8/30/2025

යුගයේ අවශ්‍යතාවය විපක්ෂ සන්ධානයක් ද නවමු දේශපාලන දැක්මක්ද?

කතෘ:යුතුකම     8/30/2025   No comments


නයෝමී ක්ලේයින් (Naomi Klein) නැමති ලේඛිකාවගේ ‘The Shock Doctrine’ නැමති කෘතිය එළිදැක්වෙන්නේ 2007 වසරේ දී ය. ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ එම කෘතියෙන් හඳුන්වා දෙන ‘shock doctrine’ යන සංකල්පයත් එහි ප්‍රායෝගික ක්‍රියාන්විතය වූ ‘disaster capitalism’ ක්‍රියාවලියත් ප්‍රයෝගිකව අත්හදා බැලීම සැබැවින් ම ඇරඹුනේ ඉන් විසිපස් වසරකට පෙර ය.

Disaster Capitalism පිළිබඳ ව මුල් ම කතන්දරය 1972 දී චිලී රටේ අයන්ඩේගේ වාමාංශික සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී රජය ඇමෙරිකාව විසින් මෙහෙයවනු ලැබූ හමුදා කුමණ්ත්‍රණයක් පෙරළා අයන්ඩේ ඝාතනය කිරීම පිළිබඳ කතන්දරයයි.

Shock Doctrine කෘතිය තුලින් පෙන්වා දෙන්නේ රටක් වෙත සැලසුම් සහගතව වරින් වර එල්ලවන හා එල්ල කරනු ලබන ආපදාවන් මගින් එහි ජනතාව තුල අසංවේදී වූ ද උදාසීන වූ ද පොදු මානසිකත්වයක් නිර්මාණය වන බව යි. එවන් වූ පොදු මානසිකත්වයක් තුල රටක ආර්ථිකය හා සංස්කෘතික වටපිටාව තුල සිදු කරණු ලබන බරපතල වෙනස්කම්වලට පවා ජනතාව අසංවේදී ව අනුගත බව යි. මේ සඳහා ඔවුහු නිර්මාණය කරන ලද ආපදාවන් මෙන් ම ස්වභාවික ආපදාවන් ද යොදා ගත් හ.

මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ රජය ආර්ථිකය කෙරෙහි කිසි ම ලෙසකින් මැදිහත් නො විය යුතු බවත්, එවිට ස්වභාවික නීතියට අනුව ආර්ථිකය සාධාරණ ලෙස පාලනය වන බව යි. (බටහිර ලෝකය ආර්ථික සංවර්ධනය මනින මිම්ම දළ දේශීය නිෂ්පාදිතය (GDP) බව ද අමතක නොනරන්න.)

ඇමෙරිකාව එම ෆ්‍රීඩ්මන්ගේ න්‍යාය තම රට තුළ භාවිත නොකළ ද, සෙසු රටවලට එම ප්‍රතිපත්ති අත්හදා බැලීමට සුදුසු වන වාතාවරණයන් සකස් කර දුනි. එමෙන් ම එම ආපදාවන් කලමනාකරණය සඳහා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි මූල්‍ය ආයතනයන් යොදා ගත් හ. විවිධ රටවල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ චිකාගො බෝයිස් (Chicago boys) යන නමින් හඳුන්වා දෙනු ලැබූ ෆ්‍රීඩ්මන්ගේ ගෝල බාලයින් විසිනි.

චිලී රාජ්‍ය තුල පමණක් නොව, ඒ කාලය තුල දී ම, පැරණි සෝවියට් දේශය, පෝලන්තය චීනය හා ඇතැම් අප්‍රිකානු, දකුණු ඇමෙරිකානු මෙන් ම ලංකාව ඇතුලු ආසියාකරයේ රටවල ද disaster capitalism ක්‍රියාකාරී වූ ආකාරය එම කෘතිය තුල විස්තර කර ඇත.

මට මේ සටහන ලිවීමට සිත් වූයේ පසුගිය දා රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධ සිද්ධි දාමය නිසා ය.

ඇතමෙක් රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩ දැමූ රට බේරාගත් විරුවෙකු ලෙස ද සළකති. මෙය මුලාවකි.

21 වැනි සියවස ඇරඹෙන විට මේ රට ජනතාව කොටි ත්‍රස්තවාදයේ පීඩාව හමුවේ දැඩි ව්‍යාකූල තත්වයකට පත්ව සිටිය හ. එවකට අගමැතිවරයා බවට පත් ව සිටි රනිල් වික්‍රමසිංහ කළේ කොටින්හට ඔවුන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ වල පාලනය බාර දීමයි. මෙය මා දකින්නේ රාජ්‍යතාන්ත්‍රික භාවයක් ලෙස නොව නිවට කමක් ලෙස යි.

ඉන් පසු ව එන මැතිවරණයට ඔහු ‘Regaining Sri Lanka’ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. නයෝමි ක්ලෙයින් එය හදුන්වන්නේ ලංකාව වෙනුවෙන් ලෝක බැංකුව විසින් සකස් කරනු ලැබූ disaster capitalism ව්‍යාපෘතියේ ආකෘතියක් ලෙසට ය. ශ්‍රී ලංකාව මැතිවරණයක දී එවන් ව්‍යාපෘතියක් ඡන්දයක දී පරාජය කිරීමට සමත් වූ වාසනාවන්ත ජනකොටසක් බව නයෝමි ක්ලෙයින් සදහන් කරයි.

දිග කතාවක් සංක්ෂිප්තව කිවතොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙසින් පත්වෙන්නේ අහම්බයකිනි. වඩාත් නිවැරැදිව කිවතොත් නිර්මාණය කරනු ලැබූ අහම්බයකිනි. එය නිර්මාණය කරන ලද්දේ ජාත්‍යන්තරය හා තව දුරටත් මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍යත්වයක් පවතින බව පිළිගැනීමට අකමැති කොටස් විසිනි. ඒ සඳහා භූමිය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටුකළේ කතෝලික පල්ලිය, දෙමළ ඩයස්පෝරාව හා මෙරට තුප්පැහි කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් හා නාගරික මැද පන්තියේ ජන කොටස් ය.

මේ ආපදාවේදී විය යුතු පරිද්දෙන් ම බටහිර දේශපාලන ව්‍යාපෘතිය තම විස්වාසවන්තමයා වූ රනිල් වික්‍රමසිංහ හට බලයට පත් වීමට වේදිකාව සකස් කොට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔස්සේ සහන ලබා දෙමින් disaster capitalist ආර්ථික ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙන ගියේ ය.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු බලය ලබාගත් වත්මන් දේශපාලන නායකත්වය ද තම මැතිවරණ පොරොන්දු අමතක කර දමමින් එම ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කළ හ. හාස්‍යයට කරුණ නම් බංකොලොත් විපක්ෂයේ සටන් පාඨය වන්නේ ද තමාට බලය ලැබුනොත් ලෝක බැංකු ව්‍යාපෘතිය වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි බව පැවසීම ය.

කෙසේ හෝ බලය ලබා ගැනීමේ අභිලාශය මිස, කෙලෙසකවත් දේශපාලන දර්ශනයක් නොතිබුනු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන සංවිධනායකින් මීට වඩා වෙනස් ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය නොහැක. ඔවුන්ගේ ඉතිහාසය දෙස සැලකිල්ලෙන් බලන විට මා කියන කරුණ සනාථ වෙතැයි සිතමි. ඔවුහු 1971 දී සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී රජයකට විරුද්ධව අවි ගත්තේ අන්ත වාමාංශික කණ්ඩායමක් ලෙසිනි. 1989 දී එවකට පැවති නව යටත් විජිතවාදී රජයකට විරුද්ධව ත්‍රස්තවාදය භාවිත කළේ දේශප්‍රේමී වෙස්මුහුණක් පැළඳ ගෙන ය. 2025 දී බටහිර අර්ධ ගෝලයේ ආශීර්වාදය ද සමග මැතිවරණයකින් බලය ලබා ගත්තේ තවදුරටත් නව යටත් විජිතවාදී disaster capitalist ආර්ථිකය ම ඇද ගෙන යෑමට ය.

හොරු ඇල්ලීම හොඳ දෙයකි. නමුත් ජනාධිපතිවරයෙකු අතර මඟදී අවශ්‍යතාවයන් වෙනුවෙන් ගුවන් ගමන් වෙනස් කිරීම හා ඒ හා සම්බන්ධ වියදම් සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමේ සදාචාර සම්පන්න බව කෙසේ වෙතත්, හිටපු ජනපතිවරයෙකු වයස හෝ සෞඛ්‍ය තත්වය ගැනවත් නොසලකා රෑ දහයත් පසුවන තුරු උසාවි භූමියේ රඳවා තබා සිරගත කිරීම ශිෂ්ට සම්පන්න නොවේ. මෙවැනි අශෝභන දෑ නිරාගමික රාජ්‍යවල සිදු වෙනවා දැ යි මම නොදනමි. නමුත් බෞද්ධ රාජ්‍යක් තුල නම් අනුමත කළ නොහැක.

මේ සිදුවීමත් සමඟ විපක්ෂයේ ඒකාබද්ධ සන්ධානයක් පිළිබඳව නව කතාබහක් ඇති වී තිබේ. නව සන්ධානයක් තුලින් බලාපොරොත්තු වන්නේ disaster capitalism ව්‍යාපෘතිය වඩාත් හොඳින් කරගෙන යා හැකි සන්ධානයක් බිහි කිරීම නම් එවැනි සන්ධාන බිහි නොවීම ම රටට සෙතකි. විපක්ෂය උත්සුක විය යුත්තේ සන්ධාන ගොඩ නැගීමට නොව රටට ගැලපෙන රටේ සංස්කෘතික (සභ්‍යත්ව) ප්‍රවාහය සමඟ සංගත වන නව දේශපාලන ආර්ථික දැක්මක් නිර්මාණය කරගැනීම උදෙසා ය.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සඟරාවේ අගෝස්තු කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions