10/15/2015

මහණ වීම මානව අයිතිවාසිකමක් නොවේද ?

කතෘ:යුතුකම     10/15/2015   1 comment

සසරෙන් එතෙර වීම මානව අයිතිවාසිකමකි
මානව අයිතිවාසිකමක් යනු කවරෙක්දැයි මෙහිදී සංවාදයට ලක් නොකරමු. මහන වීම මානව අයිතිවාසිකමක් නොවන්නේ බෞද්ධ නොවන්නන්ට යැයි අප ප‍්‍රකාශ කරමු.

අප ජීවත්වන්නේ කිනම් බලපෑම් යටතේද ? සැබවින්ම අප "සිංහල බෞද්ධ ” ලෙස හඳුන්වාගත් යුදෙව් ක්‍රිස්තියානි සමාඡයක ජීවත්වන්නෝ වෙමූ. අප එවන් සමාඡයක ජීවත්වෙමින් සිංහල බෞද්ධ අර්ථයන් විවේචනය කරනුයේ කවර අර්ථයකින්දැයි මට නොවැටහේ. එය කාගේ උවමනාවකටද ? එමගින් සිංහල බෞද්ධ නොවන්නෝ උද්ධාමයට පත් නොවන්නේ ද ? වැටත් නියරත් ගොයම කා නම් ? අප සිංහල බෞද්ධ ලෙස සිතන්නේ මොනවාද ? අප ඉපදුන පසුව ප‍්‍රථමයෙන්ම පෙර පාසල ලෙස හඳුන්වන මොන්ටිසෝරි සංස්කෘතියකට හුරුවී පසුව සැනින් පාසැල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නම් සම්පූර්ණයෙන්ම විදේශීය අධ්‍යාපනයක් ලබා ගන්නෝ වෙති. එසේ ප‍්‍රකාශකරනුයේ දේශීය වූ ක්‍රමවේදයක් මගින් කිසිඳු දැණුමක් අප ලබාගෙන නැති බැවිනි. අප දැනට ලබන මෙම අධ්‍යාපන ක්‍රමයේ දැණුමක් නිර්මාණය කරන්නෝ විදේශ රටවල සිටිති ඹවුන් නිර්මාණය කරන දැණුම අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහා ප‍්‍රධාන වශයෙන් ලබා ගත යුතුය, නැතිනම් ජන මාධ්‍ය හරහා ලබා දෙනු ඇත.

එහෙවූ අපට සිංහල බෞද්ධ සංස්කෘතියේ අර්ථයක් විවේචනය කිරීමට ඇති අයිතිය කුමක්ද ? අප සිදු කළ යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය විවේචනය කිරීම හෝ විවේචනය කිරීමට පාර කැපීම නොවේ.අද සිංහල බෞද්ධයින්ද ලමුන් මහණ කිරීම පිළිබඳව කතා කිරීමටපටන් ගෙන ඇත්තේ සැබවින්ම අප බෞද්ධ සමාඡයක ජීවත්වන්නෝ නොවේ යැයි පසක් කරමිනි. දැනට අවුරුදු දෙකකට පමණ පෙර යොහෝවා සාක්ෂිකරුවෙකුද ප‍්‍රකාශ කළේ ලමුන් මහණ කිරීම සිදු නොකළ යුතු ක්‍රියාවක් බවයි. එමගින් ලමුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව ඔහුද ප‍්‍රකාශ කළේය.
අප මේ භවය සැසඳිය යුත්තේ සංසාරයට සාපේක්ෂව නම් , මේ භවයේදී අප කළ යුත්තේ කුමක්ද ?
ළමුන් මොන්ටිසෝරි යැවීමද ? තව තවත් සසරේ සැරි සැරීමට මගපාදා දීමද ? නැතිනම් ළමුන්ට පිරිවෙන් අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කිරීමද ? මහණ කිරීම ?

අද මහණ වන දරුවා ඔහු යම් අවබෝධයක් ලබාගත් පසු ගෞරවයෙන් යුතුව නැවත ගිහිගෙයට
පිවිසමට කිසි බාධාවක් නැත. අදටත් දරුවන් මහණ වී සිටින සහ පසුව නැවත ගිහිගෙයට පිවිසෙන
සංස්කෘතීන් සහිත රටවල් තිබේ. එසේනම් ශ්‍රී ලංකාවට ” එසේ කිරීමට ඇති බාධාව කුමක්ද ?
මහන වී සිට නැවත ගිහිගෙයට පිවිසිය නොහැකි වන්නේ ඇයි ? ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාද මහණ  වී සිටියා නොවේ ද ?ගැමුණු රඡුු දවස සිවුර අතහැර ගිහිගෙයට පිවීස ගැමුණු රඡුුගේ සේනාව සමග සටනට පිවීස සතුරන් පරදා මවුබිමද නැවත පැවිදි වී සසර ද දිනූ තෙරුන් ගැන අසා නැත් ද ?

අප බෞද්ධවීම කි‍්‍රස්තියානි ක්‍රමයට” සිදු වූවක්ද ? අප කි‍්‍රස්තියානි ක්‍රරමයේ සිටිමින් බෞද්ධ අර්ථයන් අත පත ගාන්නෝ වෙති. එනම් මෙවන් සාකච්ජා හරහා අප ක්‍රිස්තියානි බෞද්ධයෝ නොවන්නේ ද ?අද රට පත් වී ඇති අභියෝග හමුවේ බෞද්ධ සංස්කෘතියේ අර්ථයන් විවේචනය නොකර එහි අර්ථයන් ශක්තිමත් කරමු.
 

-ජගත් ප‍්‍රනාන්දු
[යුතුකම පාඨක ලිපියකි ]


ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions