10/20/2015

තමිලිනීගේ අවමංගල සභාවේ සිංහල ගුණ කථනය

කතෘ:යුතුකම     10/20/2015   No comments

-ආචාර්‍ය චමිල ලියනගේ
(බෙදුම්වාදයේ මළවුන්ගේ සොහොන් කොත් වල අලවා තැබිමට හා තවමත් නොමළ කොටස්කරුවන්ගේ අවධානය පිණිසයි)


පැසිස්ට්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු “දේශපාලන අංශ නායිකා” තමිලිනී මිය ගොසිනි. ඒ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් මහරගම පිළිකා රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. අප මේ උත්සහ කරන්නේ ඇගේ මළගම මැද කාලකන්නි සතුටක් ලබන්නට නොවේ. එය සමරා ජයපැන් බොන්නටද නොවේ. එය සිංහලයාගේ හා බෞද්ධයාගේ සිරිත නොවේ. එහෙත් පසුගිය දශක තුන මුළුල්ලේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ තමිලිනීගේ භූමිකාව සම්බන්ධයෙන් අත්‍යාවශ්‍යම පසුවදනක් ගොනු කරමින් ඇයට නිවන් සුව පතන්නටය! ඇගේ අවමගුල් සභාවේ සිටින්නන්ට සිහිකැඳවීමක් කරන්නටය!

වැරදීමකින් හෝ තමිලිනී විමර්ශන සඳහා කර තිබූ රඳවා ගැනීමක් අතරතුර මේ රෝගයෙන්ම මිය ගියානම්, ඇගේ නමද දෙමුහුම් යුධ අපරාධ අධිකරණ නඩු පොතේ ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි සාක්ෂි මිටියේ ලියවෙන්නට ඉඩ තිබුණි. ඇයට තවත් අවස්ථාවක් මග හැරිණි. “අරසන් අන්ඩෘ කේකකරදු - දෙයිවම් නින්ඩෘ කේක්කරදු” යනු ප්‍රසිද්ධ දෙමළ ප්‍රස්ථා පිරුළකි. එහි සිංහල අර්ථය නම් “රජු එදාම නඩු අසයි (දඬුවම් කරයි) - දෙවියන් කල්යල් බලා නඩු අසයි (දඬුවම් කරයි)” යන්නය. ඇය යුධ පිටියේ මිය ගියා නම් ඊනියා දෙමළ “විමුක්ති සටනේ විරවරියක” ලෙස ඉතිහාස ගත වන්නට ඉඩතිබුණි. (එහෙත් ප්‍රශ්නයක් නැත. ඇය වෙනුවෙන් අපේ “අලුගුත්තේරු පර-පුර” ඉටිපන්දම් පත්තු කරන්නට ඉඩ තිබේ).

ඇත්තෙන්ම ඇය මියගියේ රෝගීවය. යුක්තියේ රෝදය සෙමෙන් කැරකෙන්නේ යැයි ප්‍රසිද්ධ ඉංග්‍රිසි කියමනක් තිබේ. තමිලිනී විසින් අහිංසක දෙමළ දැරියන් කී දහසක් නම් විඥාණ දූෂණයට ලක්කර මරුවාගේ අකාලයේ මරු කටට තල්ලු කරන්නට ඇත්ද? ඇත්තෙන්ම “දේශපාලන අංශ නායිකාව” සේ ඇය එසවී වැජඹී සිටි සංවිධානය කුමක්ද? එය කවර මූළධර්ම, ප්‍රතිපත්ති මත, කුමන අවශ්‍යතාවක් සඳහා නිර්මාණය වූවක්ද? සදාචාරාත්මක විමුක්ති අරගලයක් නම්, එයට ස්වභාව ධර්මයේ ආශීර්වාදය හෝ ලැබේ. එල්.ටී.ටී.ඊ ය යනු මිත්‍යා දේශපාලන දෘෂ්ටිවාද මත ගොඩ නැගී, අදූරදර්ශී, සටකපට හා අවස්ථාවාදී සිංහල, දෙමළ හා මුස්ලිම් දේශපාලනඥයන්ගේ අනුසරණින් හැදී වැඩී, අවසානයේ ගෝලීය අධිරාජ්‍යවාදයේ ළඟ-පාත හා දුර-ඈත විවිධ පාර්ශවකරුවන්ගේත් තැරැව්කරුවන්ගේ අවශ්‍යතා මත සිංහලයන් අහේතුකව නසන්නට වෙර දැරූ, ම්ලේච්ඡ පැසිස්ට්වාදී සංවිධානයකි. එවැන්නක මනෝරාජික, ස්වයං ප්‍රකාශිත “නායිකාවක” සේ විඳි “අභිෂේකය” දියවී යන්නේ ඒ සංවිධාන ව්‍යුහය ගොඩ නැංවූ මිලිටරි බලයේත් සමාජ මිත්‍යාවේත් කඩා වැටීම ඇරඹුන දා සිටය.

අවසානයේ ඇය විමුක්ති සටන පසෙකලා මරණය සමග හුදකලා සටනක නිරත වූවාය. ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ප්‍රශස්තම ප්‍රතිකාර ලබාගත හැකි මහරගම පිළිකා රෝහලේ තවදුරටත් ජීවත්වීම පිණිස වෙද-හෙදකම් ලබද්දී, තමන් විසින් විඥාණ දූෂණයට ලක් කරනු ලැබ, සයනයිඩ් කරලක් ගෙළ පළන්දා, තකතීරු යුද්ධයකට දක්කනු ලැබූ දෙමළ ළදැරියන් බෝම්බ වලට හසුවී, වෙඩි වැදී බෙහෙත් උගුරක්, වේදනා නාශයකයක් නැතිව දවස් ගණන් විඳවා කුණුවී ටිකෙන් ටික මියැදෙනු සියැසින් බලා සිටි අයුරු සිහිපත්ව ඇයට ලැජ්ජාවක් ඇති වූවාදැයි අපි නොදනිමු. ඊට හෘද සාක්ෂියක් තිබිය යුතුය.

තමිලිනී වෙදකම් කළේත් හෙදකම් කළේත් “දෙමළලන්තයෙන්” මෙහි ගෙන ආ වෙදුන් හා හෙදියන් යැයි අපි නොසිතමු. ඇයට නිරෝගී සුවය පතා බෙහෙත් උගුරක් පොවන්නට ඇත්තේද සිංහල හෙදියකි. උදව්පදව් කරන්නට ඇත්තේ සිංහල සාත්තු සේවිකාවකි. ඇය ප්‍රතිකාර ලැබූයේ මුලතිව්හිදී ද නොවේ. කොළඹදී ය. තමිලිනීට මේවා තේරුනාදැයි අපි නොදනිමු. මිනීමරු ත්‍රස්තවාදය පරදන්නට හටන් කළ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සෙන්පතියන් එල්ලුම් ගස් යවන්නට දෙමුහුම් අධිකරණ ගෙන එන පුවත විශේෂයෙන්ම සිංහල සමාජය කළඹා තිබියදී, තමිලීනී මරන්නට කිසිදු සිංහලයකු පිළිකා රෝහලට ගියේ නැත. “බෑන් චූන් මූන්”ටත් “විසේකාර හුසේන්”ටත් විලිලැජ්ජා ඇත්නම් මේවා අවබෝධ විය යුතුය.

ඇයට සුවය පතා ප්‍රතිකාර කරන්නට රජයෙන් වැය කළ මුදල රුපියල් සියයක් යැයි සිතමු. ඒ සියයයෙන් රුපියල් 74.88ක් සිංහලයින්ගේ බදුය. “දෙමළ-ක-ලන්තය” තදින් වැළඳුනු සම්බන්ධන්, විග්නේශ්වරන් වැනි බෙදුම්වාදී මහලු දේශපාලනඥයින් තේරුම්ගත යුතු දෙයක් තිබේ. විදේශ ණය වලින් මේ රටේ දෙමළ මිනිසුන් වසන පළාතක යටිතල පහසුකම් සංවර්ධනයක් කළද, ඒ ණය මුදලින් සියයට 74.88% ගෙවන්නේ සිංහලයින් බවය. එසේ කරන සිංහලයා ඒ ආයෝජන කළේ සිංහලයින්ට දැයි අසන්නේ නැත. කොටින්ම මේ ජරපත් බෙදුම්වාදී දේශපාලන නඩයට ගෙවන වැටුපෙන් හතරෙන් තුන් පංගුවක් ගෙවන්නේ සිංහලයින්ය. මේවා අර්ථ දක්වන්නට “කන්න දුන් අත හපා කනවා” වැනි ආප්තෝපදේස උපයෝගී කරගෙන බල්ලන්ට නිගා නොකළ යුතුය. අප මේ කියන කරුණු දෙමළ සමාජයේ යහපත් මිනිසුන්ට වැටහේවා යැයි සිතමු.

බුදුන් නසන්නට කොතෙක් උගුල් ඇටවූවද, දෙව්දත් අපාගත වන පුවත ඇසෙද්දී කම්මුලේ අත තබාගෙන “අනේ අපොයි” කියන සිංහල බෞද්ධ සමාජය, තමිලිනී මළ පුවත සැළවී සතුටු නොවූ බව කිව යුතුය. සුපුරුදු අනුකම්පාවෙන් මඬනා ලද ඔවුහු, “අනේ අනිච්ඡං” කියන්නට ඇත. ඇයට වැළදී තිබුනේ පිළිකවකි. ගිරිමානන්ද සූත්‍රයේ විවිධ රෝග සඳහා හේතු භූත වන සාධක විග්‍රහ කරයි. තමිලිනී සම්බන්ධයෙන් නම් අපට සිහිපත් වන්නේ “විසමපරිහාරජා අභාධා” හා “ඕපක්කමිකා ආභාධා” යන සාධකයන් ද්වයයි. මන්ද ඇය විෂම පැවතුම් හා වැරදි උපක්‍රම ම අතර සිටි ස්කන්ධ පංචකයක් බැවිණි. ඇගේ රෝගය කුමන සාධක මතදැයි යන්න ඉන් පැහැදිළිය. එහෙත් තමිලිනී මිය යන්නේ පින් දහම් පුරා නොවේ. මිනිසුන් නසන්නට මිනිසුන් මෙහයවා, ඔවුන්ද මරා දමමිනි. මිනීමරුවාගේ අදහස උපරිම පිරිසක් මැරීමය. තමිලිනී ජීවත් වූයේ ඒ මරුවිකල්ලෙනි. එහෙයින් ඇය මරණින් මතු ලබන්නේ කවර ආත්මයක්ද ඒ කල්ප කීයකටදැයි කීමට අවශ්‍ය නැත. නමුත් ගිරිමානන්ද සූත්‍රයේම “කම්ම විපාකජා ආභාධා” අත්විදීම පිණිස මතු භවයන් ශ්‍රේණියකදී ඇය මේ වන විටත් අරඹා ඇතිවාට සැක නැත. එහෙත් අවසන මේ පවුකාර භවයන්ගෙන් අත්මිදී ඇයට පරමාර්ථමය නිවීම අවබෝධ වේවා යැයි අපි මෙත් සිතින්ම පතන්නෙමු.

තමිලිනීට නිවන් පතා, ඇගේ “අවමංගල සභාවේ” සිටින පිරිසට “ධර්මානුකූල අනතුරු ඇඟවීමක්” කළ යුතුමය. මනුෂ්‍ය ඝාතනයත්, නොදරුවන්ගේ විඥාණ දූෂණය කර හා මරවමින් මැරීම ම වෘත්තිය කරගත් හා, අයුක්ති සහගත ඊනියා “විමුක්තියක්” උදෙසා මේ බුදු බිමෙහි ශිෂ්ටාචාරයේ නිර්මාපකයන්ටද, ඔවුන්ගේ ද්‍රව්‍යාත්මක හා අස්පෘෂ්‍ය සංස්කෘතියටද, උපනූපන් පරම්පරාවන්ටද, ජාතික නිෂ්පාදනයටද හිත්පිත් නැතිව පහරදුන් එක් “ප්‍රභල චරිතයක” ශෝක ජනක නික්ම යාම, බෙදුම්වාදයේ හා ඒ දෘෂ්ටිවාදයන්ගේ සෘජු හෝ වක්‍ර කොටස්කරුවන් (ඔවුන් දෙමළ හෝ සිංහල, අබෞද්ධ හෝ බෞද්ධ විය හැක) තුළ ඇති කරන්නේ කවර කම්පනයක්ද? මේ පූර්වාදර්ශය ඔවුන් අමතා ගැඹුරු අනතුරු ඇඟවීමක් කරන්නේද?

තමලිනීලාගේ විෂම පැවතුම් හා වැරදි උපක්‍රම සාධාරිණීකරණය කරමින්, ඒවාට අනුග්‍රහය දැක්වූ, ඒවාට අනුසාංගික දේශපාලන නාටක රඟපාමින්, යටකී බුදු බිම නැසීමේ කූටෝපායේ සෘජු පුරෝගාමීන් හෝ වක්‍ර ප්‍රතිලාභීන් වූ චීවරධාරීන්, පූසාරිලා, රදගුරුන් හා අන්‍ය පාදිලිවරු, කවුරුන්දැයි අපි දනිමු. එසේම දේශපාලනඥයින්, කලාකරුවන්, තමිලිනී ගැන වාර්තා චිත්‍රපටි සැකසූවන් කවුරුන්දැයි යන්නද අපි හොඳින්ම දනිමු. ඒ හැර මේ දෘෂ්ටිවාද සපථ කරන න්‍යායාචාරීන්, විද්වතුන්, නන්දිකඩාල් කළපුවේ ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු සොයන්නන්, දෙමහුම් අධිකරණ ආදියෙහි පහසුකම් සලසන්නන්ද සිටී. ඒ සියල්ලන් ද නිරන්තරයෙන් නිසි වෛද්‍ය පර්යේෂණයන්ට ලක්වී සිටීමද, අකුණු සන්නායක වැනි ක්‍රම ගැන සිතීමද යොග්‍ය බව නිර්දේශ කරමු. මන්ද අර දෙමළ ප්‍රස්තා පිරුළෙහි එන දෙවියන්ගේ උසාවිය හයිබ්‍රිඩ් නොවන අතර, කල්යල් බලා නඩු අසා ටක්කෙටම ‘තීන්දුව’ දෙන බවක් පෙනෙන්නට ඇති බැවිණී.

-ආචාර්‍ය චමිල ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com