-දර්ශනපති මෝහාන් නන්දන නානායක්‌කාර
තවත් පුද්ගලයකු මුලාකිරීමේ ෙච්තනාවෙන් ඇති දෙයක් නැති යෑයිද, නොමැති දෙයක් ඇති යයිද, වූ දෙයක් වේ නම් එය නොවූයේ යයිද, නොවූ දෙයක් වූවේ නම් එය වූවේ යයිද වචනයෙන් හෝ ලිත භාෂාවෙන් හෝ හස්‌ත විකාරාදියෙන් හෝ වෙනත් අයෙකුට ප්‍රකාශ කිරීම මුසාවාදය නමින් හැඳින්විය හැකිය.
මුසාවාද කර්මය සිදුවන්නේ අංක සතරක් සම්පූර්ණ වූ විටය. ඒවා නම්,
1. කියනු ලබන කාරණය බොරුවක් වීම.
2. අනුන් රවටන අදහස් එහි අඩංගුවීම
3. ඇඟවීමේ උත්සාහයක් ඒ තුළ ගැබ්වීම
4. අනෙකා ප්‍රකාශ කළ දෙය තේරුම් ගැනීම
යන මෙම කරුණු සතර මුසාවාදයේ අංගයෝ වෙති. ප්‍රකාශ කරන ලද බොරුවක් වුවද, නොදන්නා භාෂාවකින් සඳහන් කිරීමෙන් හෝ හොඳින් නොඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නොහැකි වුවහොත් කර්මය නොවේ. වැරදීමෙන් කියෑවෙන බොරුවලින්ද, මුසාවාද කර්මය සිදු නොවේ. ඉෂ්ට කිරීමේ පරමාර්ථයෙන් පොරොන්දුවක් වී එය ඉටුකරන්නට නුපුළුවන් වීම නිසාද මුසාවාද කර්මය සිදු නොවේ. ඉටුනොකරන අදහසින් පොරොන්දුවක් වන්නවුන්ට එකෙණෙහිම මුසාවාද කර්මය සිදුවේ. පසුව පොරොන්දුව ඉටුකළේ ද එයින් නොමිදේ.
වෙනත් අයෙකු ලවා බොරු කියවීමේදී කියන කියවන දෙදෙනාටම මුසාවාද කර්මය වන බව සඳහන් කළ යුතුයි. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවුඩයක් කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක් නොදැන රැවටීමේ පරමාර්ථයෙන් තොරව නියෝගය ඉටුකිරීමක් වශයෙන් කියයි නම් එමගින් කියෑවෙන තැනැත්තාට මිස කියන පුද්ගලයාට මුසාවාද කර්මය සිදුනොවේ. දීර්ඝ කාලයක් පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම මුසාවාදය පිළිබඳ ස්‌ථාවර ප්‍රයෝගයයි. එලෙස කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මුසාවාද කර්ම සිදුවේ. ප්‍රවෘත්ති පත්‍ර, සඟරා යනාදියෙහි හා පොත්වල මාර්ගයෙන් බොරු ප්‍රචාර කිරීමේදී ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මුසාවාද කර්ම සිදුවන බව මෙහිලා තවදුරටත් සඳහන් කළ යුතුය.
කිසියම් ක්‍රියාවක් සිදුකරනු පිණිස හා නොදෙනු කැමැත්තෙන් ඇති දෙය සඟවනු පිණිස, දරුවන් නැළවීම පිණිසද, තමා කළ වරදක් සඟවනු පිණිසද බොරු ප්‍රකාශ කිරීම අල්ප සාවද්‍ය වේ. ඉටුකරමි, දෙමි යනාදී වශයෙන් අනුන් රවටනු පිණිස බොරු බේගල් ප්‍රකාශ කිරීම එයට වඩා මහා සාවද්‍ය වේ. මෙරමා හට අනර්ථවන ලෙසට සාක්‌ෂ්‍ය වශයෙන් බොරු කීම එයටද වඩා මහා සාවද්‍ය වේ. අනර්ථය පිණිස කියන්නා වූ බොරුවලින් සිදුවන්නා වූ අනර්ථයේ අලාභයේ ප්‍රමාණයද අල්ප සාවද්‍ය, මහාසාවද්‍යතාව කිවයුතුය. රවටනු ලබන පුද්ගලයාගේ ගුණවල සැටියෙන්ද අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය ප්‍රකාශ කළ හැකිය. බොරු ප්‍රකාශ කිරීමේදී ඇතිවූ ක්‌ලේෂයන්ගේ ප්‍රමාණයෙන්ද අල්ප සාවද්‍ය, මහා සාවද්‍යතාව කිව යුතුය.
බොරු කියන පුද්ගලයෝ මෙලොව වශයෙන්ද, නින්දාවට, අපහාසයට, අපහසුතාවට පත්වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබයි. සමහර අවස්‌ථාවන්හිදී බොරු ප්‍රකාශ කිරීම හේතුවෙන් දඬුවම් විඳීමද සිදුවෙති. බොරු කියන්නන් එම පවින් මරණින් මතු නිරයෙහි උත්පත්තිය ලබා අනේක සංඛ්‍යාත කෝටි සහස්‍රයෙහි ලෝදිය බිම් ආදී මහ දුක් විඳිති. ප්‍රේත ආත්මවල ඉපිද විවිධාකාරයේ දුක් විඳිති. තිරිසන්ව උත්පත්තිය ලබා බොහෝ දුක් විඳිති. මනුෂ්‍ය ආත්මභාවයන්හි උත්පත්තිය ලබා ගත්තද එක් ජාතියකදී ප්‍රකාශ කළ බොරුවලට සිය ගණන් ජාතිවලදී නොකළ වරදට හසුවී නින්දා ලබති. දඬුවම් විඳිති. මෝඩයෝ වෙති. එසේම දුප්පත් වෙති. කතා කිරීමේදී ගොත ගසති. මෝඩයෝ වෙති. ගොළු බවට පත්වෙති. කට හෙවත් මුඛයෙන් දුර්ගන්ධය හමති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නොපවත්නා දත් ඇත්තෝ වෙති. මුඛ රෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නන් බවට පත්වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. කිසිවෙකු ඔවුන්ගේ බස් නොපිළිගනිති. ඔවුන්ට අඹු දරුවන් නූපදිති. දරුවන් ඉපදුනද ඔවුන් ගැහැනු දරුවෝ වෙති. ඔවුහුද අකීකරු වෙති. පවුල් අතර අඬදබර ඇතිවෙති.
බොරු ප්‍රකාශ කිරීම නොයෙක් පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තාහට අන් පව් කිරීමටද වඩා ඉඩක් නොමැත. බොරු ප්‍රකාශ කරන්නා හට නොකළ හැකි පවක් නොමැති බව.
"එකං ධම්මං අතීතස්‌ස - මුසාවාදිස්‌ස ජන්තිනො
විතිණ්‌ණ පරලොකස්‌ස - නත්ථි පාපං අකාරියං" යනුවෙන් බුදුරදුන් දේශනාකොට වදාරා තිබේ.
"සත්‍යය නමැති එක ධර්මය අත්හල බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක් නැතය" යනු එහි අර්ථයයි.
සෑම ආගමකම පව් ලැයිස්‌තුවක් ඇත. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරු කීම ඒ සියල්ලටම ඇතුළත්ය. සියලුම ශාස්‌තූවරු වෙනසක් නොමැතිව බොරු කීම පාපයක් බව දේශනාකොට තිබේ. ලෝකයේ නුවණැති සියල්ලෝම බොරුව පිළිකුල් කරති. බොරු ප්‍රකාශ කරන්නාද පිළිකුල් කරති. අප මහා බෝසතාණන් වහන්සේ විසින් සමහර අවස්‌ථාවන්හිදී පව් කර තිබේ. එහෙත් අනුන්ට අනර්ථයක් වන්නා වූ බොරුවක් විවරණ ලැබීමෙන් පසු උන්වහන්සේ නොකී බව දක්‌වා ඇත. එමගින් පෙනී යන්නේ බොරුකීම අන් පව්වලට වඩා ලාමක පාපයක් වශයෙන් උන්වහන්සේ සැලකූ බවය. බොරු කීමට බිය නොවන, ලැඡ්ජා නොවන තැනැත්තා ගුණවෙතක් නොවේ. එක්‌තරා දිනක් බුදුරජාණන් වහන්සේ පා සෝදා සෙම්බුවෙහි ඉතිරිව තිබූ දිය ස්‌වල්පයක් රහල් හෙරණපාණන්ට පෙන්වා රාහුලය, බොරුකීමට ලැඡ්ජා නැති මහණුන්ගේ මහණකමද මෙසේ ස්‌වල්පයයි. දේශනාකොට වදාළ සේක. ඉන්පසුව තථාගතයන් වහන්සේ එම පැන් ස්‌වල්පයද ඉවතලා රාහුල හෙරණපාණන්ට දක්‌වා රාහුලය මහණකම මෙසේම අහක දමන ලද්දක් වේ යෑයි දේශනාකොට වදාළ සේක. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ එම සෙම්බුව මුනින් අතට නමා පෙන්වා රාහුලය, බොරු කීමට ලැඡ්ජා නැතියනුගේ මහණකම මෙසේ මුනින් නමන ලද්දක් වේ යෑයි දේශනාකොට වදාළහ. ඉන්පසුව තථාගතයන් වහන්සේ එම බඳුන උඩුකරු කොට තබා රාහුලය බොරු කීමට ලැඡ්ජා නැති මහණුන්ගේ මහණකම මෙසේම හිස් වන්නේ යෑයි දේශනා කළ සේක.
බොරු කීමෙන් නොවැළකෙන්නකු කොතෙක් ගුණධර්ම ආරක්‌ෂා කළත් ඒවායේ වටිනාකමක් නොමැති සේය. එබැවින් සැම දෙනම බොරු කීමෙන් වැළකීමට සිතාගත යුතුය. බොරු ප්‍රකාශ කිරීම පිළිකුල් කළ යුතුය. සත්‍යවාදී සමාජයක් ගොඩනැගීමට බොරුවෙන් වැළකීම අප සැමගේ යුතුකමකි.
[දිවයින]
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
10/21/2015
කිව්වොත් රසකර බොරු උපදිති නිරයේ මරු
කතෘ:යුතුකම
10/21/2015
No comments
ඔබේ අදහස මෙතන ලියන්න...
ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.
යුතුකම Facebook පිටුව සමඟ එක්වන්න
මෑතකදී වැඩිපුර කියවූ ලිපි
-
-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි- අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ලක්දිව බුදුන්ගේ මය යනුවෙන් පූජාවලියේ සඳහන් වෙයි. ලංකාව කිහිපවරක් ම බුද...
-
ප්‍රවේශය වර්තමාන සාහිත්‍ය ක්ෂේත්රයේ නියැළෙන අය අතින් එතරම් උනන්දුවකට සහ අවධානයකට ලක් නොවී ක්‍රමයෙන් ගිලිහෙමින් යන එහෙත් ඉතාම...
-
-සේන තෝරදෙනිය මෙම ලිපියේ අරමුණ වන්නේ ලියනගේ අමරකීර්තිගේ 'කුරුලු හදවත' නම් නවකතාව ගැන සංස්කෘතික කියෑවීමකට නිමග්න වීමයි. පිටු ...
-
-මහාචාර්ය වසන්ත දේවසිරි- අද දවසේ දී කෙසේ වෙතත් අප කුඩා කාලයේ දී නම් අපගේ ගෙවල් වලට වරින් වර සර්පයන් ඇතුලූ වීම සුලභ සිදු වීමක් විය. නිතර න...
-
පළමු ගල ගැහුවේ මොකාද ? අලුත්ගමින් පුපුරා ගිය සිදු වීම පිළිබඳ නොයෙක් දෙනා බොහෝ තැන්වල නා නා ආකාර සටහන් දැනටමත් තබා අහවර මුත් මේ ගැන කෙ...
-
(බයි ) සිංහල- ශ්‍රී ලාංකික ජාතිකවාදය, (බයි -ටොයි) සිංහල ජාතිවාදය සහ (ටොයි) ශ්‍රී ලාංකික ජාතිවාදය - 1 (sinhala - sri lankan 'jaathi...
-
ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය - 10 8 201 5 ජුනි 12 සිකුරාදා සිරිලක සිංහල බෞද්ධ ජන මනස බුද්ධාලම්භන ප්‍රීතියෙන් සනහාලන්නට ප...
-
[පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ අසූ අට වැනි උපන් දිනය නිමිත්තෙන් ලියූ ලිපියකි] ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් දැන් අසූ අට වැනි වියට එළඹ සිටිති. විසිව...
-
-පූජ්‍ය වෙල්ගම ගුණසිරි හිමි- රට තුළ වත්මනයේ පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කරන ලද මාතෘකාවක් වන්නේ ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ...
-
ජාතියේ ඉතිහාසයේ දී අපට මුණගැසෙන වීර චරිත අතරින් ඉතා සුවිශේෂී, අපූර්ව චරිතයක් අපි දකිමු. ඒ අනගාරික ධර්මපාල තුමා ය. එසේ වුවත් එක් පැත්ත...
ලිපි ගොනුව
-
▼
2015
(662)
-
▼
October
(72)
- පොලිස් රාජ්‍යය පුවරුව පසුකර ඉදිරියට...
- යහපාලන සංදර්ශන හා තිරෙන් පිටුපස
- කොමිසම
- ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ජිනීවා කෙබර
- දැන් White House සහ White Elephant දෙක ම එකයි!
- මේ 1815 උඩරට පාවාදීමේ දෙවන පියවරයි. එය පැරදවිය යුත...
- අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිවිය යුත්තේ ඇයි? - ආචාර්...
- පාවාදෙන්නන් ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය බිඳ හෙලමින්...
- උගත්, බුද්ධිමත්, ටැලන්ටඩ් රිසොර්සස් සහ නිකං සාමාන්...
- කොටි සැකකරුවන්ට දඬුවම් මිස නිදහස නොදිය යුතුය
- යස-පාලන කැලෑසිය
- ආණ්ඩුව ස්වෛරිභාවය පාවා දෙයි
- බුදුසසුන රැකගැනීම
- අසත්‍යයේ අසනි වරුසාව
- "ජිනීවා යෝජනාව නිසා රට ඉදිරියේ ඇති අනතුර" - මහින්ද...
- දෙමුහුම් අධිකරණය ට එරෙහිව!
- පිස්සු වැටුනු නියමුවා
- බුදු සසුනේ පැවැත්ම උදෙසා කාලීනව ඇති විය යුතු වෙනස්...
- මේ මෙරට බිහිසුණුම - දුර්දාන්තම ආණ්ඩුවයි - නීතිඥ කල...
- ෆීනික්ස් කුරුල්ලෝ
- යහපාලනයෙන් ලැබුනු අදහස් දැනගැනීමේ අයිතිය...
- 'රණ විරුවා' නොකියනු! - පාදඩයින්ගේ පණිවුඩය
- කිව්වොත් රසකර බොරු උපදිති නිරයේ මරු
- අපරාධ අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේද...
- තමිලිනීගේ අවමංගල සභාවේ සිංහල ගුණ කථනය
- දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?
- සැබෑවටම දේශපාලන විසදුමක් අවශ්‍ය කාටද?
- පාට වෙලාද, පාට කරලාද? කෘත්‍රිමව ඉදවූ පලතුරු අනුභවය...
- නෙවි පිල්ලේගේ ඡායාරූපයක් දෙමුහුම් අධිකරණයේ එල්ලා ත...
- කතන්දර ආතා
- දෙබෑ හවුලේ සැබෑ අවුල කුමක්ද?
- ~ අලියා හෙණ්ඩුව කරගනිමින් බුදු දහමට ඇනීම ~
- සිංහලයා ප්‍රකෝප නොකරන්න !
- යුද අපරාධ චෝදනා : පටලැවීම සහ පටලවා ගැනීම
- සාධාරණ වේශයෙන් ආ නග්න අසාධාරණය..
- සොඳුරු අදියුරු සකසු ටයිටස් තොටවත්ත
- අපි සැබැවින්ම ජාතිවාදීන්ද?
- මහණ වීම මානව අයිතිවාසිකමක් නොවේද ?
- අයිලාන් කුර්දි "රෙජීම් චේන්ජ්" ශාපයේ ගොදුරක්
- ජිනීවා පාවාදීම හරහා තොණ්ඩුව අපේ බෙල්ලටම වැටිලා - ...
- ජාතියට දඬුවම් දීමට ඉඩදිය නොහැකිය
- 1815 උඩරට ගිවිසුමේ ද්‍රෝහීනුත් කියාවි 'අපි රට සුද්...
- එන්න අපි පිල්ලෙයාන්ට ගල් ගහමු!
- ජිනීවාහිදී ආණ්ඩුව , පාවාදී යටත්වීම හරහා රට බෙදීමේ ...
- මේ පාදඩ ක්‍රමය අභිබවා යා හැකි බුද්ධිමය සංවාදය ගොඩන...
- චේ සදාතනික වීරත්වයද? සන්දර්භගත වීරත්වයද?
- ජිනීවා - නිවට පාවාදීම වැසීමට ගෙතූ ආණ්ඩුවේ අමු කෙප්...
- ළමා අයිතිවාසිකම් සහ බුදු සසුනේ චිරස්ථිතිය ( 3 කොටස )
- ඇමරිකන් ව්‍යාප්තවාදය හා ආසියාතිකරය
- බිල්ලො ඇවිත් - අද දෙරණ වාර්ථාව
- බිල්ලො ඇවිත් - යුතුකම සම්මන්ත්‍රණය සාර්ථකව මුළුදේ....
- රනිල් අගමැතිතුමා පාර්ලිමේන්තුව අමතයි...
- සුනිල් රත්නායක, සිංහල රණවිරුවා සහ බයියාගේ හෘදසාක්ෂිය
- ඇමෙරිකානු කූටෝපායික සැලැස්මට එරෙහි වෙමු
- ඇමරිකාවේ වෑයම ශ්‍රී ලංකාව තුළ නව යටත්විජිතවාදයක් ...
- "මෛත්‍රී -රනිල් රට ගොඩගන්නවා සිකුරුයි" -
- බොරුවෙන් ප්‍රොඩාවෙන් ගොඩනැගුනු හෘදසාක්ෂියේ සම්මුතිය
- අපේ වීරයා අධිරාජ්‍යවාදී උගුලෙන් රට ගලවාගත් සොඳුරු ...
- සම්මත වූ ඇමරිකානු යෝජනාව සහ රටේ අනාගතය - ආචාර්ය දය...
- පිළියමක් නැති ළමා සාහිත්‍ය අර්බුදයට ”ළමා ගී අමා” ...
- බිල්ලෝ ඇවිත්
- ලොකු - පොඩි සිරිසේනලා අපට කියාදෙන පාඩම
- මඤ්ඤොක්කා විස වීම...
- සර්පයා නගුටෙන් අල්ලා ගැනීම
- මේ පාවාදීම රටේ දේශපාලන,රාජ්‍ය සහ නීති පද්ධතිය අධිර...
- ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් (2...
- ජිනීවා... මරේ... හායි
- දූෂකයන්ට පෙර දඩුකදේ ගැසිය යුතු තිරිසන් පොලිස් මාෆියාව
- ළමා පරපුරේ ජීවත් වීමේ අයිතිය රැකදුන් විරුවන් රැක ග...
- එදා ජිනීවා ප්‍රශ්නයට ඡේ.ආර්. මුහුණදුන් හැටි - බෑණා...
- "ළමුන් මහණ කිරීම" -රන්ජන් බාලසුරියට ප්‍රතිචාරයක්
- කෙම්මුර වදන – රෝහිත භාෂණගේ බාසාව
-
▼
October
(72)
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .