9/10/2014

සාහිත්‍යත් සමගම ජාතියත් වනසන පොත් සම්මාන මාෆියාව - ආචාර්‍ය ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     9/10/2014   5 comments

විද්‍යෝදය සම්මාන උළෙල කොළඹ ජාතික පුස්තකාලයේ දී (2014.09.01) පැවැත්විණි. එහි දී අවසන් දේශනය කළ ගුණදාස අමරසේකර  කළ කතාව .

‘‘පළමුවෙන් ම මෙම කටයුත්ත වෙනුවෙන් වෙහෙස මහන්සි වු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සුනිල් ආරියරත්න මහතා ප්‍රධාන සියලු භවතුන්ට සහ ඒ සම්මානලාභීන්ට මගේ කෘතඥතාව පළ කරනවා. මේ සම්මාන උළෙල අගයන අතර ම වෙනත් අදහස් කිහිපයක් ද පළ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මම හිතන්නෙ විද්‍යෝදය විශ්වවිද්‍යාලය දැන් අවුරුදු නමයක්ද කොහෙද මේ සම්මානය දෙනවා.

ඒ වගේම මගේ හිතේ සංස්කෘතික දෙපාර්තමේන්තුව අවුරුදු හැට ගණනක් මේ වගේ සම්මානයක් දෙනවා. මට මතකයි කෝට්ටේ පැවති මුල්ම සම්මාන උලෙලටත් මම ගියා. ගියා විතරක් නොවෙයි ‘පැදුර කබල් උඩ ඉඳගෙන සිංහල සංස්කෘතිය දියුණු කළ හැකියි’ කියල ලිව්ව. ඒ ඉලන්දාරි කාලෙ.

නමුත් දැන් මේ සම්මානවල බලපෑම අඩු බවයි මට පේන්නෙ. අද බලපාන්නෙ ඒව නෙවෙයි මයෙ හිතේ පොත් ප්‍රකාශකයින් විසින් පවත්වනු ලබන සම්මාන. ඒ කියන්නෙ ස්වර්ණ පුස්තක. මේ ගොඩගේ මහත්මයගෙ එක. ඒ පොත් ප්‍රකාශකයන් විසින් තමන්ගෙ වාණිජ ව්‍යාපාරය කොටසක් වශයෙන් පවත්වන සම්මානය අද ආධිපතයය දරමින් සිටිනවා. තවත් කඨෝර භාෂාවෙන් කියනව නම්, පොත් වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට මේ සම්මාන පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ විද්‍යෝදය සම්මානය සහ රාජ්‍යය සම්මානය අද බොහොම අඩු බලපෑමක් තියෙන බවයි මගේ කල්පනාව.

ඒ නිසා වාණිජ ව්‍යාපාරයේ කොටසක් වශයෙන් දෙන මේ සම්මාන හිතකර ද ඒවායෙන් යම්කිසි වැඩක් වෙලාද කියල සොයා බලන්න ඕන අවස්ථාවක් මේක. මටනම් පේන්නෙ පහුගිය අවුරුදු ටිකේ මේ වාණිජ ව්‍යාපාරය ඉතාම ප්‍රබල ප්‍රචාරක මාධ්‍යයක් විදියට මේක යොදාගනිමින් මේ කරන සම්මානවලින් මම හිතන්නෙ අහිතකර ප්‍රතිඵල ඇතිවන බවයි.

මම පසුගිය දවසක මේ ගොඩගේ මහත්තයටත් මූණට ම කිව්ව ‘මොකක්ද මේ ඔය මහත්තයලගෙ සම්මාන. මේව කිසි වැඩකට නෑ. ඒවගෙන් නරකක් මිසක් හොඳක් වෙන්නෙ නෑ’ කියල. අපි මේ කාරණය පිළිගන්න ඕන. මොකද මට පේනව මේ සම්මාන නිසා පාඨක රුචිය එන්න එන්න ම හීන වෙලා තියෙනව; දූෂණයට පත්වෙලා තියෙනව. ඒ වගේ ම මේ සම්මාන නිසා තරුණ ලේඛකයො නොමග යන බවක් පේනව. මොකද ඒ අය මේ තොරගත්තු පොත් හොඳයි කියල හිතනවා. ඒව අනුකරණය කරල ලියන්න තමයි හදන්නෙ.

ඒ විතරක් නෙවෙයි නවකතා ලියන්නෙ අවුරුද්ද අන්තිමේදි ස්වර්ණ පුස්තකයෙන් හරි ගොඩගේ මහත්තයගෙන් හරි හම්බවෙන මුදල් නිසා. ඒ දෙකට ම වැඩිය නරක දෙයක් විදියට මට පේන්නෙ දැන් මේව එක්තරා විදියක සාහිත්‍යය ආක්‍රමණයක් සදහා යොදාගන්න බවයි. ඒ කියන්නෙ මේරටේ සභ්‍යත්වය ජාතිකත්වය වැනසීම පිණිස මේ සම්මාන යොදාගන්න බව මට පේනව. මේක අවංකවම මම කියන්නෙ.

මොකද මේක අද ඊයෙ නෙවෙයි මම කිව්වෙ මිට අවුරුදු දහයකට කලින් මම කිව්වෙ. දෙදහස් හයේ මම ලිපියක් ලියල කිව්ව ‘ජාතිකත්වය වැනසීම සඳහා සාහිත්‍යය යොදාගැනීම’ කියල. අද ඒක ස්ථීර වශයෙන් ම අපිට පේන්න තිබෙනව. මොකද මේ මණ්ඩලවලට පත්වෙන අය N G O නඩකාරයො. නැත්තන් ඩොලර් කාක්කො. මෙයාල එක්කහු වෙලා මේ සම්මාන මේ රටේ ජාතිකත්වය සභ්‍යත්වය වැනසීම සඳහා ගෙනියන ආක්‍රමණයක කොටසක් බවට පත්වෙල තියෙනව. මේක භයානක තත්ත්වයක්. එම නිසා මේ ගැන නිහඬව ඉන්න බෑ.

මේ සම්මාන ගැන අපි සලකල බලන්න ඕන. ඒකට පිළියමක් වශයෙන් මම යෝජනා කරනව සුනිල් ආරියරත්න මහත්තයො මේ සම්මාන දීම දැන් නවත්තන්න. මේකෙන් වෙන්නෙ හානියක් මිසක් වැඩක් නෙවෙයි. ඒ නිසා ලබන වසරෙ ඉඳල මම සංස්කෘතික දෙපාර්තමේන්තුවටත් කියනව මේ සාහිත්‍යය සැණකෙළි සම්මාන දීම නවත්තල ඊට වඩා වැදගත් සාහිත්‍යය කෘතියක් අපේ සංස්කෘතියට සාහිත්‍යයට හිතකර ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා යොමුවෙන්නෙයි කියල මම නැවතත් කියනවා.

අනිත් එක මම තීරණය කරල තිබුණ මේ සාහිත්‍යය උත්සව කිසි එහෙකට නොඑන්න. ඒත් ඒක කරන්න බෑ. මොකද සුනිල් ආරිරත්න මහත්තය ගලප්පත්ති මහත්තය ප්‍රණීත් අබේසුන්දර මහත්තය මගෙ හොඳ යාළුවො. අනිත් එක මේ තුන්දෙනා ම විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙ ඉඳගෙන මං හිතන්නෙ යම් වැදගත් කටයුත්තක් අපේ සංස්කෘතිය සම්බන්ධයෙන් කරනව. ඒ නිසා එතුමන්ට කරන ගෞරවයක් වශයෙන් මම ආවෙ. එහෙම නැත්නම් මගේ අදහසක් තිබුණෙ නැහැ එන්න. එම නිසා අවසාන වශයෙන් මම ඔවුන්ට කියන්න කැමතියි දැන් මේ සෙල්ලම නවත්තන්න. නවත්තල මීට වඩා වෙනස් ක්‍රියාපටිපාටියක් මීට පස්සෙ කරන්නෙයි කියල ඉල්ලමින් මගේ අදහස් දැක්විම මෙතනින් අවසන් කරනවා’’
 


යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. විමලසේන9/11/2014 10:18 AM

    කලාකරුවාගේ කාර්යය කුමක්ද යන්න වටහා ගෙන කෙරෙන නිර්මාණ අද අල්පය. සම්මාන දීල තියෙන හුඟක් ඒවායේ තියෙන්නේ NGO වලට ඕනා කරන මතවාද. අපිට නිවැරදි මඟ පාදලා දුන්නේ මාටින් වික්‍රමසිංහ. ගුණදාස අමරසේකර ඒකේ ඊළඟ පියවර තියලා දුන්නා. ඒ මගෙහි ඉදිරියට යාම තමා අංකුර කලාකරෞව්ගේ යුතුකම විය යුත්තේ. හැබැයි මේ සම්මාන හුඟක් ඒවා දෙන්නේ ඒ මගෙහි යන එක වළක්වන්නමද කියලා හිතෙනවා සමහර කසිකබල් පොත් දැක්කම. රටේ සංස්ක්කෘතික අඩු පාඩු ව්‍යාජ ලෙස හුවා දක්වමින් සිංහලත්වයට එරෙහිව ලියන්නන් පොර කරන එක තමා මේ සම්මාන දීමෙන් වෙන්නේ. මේවා කියවන අඥානයන් මුලා වෙනවා සම්මානෙකුත් හම්බෙලා නිසා..

    ReplyDelete
  2. විභූතිරත්න9/12/2014 10:54 AM

    ගිය පාර කොළඹ පොත් ප්‍රදර්ශනයයෙදි ඔය ස්වර්ණ පුස්ථක සම්මාන හම්බ වෙච්ච පොත් 5ම ගත්තා..
    එකක් ඇරෙන්න ( කන්දේ වීදිය ) අනිත් එකක්වත් පිටු දෙක තුනකට වඩා එක දිගට කියවන්න බෑ. හරිම බොර්‍රං. කන්දෙ වීදිය කියවගෙන යන්න පුළුවන් උනාට ඒකේ ගත යුතු මෙලෝ දෙයක් නෑ. පාසල් ශිෂ්‍යයෙක් ලියපු මට්ටමේ අති සාමාන්‍ය පොතක්.
    අමරසේකර මහත්මය , මාටින් වික්‍රමසිංහ ආදීන්ගේ පොතක් කියවද්දි දැනෙන රසයෙන් දශමයක් නෑ මේ කිසි එකක...

    ReplyDelete
  3. විභූතිරත්න9/12/2014 11:03 AM

    මේ සම්මාන මාෆියාව නිසා විනාසයන් දෙකක් වෙනව.
    1. පොත් කියවන්න කැමැත්තෙන් ඉන්න මිනිස්සු මේ සම්මාන දිහා බලල තමයි බොහෝ දුරට පොත් ගන්නෙ. මොකද අද වෙනකොට කිසිම තැනක පොතක් ගැන හරවත් සංවාදයක් , විවේචනයක් නෑ.ඉතින් මේ සම්මාන බලල පොත් ගන්න මිනිස්සු ඒව කියවගන්න බැරිව අපතේ දමද්දි (සමහර ඒව කියවන එක පුදුම අමාරුයි )ආයේ පොත් ගන්න පෙල්ඹෙනව අඩුයි. මේ සම්මාන මාෆියාවේ ඉන්න අයගේ එක අරමුණක් වෙන්න පුළුවන් ඒක. (හැබැයි ඒක මේ පොත් ප්‍රකාශයකන්ට නොතේරෙන එකයි ප්‍රශ්නේ )

    2. එක මතවාදී කොටසකට අයත් කෘති (මේවා සමාන්‍ය සමාජයේදි බොහෝ දුරට දුර්වල සුළුතර මතවාද ) විතරක් දිගින් දිගටම උඩට මතු කරන්න හදන එකෙන් ඒ රැල්ලට භූමියේ බලයක් හදාගන්න කරන උත්සාහයක් විදියට මේ පොත් මාෆියාව හඳුන ගන්න පුළුවන්.සමහර විට ඒ ව්‍යාපෘතියට බාහිරින් මූල්‍ය සහාය ලැබෙනව වෙන්නත් පුළුවන්.
    මේ සම්මාන දෙන මඩුලු දිහා බැලුවම මේක හොඳින්ම පැහැදිලි වෙනව. බෙදිම්බාදී මතවාදය දරන සහ සිංහලත්වය ගැරඬීයට භූමිතෙල් වගේ දැනේන කොටස් තමයි බොහො මණ්ඩල වල ඉන්න බහුතරය.

    ReplyDelete
  4. අමරසේකරත් සිංහල සාහිත්‍යය විනාශ කරන්න දායකවෙන පුද්ගලයෙක්.

    පොර අර ගමනක සීරීස් එකේ අන්තිම පොත් කීපයේ ඉතිහාසය ඒක පාර්ශවිකව වෙනස් කරලා, බොරු බේගල් ඔබ්බවලා, අමු වාර්තාකාරී ස්වරූපයකින් ලියලා තියෙන්නේ නවකතා ද? නැත්තං රිපෝට් ද?

    ReplyDelete
    Replies
    1. සුනන්ද9/24/2014 12:43 PM

      මා කියවන ලද ඉතාම අනර්ගතම නව කතා මාලාව අමරසේකරය්න්ගේ ගමනක මුල කෘතියෙන් ඇරඹි පොත් නවයකින් සමන්විත කතා මාලාවයි. මට හිතෙන්නේ පාසල් විෂය නිර්දේෂයට මෙම කතා මාලාව ඇතුළත් කළ යුතුයි.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions