9/16/2014

'කුරුලු හදවත' දේශීයත්වයට එරෙහි වෛරීය විරේචනය

කතෘ:යුතුකම     9/16/2014   8 comments

-සේන තෝරදෙනිය

මෙම ලිපියේ අරමුණ වන්නේ ලියනගේ අමරකීර්තිගේ 'කුරුලු හදවත' නම් නවකතාව ගැන සංස්‌කෘතික කියෑවීමකට නිමග්න වීමයි.

පිටු 366 කින් සමන්විත 'කුරුලු හදවත', 'තැපැල්පත', 'ශ්‍රාවක සමාජය' ආදී වශයෙන් පරිච්ඡේද ගණනාවකට බෙදා තිබේ. මෙයින් 'ඈ දුන් යහ වදන්' (292) හා 'අභාග්‍යා' (354) යන පරිච්ඡේද පිටු භාගයකටත් වඩා අඩු වාක්‍ය එකතුවක්‌ වේ. සමහර පරිච්ඡේද බෙදා ඇති ආකාරයේ කිසිදු තේරුමක්‌ නොපෙනේ. 'ංහා' (290 - 291) 'ඈ දුන් යහවදන්' (292) ඒ සඳහා උදාහරණ දෙකකි. 'කුරුලුගංගොඩ' නමින් කෘත්‍රිමව නම් කරන ලද ගමේ සිතියම (186) හැරෙන්නට මෙම නවකතාවේ ආඛ්‍යාන රටාවේ අනෙක්‌ විශේෂත්වයක්‌ නොදැක්‌වේ. එහි ඇත්තේ ඉතා සරල ආඛ්‍යානයකි. ආඛ්‍යානයේ ඇති සරල භාවය නිසාම 'කුරුලු හදවත' ඉතා සරල කියෑවීමක්‌ කරා පාඨකයා ගෙන යයි. නවකතාව වඩාත් සමීප වන්නේ එක්‌තරා කාලයකදී ඉරිදා පුවත්පතක්‌ මගින් පළ කළ 'එක්‌ සත්‍ය කතාවක්‌' වැනි ආරේ කතාවකටය. එහෙත් 'කුරුලු හදවත' පුවත්පතේ පළ වූ එක්‌ සත්‍ය කතාවකට වඩා දිගින් බොහෝ වැඩිය.

'කුරුලු හදවත' කියෑවීමට අතට ගත් සැණින්ම හදවත නමින් අවසන් වන ග්‍රන්ථනාමයක්‌ සහිත නවකතාවක්‌ සේ පාඨක මනසෙහි නිරායාසයෙන්ම ඇදී යන්නේ 'ගොළු හදවත' නවකතාවයි. එහෙත් 'ගොළු හදවතේ' වූ තරුණ මනස්‌ ආකර්ෂණය සදානුස්‌මරණීය වශයෙන් තරුණ පරපුර 'ගොළු හදවත' වැළඳගත් ආකාරය 'කුරුලු හදවත' ඇති නොකරයි.

කුරුලු හදවත යනු කුමක්‌ දැයි නවකතාව පඨනය කරද්දී අනාවරණය කෙරේ. දිනසිරි නම් වූ කතානායකයාට එය පෙනෙන්නේ 'කුරුලුගංගොඩින් උරුම වූ කුරුලු විඥානයක්‌' ලෙසිනි. ඒ කුරුලු විඥානය 'කුරුලු හදවතක්‌' සේ ඔහු දකියි. තමාගේම කුරුලු හදවතක්‌ ගැන ඔහු සිතයි. (289 පිට) අමරකීර්ති ගැමි විඥානය, ගැමි ස්‌මෘතිය හා ගැමි සංස්‌කෘතිය සිඳ බිඳ දමන්නේ මේ කුරුලු විඥානය මගිනි. කුරුල්ලකු සංකේතයක්‌ කර ගනිමිනි. දිනසිරි හෙවත් කුරුලුගංගොඩගේ මරණයෙන් පසුව ඔහුගේ 'ප්‍රසිද්ධ වචන හා ප්‍රසිද්ධ කටහඬ' (363 පිට) ඒ ලෙසින් ම අනුකරණය කරන අනුකාරකයෙක්‌ බිහිව සිටී. ඒ ගැන ඇතිවන කතාබහකදී කුරුල්ලා දෙවරක්‌ උපදින බව කියෑවේ. "එක පාරක්‌ බිත්තරේ. ඊට පස්‌සේ බිත්තරෙන් කු=රුලු පැටියා" (363 පිට) නවකතාව අනුව සැබැවින්ම දෙවරක්‌ උපදින්නේ දිනසිරි හෙයින් නවකතාවට කුරුලු බිත්තරය යන නාමය වඩාත් ගැළපෙයි.

කුඹල් කර්මාන්තය ජීවිකා වෘත්තිය කරගත් හද්දා පිටිසර පවුලකින් පැවත එන දිනසිරි, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ විවිධ වැඩසටහන්වලට තැපැල්පත් යවා, සිය ගමේ නම වන වළංගංගොඩ යන්න කුරුලුගංගොඩ කියා වෙනස්‌ කර ගනියි. තෙමේද ඒ නමින් පෙනී සිටියි. එය කුල සන්නමක්‌ ඇති ගමක නමක්‌ වෙනස්‌ කිරීමේ පෞද්ගලික උත්සාහයක්‌ වේ. අවුරුදු හතක්‌ම තැපැල්පත් ලියා ගුවන් විදුලියෙන් ගීත ඉල්ලා සිටින දිනසිරි, ජනප්‍රිය සංස්‌කෘතියේ ගොදුරකට වඩා ජනප්‍රිය සංස්‌කෘතියේ වාහකයෙක්‌ බවට පත්වෙයි. එහෙත් ජනප්‍රිය සංස්‌කෘතිය ගමට ගෙන යන ධනේශ්වරයේ මාධ්‍යකරුවන්ටම කුල සන්නම් ඇති ගම් හා කුල බද්ධ ජීවිකා වෘත්තීන් අවශ්‍ය වන බව නවකතාවේ අවසාන භාගය කරා එළැඹෙන විට පෙනේ. (334 - 341 පිටු) වළං හදන හැටි නැරඹීමට ගමට වන්දනා නඩ හා පාසල් චාරිකා බස්‌ රථ පැමිණෙති. පාවිච්චියට නොගත් සකපෝරු යළිත් කැරකෙයි. වෙනත් රැකියා කළ අය ද මැටි වැඩට බසිති. වළංගංගොඩ කියා ගමේ නම බෝඩ්ලෑලිවල සවි වේ. දිනසිරි හා විවාහ වීමට සූදානම් වෙමින් සිටි දිනසිරිගේ කුලවත් පෙම්වතියට එය ප්‍රේමයේ අත්හදාබැලීමක්‌ යෑයි ද කියෑවේ. (338 පිට)

මෙයින් අප පැහැදිලි කර ගත යුත්තේ කුමක්‌ද? ජනප්‍රිය සංස්‌කෘතිය බෙදාහරින්නන්ට කුලය ඇතුළු කුල බද්ධ ජීවිකා වෘත්තීන් ස්‌වාර්ථය සඳහා යොදා ගැනීමට අවශ්‍යය. ධනේශ්වරයට ද කුලය අවශ්‍ය කෙරේ. එහෙත් අමරකීර්ති සිය නවකතාව මගින් පෙන්වා දෙන්නේ එය නොවේ. කුල ක්‍රමයට එරෙහිව අහිංසක වූද, හුදෙකලා වූද, සිල්ලර විරෝධය පෑමක්‌ කළා වූ දිනසිරි පසුව ධනේශ්වරය මගින් බෙදා හරිනු ලබන ජනප්‍රිය සංස්‌කෘතියේ වින්දිතයෙකු බවට පත් කරමින් හාස්‌යෝත්පාදක අන්දමින්, මනාලිය ඔරුවකින් කැඳවා ගෙන ඒම පුහුණුවද්දී (316 - 348 පිටු) ඔරුව පෙරළා මරා දැමීමයි. අමරකීර්තිගේ "රෙජිමය පෙරළා දැමීමේ" සටනට දිනසිරි වැන්නවුන් අවශ්‍ය නොවෙනවා ඇති. ධනේශ්වරය හා අධිරාජ්‍යවාදය මගින් දෙන ලද අධ්‍යාපනය හා ශිෂ්‍යත්ව ලබා සාර්ථක මිනිසුන් ලෙස හිනිමගේ මුදුන්පෙත්තට නැඟිය හැක්‌කේ අවවරප්‍රසාදිත සම්භවයක්‌ ඇති අතළොස්‌සකට පමණක්‌ විය යුතුය. තමාගේ ක්‌ලබ් එකට එකතුවන වෙනත් අවවරප්‍රසාදිත සම්භවයක්‌ ඇති අයවලුන් ද විවේචනයට ලක්‌කිරීමට පමණක්‌ නොව සාහිත්යිකව මරාදැමීමට ද මොවුනට පුළුවන.

දිනසිරිට අලුතින් ආරම්භ කරන ලද පෞද්ගලික එෆ් . එම්. නාලිකාවක නිෂ්පාදක කණ්‌ඩායමක තනතුරක්‌ ලැබෙන්නේ, අවුරුදු හතක්‌ තිස්‌සේ සතියකට තැපැල්පත් දහයක්‌, විස්‌සක්‌, තිහක්‌ යවා, වැඩසටහන් විසිඑකක නම් ද ඒවායේ නිවේදක, නිෂ්පාදක, පටිගත කිරීමේ ශිල්පියා, සංස්‌කරණ ශිල්පියා ආදීන්ගේ නම් කඩපාඩමින් කීමට දත් ප්‍රවීණතාව සම්මුඛ පරීක්‍ෂණයේදී ප්‍රදර්ශනය කරමිනි. (164 - 165 පිටු) ඔහුට එම වැඩසටහන්වල තේමා වාදන ද කටින් වාදනය කළ හැකිය. (184 පිට) ඉන් එහා දිනසිරි පෙන් වූ කුසලතාවක්‌ නැත. සම්මුඛ සාකච්ඡාකරුවන් එවැන්නක්‌ මතුකර ගන්නේ ද නැත. දිනසිරිගෙන් වැඩසටහන් ගැන යෝජනාවක්‌ ලබා ගන්නේ ඔහු වැඩට පැමිණ මාස දෙක හමාරකටත් වැඩි කලක්‌ ගිය පසුවය. ඒද වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා ය. (176 - 180 පිටු) 'සම්මුඛ පරීක්‍ෂණයට ඉඳගන්න තැන සිටම දිනසිරි තේරීම් කමිටුව විස්‌ම' ගන්වා (162 පිටුව) ඇත්තේ සිය සැලසුම් හා ප්‍රවීණතා දක්‌වා සිටීමෙන් නොවේ. ගම හා නගරය සංස්‌කෘතිකව ආක්‍රමණය කිරීමට ඉදිරිපත් වී ඇති නාලිකාවක තේරීමේ ක්‍රමවේදය පුදුම සහගතය. සම්මුඛ පරීක්‍ෂණය සඳහා මානව සම්පත් අධ්‍යක්‍ෂිකාව ද සිටි බව කියතත් (162) පිට) මෙයින් පෙනෙන්නේ මානව සම්පත් සංවර්ධනය හා සේවකයන් බඳවා ගැනීම හා ඈඳුණු සම්මුඛ සාකච්ඡා ක්‍රමය ගැන නවකතාකරුවාගේ නොදැනුමයි. බඳවා ගැනීමෙන් පසුව ඔවුනට මසකටත් වැඩි කාලයක්‌ 'ට්‍රේනිං ප්‍රොගෑම්ස්‌', 'වර්ක්‌ෂොප්' තිබුණු බැව් පැවසුණ ද, (172 පිට) ඔවුන්ගේ කුසලතා මතුකර ගැනීමට කුමන ආකාරයේ පුහුණුවක්‌ දෙන ලද්දේ ද යන්න පාඨකයාට සිතා ගත නොහැකිය. මාස දෙකහමාරකට පසුව වුවද දිනසිරිගේ හිසට එන්නේ වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා 'බර කරත්ත' හා 'අවතාර' යෑයි සැලකූ මළසොහොනෙන් මතුව ආ අවතාරවල හඬමය (177 - 178 පිටු) මෙයින් අපට සිතාගත හැක්‌කේ පුහුණු කාලය තුළදී ආධුනිකයන්ට ලබා දෙන්නට ඇත්තේ ඔවුන්ගේ මොළ සේදීමකට වඩා තාක්‍ෂණික පුහුණුවක්‌ බවයි. දිනසිරි කුරුලු බවට පත්වන්නේ මේ අනුවයි.
දසක ගණනාවක්‌ ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ හද දිනා ගත් වැඩසටහන් හා විශිෂ්ට ගුවන් විදුලි ශිල්පීන් වැඩසටහන් අධ්‍යක්‍ෂවරයාට පෙනෙන්නේ 'බරකරත්ත' හා 'අවතාර' ලෙසිනි. 'කුරුලු ඔයාට වෙලා තියෙන්නෙ ඔය මිනිස්‌සු යක්‌කු වගේ ඔයාට ආවේශ වෙලා ඉන්න එක. එයාලව අමතක කරන්න. මුවන්පැලැස්‌ස, මොණරතැන්න එව්ව දැන් ඉවරයි. බරකරත්ත දැන් ඉවරයි වගේ. එව්ව සම්පූර්ණයෙන් අමතක කරන්න" "අමතක කරල දාන්ඩ ඔය මතුර මතුර ඉන්න නම් ටික" (177 පිට)
අමරකීර්ති මෙසේ 'මළ සොහොනෙන් මතුව ආ අවතාර' ලෙස දක්‌වන්නේ අහිංසක ශ්‍රාවකයන්ගේ ජන විඥානය හා බැඳුණු වැඩසටහන් හා ශිල්පීන්ය. මේ වැඩසටහන් හා ශිල්පීන් හා ඒකාත්මිකව සිටි දිනසිරි මේ අදහස්‌වලට විරෝධය නොපායි. ඔහුට ඒ පිළිබඳව කිසිදු දුකක්‌ හෝ පසුතැවිල්ලක්‌ ඇති නොවේ. අලුත් සමාජයකට ඉහළ සමාජ සංචලතාවකට ඇතුළුවීමේ දොරටුව විවෘත වී ඇති බවක්‌ ද ඔහුට මුලදී නොදැනෙන හෙයින් කුරුලු හදවත චරිත ගොඩනැඟීමේ හා චරිතවල අභ්‍යන්තර ගැටුම් දැක්‌වීමේදී හා චරිත විකාසනයේදී නවකතාකරුවා දක්‌වා ඇත්තේ අතිශය දුර්වලතාවන් ය. මේ නවකතාකරුවෝ පේරාදෙණියේ උසස්‌ විභාගවලට නවකතාව ගැන උගන්වන ඇදුරෝ ද වෙති.

දිනසිරි තමාට නුහුරු කොළඹ නාගරික සංස්‌කෘතියට අනුවර්තනය වීම විටෙක හාස්‍යයක්‌ ගෙන දුන්නද, ඔහු පාවිච්චි කරනු ලබන්නේ 'ගම අල්ලන වැඩසටහන්' සඳහා ය. (184 පිට) වැඩිකල් නොගොසින් ඔහු ග්‍රාමීය සංස්‌කෘතිය පිළිබඳ විශේෂඥ ජනමාධ්‍යවේදියකු සේ ප්‍රකට වේ. (187 පිට) තමා මෙතෙක්‌ සිට ඇත්තේ රත්තරන් කන්දක්‌ උඩ නිදාගෙන බව ඔහුට වැටහී යයි. මේ රත්තරන් කන්ද නම් ඔහු වැඩසටහන් කීපයක්‌ම කළ තමා ඉපිද හැදී වැඩුණු කුරුලුපාළුවයි.

අමරකීර්ති මේ සිනාසෙන්නේ ගැමි සංස්‌කෘතියටයි. අපි දිනසිරිගේ අතීතය දෙස විමසා බලමු. ඔහු විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිට අසමත් වූවෙකි. සිය දෙමාපියන්ගේ කුඹල් කර්මාන්තයට සහාය දෙමින් ගුවන් විදුලියෙන් ගීත ඉල්ලා තැපැල්පත් යෑවූ අයෙකි. ගමේ ජීවත් වුවද, ගමේ භූ විෂමතාව, ඉතිහාසය, භූමි පරිභෝජනය හෝ ජනශ්‍රැති පිළිබඳව නිකමට හෝ සිත යොමු නොකළ අයෙකි. පාසලේදී වුව කථික තරගවලට සහභාගි වී සිය මුඛරිකම, වාචාලකම ප්‍රදර්ශනය නොකළ ශිෂ්‍යයෙකි. තමාට කොකු ගැසීමට එන ඡේ. වී. පී. කාරයා නිවේදකයෙකු යි සිතූ අමනයෙකි. (123 පිට) ඔහුට අහගෙන ඉඳීම මිස කියවා බැලීම (කියවීම) ආස්‌වාදජනක නොවීය. (124 පිට) එනම් ඔහු පාඨකයෙක්‌ හෝ නොවීය. ''සහෝදරය වගේ දක්‍ෂ සහෝදරවරු මැටි අන අන ඉන්න ඕන නෑනෙ" යි ඡේ. වී. පී. කාඩර්වරයා කියද්දී (125 පිට) දිනසිරි කියන්නේ තමා තැපැල්පත් ලියන බවයි (127 පිට) දිනසිරි හංස සංදේශයේ සුපතළ කාව්‍ය පාඨයක්‌ හෝ නොදත් රස විහීනයෙකි. "තොපි හංසෙ කටපාඩම් කරලා කැම්පස්‌ ආව කියන එකනෙ ඔය පෙන්නන්ඩ හදන්නෙ" මධුවන්ති තරවටු කළේ හංස විහිළුව දිනසිරිට නොතේරෙන එක වළක්‌වන්නට" (261 පිට) (මධුවන්ති යනු දිනසිරිගේ නැඟණියයි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකි. සිය සොයුරාට කුලීන පවුලක ශිෂ්‍යාවක ජෝඩු කරන්නේ ද ඇයයි.) ග්‍රාමීය සංස්‌කෘතිය ගැන විශේෂඥ ජනමාධ්‍යවේදියකු වී ඇත්තේ මෙබඳු අයෙකි. අමරකීර්ති දිනසිරි යොදා ගනිමින් කියන්නේ සිංහල ගැමි සංස්‌කෘතිය යනු ඕනෑම අමනයෙකුට විශේෂඥයකු ලෙස පෙනී සිටීමට ඉඩ සලසන විෂය ක්‍ෂේත්‍රයක්‌ බව නොවේද?. නවකතාකරුවා මේ පහර ගසන්නේ කීර්තිමත් ජනශ්‍රැතිවේදීන් හා පෙර යුගයේ මහාචාර්යවරුන්ට නොවේද?

දිනසිරි කුරුලු පාළුව ගැන ද කතා කරයි. (185 - 188 පිටු) අමරකීර්තිට කුරුලුපාළුව පිළිබඳව හරි වැටහීමක්‌ නැත. නො එසේ නම් ඔහු එහි සමාජ විද්‍යාත්මක, භූමි පරිභෝගමය හා පාරිසරික වැදගත්කම වුවමනාවෙන්ම යටගස්‌වයි. වළං හදන අය පදිංචියට එන්ඩ කලින් එතන කැලෑ රොදක්‌ වගේ ඉතුරු කෙරුව කුරුළු පාළුවක්‌ විදියට. ඒකනෙ ඔතන අර ඇතුළට වෙන්න ලියදි හතරක්‌ පහක්‌ තියෙන්නේ. වපුරන මිනිස්‌සු එව්වට වී ටිකක්‌ ඉහාගෙන යන්නේ පැළ වුණොත් පැළවෙච්චාවෙ. පැළවෙලා පැහුණොත් කුරුල්ලොම කාපුවාවෙ කියල. කුරුලුපාළුවක්‌ කිව්වට ඕකට 'සත්තු පාළුව' කිව්වත් වරදක්‌ නෑ. හාවො, මීමින්නො, ඉත්තෑවො, මුගටි, නයි, පොළොංගු අරුං මුං ඕකෙ උන්නෙ. ඕක ඉතුරු කරපු හින්දා ඒ සත්තුන්ට කුඹුරට හානි කරන්ඩ එන්ඩ ඕන නෑ. එන්න ඕනෙ කමක්‌ නැතිවට ඕනෑ තරං එනවා. ඔතන ඔහොම ඉතුරු කෙරුවෙ කළුගල් පර හින්දා ලියදි අස්‌වද්දන්ඩත් බැරි හින්දා. දමින්න, අඹ, කොස්‌, පලු වගේ ලොකු ගසුත්, පොඩි සිංඥමරං, වේ, බාලොලියා, එරමිණියා, වගේ වැල් යායවලුත් එක්‌ක ඒ බිම්කඩ ඉතුරු කෙරුවෙ සතා සිව්පාවට කුරුල්ලන්ට ඉන්ඩ. වෙලේ වැඩ කරන උදවියට හෙවණට ඉන්ඩ (36 - 37 පිටු) කුරුලු පාළුව ගැන අමරකීර්තිගේ අර්ථ දැක්‌වීම ගැන දිගින් දිගට කතා කළ යුතු නැත. කුඩා දරුවෙකුට පවා මෙහි ඇති සාවද්‍යතාවය වැටහෙයි. අමරකීර්තිගේ කුරුලුපාළුවේ ගල් පර්වතද තිබේ. ලියදිද තිබේ. රූස්‌ස ගස්‌ වැල් ද තිබේ. වන සත්තු හා සර්පයෝ ද සිටිති. ගොවීන් එයට වී ඉහින්නේ පැළ වුණොත් පැළ වෙච්චාවෙ කියා ය.
කුරුලු හදවත ශාස්‌ත්‍රීය ග්‍රන්ථයක්‌ නොවූවද, අමරකීර්ති කුරුලුපාළුව දුටු ලෙසින් අධිරාජ්‍යවාදී ලේඛකයන් හෝ දැක නැත. අමරකීර්තිට අවශ්‍ය ගැමි සංස්‌කෘතික, ගැමි සංස්‌කෘතියට පදනම්වලට කුරුලු පාළුවෙන් පවා පෙන්නුම් කරන ගැමි අධ්‍යාත්මයට පහර දීමයි.

උතුරු මැද පළාතේ දිසාපතිවරයා වූ ආර්. ඩබ්ලිව්. අයිවර්ස්‌ සිය Manual of the north central province (1899) මගින් කුරුලු පාළුව ගැන මෙසේ කියයි. "ඒ ඒ කුඹුරු පන්තියේ වැව පැත්තේ මායිමෙන් ඉඩම් කට්‌ටි අයිතිකරුවන්ට කුරුල්ලන්ගෙන් ඇතිවන ආලාපාලු සමනය කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් පංගුවක අඩක්‌ පමණ වෙන් කර දී ඇති හරියට කියන්නේ කුරුලු පාළුව කියා ය. සාමාන්‍යයෙන් මේ කෙළවර කුඹුරු කැබලි ගමරාළලාට අයිති නිසා බොහෝ විට කුරුලුපාළුව වෙන් කර දී ඇත්තේ ගමරාළලාටමය. (354 පිට( පරිවර්තනය තෙන්නකෝන් 2005) මේ අනුව කුඹුරුයායේ ඉහළ ඇලපතට ඉහළින්ද, පහළ ඇලපතට පහළින් ද කුරුලුපාළුව විය. සමහර විට කුරුලුපාළුව පොට හතර කෙළවරහිදී ද දක්‌නට ලැබුණු බව සිංහල සිරිත් සඟරාව උපුටා දක්‌වමින් පීරිස්‌ (1956) කියයි. පියසේන කහඳගමගේගේ කුඹුර (1997) නමැති ග්‍රන්ථයේ මෙසේ දැක්‌වේ. කුඹුරු වැපිරීමේදී කුරුලු කොබෙයියන් වෙනුවෙන් ලියදි කීපයක්‌ වෙන් කිරීමට පැරණි ගොවීහු පුරුදුව සිටියෝ ය. ඔවුහු වනාත අද්දර ලියදි පෙළ කුරුලු පාළුව ලෙස සැලකූහ. කුරුලු කොබෙයියන් කුඹුරේ වෙසෙන පණුවන් ගිල දමා පළිබෝධ පාලනයට ගොවියාට උදව් වේ. ඒ බව දත් ගොවීහු ඔවුන්ට ද අස්‌වැන්නෙන් කොටස්‌ අයත් යෑයි සලකමින් කුරුලු පාළුව නමින් කොටසක්‌ වෙන් කළහ. පරිසරයේ සමතුලිත බව රැක ගැනීමට පක්‍ෂීන්ගේ පැවැත්ම අත්‍යවශ්‍ය බව සිංහල ගොවියා දැන සිටි බව කුරුලුපාළුව සාධකයක්‌ වේ. එසේම ගොවියාගේ සත්ත්ව කරුණාව ද කුරුලු පාළුව කියා පෑවේය. (111 පිට) "මේවා කුරුල්ලන්ගෙන් වන හානියට වන්දිය යන අරුතින් කුරුලු පාළු යනුවෙන් හැඳින්විණ" (112 පිට) එය ප්‍රශස්‌ත භූමි පරිභෝජන සැලැස්‌මක්‌ පෙන්වන අතර, සතුන් සමඟ පවා අස්‌වැන්න බෙදා ගැනීමේ අල්පේච්ඡ ජීවිතය ගැන කියයි. කුරුල්ලන්ට වෙනමම තීරුවක්‌ වෙන් කොට මහා වගාවක්‌ බේරා ගැනීමේ ක්‍රමවේදයක්‌ ද එහි ඇත.
මෙසේ අමරකීර්ති ගොවි සංස්‌කෘතියේ උදාරතර අංගයක්‌ විකෘති අර්ථකථන දී උපහාසයට නංවයි. නවකතාකරුවාට සිය සංස්‌කෘතිය උපහාසයට නැංවීම සඳහා ද සිය නවකතාව යොදා ගත හැකි බව අප අමතක කළ යුතු නැත. සමහර විට අමරකීර්ති මවන වළංගංගොඩ ජනයා කිසියම් බිම්කඩකට කුරුලුපාළුව යෑයි වරදවා භාවිත කරන්නට ඇත. එහෙත් අචෙබෙ කී ලෙසින් නවකතාකරුවා යනු ගුරුවරයකු ද වන හෙයින් (අපේ රටේ ගුරුවරුන්ගේ අර්ථයෙන් නොවේ.) අමරකීර්තිට එය නිවැරැදි කිරීමට කොතෙකුත් ඉඩකඩ තිබිණ. එහෙත් ඔහු වරද දැන දැන කුරුලුපාළුව යයි යොදා ඇත්තේ "ග්‍රාමීය සංස්‌කෘතිය පිළිබඳ විශේෂඥ ජනමාධ්‍යවේදීන්ට" පහර ගැසීමට වඩා කුරුලුපාළුව යන්නෙහි සංස්‌කෘතික අරුත හා ඒ හා බැඳුණු ජන විඥානයට පහර ගැසීමට බව මේ වැඩසටහන් ඇති කරන රැළිනැංවීමේ ක්‍රියාවලියෙන් පෙනේ. දිනසිරි කියන්නේ සිය ගමේ කුරුලුපාළුව කුරුලු හිසක හැඩේට සකසා ඇති බවයි. එය බහුබූත කතාවකි. මේ වැඩසටහන අහපු ඇතැම් ගම්වල අයටත් තම තම ගම්වල කුරුලුපාළු කුරුලු හිස්‌ වගේ පේන්න පටන් ගත්තා. මේ කුරුලු හිස කුමන කුරුල්ලෙකුට අයිතිද යන්න පිළිබඳ විවාදයක්‌ පැන නැග්ගා. ඒ මොණර හිසක්‌ බව පිරිසක්‌ වාද කළා. උකුසු හිසක්‌ බව තව පිරිසක්‌ කිව්වා. වෙල් යාය පාළු කරන්නට අහසින් එන කුරුලු රෑන් මේ උකුසු හිස දැක පලා යන නිසා කුඹුරු යාය බේරෙන බව ඔවුන් කිව්වා. මේ සිංහලයන්ගේ අතීත කෘෂි තාක්‍ෂණයේ පිවිතුරු අංගයක්‌ බව ජනඥාන විශේෂඥවරු පෙන්නල දුන්නා. (188 පිට)
අමරකීර්ති මෙසේ අධිරාජ්‍යවාදී සුදු නිලධාරීන් පවා නොකළ ලෙසින් ගැමි ජන විඥානය උපහාසයට නංවයි. ගම්වලට නම් වැටුණු හැටි ගැන කියන වැඩසටහනක්‌ ගැන කියමින් අමරකීර්ති මෙසේ අවලාද නගයි. පරණ පිදුරු ගොඩවල අරුම පුදුම රස ඇති බිම්මල් පිපෙන්නාක්‌ මෙන් ගමේ සාමූහික මතකයේ පිදුරු කඳුවලින් රසවත් කතාන්දර මතුව ආවා. (189 පිට) ඔහුට ගමේ සාමූහික ස්‌මෘතිය පරණ පිදුරු කන්දක්‌ වේ. එය ගිනි තබා විනාශ කළ යුතුය. අමරකීර්ති මාකේස්‌ මිය ගිය විට ඉරිදා පුවත්පතකට ලියමින් කණාමුට්‌ටිය බිඳීමේ තරගයට මාකේස්‌ වුව කැමැති වන්නට ඉඩ ඇතැයි ලීවේද මේ චින්තනයෙහි පිහිටා ය. ගැමියන්ගේ සාමූහිකත්වය, පීඩකයන්ට එරෙහිව යැම, තර්ක ඥානය, ගණිත ඥානය විශ්ලේෂණතාත්මක නිපුණතා හා සංවාද කලාප පෙන්නුම් කරන කොතෙකුත් ක්‍රීඩා තිබියදී අමරකීර්තිට සන්දර්ශනකාමීන් විසින් අවුරුදු උත්සවවලට එක්‌ කරන ලද කණාමුට්‌ටි බිඳීම වැනි නිරර්ථක ක්‍රීඩාවක්‌ වැදගත් වන්නේ සාමූහික ස්‌මෘතිය පිදුරුගොඩක සැඟවීම ඔහුගේ අපේක්‍ෂාවක්‌ වන නිසා බව පැහැදිලිය.

ගැමියන්ගේ සාමූහික ස්‌මෘතියට පහර ගැසීමට අමරකීර්ති මුත්තු අත්තා නම් කවට චරිතය ද යොදා ගනියි. (194 - 201 පිටු) මුත්තු අත්තා සතුන් දඩයම් කරන, කුණුහරුප කියන, කසිප්පු බොන, ගෑනුන්ගේ පියයුරු හා පස්‌ස අතගාන මහලු බත් බැලයෙකි. කුරුලු පාළුව ගැන ඔහු ද සිය කවට අර්ථකථනය දෙයි. (197 පිට) ගොවීන් ගොවිතැන් කරන ආකාරයේ ඔය කියන පරමාදර්ශීය බවක්‌ නැතැයි පවසයි. (273 - 280 පිටු) මේ හඬ අමරකීර්තිගේ හඬයි. වට්‌ටෝරු චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක මෝඩ කවටයා බඳු මුත්තු අත්තා, කුරුලුගංගොඩ ආපසු වළංගම වූ විට සංචාරක බස්‌වලින් පැමිණෙන ළමයින්ට ඉතිහාස කතා කියන්නේ (339 පිට) මේ වර්ගයේ අයගේ අවසානය මෙසේ මේ යයි දක්‌වමිනි.

ප්‍රේමකීර්ති ද අල්විස්‌ගේ ඝාතනය අමරකීර්තිට සාමාන්‍ය සිද්ධියක්‌ වී ඇති අයුරු ද සලකා බැලීම වටී. ප්‍රේමකීර්ති ද අල්විස්‌ සදහටම නිහඬ කෙරුණා. මෙසේ මතකයෙන් මැකී යන ප්‍රසිද්ධ නම් අතර එක්‌ නමක්‌ පමණක්‌ තව තවත් ප්‍රසිද්ධ වුණා. ඒ දිනසිරි කුරුලුගංගොඩ. (159 පිට) ප්‍රේමකීර්තිගේ මරණය හුදෙකලා සිදුවීමක්‌ නොවේ. දකුණ භීෂණයට පත් කළ එක්‌ අඳුරු යුගයක තවත් ප්‍රකාශිතයකි. ඒ සමග මුසුව ඇත්තේ ලේ වැගිරීම් හා ඝාතනය. ප්‍රේමකීර්ති යනු බහුවිධ කුසලතා පිරිපුන් ශිල්පියෙකි. ඔහුගේ මරණයෙන් ඇති වූයේ කියා නිම කළ නොහැකි හිඩැසකි. අමරකීර්තිට ඔහු මතකයෙන් මැකී යන ප්‍රසිද්ධ නමකි. ඔහු ඒ අඩුව පුරවන්නේ දිනසිරි නම් පඹයකුගෙනි. ප්‍රේමකීර්ති දිනසිරි මෙන් ජනප්‍රියත්වය හඹා නොගියේය. ජනප්‍රියත්වය පතා වැඩසටහන්වල ප්‍රමිතිය පහළ නොදැම්මේය. දිනසිරිට මෙන් භෞතික, ආර්ථික හා කාම සම්පත් ඔහුට නොලැබුණේ ය. දිනසිරි සාර්ථක වන්නේ ප්‍රේමකීර්තිගේ වචන උච්චාරණ රිද්මය අනුකරණය කරමිනි. (210 පිට) අද ප්‍රේමකීර්ති ගැන පොත් ලියන්නෝද, උත්සව පවත්වන්නෝ ද මේ පොත් තේරීමට එක්‌වී සිටිති.
ඉන් පසුව අමරකීර්ති දේශීයත්වයට පහර ගසන්නේ දිනසිරි බහුජාතික සමාගමක ප්‍රචාරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ප්‍රචාරකයා කරමිනි (214 පිට) පෝර, කෘමිනාශක , ට්‍රැක්‌ටර්. ආදී කෘෂි යෙදවුම්වල ප්‍රචාරකයා ලෙස අමරකීර්ති ප්‍රති - නිර්මාණය කරන්නේ කවරෙකුදැයි වටහා ගැනීම අපහසු නැත. (222 - 224 පිටු)
දැන් 'ජාතිකත්වය', 'දේශීයත්වය', 'සම්ප්‍රදාය' හා 'අතීතය' ගැන කතා කරන්නේ දිනසිරි යොදාගත් බහුජාතික සමාගමයි. (223 පිට) අමරකීර්ති මෙතෙන්හිදී 'ලංකාවේ බොදු ගොවි' ක්‍රම නම් නින්දා සූචක වදන් යොදයි. මේ බොදු ගොවි ක්‍රමයට බහුජාතික සමාගම ගෙන්වන පොහොර, කෘමිනාශක, වල්නාශක, කෘෂි උපකරණ අවශ්‍ය කෙරේ. බොදු ගොවි ක්‍රමය නම් නින්දා සූචකය අරුත් ගැන්වීමට අමරකීර්ති යොදාගෙන ඇත්තේ 'කමත් හෑල්ලේ' කවිය. (226 පිට) ඔහුට ජනකවිය ද විසකුරුය. කොහේවත් නොමැති බොදු ගොවි ක්‍රමයක්‌ ගැන අමරකීර්ති කියන්නේ සිංහලයා පෙළීමේ පරපීඩක අර්ථයෙනි. ඔහුට ක්‍රිස්‌තියානුවන් පවත්වන 'අස්‌වනු මංගල්‍යය' ගැන වැටහීමක්‌ නැත. 'නික්‌මයැම' ශූද්ධ වූ මතෙව්, ලූක්‌ ආදී බයිබලයේ කොටස්‌ කියවා ඇත්නම් ඔහුට ක්‍රිස්‌තියානි ධර්ම ග්‍රන්ථවල ඒ ගැන සඳහන් වී ඇති අයුරු දැනගත හැකිය.

අමරකීර්ති දේශීයත්වයට පහර ගසන්නේ දිනසිරි බහුජාතික සමාගමේ ප්‍රචාරණ ව්‍යාපෘතියේදී 'දේශීය', 'මවුබිම', 'සුජාත', 'මවුපොළොව', ජාතියේ විරුවන්ගේ සිංහල ලේ වලින් පෝෂිත 'මවුබිම', 'පවිත්‍රත්වය', 'පිරිසිදුකම', 'නීරෝගී පැරැණි හෙළයා' ආදී යෙදුම් භාවිත කළ බව පෙන්වමිනි. ඒවාට ජාත්‍යන්තර නොවන සමාගම්වලින් ද ඉල්ලුමක්‌ ආ බව කියමිනි. (251 - 252 පිටු) ඔහු එය තීව්‍ර කරන්නේ නියම ජාතිකත්වයේ පපඩම්, 'සුජාත දේශීය බීඩි', නොඉඳුල් සිංහල හාල්', විජාතික නොවන විස්‌කෝතුවක්‌, ගමෙන් ගෙනා නූඩ්ල්ස්‌, දේශීයත්වයේ සුවඳ රැඳුණු මදුරු දඟර" වැනි දැන්වීම් සඳහා දිනසිරි සිය කටහඬ හා රූපය දුන් බව කියමිනි. (252 පිට) මේ සියල්ල විකල් මනසක පහළ වූ භාණ්‌ඩ බව පාඨකයාට නිරායාසයෙන් ම වැටහෙයි. මෙය නම් වෛරය මිස වෙනත් කිසිවක්‌ නොවේ.

මෙය දැන්වීම් කලාව හා ප්‍රචාරණය කරා අප යොමු කරවයි. ජනප්‍රිය සංස්‌කෘතියේ හා පූර්ණ තරගකාරී හා කතිපයාධිකාරී ආර්ථිකයේ අනිවාර්ය අංගයක්‌ වන දැන්වීම් කලාව හා ප්‍රචාරණය කෙසේ සකස්‌ විය යුතු ද යන්න ගැන ව්‍යාපාරිකයෝ සිය අවධානය යොමු කරති. තමනට අවශ්‍ය බටහිර හෝ ඉන්දියානු දැන්වීම් කලාවේ අනුකරණයක්‌ ද, නො එසේ නම් භාණ්‌ඩ නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් අමතන වෙළෙඳපොළ ඛණ්‌ඩය කුමක්‌ද යන්න ඔවුන් විසින් හඳුනාගත යුත්තකි. එහෙත් ජාතිකත්වයේ පපඩම්, සුජාත බීඩි, දේශීයත්වයේ සුවඳ රැඳුණු මදුරු දඟර විකුණන අමන ව්‍යාපාරිකයන් තවමත් මෙරට බිහි වී නැත. මේවා කවටයන්ගේ කවට කතාය.

බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පවත්වන ලද විරෝධතා පෙළපාලියක්‌ ද අමරකීර්ති උපහාසයට නංවයි. (252 - 253 පිටු) විරෝධතාකරුවන් අත ඇති සටන් පුවරුවල ඇත්තේද දිනසිරිගේ 'සංකල්පනා' ය. සියල්ල දිනසිරිගේ ගුවන් විදුලි වැඩසටහන්වල හා ප්‍රචාරණ ව්‍යාපෘතිවල භාවිත වන වචනය. දේශීය කුරක්‌කන් පිටි සමාගම් ද විදේශීය කිරිපිටි සමාගම් ද පොරකකා ඉල්ලන වචන" ය. (253 පිට) ජනප්‍රිය සංස්‌කෘතිය හා අධිරාජ්‍ය විරෝධය එකක්‌ වූ බව අමරකීර්ති කියයි. තව අවුරුදු කීපයක්‌ යනකොට රටම හිතන්නේ ඔයාගෙ වචනවලින්. (253 පිට) අමරකීර්තිට අවශ්‍ය වී ඇත්තේ මැටි තලා තැපැල්පත් යෑවූ බඩගෝස්‌තරවාදියෙකුගේ හඬ රටේ හඬ බවට පත්වනු දැකීමය. අද අධ්‍යාපන මණ්‌ඩලවල ඇත්තේද දිනසිරි වැනි බඩගෝස්‌තරවාදීන් නිසා මොවුනට අධ්‍යාපන ක්‍ෂේත්‍රය ද වනසා දැමිය හැකිය. එතෙකින් නොනැවතී අමරකීර්ති දිනසිරිගේ බස හදබසක්‌ යෑයි කියයි. (259 පිට) නවකතාවක්‌ ලිවීමේ මුවාවෙන් අමරකීර්ති තමා විසින් තැලිය යුත්තන්ට මෙසේ තලයි. අමරකීර්තිට මේ ආකාරයෙන් උපහාස නැංවිය හැකිව ඇත්තේ ආණ්‌ඩුව හා එක්‌ වී පූතිමාංශය වළඳන ගිරාපෝතකයන් නිසා බව පැහැදිලිය. සරත් නමැති පුනරුත්ථාපනය වී ඇති ඡේ. වී. පී. කැරලිකරුවා (දිනසිරිගේ නැඟණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වා ගන්නා ඔහු දැන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි.) දිනසිරිට ලියමින් දිනසිරිගේ ක්‍රියාවේ ආදීනව පැහැදිලි කළත්, (293 - 297 පිටු) නවකතාව මතු කරන්නේ දිනසිරිගේ විප්ලවයයි. සරත් පවා කියන්නේ දිනසිරි කුරුලුගංගොඩ ලංකා සිතියමට එකතු කර ඒ කුල පීඩිත ගමට ගෞරවයක්‌ දිනා දී 'පුංචි විප්ලවයක්‌' කළ බවයි. (295 පිට) විප්ලව කරමින් ආණ්‌ඩු බලය අතට ගැනීමට ගිය කැරලිකරුවන්ට අද විප්ලව වී ඇත්තේ මේවාය. සරත්ගේ ලියුම පුරා ඇත්තේ එන්. ජී. ඕ හඬයි. එය එන්. ජී. ඕ.වක දේශපාලන ලියවිල්ලක්‌ බඳුය. රූපාන්තරණය වූ කැරලිකරුවන් ද මේ ලියුම ඔස්‌සේ හඳුනාගත හැකිය. එය අමරකීර්තිගේද හඬ වෙයි. වැඩසටහන් අධ්‍යක්‍ෂවරයාට ඇත්තේ මොවුන් ගැන නිවැරැදි අවබෝධයකි. ඔහු මෙසේ කියයි. කුරුලු මේ වගේ උන් තරහ කරගන්න හොඳ නෑ. මුං අලුත් තියරි කෑලි එහෙම දන්නවනෙ. උඹට තියන්නෙ මේකගෙ වචන සෙට්‌ එකත් අඹරල ගන්නෙකයි අපේ වැඩවලට " (302 පිට)

සරත් වුව බරපතළ ලෙස ගණන්ගත යුතු පුද්ගලයෙක්‌ නොවේ. ඔහු දිනසිරි විශ්ලේෂණය කරමින් ලබන්නේ අධිකාරිවාදී තෘප්තියකි. සුරතාන්ත ප්‍රමෝදය වැනි සතුටකි. එය දිනසිරිගේම නංගිගෙ සිරුර විඳීමෙන් ලබන සතුටට වැඩි සතුටකි. (324 පිට) දිනසිරි හා භාග්‍යයාගේ මංගල්ලය වෙනුවෙන් ඡායාරූප ගැනීමට සරසවි උයනේ විසිතුරු තැන් සෙවීමේ ජනප්‍රිය සංස්‌කෘතියේ මංගල කලාවට ඔහුද එක්‌වෙයි. (317 - 322 පිටු)
අමරකීර්ති කුල ක්‍රමය ගැන සිතන ආකාරය ද විමසා බලනු වටී. නවකතාව තරමක කුල පීඩනයක්‌ පෙන්නුම් කළ ද දිනසිරි විවාහ වීමට යන්නේ කුලීන තරුණියක සමඟිනි. (268 පිට) විශ්‍රාමලත් කැරලිකාරයකු වන සරත් දිනසිරිගේ නැඟණිය සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කර ගත්තේ ඇයගේ වාසගම ආදිය දැනගෙන සමකුල ප්‍රේමයකිනි. (246 පිට) පැරණි චිත්‍රපටයකදී මෙන් දිනසිරි ද උසස්‌ කුලයකට අයත් වන සිරිමලී මැණිකේගේ පියාගේ අවජාතක දියණියකගේ පුත්‍රයා බව කියෑවේ. (200 පිට, 356, 358 පිටු) කුල සන්නම මකා දැමීමට කොතරම් උත්සාහ ගත්තත් ධනෝපායන ව්‍යාපෘති සමඟ යළිත් කුලය අවශ්‍ය කෙරෙන බව අමරකීර්ති කියයි. (339 - 341 පිටු) ගම යළිත් වළංගංගොඩ කියා නම් කෙර්. ඒ බෝඩ් ලෑල්ල වෙනස්‌ කිරීමට දිනසිරිට වුව 'ආත්ම විශ්වායක්‌ නැත' (341 පිට)
අමරකීර්ති ස්‌ත්‍රිය කෙළිබඩුවක්‌ සේ සලකන අයුරු පෙනේ. දිනසිරිගේ වසඟයට පත් වූ තරුණියන්ගේ ගණන අපමණය. (216 - 217 පිටු) මල්ලී මේ රටේ හොයා ගන්ඩ ලේසිම දේ ගෑනු (217 පිට) "තව ටික කාලයක්‌ ඇතුළත මේ සුරූපී යෞවනිය කන්‍යාභාවය පිළිබඳ ගතානුගතික අදහස්‌ අත්හළ වහාම (222 පිට) "තං කියන්නෙ බොල මල් පැළ වගේ තමයි අතගාල හදාගන්ඩෝනෑ" (279 පිට) භාග්‍යා දිනසිරි සමඟ විවාහ වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව අසා වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා දෙන අවවාදය මෙසේය. "කඩපං..... එතකොට යන්නෑ" (304 පිට)

මෑත කාලයේදී හඩුබසින් ලියන ලද නවකතාවකට කදිම උදාහරණයක්‌ වන්නේ කුරුලු හදවතයි. කතුවරයා සිංහල කථිකාචාර්යවරයකු වීම මෙහි ඇති ඛේදජනක තත්ත්වයයි. ලිපිය තවත් දිග්ගැස්‌සෙන හෙයින් ඒ ගැන ලිවීමෙන් වැළකී සිටිමු. "ලියදිඔල" (36) ද වල්ලිඳල (49) ලැබිච්චෙකක්‌ (48) බට්‌ටිකක්‌ (60) ආදී වශයෙන් වචන උච්චාරණය වන ආකාරය අනුව අකුරු ලියා තිබුණද, එය කෘත්‍රිම බවක්‌ ගන්නේ නවකතාකරුවාට හැම විටම එසේ සන්ධි වීම දැක්‌වීමට නොහැකි වන නිසාය. ඔහු පාස්‌සන "එක්‌ගෙඩියාව" (298) පෙරකැවිල්ල (324) යන ප්‍රතිවිරුද්ධ පද ඔහුටම සීමා වී අභාවයට පත්වනු නිසැකය.

නවකතාකරුවාට නවකතාව අවසන් කළ යුතු තැන ගැන පැහැදිලි අවබෝධයක්‌ ඇති බැව් නොපෙනේ. දිනසිරිගේ මරණයෙන් පසුව මෙම ව්‍යාපෘති අවසන් නොවන බව පැවසීමට කතුවරයාට අවශ්‍ය වී ඇතත්, ඉන් සිදු වී ඇත්තේ කතුවරයා බලාපොරොත්තු නොවූ දෙයකි. කුරුලු ගංගොඩ වෙනුවට ඔහුගේ තැන ගැනීමට පොඩි කුරුලු කෙනෙක්‌ පහළ වී සිටියි. (362 පිට) මොහු නම් සාම ව්‍යාපෘතියක වැඩ කළ ගැටුම් නිරාකරණය හා බලය බෙදාහැරීම ගැන වැඩ කරන ප්‍රකට රාජ්‍ය නොවන සංවිධානයක වැඩමුළු සංවිධානය කළ අයෙකි. අද අපි බත් කමු යි (362 පිට) කීමට එක්‌ව ඇත්තේ ද ඔහුමය. මොවුන්ගේ විරෝධය හා ගැටුම් නිරාකරණය යනු "කැඳවීම ලැබෙන තුරුය" යන්න යළිත් ප්‍රත්‍යක්‍ෂ වෙයි. ජනප්‍රිය සංස්‌කෘතිය රටට කරන විනාශය පැහැදිලි කිරීමට ලැබුණු මාහැඟි අවස්‌ථාව අමරකීර්ති "කටුස්‌සා සිය මවගේ අවමංගල්‍යය විනාශ කළ පරිද්දෙන්" විනාශ කරගෙන තිබේ.
 

-යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

8 comments :

  1. විමලසේන9/16/2014 8:57 AM

    මේ සම්මාන ලබන හා සම්මාන දෙන ගස් ගොබ්බයන්ට ඇත්තේ එකම ලෙඩකි. ඒ මේ ජාතියට, සිංහලත්වයට, බෞද්ධත්වයට වෛර කිරීමයි. මොවුන් මේ තතවයට පත්වන්නට මොවුන්ගේ ළමා අවදියේ ලැබූ අමිහිරි අත්දැකීම් පාදක වී ඇති බව මේ එක එකාගේ වත ගොත සොයා බැලුවහොත් අනුමාන කර ගත හැකිය. මුන්ට මහාවංශය අඳූකොළය, සිංහලත්වය පිටුදැකිය යුත්තකි. එක හඳගමයෙකුට කාලයක් ස්ම්මාන් පිට සම්මාන ලැබුනි. ඔහුගේ චිත්‍රපට දර්ශනය කුමක්ද? එහි සාරාංශය නම් සිංහලයාට ලිංගික අවුලක් ඇත යන්නයි. සිංහලයාට බෑ කියන්නට දිගින් දිගටම ඔහු අව-නිර්මාණ කලේය. සිංහලත්වයට විරුද්ධ උන් ඌ සම්මානයෙන් පිදීය. ඒ චිත්‍රපට බැලූ සාමාන්‍යය ජනයාට ඇති වූයේ අපුලකි. දැන් හෙළි වී ඇත්තේ කුමක්ද? ඔහුට බැරි බවය. තමාට බැරි වී ඇත්තේ තමා සිංහලයෙක් නිසා යයි ඔහු සිතුවේය. ඉතින් සිංහලයාට බැරිය කියන්නට ඔහු චිත්‍රපට කලේය. අම්මාට නොසළකා අම්මාගේ මළ ගම විකුණන් කන තවමත් විකුණන් කා අවසන් නොකළ අසිංහල තක්කඩියෙක් ඊට මුදල් දුන්නේය. හඳගමගේ බැරි කම පුද්ගලික බැරිකමකි. උගේ ප්‍ර්ශ්නය අපට නැති බව දැන් ඔහුට් තේරි ඇති සෙයකි. මේ වගේ මානසික ව්‍යාධිකාරයන් අද ලංකාවේ තනතුරු, මාධ්‍ය අරක් ගෙන සිංහලත්වයට එරෙහිව ක්‍රිය කරගෙන යයි. ප්‍රභාකරන්ට වනසන්නට නොදුන් සිංහලත්වය මේ හීනමනිකයන්ට වනසන්ට ඉඩ නොදෙමු. අපගේ රජයේ හා පුද්ගලික යන මාධ්‍ය අද අවභාවිතාවක යෙදෙමින් මේ තක්කඩියන්ගේ 'මීඩියා උණ' වඩවමින් මාධ්‍ය ප්‍රතිරූපකයන් බවට පත්කරමින් සිය වෙළදවාහිනී ප්‍රවර්ධනය කරගැනීමේ පටු අරමුණින් යුතුව මේ සිංහල විරෝධීන් පොරවල් කරන්නේ එමඟින් දැයේ අනාගත දරුවන්ට මිනිහා නොමිනිහා තෝරා බේරා ගැනීමට අවැසි විඥානය නැති කර දමමිනි.

    ReplyDelete
    Replies
    1. සුගත්9/16/2014 2:25 PM

      ඉහරියට හරි. අපේ අමරකීර්තිත් පත්හරවලට එයාගේ දුප්පත්කම ගැන කියලා තිබ්බා මහ ඉහළින්. ඔය ලෙඩේ අසිංහල සන්නස්ගලටත් තිබ්බා. ඉස්සර මිනිස්සු එහෙම එව්වා කිව්වා නම් කිව්වේ නිහතමානී කම නිසා. හැබැයි මේ ගොල්ලා අපිට ඇඟිල්ලන් ඇණ ඇණ "මේ..මේ .. මං පොඩි කාලේ දුප්පත් හොදේ. ඔන්න ලියන්න පත්තරේ" වගේ ගොන් පාට් මාකට් කරන තත්වයට පත් වෙලා. අනේ පව්. කතෘගෙයි කුරුළුගෙයි වැඩි වෙනසක් මට නම් පේන්නේ නෑ.

      Delete
    2. ඉස්සර අමරකීර්ති (සහ සන්නස්ගල) වර්ගයෙ දෙමළ මනුස්සයෙක් හිටිය මොනෝරන්ජන් කියල. මෑන් ඉස්සර රාවයට එහෙම හෙණ තවුසන්ඩ් ටෝක්ස් ලිව්ව. මනුස්සයත් ඒ කාලෙ දේශන පටං ගන්නෙ මම දෙමළ ගම යාපනේ කියල. යුද්ධෙ කාලෙ යාපනේ දෙමළෙක් කීවහම සුළු ප‍ටු මාර්කට් වැලියු එකක් නෙමේනෙ තියෙන්නෙ. හැබැයි පස්සෙ ආරංචි වෙච්ච හැටියට පොර වතු දෙමළ මනුස්සයෙක්. පොඩි කාලයක් යාපනේ කරක් ගහල තියෙනව. එච්චරයි.

      Delete
  2. මේ විචාරය ලියපු තෝරදෙනියට මට පේන්නේ උත්ප්‍රාසය කියන එක තේරෙන්නෙම නෑ වගේ. පව්!

    ReplyDelete
  3. මලිත් ඒකනායක9/16/2014 5:00 PM

    පට්ට ලිපියක් නේ Rasika Suriyaarachchi ඔයාට එක තේරෙන් නෑ වගේ.

    ReplyDelete
  4. මට නිකන් ඇඩෙන්න වගෙයි.. පව්..? ආ.. මොකක්ද? කා ගැනද කියලද ඇහුවෙ..? කියලා වැඩක් නැහැ මෙයා..

    ReplyDelete
  5. අමරකීර්තිට අවශ්‍ය වී ඇත්තේ මැටි තලා තැපැල්පත් යෑවූ බඩගෝස්‌තරවාදියෙකුගේ හඬ රටේ හඬ බවට පත්වනු දැකීමය. -යන්නෙන් ගතයුතු දෙය වන්නේ.." rasika suriarachchi " ගේ ප්‍රකාශයේ අර්ධ සත්‍යයක් ඇති බවයි...

    ReplyDelete
  6. තෝරදෙනියට මේකෙ සාධනීය යමක් ඇත්තෙම නැද්ද ...?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions