10/12/2015

එන්න අපි පිල්ලෙයාන්ට ගල් ගහමු!

කතෘ:යුතුකම     10/12/2015   No comments

2005 වසර යනු කොටි ත්‍රස්තවාදය දරුණු ලෙස ක්‍රියාත්මක වූ සමයකි. එකල සිදු වූ ඝාතන බොහෝ ය. ඒ සියල්ල ප්‍රභාකරන්ගේ අණින් කළ ඒවා ය. ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නමැති පොඩි එකා ළමා සොල්දාදුවෙකු ලෙස කොටි සංවිධානයට බඳවා ගන්නේ ද ඔහුට පිල්ලෙයාන් යනුවෙන් නමක් ලබා දෙන්නේ ද ප්‍රභාකරන්ගේ අණ අනුව ය. මොළ සෝදා කුඩා දරුවන් වූ චන්ද්‍රකාන්තන්ලා පමණක් නොව පමණක් නොව විනයාගමූර්ති මුරලිදරන්ලා මිනි මැරීම සඳහා යොමු කළේ ප්‍රභාකරන් ය. ඒ ම්ලේච්ඡ කටයුතු අපේ ළමයින්ගේ දඟකාරකම් ලෙස සලකා කටයුතු කළේ දෙමළ ජාතිවාදී දේශපාලකයෝ ය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය සහ ජාත්‍යන්තර සහාය ලබා දුන්නේ සුරේන් සුරේන්ද්‍රන්ලා ප්‍රමුඛ දෙමළ ඩයස්පෝරාවයි. එසේ බලන කල චන්ද්‍රකාන්තලා යම් අපරාධයක් කළේ නම් ඊට සහාය දුන් දෙමළ ජාතික සංවිධානය ද දෙමළ ඩයස්පෝරාව ද වගඋත්තරකරුවන් විය යුතු ය.

එහෙත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා 2005 වසරේදී ඝාතනය සම්බන්ධයෙන් සැක පිට හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති චන්ද්‍රකාන්තන් පමණක් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණීමට පෙර කළ වරදකට ය. එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ දෙමළ ජාතික සන්ධානය ද දෙමළ ඩයස්පෝරාව ද සිය මිතුරන් ලෙස සලකන ආණ්ඩුව විසිනි. චන්ද්‍රකාන්තන්ලා අත්අඩංගුවට ගත් ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා නොබෝදා සුරේන් සුරේන්ද්‍රන්ගේ එංගලන්ත නිවසේ රාත්‍රී සම්භාෂණයකට පැමිණි බව වාර්තා වේ. චන්ද්‍රකාන්තන්ලාට අපරාධ කිරීමට අනුබල දුන්නේ සුරේන්ද්‍රන්ලාගේ දෙමළ ඩයස්පෝරාවයි. ඒවා සාධාරණීකරණය කළේ දෙමළ ජාතික සන්ධානයයි.

මේ උභතෝකෝටිකය අප තේරුම් ගන්නේ කෙසේ ද? සැබවින් ම මේ අත්අඩංගුවට ගන්නේ ඔවුන් සඳහන් කර ඇති අපරාධය නිසාම ද? නො එසේ නම් විනයාගමූර්ති මුරලිදරන් සමඟ කොටි සංවිධානයෙන් බිඳී අවුත් ශ්‍රී ලංකා හමුදාව සමඟ එක්ව කොටි පරාජය කරන යුද්ධයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ නිසා ද?ජනවාරි 08 වෙනිදා සිට බන්ධනාගාරව ගතව සිටි දරුණු ගණයේ කොටි නිදහස් කළ ආණ්ඩුව චන්ද්‍රකාන්තන්ලා පසුපස හඹා යන්නේ ඇයි? මෙවැනි චෝදනා යටතේ කොටින්ට ද්‍රෝහි වූ නිසා ම විනයාගමූර්ති මුරලිදරන් වුව අත් අඩංගුවට ගත හැකි ය. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ජය ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කිරීම ඒ සඳහා කදිම චෝදනාවකි. එහෙත් සැබවින් ම ඔවුන් අත් අඩංගුවට පත් වන්නේ තිස් වසරක් මේ රට වෙළා ගෙන පැවති ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළ නිසා ය. ඊට අනුබල දුන් නිසා ය. මහින්ද රාජපක්ෂ සමඟ සිටගත් නිසා ය.

එහෙයින් ප්‍රභාකරන්ගේ පුතා බාලේන්ද්‍ර වෙනුවෙන් කිඹුල් කඳුලු හෙළු මේ රටේ මානව හිමිකම් අයිතිකාරයින්ට කිසි විටෙක චන්ද්‍රකාන්තන්, මුරලිදරන් වැනි එදවස ළමා සොල්දාදුවන් වූ අහිංසකයින්ගේ ලමා අයිතිවාසිකම් සිහිපත් නොවනු ඇත. ඔවුන්ගේ ළමා කාලය උදුරා ගෙන අත රැඳී පෑන පොත වෙනුවට තුවක්කුව සහ බෝම්බය ද ගෙලට සයනයිට් කරල ද ලබා දුන් ප්‍රභාකරන් ද දෙමළ ජාතික සන්ධානය ද දෙමළ ඩයස්පෝරාව ද කිසිවෙකු ප්‍රශ්න නොකරනු ඇත. ඊනියා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් නොව ශ්‍රී ලංකා හමුදාවට අපහාස කිරීමට ඔවුන් රටට දිනා දුන් ජයග්‍රහණය අවප්‍රමාණ කිරීමට බාලේන්ද්‍ර ගැන කවි ලියු කවීන් ඊට සුදු කොඩි එසවූ මානවහිතවාදීන් කවි නොලියනු ඇත. සුදු කොඩි නො උස්සනු ඇත. ඉතින් අපි සම්බන්ධන්ට සහෝදරත්වයේ දෑත් දිගු කරමු. සුරේන්ද්‍රන්ලා සමඟ සව්දිය පුරමු. පිල්ලෙයාන්ට ගල් ගහමු. කරුණාට ගල් ගහමු.
-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions