10/10/2015

ඇමරිකන් ව්‍යාප්තවාදය හා ආසියාතිකරය

කතෘ:යුතුකම     10/10/2015   2 comments

මේ උතුම් මාතෘ භූමිය අද වන විට ඉතා තීරණාත්මක සංදිස්ථානයකට පැමිණ ඇත. දිනෙන් දින මොහොතින් මොහොත අන් කවර දාකටත් වඩා රට දේශපාලනික වශයෙන් පෙන්වන අනාරක්ෂිත බව ඉතා බැරැරුම් බවක් ගෙන තිබේ.රටට නිවැරදි පාලකයින් පත් නොවීම හා කොන්ද පණ නැති හිවලුන් පත් වීමේ ආදීනව තව කාලයක් ගතවෙත්ම සියල්ලන්ටම මනාව වැටහෙනු ඇත.
ඉතිහාසය පුරාවටම වරින් වර මෙරටට විදේශීය ආක්‍රමණ පැමිණියද ඒවාට ශක්තිමත්ව මුහුණදීමට තරම් හැකියාවක් තිබුනේ අන් කවර දේකටත් වඩා කොන්ද පණ ඇති තම රට දැය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන රාජ්‍ය පාලකයින් රටේ වාසනාවට පහල වු බැවිනි.

30 වසරක් පුරාවට මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය අපේ කොල්ලන් අතින් අතුගෑවී තිබුනු තීරණාත්මක අවධියක අපේ රටට පැමිණි එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් ලංකාවේ දෙමළ ජනයාගේ නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉතා උනන්දුවෙන් කථා කලේය.මානුෂීය මෙහෙයුම නවතා යළි සාකච්ඡාමය විසඳුමක් අහිංසක කොටි ත්‍රස්තයින් වෙත ලබා දෙන ලෙස බැගෑපත් විය. එම සංචාරය නිම කල සැණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොඩ බැස ඔහු කතා කලේ එරට ප්‍රජාතන්ත්‍රවාදයක්වත් ගැන නොව රෝල්ස් රොයිස්, එන්ජින් එරට ගුවන් යානා වලට විකුණන්නේ කෙසේද යන්න ගැනය.ඒහෙත් එවකට අපට කොන්ද පණ ඇති නායකයෙක් නොවන්නට අදටත් රටේ සැබෑ තත්වය යහපාලන ෆැන්ටසියක් නොව තැන තන බෝම්බ පිපිරෙන මිනීකන්නන්ගේ දේශයකි.

අද ඉරානයේ සිට ඉන්දුනීසියාවට තෙක් පවතින ඉන්දියානු සාගරයේ තම ආධිපත්‍ය කෙසේ පවත්වාගෙන යායුතුද යන්න ගැන ඇමරිකා එක්සත් ජනපදය උනන්දු වන්නේය.මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයේ ආරක්ෂක අංශවලට ප්‍රතිපත්ති සම්පාදනයෙන් සහය වන රොබට් ඩී කප්ලාන් "මොන්සූන්" නමින් විශේෂ කෘතියක් මීට වසර කීපයකට පමණ ඉහතදී ඉදිරිපත් කලේය. එහි සඳහන් අන්දමට 19 වන සියවසේ වාණිජ ලෝකයට ඉතා වැදගත් වූයේ අත්ලාන්තික් සාගරයයි. මන්දයත් උතුරු ඇමරිකාවත්,යුරෝපයත් අතර මහාපරිමාණ වෙළඳ ගනුදෙනු සිදුවීමයි. 20වන සියවස වන විට සෝවියට් සංගමය,චීනය,ජපානය වැනි රටවල් ගොඩනැගීමත් හා උතුරු ඇමරිකාව ඒ රටවල් හා කරන ගනුදෙනු නිසා පැසිෆික් සාගරය ඉතා වැදගත් සාගරය බවට පත් විය. නමුත් 21 වන සියවසේ බලශක්තිය අතින් ගත්තද,වාණිජ්‍යය හා දේශපාලන වශයෙන් ගත්තද ඉරානයේ සිට ඉන්දුනීසියාවට තෙක් ඇති ඉන්දියානු සාගරය ඉතා වැදගත් වනු ඇත. එහි භූගෝලීය වශයෙන් අපේ රටේ පිහිටීමේ ඇති සුවිශේෂිභාවය අන් කවර රටකටත් වඩා ඉහලින් ඔවුන් හදුනාගෙන ඇත. එක්සත් ජනපදය මේ සිදු කරන්නේ අන් කවරක්වත් නොව ඉන්දියානු සාගර කලාපයේ සූක්ෂම රාජ්‍යයන් වටලෑමයි. එයට හේතුව අප යුධ අපරාධ කිරීම නොවේ. බලය බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නයද නොවේ. ආගමික නිදහස නැතිකමද නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය නැතිකමද නොවේ. ඒයට හේතුව ඉන්දියානු සාගරයේ බල දේශපාලනයයි.
 
ඉරානයේ සිට ඉන්දුනීසියාවට තෙක් ඇති මෙම රාජ්‍යයන් දෙස බැලුවිට පෙනී යන්නේ එම රාජ්‍යයන් තුල අර්බුධකාරී තත්වයන් උද්ගතව ඇති බවයි. මාලදිවයින් ජනපති නෂීඩ් එම ධූරයෙන් ඉවත් වන්නේ ඇයි?එතුමා කල මහා ප්‍රජාතන්ත්‍රවාදි විරෝධී කටයුත්ත කුමක්ද?චීන තානාතිපති කාර්යාල පිහිටු වීමට ඉඩ දීම,චීනය හා වෙළඳ කටයුතු ආරම්භ කිරීම හා එතුමා විසින් ඇමරිකා එක්සත් ජනපදය මාලදිවයින තුල ඇමරිකානු යුධ කඳවුරු දැමීමට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප කිරිමයි. නේපාලය අස්ථාවර ඇයි?තායිලන්තයේ ෂිනවත්‍රා පාලනයට අකුල් හෙලන්නේ ඇයි?ඉරානයට,ඇෆ්ගනිස්තානයට,පකිස්තානයට ස්ථාවර පාලනයක් ගෙන යාමට ඉඩ නොදෙන්නේ ඇයි?

රටක් වසර 30ක් පුරාවටම අභ්‍යන්තර වශයෙන් රටේ ආර්ථික ගමන්මග සම්පූර්ණයෙන්ම අඩපන කරමින් දියත් වු සන්නද්ධ අරගලයක් මානුෂීය මුහුණුවරකින් නිමා කරමින් ඉන් පසුව රටට දැනෙන සංවර්ධනයක් කරගෙන එන අතර වාරයේ හදිසියේම කුමන්ත්‍රණකාරී ලෙස බලයෙන් පහකෙරුණු මහින්ද රාජපක්ෂ මහාතා වෙනුවෙන් පිටුපස සිට විදේශීය හස්තයක් වෙමින් රට දේශපාලන,ආර්ථික අතින් අස්ථාවර කලේ ඇයි?එසේ හදිසියේම ඔහුට එවන් ඉරනමක් අත් වුයේ ඇයි?හේතුව චින සමාගම් ඉදිරි දශකය තුල රු.බි.50ක පමණ ව්‍යාප්ත මුදලක් ආයෝජනය කිරිමට කැමති වීම හා රාජපක්ෂ පාලනය බටහිර විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් චීනය,රුසියාව,ඉරානය,ලිබියාව,වෙනිසියුලානුව වැනි රටවල් සමග සම්බන්ධතා තර කරගැනීම.

ඒ අනුව ගත්කල මේ කලාපයේ සෑම රටකම පාහේ තමන්ට අවනත නොවන තම ගමනට බාධාවක් වන පාලකයින් දියකර හැරීමේ වැඩසටහන් එක්සත් ජනපදය විසින් මෙහෙයවන බවයි.ජපානය,චීනයට එරෙහිව මෙහෙයවයි.කොරියාව,ජපානයට එරෙහිව මෙහෙයවයි.පිලිපීනය,කොරියාවටත්,චීනයට එරෙහිවත් මෙහෙයවයි.වියට්නාමය,චීනයට එරෙහිව මෙහෙයවයි.

චීනය අද වන විට ලොකයේ ආර්ථික බලවතා වී හමාරය.ඔහු ලෝකයේ ලොකුම නිෂ්පාදකයා වී හමාරය.2020 වන විට ලෝකයේ විශාලතම අපනයනකරු වන්නේ චීනයයි.චීනයේ බලාධිපත්‍යය මෙසේ ලෝකය පුරා ව්‍යාප්ත වද්දී ආර්ථික සටනේ පරාජයේ විලිවසාගන්නට තමන්ට ඉතිරි වී ඇති එකම තුරුම්පුව වන මිලිටරි තුරුම්පුව මේ කලාපයේ පැතිර වීමට එක්සත් ජනපදය කටයුතු කරයි.
මේ කලාපයේ ඉන්දියාව යනු එක්සත් ජනපදයේ ඒජන්තයාය.ඔහුට ඉන්දියාව ඉතා වැදගත් වන්නේ චීනයේ ආර්ථික සමාජීය ව්‍යාප්තිය පාලනය කිරිමට බලපෑම් කිරීමට යොදාගත හැකි බැවිනි.එසේම ඉස්ලාම් මූලධර්මවාදයෙන් එල්ලවන් ජාත්යන්තර අභියෝගවලට මුහුණදීමට ඉන්දියාවේ සහාය එක්සත් ජනපදයට අවශ්‍යය.විශේෂයෙන් පකිස්ථානයේ න්‍යශ්ඨික ආයුධ පාලනය කිරීම සඳහා ඉන්දියාවේ න්‍යශ්ථික තාක්ෂණ සහය ඉතා වැදගත් වේ.

ඉන්දියාව කිසිවිටෙකත් ලංකාව සමග පැවැත්වුයේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් නොවේ.ඉන්දියාව කිසිවිටෙකත් අප දේශපාලනමය,ආර්ථිකමය අතින් ශක්තිමත් රාජ්‍යයක් වනු දැකීමට අකමැති විය.හොංකොං,තායිවානය,සිංගප්පූරුව වැනි රාජ්‍යයන්ගේ පිබිදීම ලංකාවටත් අත්වුවහොත් ඒ අත්වන රාජ්‍ය බලගතු වෙළඳපොල,වෙළඳ රාජධානිය තුලින් ඔවුනට අත් වන ඉරනම ගැන ඔවුනට සිතා ගතවත් නොහැකිය.එබැවින් ඈත සිට සිනා සී "උදව්වක් ඕන නම් කියපන්"ස්වරූපයේ ප්‍රතිපත්තියක් ඉන්දියාව ලංකාව කෙරේ අනුගමනය කරයි.
මේ පැහැදිලි කිරිම තුල පසක් වන සත්‍යය ඕනෑම පොඩි දරුවකුට තෙඑරුම් ගත හැකි වුවත් අපේ වත්මන් දේශපාලුවන්ට තේරුම් ගත නොහැකි පසුබිමක මෙම තත්වයන්ගෙන් මිදීමට අපහසු වන්නේ ජාතියක් වශයෙන් එකමුතුවක්, සංහිදියාවක් අප අතර නොමැති වීම සහ රටට පාලකයන් ලෙස පත් විය යුතු සුදුස්සන් කවුරුන්ද යන්න අවබෝධ කර ගත නොහැකි, බඩ ගැන සිතන බත් ගොට්ටන් පිරිසක් මේ සුන්දර දිවයින තුල බහුතරයක් වීමය.
වරද සිදුවී හමාරය.කන්‍යාභාවය බිඳ ගත් මංමුලාවූ තරුණියක් ලෙස ගතවෙන මේ ලාංකීය දේශපාලන අනාථභාවය කෙදින,කවර ඉරනමකින් විසඳේඳ යන්න අප නොදනී.නවතින්නට මත්තෙන් පුටිං ජනපති තුමාගේ කියමනක් මා ඔබ හමුවේ තබමි."මා ගරු කරන්නේ රුසියානු අභිමානයට මිස ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට නොවෙයි.මාගේ ජාතිය රකින්න මම ඕනෑම නරක තීරණයක් ගන්න සූදානම්.කවදාවත් ලෝකය ඉදිරියේ රුසියාව දණ නැමිය යුතු නෑ."

-තිවංක පුස්සේවෙල

[යුතුකම පාඨක ලිපියකි]
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. ඉතාමත් අගනා ලිපියකි. සොයුර ඔබගේ මෙම චින්තන ශක්තිය හුදෙක් සිංහලයන්ට ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  2. Excellent article! Keep up the good work

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions