10/22/2015

ෆීනික්ස් කුරුල්ලෝ

කතෘ:යුතුකම     10/22/2015   No comments

-ධර්මන් වික‍්‍රමරත්න
සමාජ විද්‍යාත්මක හරයෙන් ගත්විට දැන් පිවිසෙමින් සිටින්නේ නිදහසට වැට බඳින සමයකටය. ලාංකීය ඉතිහාසය පුරාම මෙවැනි අරාජික සමයන් පසුකර ඇත. එහෙත් වෙනස ඇත්තේ මේ දුගඳ හමන සමාජ රටාව අතික්‍රමණය කිරීමට පසුබටවන මිනිසුන් ගේ වර්ධනයක් වර්තමානයේ බිහිවීම පමණි. නමුත් යුගය ඉල්ලා සිටින වෙනස එය නොවේ. එදා අසූව දශකය මැදභාගයේද එයට එරෙහිව මහා හඬක් නැගුනේය. එම සියලු උත්සාහයන් තුල ජනමතය අවුළුවාලීමට සමත් වූයේ ඒකාබද්ධ විපක්ෂය සහ මව්බිම සුරකීමේ ව්‍යාපාරයයි.

ඉකුත් ජනවාරි 8වැනිදා ජනාධිපතිවරණයද අගෝස්තු 17 මහ මැතිවරණයෙන්ද පසු ආණ්ඩුව සිය පාක්ෂිකයින් පිනවීමට භාවිතා කල තේමා පාඨය වූයේ “දැන් ශ්‍රිලනිප පළුවකුත් අපේ අතේ බැවින්ද, සම්බන්ධන්ට විපක්ෂ නායකකම සහ ජවිපෙට විපක්ෂයේ ජාතික සංවිධායකකම දීමෙන් සියළු දෙනාම කීකරු වී ඇති බැවින්ද, විපක්ෂයක් නොමැති බවය. ඇත්තේ සම්මුති ආණ්ඩුවක් බවය. ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගේ කශේරුකාවද කඩා දැමීමට මාන බලන බැවින් ජනතාව අතරද ආණ්ඩුවේ තේමා පාඨය කා වැදි තිබිණි. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. එය හරියටම අළු මතින් නැගි සිටින ෆීනික්ස් නම් කුරුල්ලාගේ නැගී සිටීමේ කථාව ලෙසින්ම ඒකාබද්ධ විපක්ෂයක් ලෙස සංවිධානය වී නව යුගයකට මඟ හෙළි පෙහෙළි කිරීමට ඉදිරියට පැමිණ තිබේ.

ලබන 19 වැනි සදුදා පස්වරු 3ට විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන රණවිරුවන් සුරකින ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය එහි පෙර ගමන් කරුවෙකු බවට පත්ව ඇත. දැන් විපක්ෂ දෙකකි. එකක් දියවන්නාවේ සිටින ආණ්ඩුවට හිතැති අධිරාජ්‍යවාදී වුවමනාවන්ට සමාන්තරව ගමන් කරන ඩුප්ලිකේට් විපක්ෂය වේ. අනෙක ජිනීවා යෝජනා හරහා රට පවාදීමට එරෙහි රට මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරතවන ආණ්ඩු විරෝධි අරගලයේ නිරතවන අධිරාජ්‍යවාදී බලපෑම්වලට එරෙහි සැබෑ විපක්ෂයයි.

එමෙන්ම මෙම ඒකාබද්ධ විපක්‍ෂ සන්ධානයට පරිබාහිරව මව්බිම සුරකීමේ ජාතික ව්‍යාපාරයද බිහිවී ඇත. නිද්‍රාශීලිත්වයට සහ අක්‍රීය කොට තිබූ ජාතිකවාදී කොටස් අවදි කිරීමේ ගාමක බලවේගය ලෙස එය ක්‍රියාකරනු ඇත. ඒකාබද්ධ විපක්ෂ සන්ධානයේ නායකයින්ට බාහිරව මව්බිම සුරකීමේ ජාතික ව්‍යාපාරයේ නියමුවෙකු වන්නේ ජාතික එකමුතුවේද නායකයෙකු වන යුතුකම සංවාද කවයේ ගෙවිදු කුමාරතුංගය. එම කවය මගින් ඉකුත් බ්‍රහස්පතින්දා මහජන පුස්තකාලයේ පැවැත්වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයට විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබීණි. ලාංකීය ජාතිකවාදී ව්‍යාපාරය අසූව දශකයේදී අනුගමනය කරන ලද උපක්‍රමික ප්‍රවේශයන් හදුනාගෙන ඉතිහාසය කියවීම වැදගත් වන අතර ජාතික බලවේගයන් හමුවේ තම දේශපාලන පැවැත්ම අනතුරට ලක්වන බවට කිසිවෙකු නොසිතිය යුතුය.

ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු කිසිදු ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් නොමැතිව ජාතික විධායක සභාව හරහා දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහායද ලබාගෙන එජාපය රට පාලනය කළේය. පසුව මහ මැතිවරණයේදී ප්‍රධාන විරුද්ධ පක්ෂයවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විවිධ බලපෑම් කරමින් මන්ත්‍රීවරුන් යටපත්කර විධායක බලය හරහා ඔවුන්ව පාලනය කරමින් ලක්ෂ 47ක ජනමතය උඩු යටිකුරු කරන ලදී. හැමදා නියං එකදා වැහි වළාවේ කීවා සේ ඒකාබද්ධ විපක්ෂය නිසා ආණ්ඩුවට දැන් සිදුවී ඇත්තේ අබග්ගයක්ය.

වර්තමාන දේශපාලන තත්ත්වය කිසිවෙකු සරළව සිතිය යුතු නොවේ. ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව 80 දශකය අවසාන භාගයේ විශාල කැපකිරීමක් කිරීමට සිදුවිය. ජිනීවා සම්මුතිය හරහා රටේ ඉතිහාසය බරපතල සරදමකට ගොදුරු වෙමින් පවතී. ජිනීවා යෝජනා පිළිගැනීම තුළින් අනාරක්ෂිත හෙට දිනක් නිර්මාණය වීමේ අනතුරක් පවතී. එම වැඩපිළිවෙල යළි ආපසු හැරවීම ඒකාබද්ධ විපක්ෂය හමුවේ ඇති යුගයේ කාර්යභාරය වේ.

ජනාධිපති කොමිසම නීති විරෝධි යැයි කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මූලික විරෝධයක් මතු කළේය. ඔහු කොමිසමට කැඳවූයේ ස්වාධීන රූපවාහිනියේ දැන්වීම්වලට මුදල් නොගෙවීම සම්බන්ධයෙනි. එය බටහිර හාම්පුතුන් තෘප්තිමත් කිරීමේ වැඩපිළිවෙලේ තවත් කොටසක්ද විය හැකිය. අවසානයේ මෙම ක්‍රියාන්විතයේදී වන්දි ගෙවීමට සිදුවන්නේ මව්බිමටය. රුසියානු නායක පූටීන් ප්‍රකාශකර පරිදි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිදුකරන මැදිහත්වීම් අවසානයේදී එම රටවලට ඉතිරිවනු ඇත්තේ දේශපාලන අස්ථාවරත්වය, සංවර්ධනය කඩාකප්පල්වීම් සහ පශ්චාත් පසුතැවීම් පමණි.

මහින්ද රාජපක්ෂට එරෙහිව ආණ්ඩුවේ සාක්කිකාරයෙක් බවට සජින්වාස් ගුණවර්ධන පත්වනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. එය අබරා සිල් ගත්තා වාගේ වැඩකි. ලොව බොහෝ දේශපාලඥයන් දේශපාලනිකව ඝාතනය කරන්නටත් ඔවුන්ගේ ආත්මය කෙලෙසා දමන්නටත් මූලිකවූයේ ඔවුනට වඩාත් සමීපවූ මිතුරන්ය. එය එසේ වූයේ සැබෑ මිතුරන් හදුනා ගැනීමට එම දේශපාලඥයන්ට නොහැකි නිසා නොව සියළු මිතුරන් සැක කරන්නට ඔවුනට නොහැකිවූ නිසාය.

දැන් ඇත්තේ පොරයකි. ඒ 2016 වසර සඳහා වූ නොබෙල් සම්මානය ලබාගැනීමටදැයි සැකයෙකි. මෙවර නොබෙල් සාම සම්මානය හිමිවූයේ 2011 ඇරඹුණු අරාබි වසන්ත උද්ඝෝෂණය හරහා අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් සදහා පෙනී සිටි ටියුනිසියාවේ ජාතික සංවාදශීලි පෙරමුණටය. ඒ බෙන් අලිගේ පාලනය පෙරළා දැමීම වෙනුවෙනි. ඉදිරියේදී සාධාරණ සමාජයක් වෙනුවෙන් රොටි පිච්චූ අයටද නොබෙල් සම්මානය ලැබුණහොත් එය පුදුමයට කරුණක් නොවේ. දී කිරට බළලුත් සාක්කිලු. කවුරුත් වාසි පැත්තට හෝයියාය.

බීමට පිරිසිදු වතුර ඉල්ලූ හම්බන්තොට බදගිරියේ ජනතාවට ප්‍රහාරයක් එල්ල විය. 14ක් තවමත් අත්අඩංගුවේය. එහි ප්‍රජා ජල ව්‍යපෘතියද දූෂණයකි. රුහුණුපුර ජල යෝජනා ක්‍රමය සකස්කර තිබුණද තවමත් විවෘත කර නොමැත. බන්ධනාගාර 14ක නඩු නොපැවරූ දේශපාලන සිරකුරුවන් 217 දෙනෙකු නිදහස් කරන මෙන් උද්ඝෝෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබෙනවාදැයි කීවද ඒවා කථා පමණි. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වීමට යෝජිතව තිබූ රැස්වීමක් දේශපාලන රැස්වීමක්යැයි කියමින් ඉකුත් සතියේ ප්‍රතික්ෂේප කෙරිණි. කැළණි සරසවිය අරඹා ඇති වයිෆයි පහසුකම්වලට මාසිකව දැන් වැයකරන මුදල රුපියල් ලක්ෂ 27කි. වාර්ෂිකව ලක්ෂ 324කි. මෙම මුදලින් සරසවි නේවාසිකාගාර හිමිනොවූ සිසු සිසුවියන් 1,000කට මාසිකව රුපියල් 2,700 බැගින් වසරක් මුළුල්ලේ ලබාදිය හැකිය. එසේ නොමැතිනම් පරිඝනක 1,000ක් මිලදී ගෙන පුහුණුව ලබාදිය හැකිය. කල යුතු බොහෝ වැඩ තිබියදී සරසවි බලධාරින් වයිෆයි සැපයිමට ප්‍රමුඛත්වයදීම අතීසාරෙට අමුඩේ ගසනවා වාගේ වැඩකි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 2014 ඔක්තෝබර් සිට අධ්‍යක්ෂක ජනරාල්වරයා ටී.ඩී.කේ ජයන්තය. ඔහු වසර 30ක් පුරා දක්ෂ නිවේදකයෙකි. අධ්‍යක්ෂක ජනරාල් ජයන්තට එරෙහිව අසත්‍ය චෝදනා ගොඩනගා බලතලවල තටු කපා දමා තිබිණි. ජනාධිපති සිරිසේන එය දැනගෙන ඔහුට හිමි බලතල යළි ලබාදීමට මුල්වූවද ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක තවමත් එයට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ඉකුත් ආණ්ඩුව කාලයේ එහි සභාපති හඩ්සන් සමරසිංහගේ මාධ්‍ය භාවිතය පිළිබදව බරපතල ගැටළු තිබුණද එජාප සාමාජිකයන්ගෙන් පළි නොගත්තේය. ඒරානන්ද හෙට්ටිආරච්චි අතිරේක අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන්ද ලලිත් හෙට්ටිගේ මුදල් අධ්‍යක්ෂකවරයා වශයෙන්ද කටයුතු කිරීම එයට නිදසුන් කිහිපයක් පමණි. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ටද ජය මඟුල්ය.

වර්තමානයේ විශාල සංස්කෘතික ආක්‍රමණයක්ද සිදුවෙමින් පවතී. චින්තනය විනාශ කර දේශපාලන ආර්ථිකය සනාථ කිරීම සදහා එය අතවශ්‍ය සාධකයකි. එම උඩුගම්බලා යාමට එරෙහිව පිරිසක්ද බිහිවීම වාසනාවකි. ඔවුනට එය වෙනස් කල හැක. අවැසි ප්‍රධාන කරුණ බුද්ධිමත් සමාජයක් ගොඩනැගීමය. හරවත් සාහිත්‍යයක් කරා යා හැක්කේ ඒ තුළිනි. පුරවැසියාගේ බලය මාර්කට් කරන එන්.ජී.ඕ. සංවිධානවලට හෝ බුද්ධිමය ශ්‍රමය උලාකන උගතුන්ට තවදුරටත් මුලාවිය යුතු නොවේ.

ලාංකීය ජනයා එදා සිට අද දක්වා පාලකයින් පත්කර ඇත්තේ ප්‍රසාදය නොව අප්‍රසාදය පදනම් කරගෙනය. බොහෝ විට සිදුවූයේ පාලනයට එරෙහිවීම පමණි. ජනවාරි 8 සහ අගෝස්තු 17 ජයග්‍රහණයෙන් පසු එජාප ආණ්ඩුව සිදුකරනුයේ ඔවුන් බලාපොරොත්තුවූ දේය. වැරදි බස්රථයකට නගින ලද මගියෙකුගේ අතරමංවිම හැර වෙන යමක් සිදුවි නැත. යහපාලන බස්රථයට ගොඩවී අතරමංවූ මගීන්ගේ විරෝධය සමනය කිරීම සදහා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය බුකිය හරහා රෙජිම් චේන්ජ් කල ටොයියන්ට අමුතු කිචියක් සහ උත්තේජනයක් සපයනු ලබයි. දැන් අනාවැකි දැනගන්නටනම් ජ්‍යෝතිෂ්‍ය චක්‍රවර්තී ඉන්දික තොටවත්ත හමුවිය යුතුය. දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීමට නම් මහාචාර්ය සරත් විජේසූරියගේ දේශනවලට සවන්දිය යුතුය. රූකඩ කලාව අධ්‍යයනයට නම් රූපවාහිනියෙන් සමන් රත්නප්‍රිය හැදෑරිය යුතුය. අනේ කාලේ වනේ වාසේය.

වගවීම, සත්‍ය සෙවීම ආපදාවන්ට ලක්වූවන්ට සහන ලබාදීම, ජාතික සංහිදියාව ඇති කිරීම, නැවත මානව අයිතින් උල්ලංඝනය වීමක් සිදුනොවීමක් කටයුතු කිරීම යන අරමුණ ගැබ්වී ඇති ජිනීවා යෝජනා ආකර්ෂණීය වචන පෙළකට ගොනු කර තිබුණද එය විෂ සහිත කේක් ගෙඩියකි. ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට, භෞමික අඛණ්‌ඩතාවයට සහ ස්‌වාධීනත්වයට විශාල තර්ජනයකි. ගොම් බෙටි ගදයි කියා යමෙක් කියනවිට "ඒකනෙ අපි කලින්ම කිව්වේ" කියලා කිසිවෙකුට ඇග බේරා ගැනීමට නොහැකිය.

[මුරගල තීරු ලිපිය]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions