9/24/2014

ඡන්දය මඟින් රට අනතුරකට?

කතෘ:යුතුකම     9/24/2014   5 comments

ඌව පළාත් සභා ජන්දයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගෙන ඇතත් එය විශිෂ්ට ජයක් නොවේ. 2009 ප්‍රතිපල හා සැසඳීම යුක්ති යුක්ත නොවෙතත් රජයේ ජනප්‍රියත්වයේ පහළ යාම ඉතා පැහැඳිළිව පෙනෙන්නට තිබේ. මෙමඟින් බොහෝ විට පෙන්නුම් කෙරෙන්නේ ඌව පළාතේ පමණක් ජනප්‍රියත්වය පහළට යාමක් නොව සමස්ථ රජයේ ජනප්‍රියත්වය පහළට යාමක් බව ඉතා පැහැඳිළිය. කෙසේ නමුත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුනේ රජයේ සංවර්ධන වැඩපිළිවෙල ජනතාව විසින් අනුමත කර ඇති බවය. එය අනුමත කළා නම් 2004 දී ඌව පළාතේදී සන්ධානයට ලබා දුන් ආසන සංඛ්‍යාවටත් වඩා අඩුවෙන් මෙවර ලබා දෙන්නේ නැත. අපට වැටහුනේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ජනතාව විසින් ප්‍රශ්න කර ඇති බවය.

එක්සත් ජාතික පක්ෂය පවසා සිටියේ ජනතාව ඔවුනට කොළ එළියක් ලබා දුන් බවකි. ඔවුන් 2009 ට සාපේක්ෂව යම් ප්‍රගතියක් පෙන්නුම් කළද එය කොළ එළියක් ලෙස සැළකිය නොහැකිය. ඌව මැතිවරණ ප්‍රතිපලයෙන් පෙනෙන කාරණය නම් ජනතාව කිසිම එළියක් නොදල්වා "අඳූරු එළියක්" ලබා දී ඇති බවයි. ජනතාව අන්දමන්ද වී ඇති බවයි.

රජය 2005 ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේදී තෝරා ගත් තේමාව වූයේ ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කරවීමයි. එසේ කරවීම සඳහා ලොව ප්‍රමුඛතම නාවුක, ගුවන්, වෙළඳ, අධ්‍යාපන හා බලශක්ති යනාදී කේන්ද්‍රස්ථාන පහක් බවට ලංකාව පරිවර්තනයයි. මෙසේ පරිවර්තනය කරවීම 2005න් පසු මේ රට යන මාවතෙහි ප්‍රධානම කාර්යය වේ. අපි මෙම උපාය මාර්ගික සැළැස්මේ ප්‍රධාන අඩුවක් දකින්නෙමු. එම සැළැස්ම සාර්ථක වේ යයි අපි උපකල්පනය කරමු. (එය සාර්ථක වේ හෝ අසාර්ථක වේ හෝ අසාර්ථක වේවා හෝ යන කිසිවක් මෙයින් නොකියැවේ) එසේ නම්  එසේ සාර්ථක ලෙස පරිවර්තනය වූ පසු මේ රටේ ජනයාට හොඳ කළක් යන බව අපි මොහොතකට අනුමාන කරමු. නමුත් එවැනි පරිවර්තනයකට සැළකිය යුතු තරමේ කාලයක් ගතවන බව අවිවාදිතය. එම කාලය තුළ මහ මැතිවරණම තුන හතරක් පවත්වන්නට සිදු වේ.

මේ රට කෙබඳු රටක්ද? මෙය සිංගප්පූරුව වැනි කුඩා රටක් නොවේ. බොහෝ ආර්ථීක විද්වතුන් මෙය සිංගප්පූරුව වැනි රටකැයි වරදවා සිතාගෙන කතා කරනවා, ලියනවා අපි දැක ඇත්තෙමු. ලෝක සිතියමේ කුඩා වුවද මිලියන විස්සකට වඩා වැඩි ජනතාවක් වෙසෙන රටකි මෙය. ඉන් අති මහත් බහුතරයක් ගම්බදව ජීවත් වේ. රටේ රජුන් තනන්නන් මෙන්ම රට බේරා ගැනීමට යුද්ධය සඳහා ඉදිරිපත් වී දිවි පිදුවෝද ඔවුහූමය. රෝද හතරේ වාහනයක් හිමි නොවන ඔවුනට රට යා කරමින් ඉදිවෙන අධිවේගී මාර්ග විවෘත කරන දින පයින් වුව එහි ඇවිද යාමට වරම් ලැබේ. ඉන් මනතට ඒවාට ඇතුළු වීම ඔවුනට තහනම්ය. මුහුද ගොඩකර ඉදිවන නගරයක් ගැන අසන්නට ලැබීමම ඔවුනට ආශ්චර්යයකි.

ඉහත කී ආසියාවේ ආශ්චර්ය දක්වා යන ගමනේ මේ ගම්බද මිනිසුන්ගේ භූමිකාව කුමක්ද? යථාර්ථය නම් ඔවුනට එහි සැබෑ භූමිකාවක් නැත. ගම්බඳ තරුණයාට මෙහි නොසිට කොරියාවට යාමට සිදුව ඇත. එයද පහසු නැත. ගම්බඳ ගැහැණියට නම් සිය දරුවන් මෙහි දමා යා හැකි නම් මැදපෙරදිගට යාමට එතරම් අපහසුවක් නැත. ඒවා කාර්යක්ෂමව ඉටුකර දීමට රජය හා රැකියා ඒජන්සිකරුවන් විසින් කටයුතු සම්පාදනය කොට ඇත. මේ ‍යෝධ සංවර්ධන වැඩපිළිවෙළේ මෙරට අතිමහත් බහුතරයකට පැවරෙන වගකීමක් නැත. ඔවුන්ව මේ සංවර්ධනයට සම්බන්ධ කරගෙන නැත. සම්බන්ධ කර ගත නොහැක. ඒවා එම මානව ප්‍රාග්ධනය සැලකිය යුතු බරින් සලකා සාදන ලද සැළසුම් නොව්. ඔවුනට ඇත්තේ දුරින් සිට මෙම සංවර්ධනය දෙස බලා සිටීමය. ඔවුනට අළුතින් රැකියා උත්පාදනය වන වැඩපිළිවෙළක් මෙහි අන්තර්ගත වි නැත. මහින්ද චින්තන ඉදිරි දැක්ම ඒ මහා මානව සම්පතෙහි පල නෙලා ගන්නට සකස් වූවක්, ඒ මත විශ්වාසය තබා සකස් වූවක් නොවේ. විශ්වාසය ඇත්තේ අර කේන්ද්‍රස්ථාන පහ කෙරෙහිය. ඉඳින් ඔය ඒක පුද්ගල ආදායම වැඩි වනවා යැයි කියන තරමට මේ මිනිසුන්ගේ ආදායමද වැඩි වී නැත. එබඳු වටපිටාවක් තුළ ඔවුනට පෙනෙන්නේ තමන්ගේ ඡන්දයෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති වූ පුද්ගලයා පාරවල් වලට කාපට් දමන කොන්තරාත්තු කර විශාල තට්ටු ගෙයක් සාදා ඇති බවය. සංවර්ධන ක්‍රියා දාමයෙන් පිටමං කෙරුනු ඔවුන් මේ දැකීමෙන් කළකිරීමට පත්වේ. හිටවගන්නට ලැබුනු ඇට ටිකද පැළ නොවිනි.  එක අතකින් රට කොටියාගෙන් බේරා දුන් රජය මේය. එයද ඔවුනට අමතක කළ නොහැකිය. එබැවින් මහ ජනතාව ඡන්ද පළේදී ඡන්ද පත්‍රිකාව අතට ගෙන කුමක් කළ යුතුද යන දෙගිඩියාවට පත්  වී ඇත. ඒ අන්ද-මන්ද ප්‍රතිපලයයි අප ඌවෙන් දුටුවේ.

සමාජයීය සහ සංස්කකෘතික කාරණාවලින් වියුක්තව හුදු ආර්ථික කාරණාවලින් පමණක් රටක ආර්ථික දැක්මක් සකස් වීම අනුචිතය. ආර්ථිකය, සමාජය හා සංස්කෘතිය මත තබා පිරික්සා බැලිය යුතුය. මේ රටට යෝජනා වන කුමන ආර්ථික දැක්මක්, සංවර්ධන වැඩපිළිවෙළක් වුවත් අර අතිමහත් පොදු ජනතාව දෙස බලා ඔවුන් හරහාම නිර්මාණය වන්නක් විය යුතුය. මේ රටේ ගැමියන් යනු අන්ත දිළින්දන් නොවේ. චුයින්ගම්, බ්‍රේස්ලට්වලට ආසාවෙන් සිය ඡන්දය භාවිත කරන මෝඩයන්ද නොවේ. පෙර රජ දවස සිට මේ දක්වාම ඔවුන් මේ රටේ ආර්ථිකයේ ජීවනාලියයි. රට සතුරු උවදුරකින් මුදවන්නට දිවි දෙන්නට ඉදිරිපත් වන්නේද ඔවුහූමය. ඔවුන් සහභාගී නොකරගන්නා සංවර්ධනයක් සංවර්ධනය නොවීම ඉන්නවාට වඩා දුර්විපාක අත්කර දීමට වුවද ඉඩ ඇත. ඔවුනට වගකීම් පැවරෙන, වැදගත් කාර්යභාරයක් හා පංගුවක් හිමි සංවර්ධනයකි ලංකාවට උචිත. එසේ නම් අප කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදනය මුල් කොට ගත් ආර්ථිකයක් වෙත යා යුතු නොවේද? අනගාරික ධර්මපාලතුමා අවධාරණය කළේ මේ කරුණ නොවේද? 

යටිතල පහසුකම් හා ඉහත කී කේන්ද්‍රස්ථාන ඉදි නොකළ යුතු බව නොව අප පවසන්නේ. පළමු තැන නිෂ්පාදනයට හිමි විය යුතුය. දෙවන තැනද නිෂ්පාදනයටය. තෙවැනි තැනට වාගේ යටිතල පහසුකම් සහ ලංකාව ඉහත කී කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම යොදාගත යුතුය. (හම්බන්තොට වරාය කඩිනමින් ඉඳි කළ යුතු බවට විවාදයක් නැත.)  එසේ නොවුන විට ජනතාව මැතිවරණයකදී අන්දමන්ද තීරණයකට යාමට ඉඩක් ඇත. එහි බරපතළ තත්වය මතුවන්නේ කිසියම් පක්ෂයකට කිසියම් පාර්ලිමේන්තු මැතිවරණයකදී ආසන 113 ඉක්මවා සැළකිය යුතු ආසන සංඛ්‍යාවක් ලබා ගත නොහැකි වුවහොත්ය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී 14 දෙනෙක් අද පාර්ලිමේන්තුවේ සිටිත්. (මෙම සංඛ්‍යාවේ සැළකිය යුතු වෙනසක් සිදු නොවනු ඇතැයි ගනිමු) එවැනි ඡන්දයකින් පසුව කාට ආණ්ඩු පිහිටුවන්නත් දෙමළ ජාතික සන්ධානය සමඟ එකඟතාවයකට පැමිණෙන්නට සිදු විය හැකිය. එදාට ඉඩම් බලතල හා පොලිස් බලතල ලබා දී වඩුකොඩෙයි ප්‍රඥප්තියට අනුව කටයුතු කෙරුමට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් පෙළඹිය හැකිය. සිංහලයා පක්ෂ දෙකට හරි මැදින් බෙදා ජාතිවාදී සුළුතරය විසින් තීරක බලය අත්කරගැනීමේ අවදානමක් ඇත.



ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. සිංහලයා පක්ෂ දෙකට හරි මැදින් බෙදා ජාතිවාදී සුළුතරය විසින් තීරක බලය අත්කරගැනීමේ අවදානමක් ඇත.

    ReplyDelete
    Replies
    1. නන්දි මිත්‍ර සෙනවි...9/24/2014 10:41 AM

      ඔව් ඕක තමයි වෙන්න පුළුවන් දේ...
      අපි එක එක පැති වලට බෙදිලා හුරේ දානවා...
      අන්තිමට බෙදුම්වාද දිනලා...

      මට අනුව නම් ඒකට මහින්ද ලොකු කොටසකට වගකියන්න ඕන.
      මහින්ද හරියට ඉන්නවනම් බෙදුම්වාදය පරදවන එක අමාරු නෑ.
      මහින්ද ජනප්‍රසාදය නැති වෙන හිතුවක්කාර හැසිරෙන එකෙන් වෙන්නේ බෙදුම්වාදය දිනන එක...

      Delete
  2. විමලසේන9/24/2014 10:44 AM

    සහතික ඇත්තය.

    ReplyDelete
  3. සුගත්9/24/2014 11:47 AM

    මෙන්න මුන් දැන්ම තර්ජනය පටන් අරන්.

    අවසන් වූ ඌව මැතිවරණ ප‍්‍රතිඵල අනුව රජය පසුබෑමකට ලක්ව ඇති බවත් රජය තව දුරටත් තම ප්‍රතිපත්ති වෙනස් නොකරන්නේ නම් තමන්ට තීරණයක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

    එම පක්‍ෂ මහ ලෙකම් හසන් අලි පවසන්නේ රජයේ ප්‍රතිපත්ති වෙනස් කරගත යුතු කාලය එලඹී ඇති බවත් මුස්ලිම් කොංග්‍රසය හා රජය අතර ඇති ගිවිසුමට අයත් කිසිඳු කරුණක් රජය මේ දක්වා ක්‍රියාවට නංවා නොමැති මේ හේතුවෙන් රජයට බලපෑම් කල යුතු තත්වයක් උද්ගතව ඇති බවත්ය.

    ReplyDelete
  4. … පළමු තැන නිෂ්පාදනයට හිමි විය යුතුය. දෙවන තැනද නිෂ්පාදනයටය. තෙවැනි තැනට වාගේ යටිතල පහසුකම් සහ ලංකාව ඉහත කී කේන්ද්රස්ථාන බවට පත් කිරීම යොදාගත යුතුය…
    යටිතල තුන් වන තැනට දාන එක මදි වගෙ මට හිතෙන්නෙ.. නිශ්පාදනය වැඩි කරන්න නම් යටි තල පහසුකම් සන්වර්දනයට 3න් වන තැනට වැඩිය තැනක් ලබා දෙන්න ඔන නැද්ද? අනිත් එක සන්චාරක ව්යපාරය ගැන හිතනවනම් ඒක තවත් අවශ්යතාවය වැඩි කියල මට හිතෙන්නෙ.

    Anyway, නියම article එක… නියමට analyze කරල තියෙනව…

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions