10/31/2015

යහපාලන සංදර්ශන හා තිරෙන් පිටුපස

කතෘ:යුතුකම     10/31/2015   1 comment

අද මෙරට මාධ්‍ය බොහොම කාර්යබහුලය. ඒ අන් කිසිවක් නිසා නොව ආණ්ඩුව විසින් ඔවුන්ට නියමයෙන් හෝ අනියමින් පවරන කොන්ත්‍රාත්තු නිසාය.මේවාට අප මාධ්‍ය සංදර්ශන යැයි කියමු. අද වන විට සතියක් සතියක් පාසා විවිධ සංදර්ශන දැකිය හැක.විද්‍යුත් මාධ්‍යද ,මුද්‍රිත මාධ්‍යද, සාමාජ ජාලාද ඉතාම උණුසුම් ලෙස මේවාට ප්‍රචාරයන් දෙනු ලැබේ. එක් සතියක ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැනත්,ඊළඟ සතියේ භූගත බංකර් සොයාගැනීම ගැනත්,මේ සතිය වන විට අන්තරය විසින් කැඳවන ලද එච් එන් ඩී සිසුන්ගේ ඊනියා උද්ඝෝෂණයට පොලීසිය විසින් පහර දීම ගැනත් විශාල ප්‍රචාරයක් දී ඇත.මේ පුවත් දකින අසන බොහෝ දෙනා ඒ පිළිබඳ තම තමන්ගේ අදහස් උදහස් හා විරෝධයන්ද නොඅඩුව දක්වන බව ද සත්‍යයකි.එකක් එකිනෙකට නොගැළපෙන ලෙස සතියක් සතියක් පාසා මතුවන මෙවැනි සිදුවීම් එකට ගත් කළ අපට තේරුම් ගත හැක්කේ කුමක්දැයි කිසිවෙක් හෝ කල්පනා කර ඇත්ද?එසේ කල්පනා කරන කෙනෙක් හට නම් දැනෙන්නේ අනාගතේ අපට,අප රටට මුහුණ දීමට සිදුවන ව්‍යසනයක් ගැන නොවේද? ඉතා පැහැදිලිවම දැවෙන ප්‍රශ්න බොහොමයක් තිබියදී කිසිම වැඩකට නැති යල් පැනගිය සටන් පාඨ හරහා කරළියට මතුවන මේ මාධ්‍ය සංදර්ශන වලින් වසා දැමීමට උත්සහා කරන්නේ ලහි ලහියේ සිදුවන දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවන බෙදුවාදී න්‍යාය පත්‍රය නොවේ යැයි කිසිවෙකුට කිවහැකිද? විශේෂයෙන් ජාතිකවාදීන් විසින් විටින් විට කතාබහට ලක් කරන බෙදුම්වාදී න්‍යාය පත්‍රය එසැණින්ම ජනතාවගේ මනස් වලින් දුරස් කිරීමට නිර්මාණය කරන වැඩ පිළිවෙලක් නොවේද මේ මාධ්‍ය සංදර්ශණ.අවාසනාවකට බොහෝ ජාතිකවාදීන් පවා මෙවැනි සංදර්ශන වලට වහල් වී ඒවා ගැන අනවශ්‍ය ලෙස සංවාද ඇති කිරීමට යත්න දරයි.මෙය පැහැදිලිවම ආණ්ඩුවේ ගැටයකි.

ආණ්ඩුව පත්වූයේ වසර 5කටය. ළඟදී පැවැත්වෙන ප්‍රධාන පෙළේ මැතිවරණයක්ද නැත. එබැවින් මෙවැනි සංදර්ශණ හරහා ආණ්ඩුවට යම් අපකීර්තියක් ඇතිවුවද වසර 5ක් යනතුරු ජනතාවටද කළ හැකි දෙයක් නැත. බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුකිරීමට වසර 5ක් හොඳටම ප්‍රමාණවත්ය. එක් පැත්තකින් රටේ ස්වෛරී භාවය ,ඒකීයභාවය පිළිබඳ ප්‍රශ්නයකි.මේ අතර රණවිරුවන්ට එරෙහිව ඊනියා යුධ අපරාධ පිළිබඳ උසාවි ,නීති හැදෙන වකවානුවකි.තවත් පැත්තකින් උපාධීධාරීන්ට රජයේ රැකියා ලබාගැනීමට ඇති ප්‍රශ්නයකි.අනිත් පැත්තෙන් වී ගොවියාට,වැවිලි කරුවන්ට සිය වගාවන් විකුණාගත නොහැකිව ලතවෙත්.මේ සියල්ලෙහිම චෝදනාව එන්නේ පවතින ආණ්ඩුවටය.නමුත් මේ ආණ්ඩුව පත් වී ඇත්තේ ඒවාට විසඳුම් දීමට වඩා දෙමළ ජනතාවට සිදුවුණා යැයි කියන ඊනියා අසාධාරණයකට විසඳුම් දීමටය.එබැවින් අනෙක් දැවෙන ප්‍රශ්න යටගසා වැඩකට නැති යල්පැනගිය ප්‍රශ්න කරළියට ගෙන එයි.පසුගියදා සිදු වූ ඊනියා උද්ඝෝෂණයට සිසුන් බහුතරය පැමිණ ඇත්තේ යම් යම් බලකිරීම් මතය.අන්තරේ වැඩ කරන්නේ කාටදැයි අනුර කුමාර අපට කියා දිය යුතු නැත.අනුර කුමාර වැඩ කරන්නේ කාටදැයි රනිල් වික්‍රමසිංහ අපට කියා දිය යුතු නැත.ස්වාධීන කළා යැයි කියන පොලීසිය වැඩ කරන්නේ කාගේ අණටදැයි තවමත් නොදන්නේ යහපාලන ටොයියන් පමණකි. සිදු වූ ප්‍රහාරයට පොලීසිය වගකිව යුතුමුත් එහි අවසාන වැරදිකරුවා ආණ්ඩුව බව පිළිගැනීමට ඊනියා මහින්ද රෙජිමයට විරුද්ධ යහපාලන ටොයියන් කැමති නැත.ඔවුන් කියන්නේ පොලිසිය ස්වාධීන වුවද මහින්ද යුගයේ පොලීසිය ඇතිකරගත් නරක පුරුදු තවමත් පහව නැති බවය.ජනවාරි 8 වෙනිදා රටට ලැබුණු අපමණ අගයත් සමඟ පොලීසිය සතු පරණ පුරුදු අත්හරින්න මාස 9 කටත් වඩා කාළයක් අවශ්‍ය වීද?දින සීයෙන් අලුත් රටක් හැදුනට අලුත් පොලීසියක් හැදුණේ නැතිද?

කෙසේ වෙතත් මේ සියලු සංදර්ශණ අවසානයේ ආණ්ඩුවේ නිරුවත වසාලන සළුපිළි බව අප තේරුම්ගත යුතුය.මේවාට අනවශ්‍ය ලෙස මැදිහත් වී සංවාදයන් ඇති කරවනවාට වඩා ජාතිකවාදීන් උත්සහා කළ යුත්තේ ආණ්ඩුව විසින් යටගැසීමට හදන ජාතික ප්‍රශ්න ගැන නැවත නැවත ජනතාව අවදි කරවීමයි.සමහරවිට මේ ලිපිය කියවන මොහොතේත් ෆෙඩරල් ව්‍යවස්ථාව කෙටුම්පත් වීමට අදාල වැඩ කටයුතු සිදුවනවා විය හැක.මේ අප කවුරුත් නිවැරදි කල්පනාවෙන් සිටිය යුතු කාළයකි.ඊළඟ සතියෙත් තවත් සංදර්ශනයක් බලාපොරොත්තුවන්න.

-විදුර ක්‍රිෂාන්ත
[යුතුකම පාඨකයෙක්]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions