තොටවත්තගේ එම්මානුවෙල් ටයිටස් ද සිල්වා හෙවත් අප හොඳින් දන්නා හඳුනන ටයිටස් තොටවත්තයෝ වූ කලී සිංහළ සලරුව (Cinema) ලත් අග්‍රගණ්‍යතම සකසුවාණෝ (Editor) යැ. ලෙස්ටර් ජේමිස් පීරිස් සූරීන් ගේ ‘රේඛාව, සන්දේශය’ වැනි එකල පෙරැළිකාරී නවමු සිතුවම්-පටවල සකසුවා වූවෝ ඔහු ය. ලන්ඩනයේ, පයින්වුඩ් චිත්‍රාගාරයෙන් (Pinewood Studio) චිත්‍රපට සංස්කරණය හදාළ ඔවුනට චිත්‍රපට කර්මාන්තයේ ශිල්පීය ක්‍රමවේද පිළිබඳ ව තුබුණේ අසාමාන්‍ය භාවිත ඥානයෙකි. 50/60 දසකවල අන්තර්ජාතික සලරූ උළෙල කිහිපයකට මැ මෙ රට චිත්‍රපට සමඟ ගිය නියෝජිතයාණෝ ද ටයිටස්හු ය.
තම වෘත්තිය චිත්‍රපට සංස්කරණය වූ නමුත් 60 දසකයේ අග භාගයේ දී ටයිටස්හු චිත්‍රපට අධ්‍යක්ෂණයට බටහ. ‘චණ්ඩියා, කවුරු ද හරි?, හාරලක්ෂයේ මංකොල්ලය, මරු සිරා, හඳයා’ යන සදා ස්මරණීය සිතුවම්-පටවල අධ්‍යක්ෂවරයා වූවෝ ඔහු ය. ඔවුන් ගේ චිත්‍රපට අධ්‍යක්ෂණ කුසලතාව ගැනැ අමුතු වර්ණනා අවශ්‍ය නැත. අන්තර්ජාතික සලරූ සම්මාන උළෙලෙක දී සම්මාන ලැබූ පළමු සිංහළ සිතුවම්-පටය වූයේ ඔවුන් ගේ ‘හඳයා’ ය. දේශීය චිත්‍රපට රසිකයා ගෙන් ද ඔවුනට උත්තරීතර සම්මාන හිමි විය. ඔවුන් ගේ චිත්‍රපටවල ආ ‘මී වදයකී ජීවිතේ, කවුරු ද කවුරු ද දැන් ලොක්කෝ, තැටිය මැද්දෙ කළු කරාපු, උපන් හදවියේ ’ වැනි ගීත අද වුව දනන් මුවැ රැව් දේ.
සිංහළ ළමා සාහිතයේ ඇසි-දිසි කලාවේ පිය පදවිය ද නිතරගයෙන් මැ ටයිටස්හුට හිමි ය. ඒ හුදෙක් ම පළමු සිංහළ ළමා සලරුව වූ ‘හඳයා’ නිර්මාණය කළ නිසා නො වේ. ජාතික රූපවාහිනිය සැබැවින් ම ජාතික ආයතනයක් වූ සමයයේ, එහි හඬ කැවීම් අංශයේ පළමු ලොකු මහතා වූයේ ටයිටස් සූරීන් ය. එකල තෙල දසුනේ (Tele Vision) නිර්මාණය වූ සුවිශිෂ්ට සැකිලිරූ (Cartoons) සියල්ල ඔවුන් ගේ අසමසම පරිකල්පනයේ ප්‍රතිඵල යැ. ජාතික රූපවාහිනිය ඉතා ප්‍රථමික මට්ටමෙකැ පැවැති ඒ අවදියේ, සැකිලිරූ වැඩසටහනක් සිංහළයට නඟන්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. රුපවාහිනී සංස්ථාවේ දී සිදු කැරුණේ පිටපත් සිංහළයට පරිවර්තනය කිරීම හා හඬ නළුවන් පුහුණු කිරීම පමණි. හඬ කැවීම සඳහා රජයේ චිත්‍රපට ඒකකයට යා යුතු වියැ. ගීත පටිගත කරන ලද්දේ ගුවන් විදිලි සංස්ථාවේ දී ය. මේ සියලු කොටස් එකලස් කිරීමේ හැකියාව පමණි, රූපවාහිනියේ තුබුණේ. මේ සා දුෂ්කරතා මධ්‍යයේ නිමැවුණු ‘දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවරයන් ගේ සුවිසැරිය, හසරැලි රසාර, සුරඟන කතා කරළිය, මල්ගුඩි දවසැ, ඔෂින්’ ආදිය ඔහු ගේ නාමය අමරණීයත්වයට පත් කළ නිර්මාණ ය.
ලංඩනයේ දී අධ්‍යාපනය ලැබූවකු වූ නමුත් ටයිටස්හුට තුබුණේ පුදුමාකාර දේශීය චින්තනයෙකි. හේ තම නමේ තුබූ පරංගි වාසගම අතහැරැ සිංහළ පෙළපත් නාමය භාවිත කෙළේ ය. ඉංගිරිසි සැකිලිරූ කතා සිංහළයට නැඟීමේ දී ඔහු යෙදූ නම්වලින් ද ඒ සිතුම් මහිමය විශද වේ. Doctor Do Little ඔහු අප වෙත සමීප කෙළේ ‘දොස්තර හොඳහිත’ යනුවෙනි. දොස්තර ගේ සතුරාට ‘දිය රකුස්’ යන නම ඔහු යොදා ඇත්තේ, පැරැණි බණ කතාවල එන, මිනී කන ‘දිය රකුසා’ කෙරෙහි ළපැටි සිත්හි ඇති වන අනිසි බිය මකා-ලමිනි. ‘චව්චව්’ යන චරිතය පමණක් නො ව ඔහු ගේ මුවට නංවා ඇති ප්‍රහසන දෙබස් ද අපට තව මැ මතක ය. දොස්තර මහතා ළඟ සිටි ‘ළා තණකොළ පෙත්තාස්’ සංගීත කණ්ඩායම අපට සිහි ගන්වන්නේ, 60 දසකයේ දී පැවැති ‘ලා බම්බාස්’ වැනි විසුළු නම් සහිත බටහිර සංගීත කණ්ඩායම් ය.Top Cat අප හඳුනා-ගත්තේ ‘පිස්සු පූසා’ යනුවෙනි. මාළු කට්ටා, පුරුපුරුවා, ඤාවුවා, උපාසක යනු පිස්සු පූසා ගේ සහචරයෝ ය. Bugs Bunny හට ටයි මාමා දුන් සිංහළ නම ‘හා හා හරි හාවා’ යි. කුමරතුඟු මුනිදසුන් ගේ ‘කුමර ගී’ පොතෙහි ආ ‘හාවා ගේ වග’ කවි පෙළෙහි සඳහන් ‘හා හා හරි හාවා’ එදාත්-මෙදාත් ළමා විඤ්ඤාණයේ ලැගුම් ගත් ජන කතා චරිතයක් බඳු යැ. ටයිටසුන් Bugs Bunny හට දුන්නේ අගනා දේශීය අර්ථකථනයෙකි. කවර බටහිර චරිතයක් වුව ද ටයි මාමා විසින් හෙළ දරු පරපුරට සමීප කරන ලද්දේ දේශීයත්වාරෝපණය (indigenous) කිරීමෙනි.
ටයි මාමා වූ කලී චිත්‍රපට සංස්කාරකයෙකි, අධ්‍යක්ෂවරයෙකි,නළුවෙකි, ගීත රචකයෙකි,භාෂා ප්‍රේමියෙකි;, සුදක්ෂ නිර්මාණකරුවෙකි. එබැවින් ඔවුන් ගේ වියෝවෙන් ඇති වූයේ හිදැස් ගණනාවෙකි. ඒ කිසිවක් සම සේ පුරවන්නට සමතකු මෙතෙක් පහළ වී නැත. එක් අතෙකින් අදට වසරකට පෙර ටයි මාමා මිය-ගිය එක හොඳ ය. ඔවුන් අද සිටියා නම් ජීවත් වන්නේ සිංහළ සලරුවටත් සැකිලිරූ කලාවටත් සිදු ව ඇති වින්නැහිය දැකැ, මැරි-මැරී ඉපදෙමිනි!

ක. ක. ගනුෂ්ක රන්දුල
[වෙඩි හඬ]
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
Top Cat is one of my favorite cartoons of all time. To the contrary these people destroyed it by dubbing it in Sinhala. These cartoons are all about the dialog. You just cannot replicate the crazy wacky funny dialogs in Sinhalese. Not all languages are equal.
ReplyDelete