවා අලූ තෙන්. ඉන්දියාවෙ අලූ තෙන් ඇතිකලා, පසුව වෘත්තිකයෝ, ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් ආදීන්ගෙ විරෝධය සහ නීතිමය කි‍්‍රයාමාර්ග ණිසා නැවත් ඒක අයින් කරගන්න උනා. හැබැයි මෙහේ නීතිය ගේන්න කලින් සම්පත් අතුකෝරල, සුජිත් නිලන්ත රිමාන්ඞ්. එතකොට මුහුණු පොතේ මුකුත් කියන්න බෑ. අපිට ඒක විතරයි තිබුනේ. දැන් ඒකත් නෑ. ඇයි මෙහෙම කරන්නෙ? මෛතී‍්‍රපාල මහත්තයට බනින, විවේචනය කරන ඔක්කොම තහනම් කරන්න
පුළු වන් මේකෙන්.

දැන් අයවැයට කලින් දෙමුහුන් අධිකරණය නීතිගත කරන පනත පාර්ලිමේන්තුවට එනවා. පුවත්පත්වල තිබෙනවා මේක දේශීය පරීක්ෂණයක් බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේකට එකඟයි කියලා. ඒ වගේම විශේෂ අධිකරණයක් පිහිටුවන්නේ නම් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව විය යුතුයි, එවිට නිදහස් පක්ෂය එකඟයි කියලා. මේ තීරණ ගන්න ප‍්‍රධාන අසුන දීල තියෙන්නෙ චන්ද්‍රිකා නෝනට. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙ තියෙනව එහෙම අධිකරණ පිහිටුවන්න බෑ කියලා, එහෙනම් මේක තුනෙන් දෙකේ බලයකින් පිහිටුවන්න වෙනවා. එතකොට මේ බිල්ලෝ ටික අත් ඉස්සුවාම වැඬේ හරි නේද? මේ බිල්ලෝ දිහා බල බල ටී.එන්.ඒ. සහ ජේ.වී.පී අයත් අත උස්සයි, අන්න ඒ නිසා මේක නවත්වන්න බලපෑම් කරන්න අපි වහ වහා මැදිහත් විය යුතුව තිබෙනවා.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)

https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions