අපරාධකරුවෙකු අතින් සිදුවූ සේයා දැරියගේ ඝාතනයට වඩා බලවත් ලෙස සමාජ අවධානයට ලක්විය යුතු ප්‍රශ්නයක් ඒ ඝාතනය ආශ්‍රිතවම මේ වනවිට පෙරට විත් තිබේ. ඒ පොලිස් පාදඩයන් අතින් අහිංසකයන් දෙදෙනෙකුට සිදුවූ වන්දි ගෙවිය නොහැකි අපරාධයයි. සේයා ඝාතනයට ලක්වන්නට ඇත්තේ සමාජීය ශික්ෂණයක් හෝ වගකීමක් නොමැති අපරාධකාරයෙකු අතිනි. නමුත් දෙවැනි අපරාධය සිදුව ඇත්තේ අපරාධ මැඩලීමට හා යුක්තිය පසිඳලීමට ක්‍රියාකරන බව කියන ලංකාවේ පොලීසිය අතිනි. ඒ අපරාධයේ තරම වටහා ගැනීම සඳහා සේයාගේ ඝාතනයේ සැකකරුවන් ලෙස නිකරුණේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් දෙදෙනා මාධ්‍යය වෙත කළ ප්‍රකාශ සලකා බැලිය යුතුය. දිවයින පුවත්පත එය වාර්තා කර තිබුණේ මෙසේය.
මෙහිදී තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්‌වූ කැලුම් නමැති එක් දරු පියා මෙසේද සඳහන් කළේය.
“මාව පොලිසිය අරගෙන ගියේ 16 වැනිදා පාන්දර 2.00 ට විතර. පොලිසියේ ඕඅයිසී මහත්තයා ගෙදරට ඇවිත් පොඩ්ඩක් එළියට එන්න කිව්වා.. මම ගියා.. පස්‌සේ මාව මගට එක්‌කගෙන ඇවිත් ජීප් එකට දාගත්තා.. ඒ සමගම තට්‌ටය තිබුණු සුදු මහත පොලිස් නිලධාරියෙක් බෙඩ් ෂීට් එකක් වගේ රෙද්දක් මගේ ඔලුවට දාලා තද වෙන්න බැන්දා.. එතන ඉඳන් කිසි දෙයක් පෙනුනේ නැහැ..
ඔවුන් මාව අරගෙන ගියේ කාමරයක් වගේ තැනකට.. ඒ ගෙනිහින් ඇඳුම් සියල්ල ඉවත් කර මාව නිරුවත් කරලා හොඳටම පහර දුන්නා.. සේයා ඝාතනය කළේ උඹ ඒ නිසා ඒක භාර ගනින් කියලයි ඔවුන් මට පහර දුන්නේ.. මගේ නිරුවත් ඡායාරූප ගත්තා.. පස්‌සේ අත් දෙක පිටුපස්‌සට තියලා බැඳලා බාල්කයක එල්ලලත් ගැහුවා.. පහුවදා තමයි මාව පොලිසියට ගෙන ආවේ.
මට බිරිඳයි දරුවයි මතක් වෙලා ඇඬුනා.. විශාල බයක් දැණුනා මිනිස්‌සු ඔවුන්ට මොනවා හරි කරදරයක් කරයි කියලා..”
මෙහිදී “දිවයින” සමග කතා බහට එක්‌වූ නිදහස ලබා පැමිණි පාසල් සිසුවා අදහස් දක්‌වමින් තමන්ට සිදුවූ දෙය පැහැදිලි කරනු ලැබුවේ මෙසේය.
“මාව පොලිසියෙන් අරගෙන ගියේ 16 වැනිදා උදේ නවයට විතර.. ගෙදරට ආපු පොලිසියේ මහත්තුරු මගේ අම්මට බැණ බැණ මාව කාමරයකට දාගෙන ගොඩක් වෙලා ප්‍රශ්න කළා.. “ෆේස්බුස් ” එකේ තිබුණ සේයා දැරියගේ පොටෝ එකක් මම මගේ “ෆේස්බුස් ” මිතුරන් අතරේ ෂෙයා කළා.. සේයා මැරුණට පස්‌සේ කවුරු හරි ඒක”ෆේස්බුස් ” බුක් එකට දාලා තිබුණේ.. පොලිසිය ඒ “ෆේස්බුස් ” එක පෙන්න පෙන්න මම සේයාගේ පිංතූර තියන් හිටියේ ඇයි කියලා ඇහුවා.. ඒක “ෆේස්බුස් ” එකේ තිබුණේ කිව්වම ඔවුන්ට මම කියන දේ වටහා ගන්න බැරි වුණා..
පස්‌සේ මගේ අම්මා හඬා වැටෙද්දී මාව පොලිසියට අරගෙන ආව.. පොලිසියට ගෙනාවට පස්‌සේ දණ ගස්‌සලා මට හොඳටම ගැහුවා.. ගහන අතර කිව්වා කැලුම් අයියා ඔක්‌කොම පිළි අරගෙන තියෙන්නෙ.. එයාව පෑලියගොඩ පොලිසියේ තියාගෙන ගහනකොට සේයා මැරුව විදිහ ඔක්‌කොම කියලා.. ඒ නිසා දැන් ඇත්ත පිළිගනින් කියලා.. මට කියන්න දෙයක් තිබුණේ නැහැ.. ඒත් පොලිසිය මට ගැහුවා..
මගේ ඇඳුම් ගලවලා පහර දුන්නා.. ඒ අතරේ මගේ නිරුවත් පිංතූර අරගත්තා.. සම්පූර්ණයෙන්ම ඇඳුම් ගලවලයි පහර දුන්නේ.. 17 වැනිදා මාව සීඅයිඩී එකට භාර දුන්නා. එදාත් ඔවුන් මගෙන් ප්‍රශ්න කරන ගමන් දණගස්‌සවලා මට හොඳටම ගැහුවා..
ඔවුන් දෙදෙනාගේ මේ කෙටි ප්‍රකාශවලින් පවා අපට පෙනී යන ඇත්ත කෙතරම් බියකරුද?
අපරාධයකදී සාධාරණ සැකයක් මත පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට පූර්ණ අයිතියක් ඇති බව ඇත්තකි. කොටදෙනියාව පොලීසියේ තක්කඩියන් මේ සිදුකර ඇත්තේ ඒ අයිතිය ක්‍රියාවට නැගීමද? අනෙක් අතින් අත්අඩංගුවට ගැනීමකදී අදාල සැකකරුවන්ගේ බාහිර ලක්ෂණ, සමාජ පසුබිම, ඔවුන්ගේ හැසිරීමේ ස්වභාවය ආදිය මත ඔවුන් පිළිබඳ දළ නිගමනයකට එළඹීම පොලීසියට ඉතා ලේසි දෙයකි. මේ ප්‍රශ්නයේදී පොලීසිය ඒ අවම සාධකය පවා සැලකිල්ලට ගෙන නැතිවා පමණක් නොව නීති විරෝධී ලෙස සැකකරුවන්ට පහර දීමෙන් නොනැවතී අදාල අපරාධය සිදුකළ බව පිළිගන්නා ලෙසට සැකකරුවන්ට බල කර ඇති බවද පෙනේ. තමන්ගේ ඇඟ බේරා ගැනීම සඳහා අපරාධ කාගේ හෝ ඇගේ ගැසීම ශ්‍රී ලංකා පොලීසියේ පුරුද්දක් විය හැකි වුවද ඔවුන් මෙවර ඒ සඳහා තෝරාගෙන ඇත්තේ කිසිදු අපරාධකාරී පසුබිමකින් පවා තොර අහිංසකයන් දෙදෙනෙකි. සැකකරුවන් වීම සඳහා ඔවුන්ට ඇති එකම සුදුසුකම ඔවුන් සේයා දැරියගේ අසල්වාසීන් වීමය. මේ සියල්ල මෙසේ තිබියදී පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොලීසිය අතින් සිදුවූ වරද කුමක්දැයි එහි වගකිව යුතු නිළධාරියෙක් විමසා සිටියේය. ඒ නොදරුවාගේ දැනගැනීම සඳහා එය අපි සැකෙවින් මෙසේ සඳහන් කරමු.
– සාධාරණ සැකයකින් තොරව අත්තනෝමතික ලෙස පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම.
– සැකයට හේතු ලෙස පරිඝණකයේ අසභ්‍ය දර්ශන තිබීම වැනි අන්ත තකතීරු ප්‍රකාශ නිකුත් කිරීම.
– අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම වෙනුවට අත්අඩංගුවට ගත් මොහොතේ සිටම සැකකරුවන්ට අමානුෂික ලෙස හිංසනයට ලක්කිරීම. (රෑ මැදියමේ පැමිණ ඇස් බැඳ රැගෙන යාම, නිරුවත් කිරීම, බාල්කවල එල්ලා පහරදීම, නිරුවත් ඡායාරූප ලබා ගැනීම, බන්ධනාගාර ගත කිරීම.)
– වරදකරුවන් තමන් බව පිළිගන්නා ලෙසට සැකකරුවන්ට බලපෑම් කිරීම
– සැකකරුවන්ගේ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීම හරහා ඔවුන් හා ඔවුන්ගේ ඥාතීන් විශාල අපකීර්තියකට, හා අනතුරුදායක තත්ත්වයකට පත්කිරීම.
සැකකරුවන්ගේ ප්‍රකාශ ඇත්ත නම් පොලීසිය රටේ නීතිය පමණක් නොව මනුෂ්‍යත්වයේ අවම සදාචාර සීමාවන් පවා බරපතල ලෙස උල්ලංඝනය කොට තිබේ. පොලීසියේ අන්ත තකතීරු හා නීති විරෝධී ක්‍රියාකලාපය මෙසේ සැකෙවින් වචනවලට නැංවිය හැකි වුවද ඒ පසුපස ඇති මානුෂීය අර්බුදයේ තරම කිසිසේත්ම වචනයට නැඟිය හැක්කක්ද? මේ ප්‍රශ්නයේ ගොදුරු බවට පත් අහිංසකයන් දෙදෙනා සහ ඔවුන්ගේ මවුවරුන්, පියවරුන්, බිරින්දෑවරුන්, දරුවන් අත්විඳි අපරිමිත මානසික පීඩාව, අවමානය, හා ඔවුන්ගේ බිංදුවට වැටුණු ආත්මාභිමානය වෙනුවෙන් පොලිස් පාදඩයන්ට ගෙවිය හැක්කේ කවර නම් වන්දියක්ද? නීති පොත්වල වගන්තිවලින් ගත නොහැකි මේ මනුෂ්‍යත්වයේ ඛේදවාචකය වෙනුවෙන් පාරට බැසීමට සූදානම් වන්නේ කවුද?
අපරාධකරුවන්ට එරෙහිව නැගෙන ජනතා විරෝධයට වඩා සිය ගුණයක ජනතා විරෝධයක් අද පාදඩයන්ගේ පොලීසියට එරෙහිව ගොඩනැගිය යුතුව තිබේ. ඒ මන්ද යත් පොලීසිය යනු අපරාධ මැඩලීමේ නිල ආයතනය වන බැවිනි. ඒ නිල ක්‍රියාවලියද තවත් එක අපරාධ රැල්ලක් බවට පත්වූ රටක හෙට දවසේ එකී පොලිස් මාෆියාවේ ගොදුරක් බවට පත්වන්නේ ඇතැම් විට ඔබ විය හැකිය. ළමා අපචාරයක් සම්බන්ධව අත්අඩංගුවට පත්වීමට ඔබ අදාල දරුවාගේ අසල්වාසියකු වීම ප්‍රමාණවත්ය. මේ අනුව රටේ පුරවැසියන් ඕනෑම මොහොතක සැකකරුවන් වීමේ සූදානමකින් සිටිය යුතුය. එතැනින්ද නොනැවතී පොලිස් බල්ලන්ගෙන් ඇති පදම් ගුටි කෑමට හා නොකළ අපරාධ කළ බව පිළිගැනීමටද ඔබ සූදානමින් සිටිය යුතුය. බඩල්ගම සිදුවීමත් සමඟ අද නැවතත් ඉස්මතු වී පෙනෙන පොලිස් මාෆියාවෙන් රට ගලවා ගැනීමට අප අසමත් වන්නේ නම් ඉදිරියේදී මේවා ළමා අපචාරවලටත් වඩා සුලබ හා සාමාන්‍ය දේවල් වීම පුදුමයක් නොවේ.
අවසාන වශයෙන් මේ සිදුවීම මෙරට මානව හිමිකම් ක්‍රියාධරයන් යැයි කියාගන්නා පිරිස්වල අවංකභාවය මැන ගැනීම සදහා කදිම අවස්ථාවක් බව නොකිව මනාය. වැරදීමකින් හෝ මේ සිදුවීම පසුගිය රජය සමයේ සිදුවූවක් නම් මිට එරෙහිව මතුවන මානව හිමිකම් ඝෝෂාව මීට වඩා සිය ගුණයක් බලවත් විය හැක්කකි. එසේ වූයේ නම් පොලීසියෙන් හෝ රාජපක්ෂ රෙජීමයෙන් නොනැවතී සිංහල බෞද්ධ අධිපතිවාදී හිංසනය ඔස්සේ දුටුගැමුණු රජතුමා දක්වාම මේ ව්‍යසනයේ වගඋත්තරකාරයන් ලැයිස්තුව පෙල ගැසෙන ආකාරය ගැන අපූරු නාටක අපට දැකබලා ගන්නට තිබිණි. එවන් අසීරු ඇකඩමික් තර්කවලින් තොරව අද ඒ සියලු දෙනාට පොලිස් මාෆියාවට එරෙහි විය හැකිව තිබේ. අද බලයේ සිටින්නේ එවැනි දේ සදහාම ඔවුන් විසින් පත් කරගත් බව කියන යහපාලන ජනාධිපතිවරයෙකි. ඒ නිසා එම වගකිවයුත්තන් අතින් අදාල පුද්ගලයන්ට යුක්තිය ඉටුවනු ඇතැයි අපි සද්භාවයෙන් අපේක්ෂා කරමු.
-ඉසුරු ප්‍රසංග
[Lankaleadnews.com]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .