10/06/2015

"මෛත්‍රී -රනිල් රට ගොඩගන්නවා සිකුරුයි" -

කතෘ:යුතුකම     10/06/2015   3 comments

මෛත්‍රීපාල නම් වූ සරල ජනාධිපතිවරයා සහ රනිල් නම් වූ බුද්ධිමත් නළුවෙක් නොව මොළයක් වූ අගමැතිවරයා යටතේ අපේ රට අසියාවේ පමණක් නොව මුලු ලෝකයේම අශ්චර්‍යවත් රාජ්‍ය බවට පත් වේ යැයි එක එකා කියන විට අපි එයට ඔච්චම් කළෙමු. අපි එසේ කීවවුන්ට හිනා වීමු. මේ මාස දහයේ කෙරුවාව මෙහෙමනම් අවුරුදු 5 යන විට අපේ රටට දළදා හාන්දුරුවන්ගේ පිහිටයැයි සිතුවෙමු. කීවෙමු

රාජපක්ෂ පාලන කාලයේ තිබූ 8% ආර්ථික වර්ධන වේගය අද 4.5% අඩු වී ඇතැයිද, රුපියල අවප්‍රමාණය වෙමින් ඩොලරයට රු 150 කරා යමින් ඇතැයිද, විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සිට 6 දක්වා අඩු වී ඇතැයිද , බඩු මිල අහස උසට යමින් ඇතැයිද , ලෝක වෙලඳපොළේ තෙල් මිල ලෙල්ලටම අඩු වී ඇති බැවින් යන්තම් ඒ ගහන හෙන ගහන බද්දෙන් ඔලුව උස්සාගෙන හිටියත් එයද ඉතා තාවකාලික යැයි අප කීවෙමු. ඉදිරි අය වැයේදී බඩ පුරා කන්නට බලාසිටියවුන්ට බඩ කට පුරා ලැබෙනු ඇතැයි උපහාස කළෙමු.

ඒ අතර 1815 උඩරට පාවාදීමේ ගිවිසුම පරදවන ජිනීවා පාවාදීමේ එකඟතාවය හරහා අප රට දිනපතා ලේ හලාගන්න කාලකණ්නි දේශයක් වනු ඇතැයි අනාවැකි පළ කළෙමු. රණවිරුවන් ප්‍රමුඛ ත්‍රස්තවාදය මැඩලීමට නායකත්වය සැපයූවන් (ෆීල්ඩ් මාෂල් තුමා හැර ) යුධ අපරාධ දංගෙඩියට සෙමෙන් සෙමෙන් දක්කාගෙන යනු ඇතැයිද, බටහිර අධිරාජ්‍යවාදය උතුරු නැගෙනහිර වෙමන රාජ්‍යයක් දක්වා බෙදා වෙන්කරන දිශාවට තල්ලු කරනු ඇතැයි
බිය වීමු. විපක්ෂයේ හඬ හාන්සි කර ඒකාධිපති වියරුවෙන් මුලු රටම අඳුරු අගාධයකට යනු ඇතැයිද සිරිසේන මහතා හරහා ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ කර දමා කාලයක් යනතුරු යලි හිස එසවිය නොහැකි වන සේ විපක්ෂය නැත්තටම නැති කර දමනු ඇතැයි අනාවැකි කීවෙමු.

අහෝ අප සිටි මායාව...
මේ සියල්ල කොතරම් වැරදිද....
අප ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්‍ය වන බවට දැන් නම් කිසිඳු සැකයක් නැත..එක බස්නාහිරින් ඉර පායනවා වගේ ෂුවර්ය.

අපට හදිසියේ ඒ විශ්වාසය ලැබුනේ කෙසේදැයි අප සමග මේ කරුණු අරඹයා නිකරුණේ රණ්ඩු සරුවල් කරගත් අපේ මිත්‍රයන් බලනු ඇති...
ගොඩක් කාලෙකින් ස්වර්ණවාහිනී ලයිට් ඇට් 8 නැරඹුවෙමු...

එහි 'මොකද වෙන්නේ' වැඩසටහනට අද සහභාගිවූයේ සුමනදාස අබේගුණවර්ධන නම් වූ දෛවඥයාය...ඔහු යලිත් රාජකීය දෛවඥයා වන ලකුණු ඒ කතාව තුලින් අපට පෙනුනි... [යමෙකුට ඒ පිළිබඳ නිකමට හෝ පුදුම සිතේ නම්  නිමල් ලංසා , මුතුහෙට්ටිගම  , ලක්ෂමන් වසන්ත , එස් බී ඇමති වරුන් වූ සැටි මදක් සිහි කරන්න..]

රටේ වාසනාවය...

ඔහුගේම වචනවලින් කිවතොත් ' මහින්ද අද සිටියානම් ජිනීවාවල අප අලි කරදරයක වැටී අවසන්ය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූයේත් , රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූයේත් රටේ වාසනාවටය. මහින්ද රාජපක්ෂ මහතාට ලංකාව ආසියාවේ ආශ්චර්‍ය කිරීමට නොහැකි විය. ඔහු අසාර්ථක නායකයෙකි. රනිල් - මෛත්‍රී සුසංයෝගයෙන් අප ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්‍යවත් රාජ්‍ය වන දිනය වැඩි ඈතක නොවේ"

ඒ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ කිරි ගහට ඇන්නා වැනි අනාවැකියයි....

ආචාර්‍යවරු , මහාචාර්‍යවරු , විදුලි ඉංජිනේරුවරු , උගත් නීතිඥ මහත්වරු කොතෙකුත් මේ කතාවම දහස් වර කීවද අප විස්වාස නොකළෙමු . ගං කබරයන් බයියන් යැයි අපේ විරුද්ධවාදී අපට කරන ආමන්ත්‍රණ කොතරම් සත්‍යදැයි වැටහෙන්නේ දැන්ය...

අදින් පසු එකෙක්වත් රනිල් -මෛත්‍රී හවුල පිළිබඳ සැක සංකා ඇති නොකරගන්නා බව ඉර හඳ සේ දැන් විස්වාය. තවදුරටත් රනිල්ට හෝ මෛත්‍රීට යමකු විවේචනය කරන්නට ඉදිරිපත් වුවහොත් එවුන්ගේ කන් දෙකේ ඇඟුලි ගහගන්නට දෙකක් කියන්න , ඒත් නතර නොවුනොත් හොම්බට හැටක් දෙන්නට වුවද අපට පුළුවන. ඒ විස්වාසය ඇති කලේ වෙනකෙකු නොව සුමනදාස අබේගුණවර්ධන ශ්‍රීමතානන්ය...

දැන් ඉතින් හිතේ බයක් නැතිව නිදාගත හැකි.......අනේ වාසනාවන්..
මගේ රටට දළදා හාන්දුරුවන්ගේ  පිහිටයි.. ආ.....රක්ෂාවයි.....
-යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. සිරිමත්10/07/2015 6:53 AM

    1815 උඩරට පාවාදීමේ ගිවිසුම පරදවන ජිනීවා පාවාදීමේ එකඟතාවය හරහා අප රට දිනපතා ලේ හලාගන්න කාලකණ්නි දේශයක් වනු ඇතැයි අනාවැකි පළ කළෙමු. රණවිරුවන් ප්‍රමුඛ ත්‍රස්තවාදය මැඩලීමට නායකත්වය සැපයූවන් (ෆීල්ඩ් මාෂල් තුමා හැර ) යුධ අපරාධ දංගෙඩියට සෙමෙන් සෙමෙන් දක්කාගෙන යනු ඇතැයිද, බටහිර අධිරාජ්‍යවාදය උතුරු නැගෙනහිර වෙමන රාජ්‍යයක් දක්වා බෙදා වෙන්කරන දිශාවට තල්ලු කරනු ඇතැයිද බිය වීමු. විපක්ෂයේ හඬ හාන්සි කර ඒකාධිපති වියරුවෙන් මුලු රටම අඳුරු අගාධයකට යනු ඇතැයිද සිරිසේන මහතා හරහා ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ කර දමා කාලයක් යනතුරු යලි හිස එසවිය නොහැකි වන සේ විපක්ෂය නැත්තටම නැති කර දමනු ඇතැයි අනාවැකි කීවෙමු.

    අහෝ අප සිටි මායාව...
    මේ සියල්ල කොතරම් වැරදිද....
    අප ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්‍ය වන බවට දැන් නම් කිසිඳු සැකයක් නැත..එක බස්නාහිරින් ඉර පායනවා වගේ ෂුවර්ය.

    ReplyDelete
    Replies
    1. බස්නාහිරින් ඉර පායනවා වගේ ෂුවර්ය. :)

      Delete
  2. " ආචාර්‍යවරු , මහාචාර්‍යවරු , විදුලි ඉංජිනේරුවරු , උගත් නීතිඥ මහත්වරු කොතෙකුත් මේ කතාවම දහස් වර කීවද අප විස්වාස නොකළෙමු . ගං කබරයන් බයියන් යැයි අපේ විරුද්ධවාදී අපට කරන ආමන්ත්‍රණ කොතරම් සත්‍යදැයි වැටහෙන්නේ දැන්ය.."

    කොතරම් සත්‍යක්ද ? අප මුලා වී සිට ඇත. සත්‍ය මේ තරම් සරල ලෙස පහදා දී අපව මුලාවෙන් ගලවා ගත් පිනෙන් මේ බුද්ධිමතාට ඔහු බලාපොරොත්තු වන ලෙසින්ම "රාජකීය දෛවඥයාගේ " තනතුර නැවතත් ලැබේවා !!! හතර වරිගයම යහපාලන නගුලෙ පිහිටෙන් සෞභාග්‍යට පත් වේවා !!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions