9/01/2014

ටෙනිසන්ගේ නැගිටීම සහ ස්වර්ණ පුස්තකයේ විකල්ප ජාවාරම....

කතෘ:යුතුකම     9/01/2014   6 comments

ප්‍රවීන ලේඛක ටෙනිසන් පෙරේරා කල් පසුවී හෝ වැදගත් ප්‍රකාශයක් සිදු කොට තිබේ. නෝබට් අයගමගේ මහතා විසින්ද ඒ ප්‍රකාශය තවදුරටත් සනාථ කර ඇත. ස්වර්ණ පුස්තක සම්මාන උළෙල එන්.ජී.ඕ කාරයන්ගේ තිප්පලක් බවට පත්වෙමින් පවතින බව අපට නම් පෙනී ගියේ අද ඊයේ නොවේ. පසුගිය වසරක දෙකක කාලයක සිට එහි විනිශ්ව මණ්ඩලයේ අති බහුතරය සමන්විත වන්නේ මතවාදීමය වශයෙන් එකම කල්ලියක් නියෝජනය කරන පිරිසකගෙනි. කිසිදු ප්‍රශ්නයක් මැදහත්ව හා නිරවුල්ව විග්‍රහ කරගත නොහැකි මේ බහුතර පිරිස සෑම දෙයක් දෙසම බලනුයේ තමන්ගේ දූෂිත දේශපාලන ව්‍යාපෘතීන් හා එලොවට මෙලොවට නැති දාර්ශනික කුණු කන්දල් මත පිහිටමිනි. සිංහල බෞද්ධ විරෝධයේ පරවේණි රෝගයෙන් විකල් වී සිටින මේ පිරිසට තුත්තිරි ගහ පෙනෙන්නේ කොස් ගහක් වශයෙනි. කොස්ගහ පෙනෙන්නේ මෝල් ගහක් වශයෙනි. අදහසක් නිරවුල්ව ගලපා ලිපියක් ලියාගැනීමට නොදන්නා උද්දච්ඡ නඩුකාරයන්ගේ සිට, විජේරාම හන්දියේ අඩු මිලට කුණු සෝදන කුලී ලියන්නා දක්වා වු ලොකු කුඩා බොහෝ දෙනා ඉහත කී ව්‍යාධියට අඩු වැඩි වශයෙන් ගොදුරැ වී සිටිති. ඔවුන් සම්මාන දුන් පොත්වල හොද නරක ගැන නිමක් නැති වාද විවාද පැවතිය හැකි වුවද ඔවුන්ගේ මෙම මතවාදී අර්බුදය විවාදාත්මක කාරණයක් නොවේ. එහෙයින් මේ විනිශ්ව මණ්ඩල තුළ මතවාදීමය වශයෙන් අවම හෝ සමතුලිතතාවයක් පවත්වා ගත නොහැකි වීම ගැන පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ලැජ්ජා විය යුතුව තිබේ.
කෙසේ හෝ වේවා අද වනවිට මේ කාරණා ටෙනිසන් පෙරේරා මහතාගේ මුවින්ම අසන්නට ලැබීම අපූරු නාටකීය ජවනිකාවකි. නෝබට් අයගමගේ මහතා මා දන්නා තරමින් එන්ජීඕ මතධාරියකු නොවුනද ටෙනිසන් පෙරේරා යනු බොහෝ අවස්ථාවලදී විකල්ප ගෝත්‍රය හා සහජීවනයෙන් කටයුතු කරන්නෙකි. ඒ මහතා පසුගිය දිනවල විකල්ප ජාවාරම්කාරයන් හා එක්වී මුස්ලිම් අන්තවාදය වෙනුවෙන් වස්ත්‍ර රහිතව පෙනී සිටින නිවේදන වලටද තම නම ඇතුළත් කළ අයෙක් බව අප මෙහිදී අමතක කළ යුතු නොවේ. ඊනියා විකල්ප බුද්ධිමතුන්ගේ නිරුවත අමු අමුවේ හෙලිදරවු වූ එවන් අවස්තා පවා දේශපාලනිකව තේරුම් ගත නොහැකි වූ ටෙනිසන් පෙරේරා මහතාට අද වන විට තම අහිමි වූ සම්මානය හමුවේ හෝ ඇත්ත කතා කරන්නට ශක්තිය ලැබීම ජාතියේ වාසනාවකි. ලේඛකයෙකුට ඇත්ත වෙනුවෙන් පෙනී සිටීම සදහා තම සම්මානයක් අහිමි වන තුරු සිටින්නට සිදුවීම එක් අතකින් ඛේදවාචකයකි. එවන් තත්ත්වයක් යටතේ කරන ප්‍රකාශ සරදමට ලක් කිරීමද ඉතා පහසු බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒ සියල්ල එසේ වුවද මේ මොහොතේ හෝ මේ අදහස් පල කිරීම ගැන ඉහත ලේඛකයන් දෙපලට කාගේත් ප්‍රණාමය හිමි විය යුතුය. 
 
සාහිත්‍ය ක්ෂේත්‍රයේ බලය විකල්ප ගෝත්‍රිකයන්ට හිමිවීම යනු රටේ බලය මර්වින් සිල්වාට හිමිවීමටත් වඩා භයානක තත්ත්වයකි. සාහිත්‍ය ලෝකයේදී අද අප නිතර අත්විදිමින් සිටින විගඩම්කාරී ජවනිකාද විකල්ප ගෝත්‍රයක බලයට නතුවූ සාහිත්‍යයකට උරුම පරාභවයේම අවලස්සන ප්‍රකාශනයෝ වෙති. එහෙයින් ආත්ම කේන්ද්‍රීයව ප්‍රශ්නය අතට නොගෙන පොදු වියවුල වටහා ගැනීමේ නුවනක් ටෙනිසන් මහතාට මින් පෙර පහල වූයේ නම් අද ඔහු සිටිනු ඇත්තේ ස්වර්ණ පුස්තක වැනි සම්මානයක් වෙනුවෙන් කෑ කෝ ගසා ගන්නා නොවැදගත් තැනක නොවේ. සම්මාන කෙසේ වුවද මේ සමාජ වියවුලට එරෙහිව පෙනී සිටින ලේඛකයා ඉතිහාසයේ වැදගත් තැනක නිසැකවම තම නම සටහන් කර තබන්නෙක් වෙයි. ඒ භූමිකාවට පණ පෙවීමට අවශ්‍ය සම්මා දිට්ඨිය කල් පසුවී හෝ ටෙනිසන් පෙරේරා ඇතුළු ලේඛකයන්ට හිමිවේවායි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු.



සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ පළවූ  ලේඛකයන් දෙදෙනාගේ ප්‍රකාශ පහතින් දැක්වේ.

(01) ටෙනිසන් පෙරේරා 
දණ්ඩ භූමි
මගේ දණ්ඩ භූමි නවකථාවෙන් සාකච්ඡා වෙන්නේ දේශපාලකයින්ගෙ සූරාකෑම් ගැන. සමහර නිලධාරීන්ගේ වංචා සහගත ක්‍රියා ගැන. පුරාවිද්‍යාවට සම්බන්ධ නිලධාරීන් බුද්ධ රූප කෝවක උණු කරල නාඩාර්ලට විකුණනව. දේශපාලකයින් ගස් කපල කැලෑ විනාශ කරනවා. පස් විකුණනවා. අල්ලස් දීල රේගුවෙන් බඩු පන්නනවා. ජාතික අපරාධ සිදුවෙන අන්දමයි “දණ්ඩ භූමි” නවකථාවෙන් විස්තර වෙන්නෙ. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ ඉන්න සමහර එන්ජීඕ කාරයින්ට ඒව අල්ලන්නෙ නැහැ.
ඔවුන් මතයක් ඇතිකරන්න යනවා සාර්ථක නවකථාවක් වෙන්න නම් සුළු ජාතිකයින්ට පීඩා කරනවා කියල ලියන්න ඕන. මුස්ලිම් කඩ කඩනවාය කියල ලියන්න ඕනෙ. දෙමළ මිනිස්සුන්ට සිංහලයන් නිරන්තරයෙන් හිරිහැර කරනවාය කියල ලියන්න ඕන.
මගේ නවකථාවෙ ඒවා නැහැ. මගේ දණ්ඩ භූමි නවකථාවෙ එහෙම ‍දේවල් ගැන ලිව්ව නම්; සිංහලයන්ගේ උත්පත්තිය ද්‍රවිඩ උත්පත්තියකින් කියල කිව්වා නම් මගේ නවකථාවටත් ස්වර්ණ පුස්තක තිළිණය දේවි.
දෙවන වටයට තේරුණ පොත් දහයම මම කියෙව්වා. මංජුල වෙඩිවර්ධනගේ “මගේ ආදරණීය යක්ෂණී” කියවන්න මාස තුනක් ගියා. මෙලෝ මිනිහෙකුට ඒක කියවලා තේරුම් ගන්න අමාරුයි. ඒක පුද්ගලවාදී කෘතියක්. තමන්ගේ පුද්ගල අත්දැකීම් ගූඪ විදියට ලියලා; අපේ ජන පුරාණයට සම්බන්ධ කරල ප්‍රතිගාමී ස්වරූපයට ලියපු එකක්.
දෙදහස් දහතුන වර්ෂයේ ප්‍රකාශයට පත්වූ නවකථා 107 අතරින් ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේ දෙවැනි වටයට තේරුණ කෘතීන් අතරින් මංජුල වෙඩිවර්ධනගේ නවකථාවට ලකුණු ලැබුණෙ දහයටත් අඩුවෙන්. “මගේ ආදරණීය යක්ෂණී” ප්‍රතිගාමී නවකථාවක් නිසා ඒක අවසාන පොත් පහට උඩට ගත්තා. ස්වර්ණ පුස්තක සම්මානයත් එයටම දේවි.
ලියනගේ අමරකීර්තිගේ “කුරුලු හදවත” විනිශ්චය මණ්ඩලයේ විසිදෙනාගෙන් දහනම දෙනෙකුගේම ඡන්දය ලැබුණත් එය විශිෂ්ට නවකථාවක් නොවෙයි. එය උත්කර්ෂවත් නැහැ. කුල භේදය ගැනයි කතා කරන්නෙ. කුල ප්‍රශ්නය ගැන අභ්‍යන්තරයට ගිහිල්ල නැහැ. උඩ මට්ටමින් කතා කරන්නෙ.
නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ට සුළු ජාතිකයන්ට හිරිහැර ගැන කියන නවකථාවක්. දෙමළ ඩයස් පෝරාව කියන්නෙත්, නිශ්ශංක විජේමාන්න “තාරා මගේ දෙව්දුව” නවකථාවෙන් කියන දෙයම තමයි.
පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සමහර දෙනාට සාහිත්‍ය ගැන දැනුමක් නැහැ. ඒක නිසා සමහර ප්‍රකාශකයො ගේම් දෙනවා. විදර්ශන ප්‍රකාශකයින් පොත් දෙකක් පී.බී.ජයසේකරගේ “මරිය සිලෝනිකා වස්තුව”, නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” උඩට ගන්න ජනක ඉනිමංකඩට ඕන වුණා.
විනිශ්චය මණ්ඩලය පත්කරන්න මුල්වෙන්නෙ ජනක ඉනිමංකඩ. ඔහුගෙ හිතවතුන් තමයි එතැනට එන්නෙ. ඒ විතරක් නොවෙයි ෆේස් බුක් හරහාත් ඔහු තම පොත් දෙකට ලොකු තල්ලුවක් දෙනවා. ඔහුට ඕන ස්වර්ණ පුස්තක සම්මානයෙ රශ්මියෙන් ඔහුගේ පොත් දෙකට ඉහළම ‍අලෙවියක් ලබාගැනීම. ජනක මේ සඳහා කැන්වසින් ගියා.
ස්වර්ණ පුස්තක නව විනිශ්චය ක්‍රමවේදයත් වැරදියි. එකම පුද්ගලයා විසිදෙනෙක් ආරම්භයේ පටන් අවසානය දක්වා විනිශ්චයේ යෙදෙද්දි එකම රසයේ පොත් ගැනමයි අවධානය යොමු වෙන්නෙ. විවිධත්වයක් නැහැ. රසිකත්වය විවිධ වෙන්න ඕනෙ. එතකොටයි අලුත් දෙයක් ඇතිවෙන්න පුළුවන්.
මෙතැන තව ගේමක් යනවා. ඒ සිංහල නවකථාව නැති කිරීම. පාඨකයින් ප්‍රිය නැති නවකථා විනිශ්චය මණ්ඩලය ‍තේරීමෙන් පාඨකයාට නවකථාව එපා වෙනවා. මේ අවුරුද්දෙ නිර්දේශිත පොත් ගන්න අය ලබන අවුරුද්දෙ පොත් ගැනීම සම්පූර්ණයෙන් අත්හැර දානවා.

(02).නෝබට් අයගමගේ 
කාල නදී ගලා බසී
සාදිරිස් කියන පුද්ගල චරිතයත් එක්ක පාරු සංස්කෘතියත් සමඟ ගඟ දෙපස ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිත ගැන මම කාල නදී ගලා බසී නවකථාවෙන් කියනවා. කතාව පටන් ගන්නෙ එක්දහස්නවසිය අනූහත කාලයේ. මගෙ පළමුවැනි නවකථාව මේක.
පොතක් ලියන්නෙ සම්මාන බලාගෙනම නොවෙයි. නමුත් කිසියම් විනිශ්චයකදී අපිට අසාධාරණයක් වෙනවා නම් අපිට ඒක ඉවසන්න බැහැ. ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දී දෙවැනි වටයට මගෙ පොත තේරුණේ ඡන්ද දාහතක් ලබාගෙන.
නමුත් අවසාන පොත් පහ තෝරද්දි ඡන්ද දහහතක් ලැබුණ මගේ පොත යට ගිහිල්ල ඊට අඩු ලකුණු ලැබුණු පොතක් උඩට ආවා. එකම විනිසුරුවන් විසිදෙනෙක්‍ නේද ඔතන ඉන්නෙ? දෙවැනි වටයට පොත් දහය තෝරල අවසාන වටයට පොත් පහ තෝරන්න අමුතු විනිශ්චයකාරයො ආවෙ නැහැනේ. හොඳටම තේරෙනවා ගේමක් තමයි ගියේ කියලා.
අපේ රටේ තියෙන පාරම්පරික චින්තනය සාම්ප්‍රදායී හැදියාව නැති කරන්න කණ්ඩායමකට ඕන වෙලා තියෙනවා. ඒකට පසුබිම හදල දෙන නවකථාවලට තමයි සම්මාන දෙන්නෙ.
ගිය පාරත් ඕක වුණා. ගිය පාර සෙංකොට්ටන් නවකථාවට නොදී කාල සර්ප නවකථාවට සම්මාන හම්බවුණේ එහෙමයි. මගෙ කාල නදී ගලා බසී නවකථාවෙත් තාත්ත දුවව දූෂණය කරනවා වගේ කථාවක් තිබුණා නම් සම්මාන ලැබෙන්න තිබුණා.
දැන් මේ සිදුවේගෙන යන රටාව දිහා බැලුවාම සිද්ධවෙන්නෙ අපි හිතන විදියේ විනිශ්චයක්වත් ඇගැයීමක්වත් නොවෙයි. තම තමන් අතර තමන්ගෙ හිතවතුන් අතර සම්මාන බෙදා දීමක්. කියවන්න කම්මැලිම කම්මැලි නවකථාවකට ගියවර සම්මාන දීමෙන් ඒක යස රඟට ඔප්පුවුණා.
මේකෙ වැරැද්ද සංවිධායකයින්ගෙ නොවෙයි. විනිශ්චය මණ්ඩලයට එන පුද්ගලයන්ගෙ. පටු පරමාර්ථවලින් මේ මිනිස්සු එන්නෙ තම ගජ මිතුරු සමාජයට සේවයක් කරන්න.
මේ අය මෙතැනට එන්නෙ වෙනම සන්ධානගතවෙලා. ගිය පාර ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චය මණ්ඩලයට තමන්ව ඇතුළත් නොකළ නිසා ඒකට පට්ට යන්න බැන්න සමන් වික්‍රමආරච්චි මෙන්න අපූරුවට මෙදා පාර විනිශ්චය මණ්ඩලයට ඇවිල්ලා. ස්වාර්ථය සඳහා වෙනස්වන ඒ මිනිස්සුන්ගෙ විනිශ්චය අපි කොහොමද පිළිගන්නෙ?
මේ අය මෙතනට එන්නෙ වෙනම සන්ධානගතවෙලා පශ්චාත් නූතනවාදය කියල කුණුහබ්බ කතාන්දර උඩට ගන්නයි මේ‍ෙක ඉන්න එන්ජීඕ කාරයො උත්සාහ කරන්නෙ. ඔවුන්ට ඕන වෙනම සංස්කෘතියක් වෙනම ගන්ධබ්බ සාහිත්‍යයක් ලංකාවෙ ඇතිකරන්නයි.”
පොත් ප්‍රකාශකයින් රාශියක් ඉද්දි එක පොත් ප්‍රකාශකයෙක් තමයි විනිශ්චය මණ්ඩලය තෝරන්නෙ. විශ්වවිද්‍යාලයෙන් පිටවුණ ගැටවු කට්ටියක් අල්ලගෙන පොත් ගහන ඔය ප්‍රකාශකයාගෙ එක පොතක් කියවන්න පුළුවන්ද?
මට ‍ෙලාකු යාලුවො නැහැ. ඒක නිසා මම කාටවත් කියල නැහැ මගෙ පොත ගැන විශේෂත්වයක් දක්වන්න කියලා. මම ඔය මී පොරේට එන්න කැමැතිත් නැහැ. නමුත් කියවපු බොහෝ දෙනා මගෙ පොත පැසසුවා. විනිශ්චය මණ්ඩලයේ කීපදෙනෙකු‍ෙග් පටු ආත්මාර්ථකාමී අදහස් නිසා සමස්ත සමීක්ෂණ මණ්ඩලයම අවමන් ලබනවා.
මහ ගිනි දවාලක උගත් වියත් දාමරික සුළුතරයක් විසින් නිර්ලජ්ජිතව කළ මංකොල්ලයක් ලෙසයි මම ඔය ක්‍රියාදාමය දකින්නෙ.




ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

6 comments :

  1. අයියලාට ඕනෙ හැටියට දෙන්නෙක් බෙටි දාල. අයියලට මාර ෆන් නේද?

    ReplyDelete
    Replies
    1. සුනන්ද9/02/2014 1:51 PM

      විකල්ප ගෝත්‍රය නියෝජනය කරන විනිසුරු මඬුල්ලේ අයගේ පහත් "බෙටි රසිකත්වය" ඔයාගේ කමෙන්ටුවෙන් පේනවා. ඔයගොල්ලෝ තෝරන තේරිල්ල ගැන කවර කතාද?

      Delete
  2. මිදි තිත්තයි කී නරි දෙනෙනා ගේ කතන්දරේ සිහිවිය.

    ReplyDelete
  3. සදුන්9/18/2014 3:32 PM

    n.g.o. නාඩගම් නටන්න ඉඩ දුන්නා නම් ඔයාටත් ෆන් ඇති නේද?
    දැන් රිදෙන්න ඇරලා නේ.
    ඒක අවුල් වගේ නේද මල්ලි

    ReplyDelete
  4. ayyo kumara........?

    ReplyDelete
  5. මමත් කලසර්ප ගත්තා ගියපාර ප්‍රදර්ශනෙන්.වැඩක් නෑ මන් භාගයක් වත් කියෙව්වෙ නෑ. මෙදාපාර මම ගියෙත් නෑ ප්‍රදර්ශනෙ බලන්න

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com