-වෛද්‍ය වසන්ත බණ්‌ඩාර
දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම්
එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳ තව දුරටත් සාකච්ඡා කිරිම සදහා මෙවර අප එක්‌කර ගත්තේ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතාය අදාළ යෝජනාවලිය පිළිබදව ඒ මහතා වැඩිදුරටත් දැක්‌වු අදහස් පහත පරිදි වේ.
ප්‍රශ්නය - ජිනීවා මානව හිමිකම් යෝජනාව පිළිබඳව අදහස් දක්‌වන බොහෝ දෙනා අවධාරණය කරන්නේ එහි අන්තර්ගතව තිබෙන යුද අපරාධ චෝදනා පිළිබඳව. නමුත් එම යෝජනා ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවේගයන් තමන්ගේ ආර්ථික සහ දේශපාලන ඕනෑ එපාකම් අනුව සැකසූ යෝජනාවක් බවටත්, එය දෙමළ බෙදුම්වාදයට පක්‍ෂපාතීව කටයුතු කරන බවටත් චෝදනා එල්ල වනවා.
ඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද?
පිළිතුර - ආණ්‌ඩුව කියන්න උත්සහ ගන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා බලයේ සිටියා නම් ආර්ථික සම්බාධක පනවනවා, යුදමය මැදිහත්වීමක් සමග අරාබි වසන්තය වගේ තත්ත්වයක් ඇතිවන්න ඉඩ තිබුණා. නමුත් මෙම ආණ්‌ඩුව බලයට පත්වීම නිසා එම තත්ත්වය සමනය කර ගැනීමට හැකි වූ බව. ඒ වගේම ඔවුන් කියනවා මේ යෝජනාව ඉදිරිපත් කරල තිබෙන්නේ ශ්‍රී ලංකාවට හිතවාදීව, මෙම යෝජනාවෙන් ආරක්‍ෂක හමුදාවල ගෞරවය ආරක්‍ෂා වන බවත් අපිව නිර්දොaෂී බව පෙන්වා දෙන්න පුළුවන් බවත් සඳහන් කරනවා.
එහෙත් මෙම යෝජනාව පිටුපස තිබෙන බරපතල කතාව තවමත් සමාජයේ බරපතල ලෙස අවධානයට ලක් වී නැහැ. යුද අපරාධ චෝදනාවලට ලක් වී සිටින දේශපාලන නායකයන්ට සහ යුද විරුවන්ට දඬුවම් කිරීමෙන් මෙම ප්‍රශ්නය අවසන් වනවාද? මේ වන විටත් රට බේරා ගැනීම සඳහා විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. යුද අපරාධ චෝදනාවලට ලක් වී සිටින අයට මරණ දඬුවම පනවන්න බෑ, සිරගත කිරීම පමණයි කරන්න පුළුවන්. නමුත් චෝදනා එල්ල වී ඇති අයට හිරේ ගිහිල්ල හරි රට බේරගන්න පුළුවන්ද?
බැහැ. එහෙම තත්ත්වයක් නෙවෙයි මෙහි තිබෙන්නේ. යුද අපරාධ චෝදනාවලට ලක් වූ අයට දඬුවම් කරල අවසන් වන ක්‍රියාවලියක් නෙවෙයි මෙම යෝජනාවේ තිබෙන්නේ.
මෙම යෝජනාවලියේ අරමුණ රට බෙදා වෙන් කිරීම සහ ඇමරිකානු කකුල ස්‌ථිර වශයෙන් මේ භූමියේ තබා ගැනීම. නමුත් එම කාරණය මේ රට තුළ සංවාදයට ලක් වන්නේ නෑ.
ප්‍රශ්නය - ඔබ කොහොමද චෝදනා කරන්නේ මෙම යෝජනාව තුළ රට බෙදා වෙන් කිරීමේ වැඩපිළිවෙළක් අන්තර්ගත වන බව.
පිළිතුර - ඇත්තටම යුද්ධය පැවති කාලයේදී ඇමරිකාව උත්සහ කළා මේ රට තුළ සෘජු මැදිහත්වීමක් කරන්න. රැකීම සඳහා වගකීම (Rtop) යන ව්‍යාපෘතිය යටතේ තමයි එම මැදිහත්වීම කිරීමට උත්සාහ කළේ. එම ව්‍යාපෘතිය යටතේ තමයි බලවත් රටවල් තමන්ට අත පෙවීමට, අවශ්‍ය රටවල්වලට අත පෙවීමට ඉඩ සලසා ගත්තේ. යම්කිසි රටක රාජ්‍යයක් තමන්ගේ රටේ ජනතාවට ආරක්‍ෂාව සලසා දීමට අසමත් සහ වුවමනාවක් නැහැ කියන තැන සිට ඒ රටේ සිවිල් ජනතාව ආරක්‍ෂා කර ගැනීමට මැදිහත් වනවා කියන තැන සිට තමයි එම මැදිහත්වීම කරන්නේ. යුද්ධය පැවති කාලයේදී ඇමරිකාව මැදිහත්වීමට උත්සාහ කළේ මෙරට අසමත් රාජ්‍යයක් කියන තැන සිට. ඩේවිඩ් මිලිබෑන්, කුෂ්ණලා ඇවිත් උත්සාහ කළේ යුද්ධය නවත්වන්න. දැන් මානව හිමිකම් කොමිසම හරහා කරනවා වගේම මානව හිමිකම් කාර්යාලයක් මෙහි ස්‌ථාපිත කර බරපතල මැදිහත් වීමක් කිරීමට උත්සාහ කළා. නමුත් මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ ඊට ඉඩ ලැබුණේ නෑ, එදා ජනතා විමුක්‌ති පෙරමුණත් බරපතල ලෙස ඊට එරෙහිව නැගී සිටියා. ජනතා විරෝධය සහ ආණ්‌ඩුවේ නොකැමැත්ත කියන සාධක දෙකම මත ඊට ඉඩ ලැබුණේ නෑ.
එහෙත් මෙම ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු යුද්ධය නොමැති පසුබිමක් තුළ යුද අපරාධ නමැති නිමිත්ත ඉස්‌සරහට ගෙනැල්ල මැදිහත්වීමක් කරන්න ඇමරිකාව කටයුතු කරනවා. මෙම යෝජනාවලිය ගැඹුරින් සලකා බැලුවහම පෙනෙන දෙයක් තමයි යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අමතරව තවත් අවශ්‍යතාවයන් රාශියක් මෙහි අන්තර්ගතව තිබෙන බව. පළමුවන කාරණය තමයි ඇමරිකාව විසින් නඩත්තු කරන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීම. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය, මානව හිමිකම් කොමිසමට වඩා වෙනස් එකක්. මානව හිමිකම් කොමසාරිස් කාර්යාල නඩත්තු කරන්නේ බටහිර රටවල් විසින් සෘජුව අරමුදල් සපයල රාජ්‍ය නොවන සංවිධානවල සෘජු මැදිහත් වීමෙන්. නේපාලයේ පිහිටුවපු මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය එම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නිසා ඉවත් කර ගන්නා ලෙස එරට රජය විසින්ම බලපෑම් කළා. ඒ වගේම මෙම යෝජනාවලියෙන් යෝජනා කර තිබෙන සත්‍ය සෙවීමේ කොමිසම හරහා දකුණු අප්‍රිකානු මැදිහත්වීමකට අවස්‌ථාව සැලසෙනවා. සටන් විරාම ගිවිසුම හරහා සෝල්හයිම් කළෙත් එබඳු මැදිහත්වීමක්. ඒ වගේම මෙම යෝජනාවලිය හරහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ නිලධාරීන්ට මානව හිමිකම්, අතුරුදන් වීම්, වධ බන්ධන පැමිණවීම, කාන්තා හිංසනය ආදී වශයෙන් විවිධ ව්‍යාපෘතිවලට අදාළ එම බලධාරීන්ට මෙරටට පැමිණ තමන්ගේ ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්‌ථාව උදාවනවා.දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම්
එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳ තව දුරටත් සාකච්ඡා කිරිම සදහා මෙවර අප එක්‌කර ගත්තේ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතාය අදාළ යෝජනාවලිය පිළිබදව ඒ මහතා වැඩිදුරටත් දැක්‌වු අදහස් පහත පරිදි වේ.
ප්‍රශ්නය - ජිනීවා මානව හිමිකම් යෝජනාව පිළිබඳව අදහස් දක්‌වන බොහෝ දෙනා අවධාරණය කරන්නේ එහි අන්තර්ගතව තිබෙන යුද අපරාධ චෝදනා පිළිබඳව. නමුත් එම යෝජනා ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවේගයන් තමන්ගේ ආර්ථික සහ දේශපාලන ඕනෑ එපාකම් අනුව සැකසූ යෝජනාවක් බවටත්, එය දෙමළ බෙදුම්වාදයට පක්‍ෂපාතීව කටයුතු කරන බවටත් චෝදනා එල්ල වනවා.
ඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද?
පිළිතුර - ආණ්‌ඩුව කියන්න උත්සහ ගන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා බලයේ සිටියා නම් ආර්ථික සම්බාධක පනවනවා, යුදමය මැදිහත්වීමක් සමග අරාබි වසන්තය වගේ තත්ත්වයක් ඇතිවන්න ඉඩ තිබුණා. නමුත් මෙම ආණ්‌ඩුව බලයට පත්වීම නිසා එම තත්ත්වය සමනය කර ගැනීමට හැකි වූ බව. ඒ වගේම ඔවුන් කියනවා මේ යෝජනාව ඉදිරිපත් කරල තිබෙන්නේ ශ්‍රී ලංකාවට හිතවාදීව, මෙම යෝජනාවෙන් ආරක්‍ෂක හමුදාවල ගෞරවය ආරක්‍ෂා වන බවත් අපිව නිර්දොaෂී බව පෙන්වා දෙන්න පුළුවන් බවත් සඳහන් කරනවා.
එහෙත් මෙම යෝජනාව පිටුපස තිබෙන බරපතල කතාව තවමත් සමාජයේ බරපතල ලෙස අවධානයට ලක් වී නැහැ. යුද අපරාධ චෝදනාවලට ලක් වී සිටින දේශපාලන නායකයන්ට සහ යුද විරුවන්ට දඬුවම් කිරීමෙන් මෙම ප්‍රශ්නය අවසන් වනවාද? මේ වන විටත් රට බේරා ගැනීම සඳහා විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. යුද අපරාධ චෝදනාවලට ලක් වී සිටින අයට මරණ දඬුවම පනවන්න බෑ, සිරගත කිරීම පමණයි කරන්න පුළුවන්. නමුත් චෝදනා එල්ල වී ඇති අයට හිරේ ගිහිල්ල හරි රට බේරගන්න පුළුවන්ද?
බැහැ. එහෙම තත්ත්වයක් නෙවෙයි මෙහි තිබෙන්නේ. යුද අපරාධ චෝදනාවලට ලක් වූ අයට දඬුවම් කරල අවසන් වන ක්‍රියාවලියක් නෙවෙයි මෙම යෝජනාවේ තිබෙන්නේ.
මෙම යෝජනාවලියේ අරමුණ රට බෙදා වෙන් කිරීම සහ ඇමරිකානු කකුල ස්‌ථිර වශයෙන් මේ භූමියේ තබා ගැනීම. නමුත් එම කාරණය මේ රට තුළ සංවාදයට ලක් වන්නේ නෑ.
ප්‍රශ්නය - ඔබ කොහොමද චෝදනා කරන්නේ මෙම යෝජනාව තුළ රට බෙදා වෙන් කිරීමේ වැඩපිළිවෙළක් අන්තර්ගත වන බව.
පිළිතුර - ඇත්තටම යුද්ධය පැවති කාලයේදී ඇමරිකාව උත්සහ කළා මේ රට තුළ සෘජු මැදිහත්වීමක් කරන්න. රැකීම සඳහා වගකීම (Rtop) යන ව්‍යාපෘතිය යටතේ තමයි එම මැදිහත්වීම කිරීමට උත්සාහ කළේ. එම ව්‍යාපෘතිය යටතේ තමයි බලවත් රටවල් තමන්ට අත පෙවීමට, අවශ්‍ය රටවල්වලට අත පෙවීමට ඉඩ සලසා ගත්තේ. යම්කිසි රටක රාජ්‍යයක් තමන්ගේ රටේ ජනතාවට ආරක්‍ෂාව සලසා දීමට අසමත් සහ වුවමනාවක් නැහැ කියන තැන සිට ඒ රටේ සිවිල් ජනතාව ආරක්‍ෂා කර ගැනීමට මැදිහත් වනවා කියන තැන සිට තමයි එම මැදිහත්වීම කරන්නේ. යුද්ධය පැවති කාලයේදී ඇමරිකාව මැදිහත්වීමට උත්සාහ කළේ මෙරට අසමත් රාජ්‍යයක් කියන තැන සිට. ඩේවිඩ් මිලිබෑන්, කුෂ්ණලා ඇවිත් උත්සාහ කළේ යුද්ධය නවත්වන්න. දැන් මානව හිමිකම් කොමිසම හරහා කරනවා වගේම මානව හිමිකම් කාර්යාලයක් මෙහි ස්‌ථාපිත කර බරපතල මැදිහත් වීමක් කිරීමට උත්සාහ කළා. නමුත් මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ ඊට ඉඩ ලැබුණේ නෑ, එදා ජනතා විමුක්‌ති පෙරමුණත් බරපතල ලෙස ඊට එරෙහිව නැගී සිටියා. ජනතා විරෝධය සහ ආණ්‌ඩුවේ නොකැමැත්ත කියන සාධක දෙකම මත ඊට ඉඩ ලැබුණේ නෑ.
ඒ සියල්ලටම වඩා මෙම යෝජනාවලියෙන් අප එකඟ වනවා මානව හිමිකම් කාර්යාලය සහ ව්‍යාපෘති විදේශීය මුදල් ලබාගෙන නිදහසේ කටයුතු කිරීමට හැකි වන ලෙස යාන්ත්‍රණය සකස් කිරීමට. එම මුදල් එම ආයතනවල අරමුණු සහ ක්‍රියාවලිය හැසිරවීමේ උපාංගයන් ලෙස ක්‍රියාකරනවා. ඒ සියල්ලටම වඩා මෙම යෝජනාවලිය හරහා ආරක්‍ෂක හමුදා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්‌කරණයකට ලක්‌කරනවා. මෙහි සඳහන් වී තිබෙනවා අන්තර්කාලීන යුක්‌තිය ඉටුකිරීම යන කාරණයක් පිළිබඳව. එම ක්‍රියාවලිය හරහා නඩු විභාගයකින් තොරව දඬුවම් කළ හැකි වාතාවරණයක් සකස් කරගෙන තිබෙනවා. ඒ අනුව දැනටමත් නම් කරල තිබෙන හමුදා නිලධාරීන් සියලු දෙනා පරිපාලන ක්‍රමවේදයක් හරහා ඉවත් කිරීමට එකඟ වී තිබෙනවා. ඒ හරහා නඩු විභාගයට ප්‍රථමයෙන්ම හමුදා නිලධාරීන් ඉවත් කිරීමට අවස්‌ථාව උදාවනවා. ඒ හරහා හමුදාව සුද්ද කිරීමට අවස්‌ථාව උදාවනවා.
මෙම යෝජනාවලිය හරහා සත්‍ය සෙවීමේ කොමිසම සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය යන කාර්යාල දෙක පිහිටුවනු ලබනවා. එම කාර්යාල දෙක හරහා කරනු ලබන්නේ ආරක්‍ෂක හමුදාවට එරෙහිව චෝදනා ගොනු කිරීම. ඒ අනුව එම කාර්යාල දෙක චෝදනා කර්මාන්ත ශාලා බවට පත් වනවා. ඊටම සම්බන්ධ වූ තවත් කාරණයක් තමයි හමුදාවට පුහුණුවීම් සහ දිරිගැන්වීම් ලබාදීම. එහි ඉලක්‌කය තමයි මොළ සෝදා ඇමරිකානු හිතවාදී නිලධාරී මණ්‌ඩලයක් ඇති කිරීම. ඇමරිකාව යම්කිසි රටකට මැදිහත් වෙන කොට එම රටේ යුද්ධ හමුදාව සුද්ද කිරීමට අවශ්‍ය වනවා. මේ ආකාරයට ඇමරිකාව මැදිහත්වීම් කළ සෑම තැනකම දේශපාලන පද්ධතිය තමන්ට ඕන ලෙස සකස් කළා. ඊට අමතරව දීර්ඝකාලීන ගැටුම් ඇති වන ලෙස කටයුතු කළා. ඒ සඳහා තමයි ඇමරිකාව රට බෙදා වෙන් කිරීමට කටයුතු කරන්නේ. ඇමරිකාව ලිබියාවෙදි ඒ දේ කළා. ඔවුන් ගඩාµs ඝාතනය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමෙන් නොනැවතී ගැටුම දිගටම පවත්වාගෙන යැම සඳහා අයි. එස්. අයි. එස්. (ISIS) ත්‍රස්‌තයන්ට අවස්‌ථාව ලබා දුන්නා. ඔවුන්ට එන්ටබෙ ගුවන් තොටුපළ පවා අත්පත් කර ගැනීමට අවස්‌ථාව ලබා දුන්නා. මේ සූදානම එබඳු තත්ත්වයක් අපේ රට තුළත් නිර්මාණය කිරීම තමයි.
ප්‍රශ්නය - යෝජනාවට පක්‍ෂව අදහස් දක්‌වන පුද්ගලයනුත් ප්‍රකාශ කරනවා මහින්ද රාජපක්‍ෂ මහතා බලයේ සිටියා නම් ලංකාව, ලිබියාවක් වන බව. එසේ නොවන බව ඔබ කොහොමද ප්‍රකාශ කරන්නේ.
පිළිතුර - මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ජාත්‍යන්තර පීඩනයට මුහුණ දීම සඳහා නිශ්චිත උපාය මාර්ගික සැලසුමක් අනුව කටයුතු කළේ නැහැ. නමුත් එතුමා සද්භාවයෙන් මේ ප්‍රශ්නය යටත් වීමෙන් ජය ගන්න බැහැ කියන තැන සිටියා. ඒක ඉතා පැහැදිලිව පෙනුණා.
එහෙත් මතුපිටින් පෙනෙන විශාල ව්‍යාපෘති කළාට, ජනතාවගේ හදවතට සමීප වන සංවර්ධන ක්‍රියාවලියකට ජනතාව සහභාගි කරගත්තේ නෑ. සංස්‌කෘතික වශයෙන් සහ මානසික වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව අතර බිඳුණු පාලම ගොඩනගන්න සමීපත්වය ඇති කරන්න අවශ්‍ය දේවල් කෙරුණේ නෑ. එම නිසා දෙමළ ජනතාව බෙදුම්වාදී දේශපාලනඥයන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමට නොහැකි වූවා. ඒක එක පැත්තක්.
අනෙක් අතට රටේ සාමාන්‍ය නීතිය යටතේ යුද සමයේදී සාමාන්‍ය නීතිය ඉක්‌මවා යම් යම් සිදුවීම් සිදුවූවා නම් ඒවාට දඬුවම් ලබාදීම අවශ්‍යව තිබුණා. නමුත් යම් යම් පියවර නොගෙන සිටියේ නෑ. උදලාගම කොමිසම, ත්‍රිකුණාමල සිදුවීමට දඬුවම් ලබාදීම වැනි දේ කළා. පරණගම කොමිසම පිහිටුවා අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමක් කළා. නමුත් එම කටයුතු ප්‍රතිඵලදායක ලෙස කරන්න බැරිවූවා. ඒ වගේම එම කටයුතු කරල ජාත්‍යන්තරව තමන්ගේ ප්‍රතිරූපය නන්වා ගැනීමට රට තුළ කළ යුතු දේත් කරන්න බැරි වූවා.
සම්බාධක පිළිබඳව කතාකරනවා නම් ඇත්ත වශයෙන්ම ඒක බොරුවක්. එහෙම තත්ත්වයක් නෑ. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සම්බාධක පැනවීමට බැහැ. සම්බාධක පනවනවා නම් ඒ සඳහා ආරක්‍ෂක මණ්‌ඩලයේ අනුමැතිය අවශ්‍ය වනවා. එබඳු යෝජනාවක් අපට විරුද්ධව එම මණ්‌ඩලයට ඉදිරිපත් නොවුණා වගේම එබඳු යෝජනාවක් ඉදිරිපත් වූවා නම් එම යෝජනාව රුසියාව සහ චීනය විසින් පරාජය කරන බව පැහැදිලියි.
ඒ වගේම තනි රටවල් විසින් අනෙකුත් රටවල්වලට සම්බාධක පනවන ලෝක දේශපාලන තත්ත්වයක් නෙවෙයි පසුගිය කාලයේදී තිබුණේ. පසුගිය කාලයේ තිබුණේ කියුබාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක පවා ආපසු හැරවීමේ වුවමනාවක් සහ ජනමතයක්. ඒ අනුව පැහැදිලි විය යුතුයි මෙම සම්බාධක කතාව තමන්ගේ යටත්වීම වහගන්න සාධාරණීකරණය කර ගන්න කියන බොරුවක් බව. ආණ්‌ඩුව අද මේ ආකාරයට බොරු කියන්නේ මෙම යෝජනාවෙන් ගැලවීම සඳහා සුළු හෝ උත්සාහයක් දැරීමකින් තොරවයි.
ප්‍රශ්නය - මෙම යෝජනාවලියට එරෙහි පුද්ගලයකු ලෙස ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන පියවර මෙනවාද?
පිළිතුර - ආණ්‌ඩුව උත්සාහ කරනවා තමන් විසින් කරන ලද කටයුත්තේ වගකීම වෙනත් අය මත පැටවීමට. ඒකට තමයි සර්ව පාක්‍ෂික සමුළු යෝජනාවක් ගෙන එන්න හදන්නේ. එයට මේ රටේ දේශපාලන පක්‍ෂ ගොදුරු නොවිය යුතුයි.
ආණ්‌ඩුව සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවනවා නම් කැඳවන්න තිබුණේ මෙම යෝජනාවන්ට එකඟ වෙන්න කලින්. ඇත්තටම මෙම යෝජනාවට අප එකඟ වී තිබෙන නිසා දැන් එය ගිවිසුමක් බවට පත් වී තිබෙනවා. මෙබඳු ජාත්‍යන්තර ගිවිසුමකට එකඟවීමට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න යුතුකමක් තිබුණා. ඒ වගේම ජනාධිපතිවරයාට යුතුකමක් තිබුණා මේ පිළිබඳව කැබිනට් මණ්‌ඩලය තුළදී එකඟතාවකට එන්න. එම කටයුතු දෙකම නොකර හිතුවක්‌කාරී ලෙස කටයුතු කර තිබෙනවා. එලෙස කටයුතු කරල කකුල උගුලට තියල දැන් සර්ව පාක්‍ෂික සමුළු කැඳවල වැඩක් නෑ. ඒ වගේම මේ අධිකරණයට මුහුණ දීල මේ ප්‍රශ්නයෙන් බේරෙන්න බැරි බවත් අපි දැනගන්න ඕනි.
මෙය පරාජය කරන්න පුළුවන් ක්‍රියාවලිය තමයි මේ එකඟතාවය පාර්ලිමේන්තුවෙදි පරාජය කරන එක. ඒ වගේම ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් පිහිටුවීම සඳහා නීතියක් සම්මත කළ යුතු වනවා. එම නීතිය පාර්ලිමේන්තුවට ගෙන ආ විට පරාජය කළ යුතුයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුහුණ පෙන්වල තරග කරල ජයග්‍රහණය කරපු කිසිදු මන්ත්‍රීවරයකුට සදාචාරාත්මක අයිතියක් නෑ ඊට එකඟවීමට. ඔවුන්ට ජනතාව බලය ලබාදුන්නේ රට ආරක්‍ෂා කිරීමට මිස එබඳු යෝජනාවලට ඡන්දය දෙන්න නෙවෙයි.
ඒ වගේම ජනතා විමුක්‌ති පෙරමුණටත් එබඳු යෝජනාවලට ඡන්දය දෙන්න බෑ. ඔවුනුත් අතීතයේදී ජාතිකවාදී මතය නියෝජනය කරල තිබෙනවා. අදත් ඔවුන්ට ඡන්දය ලැබෙන්නේ එදා පෙනී සිටිය එම මතය නිසයි.
එම නිසා අප ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතුයි, තමන් ඡන්දය ලබාදුන් අපේක්‍ෂකයන්ට එබඳු යෝජනා සඳහා ඡන්දය ලබා නොදෙන ලෙස බලපෑම් කරන ලෙස. මෙම යෝජනාව පරාජය කිරීම ආරම්භ කළ යුත්තේ එතැනින්. පාර්ලිමේන්තුවෙන් පිටත දී මෙම යෝජනාවලිය පරාජය කිරීම සඳහා ජනතාව කටයුතු කළ යුතුයි.
[දිවයින]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .