10/18/2015

~ අලියා හෙණ්ඩුව කරගනිමින් බුදු දහමට ඇනීම ~

කතෘ:යුතුකම     10/18/2015   No comments

වරදක් සිදුවේ නම් වරද නිවැරදි කල යුතුමය.නමුත් වරද දඩ මීමා කරගනිමින් තමාට අවශ්‍ය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගන්නේ නම් ඊට කිසි සේත් ඉඩදිය නොහැක.

බෞද්ධයන් බොහෝවිට අලියා සහ ඇතා සලකන්නේ දේවත්වයෙනි. එසේ බෞද්ධයන් අතර සිටින සමහර අවිඥ්ඥානිකයන්ගේ සමහර ක්‍රියා හේතුවෙන එහි වටිනාකම නිසිලෙස බෞද්ධායට නොලැබී යාමට ඉඩ දිය නොහැක. ලංකාව තුල අලි ඇතුන් වදබන්ධන වලින් බේරාගැනීම සඳහා එක් තරා ෆේස්බුක් පිටුවක් සහ විදේශික පුද්ගලයෙකු ගෙනයන ක්‍රියාකලාපයන් සම්බන්දව දැඩි ගැටලු කාරී තත්වයක් පැන නැගෙමින් පවති. මොහු සහ මෙම ෆේස්බුක් පිටුව පලකරන තොරතුරු වලින් නිරන්තරවම බෞද්ධයන් , බෞද්ධ සංස්කෘතිය , සහ පන්සල් අභියෝගයට ලක් කරමින් සිටී.

මෙතෙක් කල් හීලෑ අලි ඇතුන් යම් සංස්කෘතිකමය කටයුතු වලට යොදා ගැනීම සම්ප්‍රදායක් ලෙස පැවතී ආවකි. මධ්‍යස්ත මතධාරියෙකු ලෙස මෙම ක්‍රියාවලියෙහි යම් යම් ගැටලුකාරී තත්වයන් කෙරෙහි පැහැදිලි කිරීමක් මා හටද අවශ්‍ය බව ප්‍රකාශ කල යුතුය. ( හිංසාකාරී ලෙස රඳවා තබාගැනීම් සඳහා නීතිය ක්‍රයාත්මක නොවීම ). නමුත් වගකීමෙන් ප්‍රකාශ කල යුත්ත වන්නේ කිසිම ආගමික සැමරීමකට සත්වයෙක් ඝාතනය නොකරන එකම ආගම බුද්ධ ධර්මය බව නොකියමින්, ඉස්ලාමයේ සැමරීම් සඳහා වසරකට පල්ලි තුලම බිලිදෙන ගවයන්, ඔටුවන් ගණන නොකියමින්, හින්දු කෝවිල් තුල ( සමහර ) සිදුවන ලක්ශ ගණන් එලුවන් , කුකුලන් ඝාතනය කිරීම් ගැන් නොකියමින්, නත්තල සැමරීමට වසරකට ජීවිතය පූජා කරන ගවයින්,ඌරන්, එලුවන්, කුකුලන්, කලුකුමන් ගැන් නොකියමින් , පන්සල තුල ඇති දැඩි කරනා අලියා ගැන පමණක් නැවත නැවතත් මොහු සහ මෙම පේජය ඉස්මතු කරමින් හුවා දැක්වීම දීර්ග කාලයක සිට සිදුවන බවය.
ගංගාරාමයේ සිදුවූ අලියෙක්ට පහරදීමේ වීඩියෝවක් අවිය ලෙස යොදාගනිමින් මොහු විසින් " IMMEDIATE STEPS TO STOP ABUSE OF ELEPHANTS HEALD IN CAPTIVITY IN SRI LANKA " නමින් අන්තර්ජාතික වශයෙන් පෙත්සමක් අත්සන් කිරීම දැනටමත් අරඹා ඇත.පහත ඒ සඳහා ලින්ක සපයා ඇති අතර මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ එම ලින්කය වෙත ගොස් එහි අත්සන් කර ඇත්තේ කවුරුන්ද, ඔවුන්ගේ ප්‍රතිචාර මොනවාද යන්න සොයා බලන ලෙසය. එසේ සොයා බැලුවහොත් ඔබට හමුවන පලමු කරුණ වන්නේ පෙත්සමට අත්සන් කර ඇත්තේ 98% කම විදේශිකයන් බවය. එසේම එහි ඔවුන් දක්වා ඇති ප්‍රතිචාර කිහිපයක් පහත පරිදි වේ.

