10/22/2015

මේ මෙරට බිහිසුණුම - දුර්දාන්තම ආණ්ඩුවයි - නීතිඥ කල්‍යාණන්ද තිරාණගම [video]

කතෘ:යුතුකම     10/22/2015   No comments

සැබෑ විපක්ෂයේ හඬ නිහඬ කරමින් , ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ,විරුද්ධ මතධාරීන් මර්ධනය කරමින් , රට අධිරාජ්‍යවාදයට පාවාදෙමින් මේ තිබෙන්නේ ඉතිහායස පුරාම මෙරට පැවති බිහිසුණුම , දුර්දාන්තම ,ද්‍රෝහීම ආණ්ඩුව බව නීතිඥ  කල්‍යාණන්ද තිරාණගම මහතා පෙන්වා දෙයි.
පසුගියදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී යුතුකම සංවාද කවය සංවිධානය කළ බිල්ලො ඇවිත් සම්මන්ත්‍රණයේ විශේෂ දේශනයක් පවත්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කල්‍යාණන්ද තිරාණගම මහතා:

"මේ ආණ්ඩුව මේ රටේ පහල වුණු බිහිසුණුම ආණ්ඩුව. මොකද ආණ්ඩුවක් කරන්න ඕනෑ පළවෙනි දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම. මේ ආණ්ඩුව පටන් ගත්තෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා. දිගින් දිගටම මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටිනවා. ජනාධිපතිවරයා දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව නිහඬ කරන්නට උත්සාහ ගන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතාකරන්න දෙන්නේ නෑ. පාර්ලිමේන්තු බලතල උදුරගන්න උත්සාහ කරනවා. මේ සියල්ල කරන්නේ ඇයි?

එසේම තව දෙයක් කිව යුතුයි , මේ කතාකරපු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූශණය පිටු දැකීම කියන එකක්වත් මේ ආණ්ඩුව තුල නෑ.

මම මේ කියන කාරණා සනාත කරන්න පුලුවන් කරුණු මගෙ ලඟ තියෙනවා, ඒ නිසා මට කියන්න පුලුවන් බයක් සැකක් නැතුව. පොඩි උදාහරණයක් අරන් බලන්න, නීතිය පාවිච්චි කරනවා දේශපාලන පළිගැනීම උදෙසා ආණ්ඩුවේ නායකත්වයට එරෙහිව කතාකරන සහ කරුණු දක්වන අය නිහඬ කිරීමට.

පොඩ්ඩක් ඔබ කල්පනා කරල බලන්න ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා රිමාන්ඩ් කිරීමේ සිද්ධිය. ඔහුව රිමාන්ඩ් කරේ මොකටද? 1999 වසරේ වෙච්ච වරදක් නිසාලු. 1999 වසරේ වරදක් උනානම්, එහෙම මිනී මැරුමක් උනා නම්, 2001 සිට 2004 වසර දක්වා එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවක් තිබුනා. ඒ එක්සත් ජාතික පක්ශ ආණ්ඩුව මේ ගැන කටයුතු කලේ නෑ. කරන්න බැරි නිසාද?

එහෙනම් මොකද්ද මේ කරේ? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ බලතල උදුරගන්නකොට ඊට විරුද්ධව කතාකරපු මිනිහා තමයි ජනක බණ්ඩාර තෙන්නකෝන්. ඔහුගෙන් පලිගැනීම සඳහා කරන වැඩයි මේ. මේවා රටක සිදු නොවිය යුතු දේවල්. මේකෙන් පේනවා කොහෙටද මේ රට ගෙනියන්න හදන්නේ කියලා. සියලු විරුද්ධවාදීන්ගේ කට වහලා බලහත්කාරයෙන් මේ රට විජාතික කරණය කිරීමේ වැඩ පිලිවෙල තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේ ක්‍රමය දිගටම පැවතුනොත්, මට තේරෙන විදියට 2020 වෙනවිට ශ්‍රී ලංකාද්විපය කියන එක ඉතුරුවෙන එකක් නෑ.

එකක් , ඉන්දියාවත් සමග ඔය කියන පාලම සහ උමග හැදුවොත්, මේ රට තව දුරටත් ද්වීපයක් වෙන්නෙ නෑ, එතකොට ද්වීපය ඉවරයි. ඉතිහාසයේ මුලුල්ලේම පැවතිලා අපේ රටේ අනන්‍යතාව ආරක්ශා උනේ පෝක් සමුද්‍ර සන්ධිය නිසා. ඒක නැති කරල මේ රටවල් දෙක එකතු කරන්න හදනකොට, ඉන්දියාවේ ඊලඟ ප්‍රාන්ත රාජ්‍ය ශ්‍රී ලංකාව වීම වලක්වන්න බෑ. ඒ විතරක් නෙවෙයි, ඒත් සමගම මේ රට තව කෑලි තුනකට හතරකට කැඩීම වලක්වන්න බෑ , පැහැදිලියි ඔය ජිනීවා යෝජනා වල ඉලක්කයත් ඒක. ආණ්ඩුව සමග හවුල් වෙලා ඉන්න බොහෝ දේශපාලන බලවේග වල ඉලක්කයත් ඒක.

එතකොට තවදුරටත් මේ ශ්‍රී ලංකාද්වීපය ඒකීය රටක් වශයෙන් පවතිනෙ නෑ, ඒ විතරක් නෙවෙයි තව බොහෝ දේ අහිමි වෙනව අපිට.
ඔබ දන්නවාදැයි මම දන්නෙ නෑ, 2002 දී රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුව නීතියක් ගෙනාවා ලංකාවේ ජල සම්පත විකුනලා දාන්න. ඒ වෙලාවෙදි මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ඒ පනතට විරුද්ධව. ඒකෙදි කොළඹ තියෙන IWMI ( International Water Management Institute ) කියන ආයතනය වාර්ථාවක් ඉදිරිපත් කලා. ඒ ආයතනය එකදහස් නවසිය අනූ ගනන් වල ඇමරිකාවෙ පිහිටවපු එකක්. මොකද්ද ඒ වාර්ථාවෙන් කියන්නෙ, වසර 2020 වෙනකොට ආසියාවේම බීමට සුදුසු පිරිසිදු ජලය ඉතිරිවෙන්නෙ ලංකාවේ පමණයි.

එතකොට ජල සම්පත තෙල් වලට වඩා වටින දෙයක් වෙනවා. ඒ වටිනාකම කලින්ම දැකලා මොවුන් ඒ සඳහා පර්යේශණ කිරීමේ මධ්‍යස්ථානයක් ලංකාවේ පිහිටෙවුවා. ඒ මධ්‍යස්ථානය මගින් සැලැස්මවල් හදලා ඒ සම්පත කොල්ලකෑම සඳහා කල් ඇතුවම ලෑස්ති උනා.
ඒ වගේමයි අපේ ජෛව සම්පත කොල්ලකෑමට ලෑස්තිවීම. සිංහරාජ වනය කියන්නෙ ලෝකෙටම වටින ජෛව සම්පත අතින් අනූන වනාන්තරයක්. 2003 වසරෙදි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුව කාලෙ සිංහරාජෙ ඇතුලෙ සියලුම ලඳු කැලෑ තිස් අවුරුද්දකට ඇමරිකාවට බදු දීමට වැඩපිලිවෙලක් ලක ලෑස්ති උනා. ඒක කරන්න ලැබුනේ නෑ රටේ ජනතාවගෙන් එල්ල වුනු විරෝධය නිසාත් 2004 වසරේදී ආණ්ඩුව පෙරලුනු නිසාත්.
අන්න ඒ වගේ මේ රටේ පැවැත්මට ඉතාම භයානක විදියට බලපාන දේවල් සිදුවේගන යනවා මේ ආණ්ඩු කාලය තුලත්.

ඒ නිසා මේ ආණ්ඩුව ගෙනයන මේ වැඩපිලිවෙල පරාජය කිරීමට කටයුතු කිරීම මේ රටේ සකල දේශප්‍රේමී ජනතාවගේ යුතුක්මක්, වගකීමක්. ඇත්තවශයෙන්ම ඒ සම්බන්දයෙන් කරන්න බොහෝ දේවල් තියෙනවා. තියෙන කනගාටුවට කාරණය වන්නේ ඒ සම්බන්දයෙන් යමක් කල යුතු , කල හැකි පිරිස් එ සම්බන්දයෙන් කිසිවක් නොකර සිටීම.
උදාහරණයක් වශයෙන් ගත්තොත් , අර අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂනයක් කලා කියල අපේ ස්වාමීන් වහන්සේලා 14 නමකුත්, තවත් මංත්‍රීවරු ඇතුලු පිරිසකුත් අත් අඩංගුවට ගත්තා.ඇත්ත වශයෙන්ම මේක පොලීසිය කරපු අත්තනෝමතික ක්‍රියාවක්, පොලිසියට එහෙම කරන්න බෑ. මම ඒ අවස්ථාවේ එතන හිටපු නාමල් වගේ මංත්‍රී වරුන්ගෙන් ඇහුව ඇයි ඔයගොල්ලෝ මේවට නිහඬව ඉන්නේ, මේ පොලීසියෙ ඔ අයි සී ට විරුද්ධව දාන්න මූලික අයිතිවාසිකම් නඩුවක්, මොකද එක තැනක පෙලපාලි තියන්න දෙනවා, තව තැනක වලක්වනවා උසාවි නියෝග අරගෙන. නීතිය භුක්ති විඳීමේ සමාන අයිතිවාසිකම කඩ වෙනවා එතන.
එහෙම කරන්න ඉඩ දෙන්න බෑ. මේක වලක්වන්න තිබුනා. ඒ විතරක් නෙවේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ මධ්‍යම කාරක සභාව රැස් වෙන එක වලක්වලා උසාවි නියෝගයක් ගත්තා, ඊට පසුවෙනිදම උසාවි ගිහින් ඒකට උත්තර බඳින්න තිබුනා, ඒව කරේ නෑ. පක්ශෙ ලේකම් එලියට දානකොට ඒකට විරුද්ධව කටයුතු කලේ නෑ. ඒ වගේ කලයුතු දේවල් වෙලාවට කලානම් මේ ගොඩක් දේවල් වලක්වගන්න තිබුනා. තියෙන අවාසනාව තමයි දේශපාලනයට සම්බන්ද නීතීඤ්ඥයන් ඉන්නවා, ඔවුන්ට මේවායේ පෙරමුණ ගන්න තිබුනා, මේවා වලක්වගන්න තිබුනා,. අපේ උසාවි වල තවමත් සෑහෙන ස්වාධීනත්වයක් තිබෙනවා. ඒවා පාවිච්චි කරන්න තිබුනා, මොකද එක පොලිස් නිලධාරියෙක් අත්තනෝමතික විදියට වැරදි දෙයක් කලානම්, ඒකට පියවර ගත්තනම්, ඊළඟ නිලධාරියා ඒ වගේ දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනවා.

ඒ නිසා මට කියන්න උවමනා, මේවට බය වෙන්න අවශ්‍ය නෑ. නඩු දානවා කියල බය කරාට බය වෙන්න ඕනෙ නෑ. නඩු දානවනම් ඕන තරම් නඩු දාන්න පුලුවන්. නඩුව ගෙනියන්න පුලුවන් ඊළඟ ආන්ඩුව වෙනස් වෙනකම්.මොකද ලංකාවෙ නඩු අහන පිළිවෙලට අවුරුදු දහයක් පහලවක් යනවා නඩුව අහලා ඉවර වෙන්න, එතකොට රටේ පාලන තන්ත්‍රය වෙනස්වීමත් එක්ක නඩු දාපු මිනිස්සුන්ටත් විරුද්ධව නඩු දාන්නට කාරණා එකතුවෙලා තියේවි.
ඒ නිසා බය නොවී මේවාට මුහුණ දෙමු. මේ රට බේරා ගැනීමට වැඩ කරමු කියන කාරණයයි මම ඔබට කිව යුත්තේ."

සටහන : දර්ශන යූ මල්ලිකගේ
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions