කටුක විවේචනයකින් හෝ තමන්ට ප‍්‍රචාරයක් හිමිවීම පුංචි මනසක් ඇති මිනිසකුගේ පී‍්‍රතියට හේතුවිය හැක්කකි. ආත්ම ලාභයේ එකම පටු අරමුණ පමණක් ඉහමුදුනේ තබා ගනිමින් කලාව දේශපාලනය ගැන කතා කරන්නවුන්ට මේ කාරණය වඩාත් හොදින් අදාලය. එහෙයින් විවේචන ඔස්සේ පුස්සන්ට ප‍්‍රචාරය සැපයීම නොකළ යුත්තක් වුවද, කිසියම් හේතුවක් නිසා කිසියම් පුද්ගලයකු සම්බන්ධව කෙටියෙන් හෝ මෙවන් සටහනක් ලිවීමට අද අපට සිදුවී තිබේ. එහෙත් මෙය එම පුද්ගලයාට එරෙහි පෞද්ගලික පහර දීමක් හෝ මෙය ඔහුගේ පුද්ගලික ගැටලූවකට ඌනනය කළ හැක්කක් හෝ නොවන බව විමසිල්ලෙන් මෙය කියවා බලන පාඨකයා තේරුම් ගනු ඇත.
මෙවර 2014 වසරේ කවි සියපත කාව්‍ය සංග‍්‍රහයට ලැබුනු කාව්‍ය නිර්මාන ගැන විමසීමක් කිරීම අපූරු විද්වතෙකුට පවරා තිබිණි. ඔහු නමින් ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්නය. ඔහු සාර්ථක කවි ලියා ඇති කවියකු වුවද එක කවි පොතක් හා පත්තර ලිපි කීපයක් හැර වෙන කිසිදු නිර්මාණාත්මක හෝ ශාස්ත‍්‍රීය දායකත්වයක් ඔහු අතින් සිදුවී නැත. ඒ වෙනුවට ඔහු තම එකම කාව්‍ය සංග‍්‍රහය (මිල රු.150ක් වන) කීපවරක් හොරාට මුද්‍රණය කර ඇති බව පවසමින් සරසවි ප‍්‍රකාශක පේ‍්‍රමසිරි මහතාටද තැන තැන ප‍්‍රසිද්ධියේ චෝදනා නගන්නෙකි. ප‍්‍රධාන කාරණා ඒවා නොවේ. මේ "ඒක පුස්තක විද්වතා" අනාගත සමන් වික‍්‍රමාරච්චි කෙනෙකු වීම සඳහා දුෂ්කර ක‍්‍රියා කරමින් සිටින්නකු බවද අපට නැවත වරක් පෙනී යන්නේ ලේසි වචන විහින් අමාරු කරමින් කවි සියපතට ඔහු ලියා ඇති සටහන නිසාය. ඔහු දන්නා ඉංග‍්‍රීසික්ද නැතත් තමා ඉංගී‍්‍රසි දත් විචාරකයෙක් බව පෙන්වීමටද කවි සියපතේ ලිපිය හරහා ඔහු උත්සාහ දරයි. නොදන්නා අයෙක් දන්නා බව පෙන්නන්නට යාමේදී තේමාව යන්නට theme ස්වරූපය යන්නට form
ප‍්‍රතිගාමී යන්නට regressive වැනි වචනද ලිපියට එක්වීම පුදුමයක් නොවේ. එය ඔහුගේ පූර්වජ පඬියන්ගෙන් ඔහුට වැලඳී ඇති ප‍්‍රවේණික රෝගයක ප‍්‍රකාශනයකි
දේශපාලන වශයෙන් ගත්කළ අතීත ජවිපෙ හිතවතකු වූ මධුරංග අද විගඩම්කාර පක්ෂයක් වූ නැසීගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හිතවතෙකි. එහෙත් ඔහු ඒ කිසිදු පක්ෂයක් වෙනුවෙන් හෝ අවංක කැපකිරීමක් කළ අයෙකු නොව හුදු වීරයකු වීම සඳහා පමණක්, රාත‍්‍රීයේ අරක්කු ඉවර වන තුරු ව්‍යාජ මතවාද ගැන බහුබූත දොඩවා උදෑසන සිට තම ටියුෂන් සංග‍්‍රාමය වෙනුවෙන් දුව ඇවිදින්නෙකි. වාම ලේබලයද ඔහුට තම මුදලාලිකරණය වූ ධනේශ්වර ජීවිතය සරසන පොරත්වයේ ආභරණයකි. ඔහුගේ කාව්‍ය විචාරයද ඉහත කී සමස්ත වියවුලේ කදිම ප‍්‍රකාශනයක් මිස අන් යමක් නොවේ. ධනවාදය ගැන ඔහුට ප‍්‍රකාශිත විරෝධයක් ඇතත් ඒ විරෝධය කිසිදු ව්‍යවහාරික බලයකින් තොර හිස් දාර්ශනික ප‍්‍රලාප මත පදනම් වන්නකි. එය ඔහුගේත් ඔහු හා සම්බන්ධ ව්‍යාපාරවලත් නියත පරාජයට හැමදා හේතු වන්නකි. අවසානයේදී ඔහු කවිය දෙස බලනුයේද තමන්ගේ සදාතනික දේශපාලන පරාජයන්ගේ වෛරය සහ පුද්ගලික සිහින ලෝකයේ් පටු කවුලූවෙනි. තම නියත දේශපාලන පරාජයන්ගේ වේදනාව ඔහු පිරිමසා ගනිමින් සිටින්නේ මේ රටේ ඉතිහාසය, සංස්කෘතිය, මිනිසුන්ගේ සිතුම් පැතුම්, සම්ප‍්‍රදායන්, රටේ සැබෑ ජයග‍්‍රහණ ආදී හොඳ නරක සියලූ දේ අපහාසයට ලක්කරමිනි. ඔහු යුධ ජයග‍්‍රහණය හෙලා දැකීම සඳහා රෝහණ පොතුලියද්ද නැමැත්තකුගේ කසිකබල් කවියක්ද කවි සියපතේ උපුටා පෙන්වා ඇත්තේ ඒ නිසාය. මේ සමස්තය තුළ ඇත්තේම බල්ලාට කැස්වටුවා යැයි කියන අන්දමේ ඔල්මාදකාර උගතුන්ගෙන් සැදුම්ලත් කසිකබල් විකල්ප අවකාශ, සාමූහික, කේන්ද්‍ර, සංසද, ආදියේ පතුරු ගසා ඉවත ලූ බොල් වචන සමූහයකි. එය කිසි ලෙසකින්වත් වත්මන් සමාජය, මේ රටේ සැබෑ ප‍්‍රශ්න, හෝ කවිය තේරුම් ගැනීමට ඉවහල් වන බුද්ධිමය ප‍්‍රවේශයක් නොවේ. එය පරගැති එන්.ජී. ඕ ඇදුරන්ට මඩිය වඩවා ගැනීම සඳහා එදා මෙදා තුර ඉවහල් වූ මානව විරෝධී විකල්ප ඝෝෂාවන්ගේම බාල අනුකරණයකි.
එසේ වුවද අද කුමන හෝ ක‍්‍රමයකින් මේ තැනැත්තා කාව්‍ය විනිශ්වකාරයකු බවට පත්වී තිබේ. ඔහු ගැන නොදන්නා අයගේ දැන ගැනීම සඳහා අපට මේ කෙටි සටහන ලිවීමට සිදුව ඇත්තේද ඒ නිසාය. එසේ නොවුනහොත් මොවුන්ගේ මේ ව්‍යාජත්වය වෑහෙන කසිකබල් දේශපාලන මතවාද නූතන කවියේ වැදගත් නිර්නායක බවට සාපරාධී වැරදි වැටහීමක් නවකයන් තුළ ඇති විය හැකි බැවිනි.
සමස්තයක් ලෙස ගත්කල ඉහත සැකෙවින් කී අවුල මිස න්‍යායික වශයෙන් ඛණ්ඩනය කළ යුතු කිසිවක් මධුරංගගේ විචාරය තුළ නැත. එහෙයින් ඒ සදහා වචන නාස්ති කිරීම වෙනුවට ඔහුගේ විචාරයේ ඇති ව්‍යාජත්වය කැපී පෙනෙන එක් උදාහරණයක් පමණක් අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.
උතුරේ යුද්ධය යනු මධුරංග වර්ගයේ ලොකු පොඩි විචාරකයන් සියලූ දෙනා වැඩිපුරම ඔල්මාද කතා දොඩවන දේශපාලන තේමාවකි. එහෙත් කිසිසේත්ම එය එය සැබෑ යුද විරෝධයක් ද නොව ”නිමල්කා ප‍්‍රනාන්දු” වර්ගයේ කොටි හිතවාදය ඔස්සේ ජාතක වූ නල්ලමලේ යුධ විරෝධයකි. දෑහේ මූනේ රඳවා කොටි ත‍්‍රස්තයන් රැුකගැනීමට හා ත‍්‍රස්තවාදීන්ට විමුක්තිකාමී සායම් තැවරීමට මොවුන්ට තම යුධ විරෝධය කිසිදු බාධාවක් නොවන අතර, ඒ අමන මතවාදය සිංහල කවියේ මහා හඬ බවට පත් කිරීමේ කූට ව්‍යාපාරයක්ද එදා සිටම දියත් වෙමින් තිබිණි. වේල සරිකර ගැනීම සඳහා විහින් පිටුවහල් වී සිටින පුස්වෙඞ්ඩන්ගේ සිට ෆන්ඞ්ස් නැති වූ විට දේශපාලන අරගලද නතර කරන කූඹියන්ට අයත් බූන්දි වැනි කසිකබල් වෙබ් අඩවි දක්වා වූ පරාසයක් තුළ මේ පරාජිත දේශපාලන ව්‍යාපාරය කි‍්‍රයාත්මක වූ අතර පෙරටුගාමී පක්ෂයද ජවිපෙන් බෙදී වෙන් වන්නේම මේ ව්‍යාපාරයේ නිවට අතකොලූවක් බවට පත්වෙමිනි. අතීත ජවිපෙ හිතවාදියකු වූ මධුරංගද පසුව යුධ විරෝධියකු වන්නේ ඒ යටතේය.
එසේ වුවද මේ පසුපස ඇති අතිශයින් නාටකීය කතා වස්තුව කුමක්ද? අද නිමල්කාටත් වඩා ශ්‍රේෂ්ඨ යුධ විරෝධියකු වන මදුරංග මහතා එදා ජවිපෙ යුද්ධයට සහය වන මොහොතේ සිටියේ ජවිපෙ සමගිනි. එතැනින්ද නොනැවතී ඔහු දෙදාස් දහය වසරේ මැතිවරණයකටද තරග කරයි. ඒ ජෙනරාල් සරත් ෆොන්සේකා හෙවත් යුධ වීරයාගේ නායකත්වයෙන් කුසලානය ලකුන යටතේය. ඒ වනාහී ජවිපෙ බින්දුවට ඇද වැටී තම ඊනියා කුසලාන සන්ධානයට අපේක්ෂකයන් සොයමින් ගමේ මුදලාලිලා සහ ටෙලි නිලියන් පසුපස පවා ගාටමින් සිටි ඛේදජනක කාලයකි. ඒ අවස්තාවේදී ත‍්‍රිකුනාමල දිස්ත‍්‍රික්කයේ පදිංචි කාරයකු වූ මධුරංගටද ජවිපෙන් පහසු මැතිවරන අවස්තාවක් ලැබීම එතරම් පුදුමයක් නොවේ. ඇත්තෙන්ම මන්තී‍්‍රවරයෙක් වීම සඳහා පබා වැනි නිළියකට වඩා මධුරංග සුදුස්සෙක් බව අපිද විශ්වාස කරමු. කෙසේ හෝ වේවා ඒ මොහොතේ යුධ වීරයාද පෙරටු කර ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වී අන්ත පරාජයක් ලබන මධුරංග මහතා ඉන් වසරකට පමණ පෙරටුගාමී කැඞී යාමත් සමග උග‍්‍ර යුධ විරෝධියකු බවට පත්වන්නේ පුදුමාකාර වේගයකිනි. මේ අභූත විපර්යාසය හරහා අප තේරුම් ගත යුත්තේ කුමක්ද?
මිනිසකුට තම මතවාද වෙනස් කළ හැකිය. එහෙත් ඒ සඳහා ඊට සරිලන හේතු ප‍්‍රමාණයක්, අලූත් අත්දැකීම් හෝ අදහස් සම්භාරයක්, නව දැනුමක්, ඒ සියල්ල නිදහසේ වැඞීමට අවශ්‍ය අවම තරමේ කාල පරතරයක් ආදී බොහෝ දේ තිබිය යුතුය. ඒ කිසිවකින් තොරව හිටි අඩියේ මතවාද මාරු කිරීම පිල් පනින මන්ත‍්‍රීවරුන්ට මිස අව්‍යාජ කවියකුට කළ හැක්කක් නොවේ. අනික ඔහු මේ සෙල්ලම් කරමින් සිටින්නේ එසේ මෙසේ ප‍්‍රශ්නයක් සමග නොව සිංහල හෝ දෙමල දහස් ගනනකගේ ජීවිත ලේ කඳුලූ හා ඈදෙන මේ රටේ අතිශය තීරණාත්මක ප‍්‍රශ්නයක් සමගිනි. එවන් ප‍්‍රශ්නයක් සම්බන්ධව හිටි අඩියේ තම මතය මාරු කිරීමට මධුරංග නැමැත්තා පෙළඹෙන්නේද අන් කිසිවක් මත නොව තමන්ට පොර වීම සඳහා ලැබෙන වේදිකාවේ දිග පළල ගැන පුද්ගල කේන්ද්‍රියව කල්පනා කරමිනි.
ජවිපෙ වෙනුවෙන් ඔහු කිසිදු දුක් ගැහැටක් විඳ නැතත් මැතිවරණයකට තරග කිරීමේ අවස්තාව ඔහු සතුටින් කරපින්නා ගත්තේ එය තමන්ට දරා ගත නොහැකි තරමේ පොරත්ව ආභරණයක් වූ බැවිනි. ඒ පොරත්ව ඌනතාවය වෙනුවෙන් ෆොන්සේකා සමග නොව හිට්ලර් සමග හෝ එකපතේ වැළදීම ඒ මොහොතේ ඔහුට ගැටලූවක් නොවේ. නමුත් එයින් අන්ත පරාජයක් ලද පසු නැවත ඔහුට තම පොරත්ව වේදිකාව සොයා ගත හැකි වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළිනි. ඔහුට විචාරකයකු වීමේ අවස්ථාව හිමිවන්නේද පෙරටුගාමීන්ගේ පත්තර හා ඔල්මොරොන්දම් සාහිත්‍ය සංවාද ආදිය ඔස්සේය. ඒ අනුව මධුරංග හිටිහැටියේ ෆොන්සේකා අමතක කර දමා අංශක එකසිය අසූවක කරනමක්ද සහිතව හිටි හැටියේ යුධ විරෝධීයකු බවට පත්වෙයි. අද මොවුන් අමාරුවෙන් වචන තටමමින් ගොඩනගන්නට හදන කසිකබල් මතවාදවල පුදුම සහගත ව්‍යාජත්වය හඳුනා ගැනීමට මීටත් වඩා වෙන උදාහරණ කුමකටද?
මෙවන් පුද්ගලයන්ට අද නව පරපුරේ කවි පිළිබද විනිශ්වකාර ධූර පිරිනමමින් ලාල් හෑගොඩ මහතාද සිදුකර ඇත්තේ බලවත් වරදකි. තම හිතවතකු වූ පලියට තම හිතවතාගේ ඛේදජනක පැවැත්ම වටහා ගත නොහැකි වූ ලාල් හෑගොඩ මහතා අද මධුරංග කෙනෙකු හරහා කිරි කලයට ගොම කළ හත අටක් හලාගෙන තිබේ.
තමන්ට පොරවීම සඳහා ලැබෙන වේදිකාවේ තරම අනුව මතවාද මාරුකළ හැකි පුද්ගලයන් හැදින්විය හැක්කේ සුපහැදිලි තක්කඩියන් වශයෙනි. එවන් පුද්ගලයන්ගේ සෙම වැගිරෙන සාටෝප කතා කවිය පිළිබඳ බැරෑරුම් නිර්නායක ලෙස නොගැනීමේ සිහි බුද්ධිය සියලූ කවි කිවිඳියන් තුළ පහල වේවායි අවසාන වශයෙන් අපි ප‍්‍රාර්තනා කරමු.
-යටියන ප්රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
මෙකී විචාරය ආණ්ඩුවට කඩේ ගියද පොරක් වීමට බැරි වූ එකෙක්ගේ සිත් වේදනාවකි.... එතරම් ගණන් ගැනීමට දෙයක් නැත...
ReplyDeleteලක්ෂාන් මදුරංගගේ මුදලාලිකරණය දන්නෝ දනිති.... ලක්ෂාන්ගේ සාහිත්‍ය විචාරයට විවේචනයක් නොකර සිදුකල කුහක,
වෛරී සහගත අදහසකි මෙය.....