// Fahima Sahabdeen, United Kingdom
thank you Charles, this is a timely petition and very much needed. We must send it to all tour companies as well." .... ///

// michelle schueler, OH
THIS IS HORRIBLE..IF THIS IS HOW YOU TREAT ANIMALS...I WILL NEVER EVER GO THERE FOR VACATION!!!!! " //

// Hilary Gotham, United Kingdom
How barbaric! The world is watching.//

// Tanja Janssen, Netherlands
that it is still possible for crazy barbaric people to be able to go ahead with torturing animals that are in their care is heartbreaking and horrific. Treating animals like this must be taken serious and punished in a very severe way!!! Where are the authorities and people of Sri Lanka ?? Why do they let this happen ?? They should take action against this kind of barbaric animal abuse immediatly , and not expect people to do business or vacation in Sri Lanka if they do not tret their animals in a humane way !!!!! //

මෙම ප්‍රතිචාර වලින් පැහැදිලිව පෙනී යන කරුණ නම් මේ මගින් බරපතල ලෙස ශ්‍රී ලංකාවේ සහ බෞද්ධයන්ගේ සංස්කෘතිය පිලිබඳව වැරදි ප්‍රතිරූපයක් විදේශිකයන් තුල මවා පෑමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවය.

වැරැද්දට වැරැද්දක් යැයි කියන්නට අපි පසුබට නොවන්නෙමු. වරද සිදුවන තැන් සොයා ඊට එරෙහිව පියවර ගැනීමටද අපි පූර්ණ සහය ලබා දෙන්නෙමු. නමුත් ඔබ වටා ඇති අංශක 360න් 355 කම නොසලකා හරිමින් 5ක් ගැන පමණක් නිරතුරුවම අරමුණුසහගත ලෙස ඔබ හුවා දැක්වීමට උත්සාහ දරන්නේ නම් ඒ සඳහා කිසිසේත් ඔබට ඉඩ ලබා දිය නොහැක.

ඔබට අවශ්‍ය සත්‍ය වශයෙන්ම සත්වයන් බේරා ගැනීමටනම්, අලි හීලෑ කිරීම, අලි සංචාරක කර්මාන්තයට යොදා ගැනීම ( සියල්ලන්ම විරුද්ද විය යුත්තකි ) ගැන පමණක් නොව, ගවයින් ඔටුවන් එළුවන් කුකුලන් අමානුශික ලෙස පල්ලි කෝවිල් තුල ඝාතනය වීම ගැනද කතා කරමු. සත්වයන් කූඩුකර විකිණීම ගැනද කතා කරමු. ආහාර සඳහා සත්වයන් ඝාතනය වීම ගැනද කතා කරමු. ඔබ විදේශිකයෙක් නම් ඔබේ රටවල් තුල අශ්වරේස් සඳහා අමානුශික ලෙස අශ්වයන් පුහුණු කිරීම, වද බන්ධන වලට ලක් කිරීම, අන්තරාදායක ඖෂද එන්නත් කිරීම ගැනද කතා කරමු.

මඩ වලක සිට අනුන්ට මඩ නොගසමු !!

අදාල සබැඳියන්.
1 ) https://www.facebook.com/elephantsmustroamfree?fref=ts
2 ) http://www.thepetitionsite.com/…/immediate-steps-to-stop-…/…

-දර්ශන යූ මල්ලිකගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions