10/19/2015

දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?

කතෘ:යුතුකම     10/19/2015   No comments

සම අයිතිය යැයි කියමින් කොටි වෙනුවෙන් හඬ නගන්නෝ...
වත්මන් රජය බලයට පත්වීමත් සමග මෙරට දෙමළ දේශපාලනඥයන් ආණ්‌ඩුවෙන් කළ එක්‌ ප්‍රධාන ඉල්ලීමක්‌ වූයේ ඉකුත් යුද සමයේ විවිධ ත්‍රස්‌තවාදී ක්‍රියා හේතුවෙන් පොලිස්‌ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් වහා නිදහස්‌ කළ යුතුය යන්නය.

මෙහිදී ඔවුන් එකී ත්‍රස්‌තවාදී සැකකරුවන්ට දේශපාලන සිරකරුවන් ලෙසින් අලුත් නිර්වචනයක්‌ ලබා දෙන්නටද කටයුතු කළේය. උතුරත් දකුණත් ඇතුළු මෙරට සමස්‌ත දෙමළ දේශපාලනයේ විවිධ හැල හැප්පීම් සහ පරස්‌පර මතවාදයන් ඇතිවීම හැමදාමත් සිදු වූවකි.

එහෙත් ඉහත කී පොදු ඉල්ලීම්වලදී ඔවුහු සියලු දෙනාම එකම වේදිකාවක සිටගත්හ. ඒ අනුව දේශපාලන සිරකරුවන් යෑයි දෙමළ දේශපාලනය විසින් නිර්වචනය කළ බන්ධනාගාරගත ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ කරනු යන හඬ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වූ දා පටන් උතුරේත් දකුණේත් විටින් විට රැව් දෙන්නට විය.

විටෙක එය මතු කරනු ලැබුවේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ ශිවාජිලිංගම්ය. තවත් අවස්‌ථාවක ඒ හඬ උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මතු කරද්දී දකුණේ සිට මනෝ ගනේෂන් සහ වත්මන් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාද එයම කියන්නට වූහ.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වී නව රජයක්‌ බලයට පැමිණියද කඩිමුඩියේ ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ කිරීමක්‌ සිදු නොවිණි. ජනාධිපතිවරයා බලයේ සිටියදීම ඉකුත් මහ මැතිවරණයෙන් යළිත් එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වෙමින් ශ්‍රීලනිප, එජාප ජාතික ආණ්‌ඩුවක්‌ බිහි වූයේ මේ අතරතුරය.

ආණ්‌ඩුව එසේ පිහිටුවා ගනිද්දී ඉතිහාසයේ දෙවැනි වතාවට දෙමළ දේශපාලනඥයකු විපක්‍ෂ නායක ධුරයට පත් වෙමින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතාට ලැබිණ.

මේ අන්දමින් රටේ දේශපාලනය තුළ පෙරළි සිදු වෙද්දී දෙමළ දේශපාලනය තුළින් එල්ටීටීඊ සැකකරුවන් නොහොත් දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන්නැයි යන හඬ යළි යළිත් මතු වන්නව වූවේය.

නව රජය පිහිටුවා ගත් සැණින් නැවතත් මෙසේ දෙමළ දේශපාලනඥයන් එල්ටීටීඊ සැකකරුවන් පිළිබඳ කතා කරන්නට හේතු වූ එක්‌ ප්‍රධාන කරුණක්‌ ද තිබිණි. ඒ එක්‌සත් ජාතීන්ගේ නිරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ මගින් සකස්‌ කළ මෙරටට එරෙහි යුද අපරාධ සහ මානව හිමිකම් පිළිබඳ වාර්තාව ඉකුaත් සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීමය.

එනිසාම සිරගත කොටි සැකකරුවන්ගේ කතාව ජිනීවා දක්‌වාම රැගෙන යැමටද දෙමළ දේශපාලනඥයෝ කටයුතු කළහ. මෙකී ත්‍රස්‌තවාදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි උන් කතා කළේ උන්ගේ මානව හිමිකම් පිළිබඳවය. එවුන් සිරගතව දිගු කලක්‌ තිස්‌සේ ජීවිතය විඳවමින් සිටින වග සියල්ලෝ කියන්නට වූහ.
නමුත් මොවුන් කොටි සැකකරුවන් ලෙස සිරගත වූයේ වෙලුපිල්ලේ ප්‍රභාකරන් නමැති කාලකණ්‌නි යක්‍ෂයාගේ ඊළාම් සිහිනයේ හවුල්කරුවන් වීම නිසා බව කියන්නට කිසිවකුත් නොවීය.

එසේම කොළඹ බෝම්බ පිපිරවීම් ඇතුළු විවිධ ත්‍රස්‌තවාදී ක්‍රියා හමුවේ මෙකී කොටි සැකකරුවන් සිරගත වෙද්දී ඒ බෝම්බ පුපරා මිය ගිය මිනිසුන්ගේ සහ දරු පවුල්වල මානව හිමිකම් පිළිබඳ කිසිවෙක්‌ කතා නොකළේය.

මෙම කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් සිරගත කෙරුණේ ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, නාවික හමුදා යාත්‍රා පිපිරවීම, දකුණේ පිපිරී ගිය මිනිස්‌ බෝම්බකරුවන් මෙහෙයවීම ආදී ලෙසින් වූ බරපතළ අපරාධයන්හි සැකකරුවන් ලෙසිනි. එහෙත් ඒ කතා වැළලී ගියේය.
ආණ්ඩුවෙ අධිකරණ ඇමතිවරයා කොටි සැකකරුවන් හමුවී...
මෙසේ සිරගත කර සිටිනුයේ කවරාකාරයේ වුන්ද? මහා බරපතළ අපරාධයන්හි කොටස්‌කාරයන්යෑයි කියනා සැකකරුවෝය. සෙල්වරාඡ් (මහ බැංකු බෝම්බය) ශ්‍රී දරන් (එම), සගාදේවන් (ලක්‍ෂමන් කදීර්ගාමර් වෙඩි තැබීම), අයි. අරෝග්‍යනාදන් (එම), තංගවේලු ශිවකුමාර් (කරන්දෙණිය ලොරි බෝම්බය), ආනන්දරාජා (එම), කේ. කේ. ශිවාජි (හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බෝම්බ ගැසීම), එච්. ඒ. සුදාකරන් (පිළියන්දල බස්‌ බොම්බ ප්‍රහාරය) සුරේන්ද්‍රරාජා (පාකිස්‌තාන මහකොමසාරිස්‌ කාර්යාල බෝම්බ ප්‍රහාරය) ඒ සටහන් වූයේ සිරගත කර සිටින ත්‍රස්‌තවාදීන් අතරින් කිහිපදෙනකුගේ පැටිකිරිය ය.

රටේ සිදු වුණ දේශපාලන පෙරළියත් සමග දක්‌නට ලැබුණු දෙමළ දේශපාලනයේ උපක්‍රමශීලී බව මෙසේ වෙද්දී ජිනීවා මානව හිමිකම් සැසිවාරයද නිමාවට පත් විය. එහෙත් කොටි සැකකරුවන් නිදහස්‌ කරනු ලෙසින් සමස්‌ත දෙමළ දේශපාලනය රජයට කරනු ලැබූ බලපෑම්වල නිමාවක්‌ නම් නොවීය. උතුරේත් දකුණේත් නොනවත්වාම ඒ හඬ මතුවන්නට විය.

ඉකුත් 12 වැනි සඳුදා කොළඹ මැගසින්, අනුරාධපුර සහ මඩකලපුව යන බන්ධනාගාරවල රඳවා සිටින කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් 143 දෙනකු තමන් නිදහස්‌ කරන ලෙස ඉල්ලා උපවාසයක්‌ අරඹනුයේ මේ අතරතුරය.
“යහ පාලනය අපව රැවට්‌ටුවා.. පොරොන්දු ඉටු කළේ නැහැ.. කඩිනමින් අපව නිදහස්‌ කරන්න..” උපවාසයට එක්‌ව සිටි කොටි සැකකරුවෝ බන්ධනාගාර තුළ සිටිමින් කියන්නට වූහ. කෙසේ වෙතත් මෙකී උපවාසය පිටුපස තිබූ බළල් අත දෙමළ දේශපාලනය බව පැහැදිලිවම පෙනෙන්නට තබුණකි.

සිරකරුවන් උපවාසය ආරම්භ කෙරුවේ ඉකුත් 12 වැනිදාය. නමුත් 11 වැනිදා උදැසන සිට බොහෝ දෙමළ වෙබ් අඩවි මගින් ඒ පිළිබඳ පූර්ව ප්‍රචාරයක්‌ ලබා දුන්නේ මෙකී කොටි ත්‍රස්‌තයන් පූස්‌ පැටවුන් මෙන් හුවා දක්‌වමිනි. ඒ විවිධ දෙමළ දේශපාලනඥයන්ගේ අදහස්‌ දැක්‌වීම්ද සමගය.

මේ අන්දමින් සිරිකරුවන් උපවාසය ආරම්භ කිරීමත් සමග ඊට පසුදාම උතුරු පළාත් මහ ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක්‌ යොමු කරමින් ඔවුන් නිදහස්‌ නොකිරීම මානව අයිතීන් උල්ලංඝණය කිරීමක්‌ බව ප්‍රකාශ කරන්නට විය.

ඉකුත් ජනවාරි මාසයේ සිටි මෙකී සිරකරුවන් නිදහස්‌ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව දෙමළ ජාතික සන්ධානයේ එම්. සුමන්තිරන් කියා සිටි බව එක්‌ දෙමළ වෙබ් අඩවියක සඳහන්ව තිබිණ.

දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් මහතාද මොවුන් නිදහස්‌ කළ යුතු බව රජයට අවධාරණය කළේය. ඒ අතරේ උපවාසයේ නිරත කොටි සිරකරුවන් බලන්නට කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණි යාපනය දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රිනී විජයකලා මහෙෂ්වරන් මහත්මිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡ කොට මෙයට විසඳුමක්‌ ලබා ගන්නා බව ප්‍රසිද්ධියේම සඳහන් කළාය.

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාද උපවාස කරන කොටි සැකකරුවන් බලන්නට බන්ධනාගාරයට පැමිණියේය. මේ අතරේ මෙකී කොටි සැකකරුවන් දේශපාලන සිරකරුවන් ලෙස හුවා දක්‌වමින් යාපනය නගරයේ පොස්‌ටර් ව්‍යාපාරයක්‌ද දියත් කර තිබිණි.

එසේම උතුරු පළාත් තරුණ සංවිධානය නමැති සංවිධානයක්‌ මගින් උපවාස කරන කොටි සැකකරුවන්ගේ සහායට ඉකුත් 13 වැනිදා යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාසයක්‌ ආරම්භ කර තිබුණු අතර එයට උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. ශිවඥනම් ඇතුළු මන්ත්‍රිවරු කිහිපදෙනකුද සහභාගි වී සිටියහ.

මේ අතරේ ඉකුත් 14 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය අසලට රැස්‌වූ මිනී මරු ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන ශිවාජිලිංගම් ඇතුළු පිරිසක්‌ මෙකී ත්‍රස්‌තවාදී සැකකරුවන් පොදු සමාවක්‌ යටතේ වහා නිදහස්‌ කිරීමට රජය ක්‍රියා කළ යුතු බව පවසමින් විරෝධතාවකද නිරත වූහ.

එහිදී ශිවාජිලිංගම් මතු කළ තර්කය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමත් සමග ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට පොදු සමාවක්‌ ලබා දුන්නේ නම් මෙකී කොටි සැකකරුවන්ට සමාවක්‌ දිය නොහැක්‌කේ ඇයිද යන්නය. ශිවාජිලිංගම් සරත් ෆොන්සේකා මහතා වැනි යුද වීරයකු මීනී මරන්නට ගොස්‌ කෙළවා ගත් ත්‍රස්‌තවාදියකු හා සන්සන්දනය කළේ එසේය.

මේ අන්දමින් බෙදුම්වාදී දෙමළ දේශපාලනය අද එක හඬින් රජයට බල කරමින් සිටිනුයේ කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ කරනු යෑයි කියාය. ඒ මෙකී ත්‍රස්‌තවාදීන් සිර කර තැබීමෙන් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන බව පවසමිනි. ඔවුන්ට අනුව මේ සිරගත කර සිටිනුයේ කොටි ත්‍රස්‌තයන් නොව පූස්‌ පැටවුන්ය.

නමුත් රටේ දෙමළ දේශපාලනය මෙසේ කැකිල්ලේ කතා කියද්දී ඊට ප්‍රතිවිරොධී හඬක්‌ රජයේ පාර්ශ්වයෙන් මතුවන බවක්‌ නම් පෙනනෙන්නට නැත. උපවාසය ආරම්භ කළ ත්‍රස්‌තවාදී සැකකරුවෝ මේ සටහන තැබූ ඉකුත් බ්‍රහස්‌පතින්දා වන විටත් නොකඩවා එහි නිරතව සිටියහ. එය හෙටද ක්‍රියාත්මක වනු ඇත. මිනීමරු ප්‍රභාකරන්ගේ සිහින ඊළමේ කොටස්‌කරුවන්ව සිටි ඔවුන්ට මෙසේ ක්‍රියාත්මක වීමට ශක්‌තියක්‌ ලැබුණේ කෙසේද?

අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පමණක්‌ බන්ධනාගාරගතව සිටිනුයේ දේශපාලන සිරකරුවන් නොව ත්‍රස්‌තවාදී සැකකරුවන් බව ප්‍රසිද්ධියේම කියා තිබිණ. එහෙත් ඉකුත් බ්‍රහස්‌පතින්දා මෙකී ත්‍රස්‌තවාදී සැකකරුවන්ට ප්‍රකාශයක්‌ කළ ඒ මහතා මේ වසර අවසානයට පෙර ඔවුන්ට විසඳුමක්‌ ලබා දෙන බවද කියා සිටියේය. ඒ හැරෙන්නට මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක්‌ රජයේ පාර්ශ්වයෙන් සිදු නොවීය.

පෙනෙන්නට ඇති රජයේ එකී නිහඬතාව සහ දෙමළ දේශපාලනයේ හිතුවක්‌කාරී පිබිදීම දෙස බලා සිටින රටේ ජනතාවට අද වටහාගත නොහැකිව තිබෙන්නේ රට ගමන් කරන දිශාව කුමක්‌ දැයි යන්නය. මිනිස්‌සු ඒ තරමටම අතරමං වී සිටින්නාහ.

එසේ නම් දැන් මේ ගැටලුව ඉදිරියේ රජය කළ යුත්තේ කුමක්‌ද? දෙමළ දේශපාලනඥයන්ගේ වුවමනාව මත මේ කොටි හපුවන් නිදහස්‌ කිරීමද? නැත. මුන්ට එරෙහිව කඩිනමින් චෝදනා ගොනු කොට නඩු විභාග පවත්වා උපරිම දඬුවම් ලබා දීමය.

එය එසේම සිදු කෙරුණ හොත් අඩුම තරමේ මිනී මරු ප්‍රභාකරන්ගේ බෝම්බයක ගොදුරක්‌ වී මිය ගිය එක්‌ මිනිසකුගේ ආත්මයට හෝ සැනසීමක්‌ ලැබෙනු ඇත.

-සමන් ගමගේ
[දිවයින]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions