රන්ජන් බාලසුරිය මහතාගේ ලිපිය : කුඩා දරුවන් මහණ කිරීමේ ගැටලුව කුමක්ද?
ප්‍රථම වතාවට පෙර පාසල් යන දරුවන්ගෙන් බොහො දෙනා තම මව පාසලින් යාමට සැරසෙන විට හැඩිමට පටන් ගනි. එබැවින් දරුවන් පෙරපාසලට හුරු කරවීමට පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. පෙරපාසලකට හුරු වූ පසු ද බොහෝ දරුවෝ එහි නොගොස් ගෙදර සිටීමට වැඩි කැමැත්තක් දක්වති. පාසල් යාම පිලිබඳ තත්වයද මෙයයි. දිනපතා පාසල් යාමට ළමුන් අකමැති වුවද ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරවීම සඳහා බලෙන්ම මෙන් පාසල් යැවීමට දෙමාපියන්ට සිදුවී ඇත.
මෙසේ බලෙන් පාසල් යවන ළමුන් ඇතැම් විට ගුරුවරුන්ගේ හිංසාවට ලක්වීමට ඉඩ ඇත. වත් පිළිවෙත් ඇත්තේ පන්සලේ පමණක් නොවේ. පාසලේ ඇති පිළිවෙත් එම ළමුන් ඉටු කල යුතුය. (වෙලාවට පාසල් ආ යුතුයි . නිල ඇඳුම ඇඳ සිටිය යුතුයි. අවේලාවේ අහාර නොගතයුතුයි. ..). එසේ නොකලොත් සුදුසු දඩුවම් ලැබෙයි.
බලෙන් පාසල් යැවුවද දරුවෙකු බලෙන් මහන කල නොහැක. එහිදී ඔහුගේ කැමැත්ත විමසීමක් සිදුවේ. අකමැතිනම් මහන නොවී සිටිය හැකිය. සාමනේර නමකට උපසම්පදා වීමට අකමැතිනම් නැවත ගිහි ජිවිතයට පැමිණිය හැකිය.
දරුවන් බලෙන් පාසල් යැවීමේ අරමුණ ඔවුන් වැඩිවිය පැමිණි පසු කිසියම් ලෞකික දියුණුවක් අත්පත් කර ගන්නවා දැකීම විය හැකිය. එනම් දරුවා යම් දිනක දනවතෙකු , බලවතෙකු, විද්වතෙකු, වෘතිකයෙකු ,කලාකරුවෙකු ? හො වෙනත් ක්ෂේත්‍රයක ( මිට හොඳ මිනිහෙකු , ධ්‍යාන ලාබියෙකු , ආදිය ඇතුලත් නැත) ප්‍රවීනයෙකු කරවීම මෙම අධ්‍යාපනයේ අරමුණ බව පෙනේ. ( නමුත් අපේ චින්තනයට වෙනස් චින්තනයක් මත පදනම් වූ දැනුමක් ළමුන්ට පාසල් මගින් ලබා දෙන නිසා මෙම ලවුකික අරමුණ මෙලෙස ඉටුකරගත නොහැකි බව ආචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා දී ඇත. එනම් බිහිවන්නේ නිර්මාණශීලි නොවන විද්වතුන් ,වෘතිකයන් ..ආදිනය.)මෙම පාසල් අධ්‍යාපනය තුලින්ද පිරිසක් අතරමග දී හැලෙයි. වෙනත් චින්තනයක දැනුම ඔවුන්ට උකහා ගැනීමට නොහැකිවීම ඊට ප්‍රධාන හේතුව විය හැකිය. නමුත් හාමුදුරු වරු විශාල වශයෙන් සිවුරු හැර යන්නේ නම් ඒ එවැනි හේතුවක් නිසා විය නොහැකිය. ඊට හේතුව සිංහල බෞද්ධසංස්කෘතිය දුර්වල වී තිබීමයි.
රන්ජන් බාලසුරිය මහතා පෙන්වා දී තිබුණු පරිදී සසුනින් ඉවත් වූ අය කෙරෙහි සමාජයේ එතරම් පිළිගැනීමක් නැත. මට පෙනෙන ආකාරයට සසුනේ රැදී සිටින ගුණවත් සිල්වත් හාමුදුරු වරුන්ට ද සමාජයේ හිමිවියයුතු තැන අහිමි වෙමින් පවතියි. සමාජය සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත්වෙමින් යුදෙව් ක්‍රිස්තියානි සන්ස්කෘතියේ බලපෑමට ගොදුරු වෙමින් පැවතීම ඊට ප්‍රධාන හේතුවක් විය හැකිය.
ආර්ථික දුෂ්කරතා නිසා හෝ කේන්දරය පාළු වීම නිසා හෝ ග්‍රහ අපල නිසා හෝ යමෙකු මහන වී නිසි පරිදි මහණදම් පුරන්නේ නම් එහි වරදක් මට නොපෙනේ. අසරණ අයට පිහිටක් බුදු සසුනින් ලැබේ. එලෙස සසුනට එක්වන පින්වතුන්ට එහි රැඳී සිටීමට උපකාරී වන බෞද්ධ සංස්කෘතියක් අපේ රටේ පැවතිණි. දුර්වලව උවද දැනුදු පවතියි. බටහිරයන්ට මේ රට සම්බන්දයෙන් ඇති හිසරදයද එයයි.
අපේ සංස්කෘතිය තුල මහන දම් පිරිම යමෙකුට කල හැකි ඉහලම කාර්ය ය .මන් ද එහි අවසන් ඉලක්කය නිවන් දැකීම බැවිනි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇති හොඳම දේ දරුවන්ට ලබා දිමට දෙමව්පියන් කල්පනා කරන්නේ නම් එහි වරදක් ඇතැයි නොසිතමි. ප්‍රශ්නය වී ඇත්තේ ගමත් පන්සලත් අතර බැඳීම දුර්වල වීමයි. මෙය ජාතිකත්වය දුර්වල වීමට අනුලෝමව සිදුවෙයි. ගමේ විවිද කටයුතු පන්සල මුලික කර ගෙන සිදුවන විට හා ප්‍රදේශ වාසින් ආගමික කටයුතු සඳහා දිනපතා පන්සලට රැස්වන විට කුඩා සාමනේර නමකට නිවසේ සිටිනවාට වඩා විශාල පාළුවක් කන්සියක් පන්සලේදී දැනීමට ඉඩ ඇත්ද?
දැන් සංස්කෘතිය දුර්වල වීම නිසා පන්සල් හුදකලා වී ඇත. ගිහියන් විසින් සාමනේර හිමිවරුන් හා උපසපන් හිමිවරුන් රැකිය යුතු උවද එය නිසිපරිදි සිදුනොවේ. 1815 වන තෙක්ම රාජ්‍ය විසින් ශාසනය රැකීමේ වගකීම බාරගෙන තිබුණි. විජාතික බලවේග රාජ්‍ය එම වගකීමෙන් ඉවත් කිරීමට විවිද බලපෑම් කළහ. අලුත් අධ්‍යාපන ක්‍රමයක් පිරිවෙන් අධ්‍යාපනයට එරෙහිව හඳුන්වා දෙන ලදී. මේ විජාතික අධ්‍යාපනයෙන් බිහි වන්නේ පන්සලින් ඈත් වූ පිරිසකි. හොඳ මිනිසෙකු වීම සඳහා හාමුදුරු නමකගෙන් උපදෙස් ගැනීමට යන අය සිටිත් ද?ලොකු මිනිසුන් වීම සඳහා මග පෙන්වන ක්‍රමයක දෘෂ්ටි කෝණයෙන් බලන විට දරුවන් මහන කරවීම ඔවුන් බලෙන් පාසල් යැවීමට වඩා බරපතල වරදකි. ලක්ෂ ගණන් මාළු මරණ රටේ ඊට විරුද්ධ නොවී අලින් පෙරහැරේ ගෙනයාම ගැන කඳුළු සලන ඒ ගැන ගීත ලියන අයද බිහිවී ඇත්තේ මේ අධ්‍යාපන ක්‍රමයට පින්සිදු වන්නටය.
-උදයංග සුගතපාල

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .