10/04/2015

ලොකු - පොඩි සිරිසේනලා අපට කියාදෙන පාඩම

කතෘ:යුතුකම     10/04/2015   1 comment

එක්සත් ජාතීන්ගේ සමුළුවට ජනාධිපතිවරයා තම පුත්‍රයා සහභාගී කරගැනීම පිලිබඳ කතාබහ පසුගිය සතිය පුරාම මාධ්‍ය තුල වැඩි ඉඩක් වෙන්වූ කරුණක් විය. විශේෂයෙන් සමාජ ජාලා තුල ඒ පිළිබඳ වැඩිපුර කතා බහ කෙරිණ.

ඒ අතරේම අප ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව හමුවේ දරුණු අර්බුදයක සිර වී තිබිණ. 1815 උඩරට පාවාදීමේ ගිවිසුම පවා පරදවන පන්නයේ රටට හතුරු යෝජනාව තමන්ගේ යෝජනාවක් ලෙස පිළිගෙන ඇමරිකාව සමග සම සහභාගීත්වයෙන් ‍යැයි කියමින් සම්මත කරගැනීමට තරම් දීන තත්වයකට ආණ්ඩුව පත්ව තිබිණ. ඒ පිළිබඳ සමාජ කතාබහ දෙවැනි තැනට දමමින් ජනාධිපති පුත්‍රයා සමුළුවට සහභාගීවීම මුඛ්‍ය කරගැනීම හරහා , අප සමාජයක් ලෙස පත්ව ඇති අවාසනාවන්ත දීන තත්වය හොඳින් විද්‍යාමාන වේ. දහම් සිරිසේනගේ ඇමරිකන් සංචාරය තරම් හෝ සිරිසේන මහතා තමන්ට ආචාරය පළ කරවා ගනිමින් ලංකාව පුරා ලයිට් කණුවක් ගානේ ගස්සවාගත් කටවුට් එකක් තරම් වත් ලංකාවේ ස්වාධීනත්වය වත් ස්වෛරීභාවයවත් බොහෝ දෙනාට නොවටිනා දෙයක් වී තිබේ . සමාජ ජාලා තුල රස්තියාදු ගසන කිරි කජු කොල්ලන්ට පමණක් නොව , ඊටත් වඩා විශ්ව විද්‍යාල ආචාර්‍ය මහාචාර්‍යවරුන්ටද ලොකුම ප්‍රශ්නය වී තිබුණේ දහම් සිරිසේනගේ ඇමරිකන් ගමන මිස අප රට ඉතිහාසයේ ලද දරුණුතම පරාජය ගැන නොවේ. ඒ සමහර විට ඔවුන් නියෝජනය කරන ගෝස්තරවාදී විකල්ප ගෝත්‍රයේ කාලයක් තිස්සේ සිහින දකිමින් සිටි බලාපොරොත්තුව වූ යටත්වීම සහ ඒ හරහා රට බෙදුම්වාදයට බිලි දීම ජිනීවා යෝජනා හරහා ඕනෑවටත් වඩා සාර්ථකව ඉටු වන නිසා වන්නට පුළුවන.

මහින්ද නොකළ නමුත්  සිරිසේන කළ දේ...


සිරිසේන මහතා බලයට පත් වූයේ රාජපක්ෂ සමයේ තිබූ පවුල් පාලනය අවසන් කර යහපාලනය උදාකරනවා යැයි පාරම් බාමිනි. ලැබ්බෝගිනි, රත්තරන් අශ්වයින්, පවුලට හෙලිකොප්ටර් ආදී චෝදනා සිරිසේන මහතා විසින් ජනාධිපතිවරණ වේදිකාවේදීද ඉතා උස් හඬින් නැගීය. ඔහුට චන්දය දුන් පිරිස්, විශේෂයෙන් මධ්‍යම පාන්තික කොටස් මේ ජනප්‍රිය පොරොන්දු පිළිබඳ ඉතා තදින් විශ්වාසය තැබීය. රටේ ඒකීයභාවය ,ස්වෛරීත්වය , සංවර්ධන අභියෝග වැනි ගැඹුරු කතිකාවන් වෙනුවට ඒ කාලය පුරාම උඩට මතු කර ගත්තේ මෙවැනි ජනප්‍රිය මාතෘකාය.

සිරිසේන මහතා මැතිවරණ වේදිකා වලදී විශේෂයෙන් මතු කළ කරුණ වූයේ බලය අතහැරීමට පැමිනෙන ඔහු කිසි දිනක තම පවුලේ සාමාජිකයන් දේශපාලන හෝ රාජකාරි කටයුතුවලට සහභාගීකර නොගන්නා බවයි.

පොරොන්දුව එසේ වුවත් බලයට පත් වී සතියක් යන්නට මත්තෙන් තම පවුලේ අධ්‍යාපනය ලද එකම සාමාජිකයා රටේ බලගතුම ආයතනයක් වන ටෙලිකොම් සභාපති ධූරයට පත් කළේය. ටික දිනකින් ඔහුගේ වැටුප කලින් තිබූ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් වූ බව වාර්ථා විය. එසේ තිබියදීත් සිරිසේන මහතා තමන්ගේ අල්පේච්චතාවය සරල බව අත් හැරීම ආදිය තව දුරටත් 'මාකට්' කරමින් සිටියි. පසුව ඔහුගේ බෑණා ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකාරක ධූරයට පත් කරගත් අතර දියණිය රාජතාන්ත්‍රිකයන් පිළිගැනීමේ ධූත නිළධාරිණිය ලෙස කටයුතු කළාය. පසුගියදා ඒ දියණියම රාජ්ය‍ නිළධාරීන් පිරිවරා පොළොන්නරුව ප්‍රදේශයේ 'සමාජ සේවා' සඳහා යනවා මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණේ සිරිසේන මහතා එකල කී දේ සැබෑ ලෙසම විශ්වාස කළවුන්ගේ දෑස් උඩ ඉන්දවමිනි.

නමුත් මේ සියලු සිද්ධීන් වෙද්දීත් මුවින් නොබැණ නෑසූකන්ව සිටි විකල්ප ගෝත්‍රයේ පණ්ඩිතයින් දහම් සිරිසේනගේ ඇමරිකන් සංචාරය පිළිබඳව සිරිසේන මහතා යහපාලන කන්‍යාභාවය නැති කරගත්තා සේ දස අත දෙස් දෙවොල් තබමින් යන්නේ අවංකව නම් නොවේ. ඒ අර පාවාදීමේ අවධානය වෙනතකට යොමු කිරීමේ උගත් වියත් ආචාර්‍ය- මහාචාර්‍ය භූමිකාව ඉටු කිරීම ඔවුන්ට පැවරී ඇති බැවිනි. ඔවුන් මෙහිදී මවාගත් විවේචක මුහුණකින් අපට කියා සිටින්නේ සිරිසේන මහතා ගමන් කරමින් සිටින්නේද රාජපක්ෂ මහතා ගමන් ගත් මගේම බවයි. ඔවුන් ඒ සඳහා නාමල් රාජපක්ෂ - දහම් සිරිසේනට සමාන කරති . තවත් සමහරු දහම් මේ වෙද්දී නාමල් ද ඉක්මවා ඇථැයි කිඹුල් කඳුළු හෙළති. මේ සියල්ල හරහා ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ සිරිසේන මහතා වැඩිම උවහොත් රාජපක්ෂ මහතා සමග එක ලඟින් තියන්නටය.
නමුත් සැබෑව එයද? දහම් සිරිසේන නාමල් රාජපක්ෂ මෙන් ඇමරිකාවේ ගෙන යෑම අතින් නම් සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ සමග සම වන්නට ඇත .නමුත් ඔවුන් නොකියන සහ සඟවන වෙනසක් ඇත.

ඒ මහින්ද රාජපක්ෂ මහතා සිදු නොකළ ස්වෛරීත්වය පාවා දීම සිරිසේන මහතා සිදුකල බවයි. දේශපාලන ,අධිකරණ , නීති ආදී සෑම ක්ෂේත්‍රයක්ම නුදුරු අනාගතයේදීම මේ බටහිර පදයට නැටවෙන රූකඩ රාජ්‍යක් බවට පත් වනු දැන් වැලැක්විය නොහැක. බටහිරයන්ගේ දැඩි පීඩනය මධ්‍යයේ ත්‍රස්තවාදය අවසන් කළ රාජපක්ෂ මහතා ඉන් පසු පැමිණි මේ යටත් කරගැනීමේ ක්‍රියාවලිය වෙට්ටු දමමින් මග හරිමින් විටෙක කෙලින්ම මුහුණට මුහුණ සිට අභියෝග කරමින් ඉදිරියටම ගමන් කළේය. ඔහු ගෙදර යවා සිරිසේන මහතා අභිෂේක කරන්නට මූලිකම හේතුවක් වූයේද මේ කාරණාවයි. . අද එහි ප්‍රතිඵලය ගෙඩිය පිටින්ම ලැබී තිබේ. විශ්වාස කල නොහැකි මට්ටමේ පාවාදීමේ ඉමකට අප හසු කර තිබේ. ඒ අතර අප මේ යටත්කරගැනීමේ ගොදුරක් වී ඇත්තේ මිලිබෑන්ඩ් ට කෘෂ්නර් ට මඤ්ඤොක්කා කැවීම නිසා යැයි කියන තරමට අපගේ නායකයන්ගේ මනස මඤ්ඤං වී තිබේ.

ලොකු පොඩි සිරිසේනලා අපට උගන්වන පාඩම කුමක්ද?

ජිනීවා අපරාධ චෝදනාව වැනි බරපතල කරුණු සාකච්චා කරන සමුළුවක ලැබෙන සීමිත රාජතාන්ත්‍රික නියෝජනයට තම පුත්‍රයා (පුත්‍රයා වීම පමණක් සාධකය කරගනිමින් ) සහභාගී කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කලේ ඇයි? පවුල් පාලනය පිළිබඳ තමන් දස අතේ පොරොන්දු වෙමින් සිටි කරුණ සිරිසේන මහතාට අමතක වීද?
අපට වැටහෙන අයුරින් නම් ඒ අප ඉහත සඳහන් කළ අයුරින්ම මේ ජිනීවා යෝජනාවල බරපතල කම පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීමට ඔහුට අවශ්‍ය වී තිබිණ. ඔහු රනිල් වික්‍රමසිංහ මහතා මෙන් පාවාදීම නලලේ කොටා ගැනීමට කැමැත්තෙකු නොවේ. කරන පාවාදීමක් සුජාතභාවයේ වෙස්මුහුණ අස්සේ සැඟවී කිරීමයි ඔහුගේ පිළිවෙත. ඒ සඳහා අද ඔහු මුලු රාජ්‍ය යාන්ත්‍රණය සමගම මාධ්‍ය ජාලයන් සියල්ලම මෙහෙයවමින් සිටී. ජිනීවා යෝජනා එක් පසකින් දණ ගසා පිළිගනිද්දී වෙන කොහේවත් තිබූ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා පැමිණි ජනාධිපතිවරයා වීරත්වයට නගා පිළිගැනීමට තම පක්ෂයේ මෙහෙයවීමෙන් සැණකෙළි සංවිධානය කළේත් එක් රැයකින් ලංකාව පුරා ලයිට් කණුවක් ගානේ පෝස්ටර් කටවුට් එල්ලා පාවාදීම වීරත්වයක් බවට හුවා දැක්වීමට ජනාධිපතිවරයා ක්‍රියා කළේත් ඒ රැවටීමේ පිළිවෙත නිසයි.

ලොකු පොඩි සිරිසේනලාගේ ඇමරිකන් සංචාරය මෙන්ම 'ලයිට් කණුවේ ජනාධිපති' , සියලු දෙනාට ඔලුව හිරි වැටෙන්නට ටොක්කක් ඇන කියා දෙන පාඩමක් තිබේ. එනම්, රටක ඉරණම තීරණය වන්නේ මේ දෙකයි පනහේ මාතෘකා අනුව නොවන බවත් ඒවා සැබෑ ප්‍රශ්නය , සැබෑ අභියෝගය වසන් කිරීමට පාවිච්චි කල වෙස් මුහුණු පමණක් බවත්ය. කොටින්ම යහපාලන මාතෘකාවම එදා ජේ ආර් ජයවර්ධනගේ "ධර්මිෂ්ඨ සමාජ" බොරුව මෙන්ම අනුවණ සිංහලයා රැවටීමේ තවත් එක් ට්‍රෝජන් අශ්වයකු පමණක් බවයි. රටේ ආරක්ෂාව, ඒකීයභාවය , ස්වෛරීත්වය බරපතල ලෙස අපයොජනය කරමින් ජනාධිපතිවරයා කොහුවල හන්දියේ සාමාන්‍ය කඩේකින් සෙරෙප්පු ගත්තාට පළක් නැත. මේ ටිපිටිප් මාතෘකා වෙනුවට රටේ අද දවසේ අප මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය අධිරාජ්‍යවාදී මැදිහත්වීමත් ඒ හරහා අනාගතයේ රට බෙදා වෙන්කිරීමේ ඉම වෙත දක්කා ගෙන යන ත්‍රාඩ මෙහෙයුමත් බව ලොකු පොඩී සිරිසේනලා නිව්යෝක් නුවර සිට මෙන්ම ලයිට් කණුවේ එල්ලීද අපට කියා දෙන පාඩමයි.

මේ පිළිබඳ අපගේ හිතවතෙකු තම සමාජ ජාලා ගිණුමේ සටහන් කර තිබූ පහත අදහසින් මේ සටහන නිමා කරමු.

"දහම් සිරිසේන මගේ දිස්ත්‍රික්කයෙන් මැතිවරනයට ඉදිරිපත් වුවහොත් මම ඔහුට මනාපයක් දෙමි. ජනපති පියාගේ අඩිපාරේ යමින් ඔහු දේශපාලනයට හෝ වෙනත් යම් ස්ථානයකට පිවිසේනම් මම ඔහුට ඊර්ශ්‍යා නොකරමි. ඒ ඔහුගේ උරුමයයි, ලැබීමයි. අපි මෛත්‍රීපාලට රනිල්ට සහ මේ යම පාලනයට විරුද්ද වන්නේ දහම්ව ජිනීවා ගෙන යාම වැනි ගොබ්බ කරුනු මත පදනම්ව නොවේ. මේ පාලකයන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට ද්‍රොහි වූයේ දහම් ජිනීවා ගෙන යාමෙන් නොවේ. ආසන 50ක්වත් නොතිබුනු පක්ෂයක නායකයා අගමැති කිරීමෙනි. අගවිනිසුරු චිට් එකකින් ගෙදර යැවීමෙනි. මහ බැංකුවෙන් කෝටී හත් අට දාහක් ගසා කෑමෙනි. සැබෑ විපක්ෂය යටපත් කර සුලු පක්ෂයකින් විපක්ෂ නායකයා පත් කිරීමෙනි. ජිනීවාවලදී අපේ ස්වෛරීත්වය පාවා දීමෙනි. රටේ ව්‍යවස්තාව ඇමරිකානු බලපෑම්වලට යටත්ව වෙනස් කිරීමට සපත වීමෙනි. එක් පසකින් අපව යුද අපරාද චෝදනාවල සිරකර අනෙක් පසින් ඇමරිකානු ඉන්දියානු බලපෑමට යටත්ව බෙදුම්වාදයට පාර කපන ව්‍යවස්ථා සංශෝදනයක් සිදු කිරීමට සපත වීමෙනි."

-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. අවුරුදු 60 ක් ස්වාධීනව නිදහස්ව ඉඳල ලබාගත්ත ලබ්බක් නැහැ නේ. දේශපාලුවන්ට පිනුම් ගහන්න වේදිකා හැදුව ඇරෙන්න. ඒකයි මිනිස්සුන්ට ඒකෙ කිසි අගයක් නැත්තේ. ඒක හින්ද පරාධීන වෙලත් බලමු හරියයිද කියල

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions