10/08/2015

ඇමෙරිකානු කූටෝපායික සැලැස්‌මට එරෙහි වෙමු

කතෘ:යුතුකම     10/08/2015   No comments

අවුරුදු දෙදහස්‌ තුන්සියයක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ විදේශාක්‍රමණ දාසයකට මුහුණ දී ජාතික උරුමය රැක ගන්නට සමත් වූ ලක්‌වැසි දේශප්‍රේමී ජනතාවට ජය ගත නොහැකි අභියෝගයක්‌ නැති බව මගේ විශ්වාසයයි.
-අනගාරික ධර්මසේකර

පොදු රාජ්‍ය මණ්‌ඩලීය විනිසුරන් හා වෙනත් විනිශ්චයකාරවරුන් අයත් වන අධිකරණයක්‌ පිහිටුවන්නට යෝජනා කර ඇති ඇමෙරිකානු සැලැස්‌ම අනුව අභිචෝදක පක්‍ෂය නියෝජනය කරන නිලධාරීන් හා පරීක්‍ෂකයන් ද සහභාගි විය යුතු බවත් විශේෂ නීතිඥ කාර්යාලයක්‌ පිහිටුවිය යුතු බවත් සඳහන් වන හෙයින් එය ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වයට සහ ස්‌වෛරීභාවයට හානි කර වන බව නිසැකය. ඉතාම ශෝකජනක දෙය නම් ශ්‍රී ලංකාවට හිතවත් රටවල් ද නිහඬ කරවන්නට හේතු වන අන්දමින් ලංකාණ්‌ඩුව ඇමරිකානු කූටෝපායික වැඩපිළිවෙළට එකඟ වීමයි. මේ තත්ත්වය සිංහලේ රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට එරෙහි වූ රදලයන් 1815 දී රජු අල්ලා බැඳ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට භාර දී ජාතික ස්‌වාධීනත්වය අහෝසි කර ගත්තාටත් වඩා බරපතල වේ.

අධිරාජ්‍ය හවුල්කාරී ජාතිබේදවාදී බෙදුම්වාදී බලවේගයක්‌ වූ දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේදී ජාත්‍යන්තර නීති රීති අනුව මානව හිමිකම් සුරැකෙන අන්දමින් කටයුතු කළ ශ්‍රී ලංකා හමුදාවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට පවා ඉඩකඩ සලසාගත හැකි වන සැලැස්‌මක්‌ ඇමෙරිකානු නව යටත්විජිතවාදීන් විසින් ඉදිරිපත් කර ඇති හෙයින් කිසිදු දේශප්‍රේමියකු මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ වැරදි අඩුපාඩු ගැන සිතමින් තවදුරටත් නිහඬව සිටිය යුතු නොවේ. මේ ලිපිය ලියන මම දෙදහස්‌ පහේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා මට හැකි උපරිම අයුරින් දායක වූයෙමි. මා එසේ කළේ දෙකඩ වන්නට ගිය රට එක්‌සේසත් කිරීමේ ෙඓතිහාසික ජාතික අවශ්‍යතාව මුදුන් පමුණුවා ගැනීමේ අපේක්‍ෂාවෙනි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්‌ඩුව කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා සන්නද්ධ හමුදාවන්ට නායකත්වය දෙද්දී මම හමුදාවන් හා ජනතාව දිරිගන්වන වැඩපිළිවෙළක්‌ ගෙන ගියෙමි.

මා පළමුවරට හමුදා සෙබළුන් හා නිලධාරීන් දිරි ගන්වන දේශනයක්‌ පැවැත්වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන්නටත් වර්ෂ ගණනාවකට ඉහතදී හමුදා කඳවුරක්‌ පිහිටුවනු ලැබ තිබූ තන්තිරිමලේ විහාර භූමියේදී ය. එකල කොටි ත්‍රස්‌තවාදීන් හා ශ්‍රී ලංකා හමුදා අතර මායිම බවට පත්ව තිබුණේ මල්වතු ඔයයි. තන්තිරිමලේ විහාරාධිපති හිsමියන් බෝම්බ ප්‍රහාරයකින් අපවත් වූ පසු පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තන්තිරිමලේ ගම්වැසියන් හා හමුදා සෙබළුන් සඳහා අවශ්‍ය දේ රැගෙන ගිය භික්‍ෂුන් වහන්සේ සමඟ එක්‌ව මම එම කඳවුරේ නායකත්වය දැරූ කර්නල් ගනේගොඩ මහතාගේ ඉල්ලීම අනුව සෙබළුන් දිරිගැන්වීමේ දේශනයක්‌ කළෙමි. එම දේශනයට සවන් දුන් නිලධාරීන්a කීපදෙනකු මගෙන් ඉල්ලා සිටියේ තවත් හමුදා කඳවුරුවල දේශන සඳහා එක්‌වන ලෙසයි. එදිනම මල්වතු ඔය අසබඩ වූ තවත් කඳවුරක ද දේශනයක්‌ කළ මම ඉන්පසු හමුදා ක්‍ෂේත්‍රයට සම්බන්ධ පිරිස්‌ සඳහා දේශනයක්‌ කළේ කොතලාවල ජාතික ආරක්‍ෂක විද්‍යා පීඨයේදී ය.

රත්මලාන කොතලාවල ජාතික ආරක්‍ෂක විද්‍යා පීඨයේ මා පැවැත්වූ දේශනය ඇසූ ත්‍රිවිධ හමුදාවේ නිලතල සඳහා පුහුණුව ලබමින් සිටි තරුණයන් මා වටා එක්‌වී කීවේ තමන් හමුදා කඳවුරුවල සේවයට ගිය පසු ඒ හැම හමුදා කඳවුරකටම මා ගෙන්වා දේශන කරවන්නට බලාපොරොත්තුවන බවයි. මා පළමු වරට කළුතර විශේෂ පොලිස්‌ බළකා පුහුණු මධ්‍යස්‌ථානයේ දේශනයක්‌ කළේ චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිව සිටියදී මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදීය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයත්, චන්ද්‍රිකා ජනාධිපතිනිය ආරක්‍ෂක ඇමැති ධුරයත් දැරූ දෙවර්ෂයක්‌ තුළ මම කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා පුහුණු මූලස්‌ථානයේ පුහුණුව ලැබූ කණ්‌ඩායම් අටක්‌ අමතා දේශප්‍රේමි ජාතික ඉතිහාස අත්දැකීම් ගෙනහැර පාමින් පැය දෙකක්‌ තරම් දිගු දේශන කළෙමි. මා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ දේශන සඳහා ගෙන්වූ පුහුණු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ජයවීර මහතා වව්නියාවේ නියෝජ්‍ය පොලිස්‌පති ලෙස උසස්‌වීමක්‌ ලබා ගිය අවස්‌ථාවේ මා වවුනියාවට ගෙන්වා වව්නියා දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කර සේවයක යෙදී සිටි නිලධාරීන් අමතා මා ලවා දේශනයක්‌ කරවූයේ, දෙසුමට සහභාගි වූ පිරිසට නව ජීවයක්‌ හා නව ජවයක්‌ ලබාදීමේ අරමුණෙනි. මා කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ පුහුණුවන පිරිස්‌ අමතා දේශන පවත්වන බව දැනගත් කළුතර සේරුපිට සිවිල් ආරක්‍ෂක සේවා පුහුණු කඳවුරේ නිලධාරීන් ද මා වරින්වර එහි ගෙන්වා මා ලවා කණ්‌ඩායම් දහඅටකට අයත් හාරදහසක්‌ තරම් පිරිසකට දේශන කරවූයේ දේශප්‍රේමී ජාතික හැඟීමෙන් සිවිල් ආරක්‍ෂක සේවා භටයන් නව පණගැන්වීමේ අරමුණ ඇතිවය.

කළුතර සේරුපිට සිවිල් ආරක්‍ෂක සේවා පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියෙක්‌ කල්පිටිය සිවිල් ආරක්‍ෂක පුහුණු කඳවුරට මාරුවක්‌ ලබා ගිය අවස්‌ථාවේ මා එම කඳවුරට ද ගෙන්වා දේශන කරවන්නට කටයුතු කළේය.
තිරිකුණාමල ප්‍රදේශයේ කඩවත් හතරට අයත් දේශප්‍රේමී ජනතාවත්, දහම් පාසල් දාසයක සිසු දරුවනුත් ගුරුවරුනුත් දෙමාපියනුත් ඇතුළු පන්දහසක්‌ තරම් පිරිසක්‌ අමතා මා ලවා දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසන මාමක දේශනයක්‌ කරවීමට කටයුතු කළේ ත්‍රිකුණාමල හමුදා කඳවුරේÊසේවය කළ මගේ ඥාතියකු වූ මේජර් ඥානපාල අධිකාරම් මහතා ය. එසේ විවිධ තරාතිරම්වල හමුqදා නිලධාරීන්ගේ ඇරයුමෙන් හමුදා කඳවුරු ගණනාවක ජාතිකාභිමානි හැඟීම් අවදිකරන දේශන කළෙමි. අවසාන වශයෙන් මා හමුදා මූලස්‌ථානයේ දේශනයක්‌ සඳහා කැඳවන ලද්දේ හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා විසිනි. හමුදා, පොලිස්‌, සිවිල් ආරක්‍ෂක සේවා කඳවුරුවලට අමතරව කොටි ත්‍රස්‌ත තර්ජනයට මුහුණපා තිබූ කන්තලේ පදවිය හා ත්‍රිකුණාමලේ ජනතාව සඳහා ද දේශප්‍රේමී ජාති හිතෛශී ශාසන මාමක හැඟීම් අවදිකර ජාතික මානසිකත්වය ශක්‌තිමත් කරන දේශන කරන්නට මා ඉදිරිපත් වූයේ ආත්මාරක්‍ෂාව ගැන පවා නොසිතාය. කොටි තර්ජනයට මුහුණ පා සිටි ජනතාව දහස්‌ ගණනින් එක්‌ ව මගේ දේශනවලට සවන් දුන් අවස්‌ථා අතරින් මට කිසි දිනක අමතක නොවන්නේ ඉරිදා දිනක පදවිය මහසෙන් මහා විද්‍යාලයට එක්‌ වූ ශිෂ්‍ය, තරුණ හා වැඩිහිටි පිරිසත් ත්‍රිකුණාමලේ ජයසුමනාරාමයට එක්‌ වූ පන්දහසක්‌ තරම් පිරිසත් ප්‍රභාකරන්ගේ උපන් දිනක (ඊනියා මහ විරු දිනයක) මගේ දේශනයක්‌ අසන්නට තිරිකුණාමලේ සංඝමිත්තා ශාලාවට එක්‌ වූ දහස්‌ සංඛ්‍යාත පිරිසත් ය. සංඝමිත්තා ශාලාවට එක්‌ වූ පිරිස අතර වූ කොටි හිතවාදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයෙන් රටේ හතර දිසාවටම ගංගා ගලන තුරුත් පුංචි ලංකාව ආරක්‍ෂිත හා සංස්‌කෘතික වශයෙන් එකම ඒකකයක්‌ව පවත්නා තුරුත් හින්දු - බෞද්ධ දෙපක්‍ෂයේ ආධ්‍යාත්මික ඥාතිත්වයේ සංකේත වශයෙන් දළදා මාලිගා භූමියේ සතර දේවාල තිබෙන තුරුත්, කතරගම, මුන්නේශ්වරම හා බෙල්ලන්විල ආගමික සිද්ධස්‌ථානවල බෞද්ධ හින්දු පුද පූජා පැවැත්වෙන තුරුත් ලංකාව දෙකඩ කිරීම හෝ ෙµඩරල් රාජ්‍යයක්‌ වීම සිදු නොවන බවයි.

කොටි ත්‍රස්‌ත තර්ජනයට මුහුණ පා සිටි ප්‍රදේශ හැරුණු විට කුරුණෑගල, කළුතර, ගාල්ල. මාතර හා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල ජනතාව ආධ්‍යාත්මිකව පුබුදුවා තරුණයන් හමුදා සේවයට එක්‌ වන්නට පෙලඹෙන දේශන කිරීමේ ප්‍රතිඵල වශයෙන් කොටි ත්‍රස්‌තවාදය පරදවා ජයග්‍රහණය කළ අවස්‌ථාවේ රණවිරුවන්ට උපහාර දැක්‌වීම සඳහා නාමල්අංග රජමහා විහාරයේ හමුදා නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වුණු ජනතා රැලියේ විශේෂ දේශනය කරන්නට ද මට ආරාධනා කරනු ලැබිණි. මගේ ජීවිතයේ මා සිත සසල කිරීමට තරම් සංවේදී දර්ශනයක්‌ දකින්නට ලැබුණේ කුරුණෑගල දඹුළු පාරට ආසන්නයේ පිහිටි නාමල් අංග රජමහා විහාරයේ රණවිරු උපහාර විශේෂ දේශනයට සහභාගි වූ අවස්‌ථාවේ ය. එම උපහාර උත්සවයට රණවිරුවන් සියයක්‌ තරම් සංඛ්‍යාවක්‌ පැමිණියේ රෝද පුටුවලිනි. දෙපා අහිමි වූ රණවිරුවන් රෝද පුටුවලින් එද්දී එක්‌ පාදයක්‌ අහිමි වූ රණවිරුවන් උත්සව භූමියට ආවේ කිහිලිකරු උපයෝගී කර ගනිමිනි. දෙඇස්‌ අහිමි වූ රණවිරුවන් කොන්ක්‍රීට්‌ දැමූ වේල්ලේ පාර දිගේ උත්සව භූමියට පැමිණියේ සොයුරු සොයුරියන්ගේ ආධාරයෙනි. දඹුළු පාරේ පටන් නාමල්අංග රජමහා විහාර භූමිය දක්‌වා වෙල මැදින් පාරේ එක පෙරහැරට පැමිණි අත් පා අහිමි වූ දෙඇස්‌ අඳ වූ රණ විරුවන්ගේ දර්ශනය දුටු කිසිදු දේශප්‍රේමී ජාති හිතෛශී ශාසනමාමක රටවැසියකුට ඇමෙරිකානු කූටෝපායික සැලසුම්වලට ඉඩ දී නිහඬව සිටිය නොහැක. වැඩිම රණවිරුවන් බිහි වූ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පන්සල්, පිරිවෙන්, දහම් පාසල් හා රජයේ පාසල් රාශියක දේශන පැවැත්වූ මගේ විශ්වාසය වන්නේ කුරුණෑගල, අනුරපුර, පොලොන්නරු, ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කවල මෙන්ම කළුතර, ගාලු, මාතර, රත්නපුර, කෑගලු, හම්බන්තොට, මොනරාගල දිස්‌ත්‍රික්‌කවල බහුතර ජනතාවත් පොදුවේ මුළු රටේම ජනතාවත් ඇමරිකානු කූටෝපායික සැලස්‌මේ සැබෑ ස්‌වරූපය අවබෝධ කරගතහොත් ඊට එරෙහි වනු නිසැක බවයි.

මුළු ජීවිතයම රටත් ජනතාවත් ජාතික සංස්‌කෘතික උරුමයත්, බුදු සසුනත් වෙනුවෙන් කැපකර සියල්ල අතහැර දාහත් වසක්‌ තිස්‌සේ අනගාරික දිවිපෙවෙතක්‌ ගෙවමින් හැත්තෑ හතර වැනි වියේ පසුවන මට අප තරුණ වියේ අත්දුටු වියට්‌නාම් යුද්ධය හා සම්බන්ධ ලෝක අත්දැකීම් අමතක කළ නොහැක. ඇමෙරිකානු නව යටත්විජිතවාදීන් ඉන්දු චීන කලාපයේ ගෙන ගිය විනාශකාරී ක්‍රියාමාර්ගය නිසා පමණක්‌ ලක්‍ෂ තිහකට වැඩි වියට්‌නාම් ජනතාවක්‌ මියගිය බවත් ඒ සාපරාධි ක්‍රියාමාර්ගයට එරෙහිව බර්ට්‌රන්ඩ් රසල් ජීන්පෝල් ශාස්‌ත්‍රොa හා පැබ්ලෝ නෙරූඩා වැනි නොබෙල් ත්‍යාගලාභී විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රංශයේ පැරිස්‌ නගරයේ පැවැත්වුණු ජාත්‍යන්තර සාමාධිකරණය මගින් අවුරුදු තුනක්‌ තිස්‌සේ පැවැත්වූ සාක්‍ෂි විභාගයෙන් පසු එවකට ඇමෙරිකන් ජනාධිපති වූ ලින්ඩන් බී ජොන්සන්, රාජ්‍ය ලේකම් ඩීන් රස්‌ක්‌ හා ආරක්‍ෂක ලේකම් රොබට්‌ මැක්‌නමාරා යුද අපරාධකරුවන් ලෙස ප්‍රකාශ කළ බවත් බැරැක්‌ ඔබාමාට අමතක වුවත් අධිරාජ්‍ය විරෝධීන් වන අපට අමතක නොවේ. ඇමරිකානු කූටෝපායික ක්‍රියාමාර්ග නිසා ලිබියාවේ හා ඉරාකයේ සිදු වූ දේ ලොවම දන්නා හෙයින් ජාත්‍යන්තර මධ්‍යස්‌ථානයක පිහිටි ශ්‍රී ලංකාව සිය ආධිපත්‍යය යටතට ගන්නටත් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම මගින් ඉන්දියාවේ බෙදුම්වාදී බලවේගයන් පණගන්වා අවි වෙළ¹ම ලෝකාධිපත්‍යය සඳහා ගෙන යන නව යටත් විජිතවාදී ක්‍රියාමාර්ගය පරාජය කරන්නට ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් දකුණු ආසියාවේ සියලුම රටවල ජනතාවත් අවදි විය යුතුව තිබේ. අවුරුදු දෙදහස්‌ තුන්සියයක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ විදේශාක්‍රමණ දාසයකට මුහුණ දී ජාතික උරුමය රැක ගන්නට සමත් වූ ලක්‌වැසි දේශප්‍රේමී ජනතාවට ජය ගත නොහැකි අභියෝගයක්‌ නැති බව මගේ විශ්වාසයයි. පෘතුගීසි කාලතුවක්‌කුවට යට නොවී අප්‍රමාණ වූ දුක්‌ වේදනා විඳදරා ගෙන ජාතික උරුමය රැක ගත් දේශප්‍රේමී ජාති හිතෛශී ශාසනමාමක ජනතාව ලන්දේසි හෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ආධිපත්‍යය මගින් ද අධිරාජ්‍ය ගැත්තන් බවට පත් කළ නොහැකි වූවාක්‌ මෙන් අපේ පරපුරේ දේශප්‍රේමීන් ද ලොවට ආදර්ශයක්‌ වන විමුක්‌තිකාමී විජයග්‍රාහී බලවේගයක්‌ වනු ඒකාන්තය.

-අනගාරික ධර්මසේකර 
[දිවයින]
කාටූනය : අවන්ත ආටිගල


ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions