12/15/2016

පෝය හඳට පිස්සු වැටෙන දෙරණේ නරි

කතෘ:යුතුකම     12/15/2016   3 comments
-යොහාන් නාලක විජේනායක-
පෝය දවස අනිත් දවස් වලට වඩා වෙනස්ය. පෝය දවසට හඳ පායයි. පෝය දවසට නිවාඩුය. එහෙම නිවාඩු දෙන්නේ රටේ බහුතරය බෞද්ධ නිසාය. පොහොය දිනය නිවාඩු දිනයක් කිරීමේ ප්‍රදාන හේතුව බහුතර බෞද්ධ ජනතාවට එදින ආගමික කටයුතු කෙරෙහි නැඹුරු වී තම ජීවිතය සුවපත් කර ගැනීමය. සමහරු පෝයට සිල් සමාදන් වෙති, සමහරු බණ අහති, සමහරු ධර්ම පොත් පත් කියවති, සමහරු වෙනදා වගේම සිටිති, සමහරු රේඩියෝවෙන් බණ අහති, සමහරු TV එකේ යන ධර්ම දේශනා සහ විවිද වැඩසටහන් නරඹති. මේ අතර පෝයට කලින් අරගෙන තියාගත්ත ඒවායෙන් දවස ගොඩ දා ගන්නෝද සිටිති.

කොහොම උනත් පොහොය දිනයේ තේමාව බෞද්ධයා යහපත් මගට යොමු කිරීමය. විවිද කාරනා නිසා කාර්යබහුල වී සිටින ජනතාව ධර්මයට යොමු වීම කෙසේ වෙතත් ඉඳහිට වැරදිලා හරි බණ පදයක් ඇහෙන්නේ පෝයටය. පෝයට පායන හඳ මෙන් ප්‍රබෝධමත වෙන බෞද්ධයාගේ සිත පොහොය හඳ මෙන්ම ටිකෙන් ටිකෙන් විවිද ගිහි ජිවිතයේ වලාකුළු වලින් වැසී ගියද නැවත පොහොය දිනට ප්‍රබෝධමත් වෙයි. එයට හේතුව පොහොය දිනය හා සම්බන්දවුන සංස්කෘතික කාරනා ටිකක් අපේ රටේ තවමත් පැවතගෙන එන නිසාය. තවමත් බහුතර ගෙවල් වල පෝයට බණ ඇහෙන නිසාය. පොහොයට පන්සලේ පිංකම් කෙරෙන නිසාය. වරින් වර විවිද නීවරණ වලාකුළු වලින් වැසෙමින් තිබුනද මසකට වරක් හෝ සිදුවන මේ ප්‍රබෝධමත්බව යම් දිනෙක බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය වෙන උතුම් වූ අමාමහ නිර්වාණය කෙරෙහිම හේතු වෙනවා ඇත. ඒක නිසා පොහොය දින කෙරෙන කටයුතු සහ පොහොය දින විද්‍යුත් මාධ්‍යයෙන් විකාශනය වෙන වැඩසටහන් ගැන බෞද්ධ අපි සැලකිලිමත් විය යුතුය. ඒ අපේම යහපත උදෙසාය, අප ජිවත් වෙන සමාජයේම යහපත උදෙසාය, අපගේ උතුම් වූ සාසනයේම යහපත උදෙසාය, විශ්වයේ සිටින මුළු මහත් සත්ව සංහතියේම යහපත උදෙසාය.

සාම්ප්‍රදායික බෞද්ධ කතා කොහොමටත් අපේ ප්‍රබුද්ධ ප්‍රජාවට වැඩිය අල්ලන්නේ නැත. ඔවුන්ට ඊට වඩා යමක් අවශ්‍යය. ඇත්තටම කිව්වොත් ඔවුන් වඩාත් සතුටු වන්නේ සිය ප්‍රබුද්ධත්වය හුවා දක්වමින් අනිකා පහත කිරීමෙන්ය. මේ උදවියගේ ලොකුම මයින හම සාමාන්‍ය ජනතාවගේ දේව වන්දනාව, බෝධි වන්දනාව වගේ දේවල්ය. ප්‍රබුද්ධ ප්‍රජාවගේ හද පත්ලේ කලක සිටන් පැන නැගෙමින් පවත්නා මේ ආශාව මැනවින් හඳුනාගත් දෙරණ, දෙරණට පෙනෙන තරමින් "නොපෙනන මානය" පටන් ගත්තේය.

මෑතක් වනතුරුම දෙරණේ "නොපෙනන මානය" 'රන් කලේ' "නොපෙනන" නිසා නොපෙනන මානය පිළිගන්න පිළිනොගන්නා ආත්ම අන්ධ ප්‍රබුද්දයන් දෙදෙනෙක්ය. නියත මිත්‍යා ධුෂ්ඨිකයන් දෙදෙනේක්ය, නියත අපායගාමින් දෙදෙනෙක්ය. දෙදෙනාගෙන් එකෙක් දොස්තර
යෙක්ය, අනිකා මාක්ස්වාදියෙක්ය. දෙන්නාටම ගැලපෙන වැඩසටහන් මෙහෙයවන්නෙක්ද ඇත. ඔහු ගැන නම් කතා කරන එකත් තේරුමක් නැති වැඩකි.

මේ "නොපෙනෙන මානයෙන්" ඇත්තටම කරන්නේ ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන්නට, නොදැනෙන්නට "නොපෙනෙන මානයක්" නැති බව ඒත්තු ගැන්වීමය. "නොපෙනන මානය" කිව්වාම මිනිස්සු ආකර්ෂණය වෙන්නේ "මොකක්ද මේ නොපෙනන මානය" කියාය, එයට ආකර්ෂණය වන්නන් වෙනාදා නැරඹු බණ වැඩ සටහන මගහැර නොපෙනෙන මානය බලන්නට උනන්දු වෙයි, නමුත් එහි නොපෙනෙන මානයක් ගැන කතාවක් නැත, එහි ඇත්තේ නොපෙනෙන මානය බොරුවක්ය යන්නය. "නොපෙනෙන මානයක්" බලාපොරොත්තුවෙන් පැමිණි ප්‍රේක්ෂකයා නතර වන්නේ භෞතිකවාදයෙන්ය, නිරාගමිකත්වයෙන්ය.

පොහොය දිනයේ බෞද්ධයාගේ අරමුණ තම දිවිය සුගතිගාමී කරගැනීමට උත්සහ කිරීමත්, සංසාර දුකෙන් අත්මිදීමට උත්සහ කිරීමත්ය. එයට උදව් බලාගෙන පෝය දවසට TV එක ඉස්සරහ වාඩි වෙන බෞද්ධයාගේ සිත් සතන් වනසා දමමින් ඔවුන් සුගතියෙන් දුගතිය කරා යොමු කරමින් තමනුත් දුගති ගාමින් කරගන්නා මෙවැනි නියත මිත්‍යාධුෂ්ඨිකයන් හඳුනා ගත යුතුය. නොපෙනෙන මානයේ සිංහ වෙස් ගත් නරි දැන් නිරුවත් වී ඇත, වරක් නිරුවත් උන නරි නැවත හෙළුවෙන් දෙරණට වද්දා නොගැනීම දෙරණේ යුතුකමකි, එසේ නොකලොත් දෙරණද නිරුවත් වෙන දිනය වැඩි ඈතක නොවේය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/24/2016

බැසිල් ප්‍රශ්නය සහ නිර්මාල් මහතාගේ ප්‍රශ්නය

කතෘ:යුතුකම     7/24/2016   2 comments
-යොහාන් නාලක විජේනායක-
ආචාර්ය නිර්මාල් රන්ජිත් මහතා පසුගිය 'ඉරිදා' පුවත්පතේ අනෙකාගේ කොලමට "බැසිල් ප්‍රශ්නය" නමින් ලිපියක් ලියා ඇත.

ඔහුගේ ලිපියේ සාරාංශය වනුයේ, පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුල බැසිල් රාජපක්ෂ මහතා විසින් ඔහු වටාම කේන්ද්‍ර කොටගත් යම්කිසි සැලකියයුතු වැඩ ප්‍රමාණයක් සිදුකල බවත්, ආචාර්ය නිර්මාල්ගේ අත්දැකීම් වලට අනුව එවකට බැසිල් යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති වල හවුල් කරුවන් ඉතා කෙටි කළකින් විශාල ධනවතුන් වූ බවත් දැන් මේ බැසිල් රාජපක්ෂගේ ආගමනය රාජපක්ෂවාදීන්ගේ කඳවුර තුල සිටින "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ව” තුල යම් ආතතියක් ඇති කිරීමට සමත්ව ඇති බවත්, අවසානයේ බැසිල් රාජපක්ෂ විසින් සිය ප්‍රතිවාදීන් වන "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්" තීරණාත්මක ලෙස පරාජයට පත්කර ඇති බවත්ය.

මෙහිදී මුලින්ම නිර්මාල් මහතා සඳහන් කරන "රාජපක්ෂවාදීන්" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ව” කවුරුන්ද යන වග පැහැදිලි කරගත යුතුව ඇත. නිර්මාල් මහතා මෙහි "රාජපක්ෂවාදීන්" ලෙස හඳුන්වා ඇතතේ පසුගිය අවුරුදු 10ක පාලනයකින් අනතුරුවද තව දුරටත් මහින්ද රාජපක්ෂවම බලයේ තබා ගත යුතුය යන විශ්වාසය ඇති සහ ඒ වෙනුවෙන් කටයුතු කරන පිරිස ගැන විය යුතුය. නිර්මාල් මහතාට අනුව මේ පිරිස හුදු "රාජපක්ෂවාදීන්" වුවද ඔවුන් තව දුරටත් මහින්ද බලයේ සිටීම අපේක්ෂා කරනුයේ ඔවුන් හුදු "රාජපක්ෂවාදීන්" නිසා නොව මේ අවස්ථාවේ මහින්ද හැර වෙනත් සුදුසු විකල්පයයක් නොමැති බව ඔවුන් විශ්වාස කරන නිසාය. ඔවුන්ගේ ඒ විශ්වාසය නිර්මාල් මහතා ඇතුළු ප්‍රබුද්ධ පරපුරේ යහපාලන බලාපොරොත්තුවට වඩා ප්‍රායෝගික බව මේ වනවිට බොහෝ දෙනා අවබෝධ කරගෙන ඇතුවාට සැක නැත. තවද "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්” යනුවෙන් නිර්මාල් මහතා පැත්තකට කොන් කරන්නට උත්සහ කරන්නේ මේ රටේ ජිවත් වන සිංහල බෞද්ධ බහුතරයයි. නිර්මාල් මහතා කියන ආකාරයට සිංහල/දෙමල වශයෙන් බෙදී/වෙන්වී ජිවත් වීම ප්‍රතික්ෂේප කරන එක රටක් තුල එක්ව ජිවත් වීම අපේක්ෂා කරන සිංහල බෞද්ධ බහුතරයයි.

බැසිල්ගේ ආගමනය "රාජපක්ෂවාදීන්ට" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට" ගැටළුවක් වනුයේ, රටේ සමහර පිරිස් බැසිල් ගැන ඇති නොකමැත්තත්, බැසිල් විසින් පහුගිය රජය යටතේ කෙරුණු බොහොමයක් ව්‍යාපෘති ඔහු වටා කේන්ද්‍ර කරගෙන පවත්වාගෙන ගිය බවට ඇති රාවයත්ය.

"රාජපක්ෂවාදීන්ට" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට" අනුව, රට දෙකඩ කරමින්, අපේ රැකියා වෙළඳ පොළ ඉන්දියාවට පාවා දෙමින්, රටේ මහා බාන්ඩාගාරය ඇතුළු සියලු සම්පත් මහා දවාලේ කොල්ල කමින්, නීතිය සහ අධිකරණයට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් අන්ත ඒකාධිපතිත්වයක් කරා යන මෙම ආණ්ඩුව පන්නා දැමිය යුතුය. එසේ පන්නා දැමීමට බැසිල් යම්කිසි අයුරකින් බාධාවක් වේ නම් රාජපක්ෂ කෙනෙකු වුවද ඔහු අතහැර දැමීමට "රාජපක්ෂවාදීන්" දෙවරක් නොසිතනු ඇත. එපමණක් නොව, මේ යහපාලන ආණ්ඩුව පලවා හැර පත්වන නව රජයක යහපත් පැවැත්ම සඳහා බැසිල් බාධාවක් වේ නම් එවන් අවස්ථාවන් වලදීද බැසිල් අතහැර දැමීමට මෙම "රාජපක්ෂවාදීන්" පසුබට නොවනු ඇත. ඒ ඔවුන් හුදු "රාජපක්ෂවාදීන්" නොවන බැවින් සහ ඔවුන් තම රටට ජාතියට ආදරය කරන පිරිසක් වීම නිසාය. එපමණක් නොව රටේ සාමාන්‍ය ජනයා තුලින් ඉහලට ගලන දේශපාලනක් මේ "රාජපක්ෂවාදීන්" අපේක්ෂා කරන බැවිනි.

එනමුදු බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නැගෙන චෝදනා කිසිවක සත්‍ය/අසත්‍ය තාවය අප හරි හැටි නොදන්නා බැවිනුත්, එවැනි අක්‍රමිකතා සිදු කල අය තරාතිරම නොබලා නිතිය ඉදිරියට ගෙන එන බව ප්‍රතිඥා දුන් නිර්මාල් මහතාලාගේ යහපාලන ආණ්ඩුවෙන් ඒ ගැන හාංකවිසියක් නැති බැවිනුත්, බැසිල් මහතාගේ ආගමනය "රාජපක්ෂවාදීන්ට" එතරම් ගැටළුවක් නොවනු ඇත. "රාජපක්ෂවාදීන්" එය තමන් ලැබූ තීරණාත්මක පරාජයක් ලෙස නොසලකනු ඇති අතර බැසිල් පමණක් නොව "රාජපක්ෂවාදීන්" නියෝජනය අනෙක් සියලු දේශපාලන නියෝජිතයන්ද පහලින් ගලන විවේචන වලට සවන්දිය යුතුය යන්න "රාජපක්ෂවාදීන්ගේ" අපේක්ෂාවය. එම දේශපාලන නියෝජිතයන් අතින් එය සිදු නොවේනම් ඔවුන් හඳුනා ගැනීමම "රාජපක්ෂවාදීන්" ලබන ජයග්‍රහණයකි.

එමනිසා බැසිල් ආගමනය නිසා "රාජපක්ෂවාදීන්ට" සහ "දෘඩ සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට" පසුබසින්නට උනා යැයි කියන නිර්මාල් මහතාගේ කිඹුල් කඳුළු හෝ සිංහ නාද ඔවුන්ට වැදගත් නැත.එපමණක් නොව මෙසේ "බැසිල් ප්‍රශ්නයට" මුවා වී නිර්මාල් මහතා සඟවා ගන්නට හදන්නේ යහපාලනයට දරදිය ඇද හෙම්බත්වුනු "ඔහුගේ ප්‍රශ්නය" බව අපට පැහැදිලිය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

5/19/2016

මහින්ද රැක ගත යුත්තේ ඇයි

කතෘ:යුතුකම     5/19/2016   4 comments
අවුරුදු 30ක් තිස්සේ රටේ නොසෑහෙන  ලෙස මිනිස්සු මැරි මැරී දිග ඇදුනු යුද්ධය අවසන් වී අදට අවුරුදු 7ක්. මෙය අපි කව්රුත් ශ්‍රී ලාංකිකයන් ලෙස ලාබූ ලොකු ජයග්‍රහණයක්. යුද්දය ගැන කියද්දී නොකිය ඉන්න බැරි අනිත් වචනෙ තමා "මහින්ද". ඇත්තම කියනවනං "මහින්ද" නැත්නං තාමත් මේක ඉවර නෑ. එබැවින් අද වගේ දවසක ඒ නිදහස සමරන ගමන් අපිට ඒක උරුම කරල දෙන්න මුල් වෙච්චි මහින්දව යුද්දෙ ඉවර වෙලා බොහොම ටික කාලෙකින් ලාංකික දේශපාලනෙන් එලවන්න ඕන උනේ කාටද , එහෙම කලේ කොහොමද , මහින්ද ඉදිරියේදී අපිට , රටට , සහ රටේ සාමයට වැදගත් වෙන්නෙ කෙලෙසද කියන එක ගැන සටහනක් ලියන්න හිතුවා.

විමල් වීරවංස මහත්මයා දේශපාලන වේදිකාවෙදි බොහොම අවදාරණයෙන් කියන කතාවක් තමයි අපේ රටේ සමහර දේශපාලන හැසිරීම් "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ" කියන කතාව. ඉතිං ඕක ඇහුනු ගමන් උගත් නූගත් බොහොමයක් ගත් කටටම කියන්නෙ "අනේ ඕකට පිස්සු, ඔය යකා කට ඇරියොත් කියන්නෙ ඔය කතාව, ඕකා ඔය අපි රවට්ටල චන්ද ගන්න කියන කතාවල්, අපි ඇහුවෙයි ඕවට, ඔය ලොකු රටවල් මොන මගුලකටද අපි වගේ ස්වාභාවික සම්පත් හිඟ, දුප්පත්, සංවර්දනය නොවිච්චි පුංචි රටකට කුමන්ත්‍රණ කරන්නෙ" කියල.

නමුත් මේ වෙද්දි "ස්වාභාවික සම්පත් හිඟ, දුප්පත් පුංචි රටක්" උනත් ඔය අධිරාජ්‍යවාදී සහ ඒවයෙ ගැත්තො අපි ගැන උනන්දුයි කියන එක හැම දෙනාටම යම් තරමකට තේරුම් ගිහින් ඇති.

ඇත්තටම කිව්වොත් අපේ රට විතරක් නෙමේ ලෝකෙ හැම රටකම දේශපාලනික/ආර්ථික තත්වයන් පිළිබඳව ඔවුන් උනන්දුයි, එහෙම උනන්දු වෙන්නෙ මේ රටවල් ආර්ථික සහ දේශපාලනික වශයෙන් උඩට එන්න නොදී ඉන්න තැනම තියාගෙන ඉන්න එක ඔවුන්ගේ පැවැත්මට වඩාත් හොඳ නිසා. දේශපාලනිකව අල්ල ගත්තු රටක වෙළඳ පොලක් ඔවුන්ට අවශ්‍ය ලෙස මෙහෙයවන්න (manipulate) පුළුවන් නිසා, විතරක් නෙමේ යම්කිසි තීරණාත්මක අවස්ථාවකදී රටක් විදියට ඔවුන්ගේ (ලෝක දේශපාලනික සංසිද්දි වලදි) විවිද තීරණ වලට පක්ෂව හෝ විපක්ෂව (ඔවුන්ගේ අභිමතය පරිදි) අපේ චන්ද බලය ගන්න පුළුවන් නිසා.

ඉතින් එලෙස ඔවුන්ට පක්ෂපාති ආණ්ඩු ලෝකෙ හැම තැනකම තියාගන්න ඔවුන් උනන්දුයි, ඇත්තටම ඒ වෙනුවෙන් අවුරුද්දක් පාසා ඔවුන් යම් මුදලක් වෙන් කරනව වෙන්නත් පුළුවන්. ඉතින් ඕකට "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ" නැතුව වෙන මොකක් කියන්නද?

දැන් නැවත මහින්ද ගැන කතාවට ආවොත්, LTTE සංවිධානය පරද්දන්න කලින් අපේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රධාන අවශ්‍යතාව වෙලා තිබුණු නිදහස කියන එක මිනිස්සුන්ට ලබා දීපු, මෙතුවක්කල් ජීවිතේට නොවෙච්චි තරමක් රට සංවර්දනය කරපු මහින්ද ගෙදර යැව්වෙත් ඇත්තටම මේ "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ" ම තමයි. එහෙම නැතුව සත පහක වැඩක් කරගන්න බැරි සිරිසේන/රනිල්/චන්ද්‍රිකා/SB/රාජිත/මංගල ලාට
ඒක කරන්න බෑ. මහින්දගෙ ආණ්ඩුවෙන් කරගෙන ආපු වැඩ ටිකවත් කරගන්න බැරුව, හතර අතේ නාගෙන දඟලන දැඟලිල්ල දැක්කම ඔවුන්ට මහින්ද පරදවා  බලයට එන එක ජීවිතේට කරන්න බැරි වැඩක් කියන එකත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ.

අධිරාජ්‍යවාදීන්ගෙ ප්‍රධාන උවමනාව උනේ මහින්ද රටේ දේශපාලනෙන් එලවන එක, නැතුව අපේ රටට යහපතක් කරන එක නොවෙයි. ඒ නිසයි  මහින්ද එලවලා දාපු රුකඩ ටික නාගෙන ලණු කඩාගෙන බාගෙට නටද්දිත් "පුළුවන් විදියකට කරගෙන පල" කියන නියායෙන් සත පහකට ගණන් ගන්නැතුව වගේ  ඉන්නේ.

දැන් රනිල්/
සිරිසේන ප්‍රමුක රූකඩ නඩේ කියන්න පුළුවන් තරං බොරු කියල, යන්න පුළුවන් තරං දුර ගිහින් ඉවරයි. සිරිසේන  සහ රනිල්ගෙ ඒකාධිපති ක්‍රියා කලාපයයි, සල්ලි වලට පෙරේත ඇමති මණ්ඩලෙයි නිසා මිසක් මේ ආණ්ඩුව පවතින්න වෙන කිසි හේතුවක් නෑ. රටට හෙන ගැහිල ගියත් කොල පාට ආණ්ඩුවක් තියන එකේ ත්‍රිල් එක තියන කැපුවත් කොළ කියන විකෘති කොටසයි, සල්ලි වලට කඩේ යන කුලී කාරයො ටිකයි ඇරුනහම අනිත් හැම දෙනාම මේ වෙද්දි මේ ආණ්ඩුව අත ඇරල ගිහින්.

තව දුරටත් උපරිමෙන් මේ ආණ්ඩුව තියෙන්නෙ ඊළඟ චන්දෙ එනකං විතරයි. රනිල්/
සිරිසේන සහ කල්ලිය ඒක නොදන්නව නෙවෙයි. දැන් ඔවුන්ට තව දුරටත් රට ගැන හිතන්න වෙලාවක් නෑ. වැදගත් ඊළඟ චන්දෙ වෙනකන් හරි මේක ඇදගෙන යන එක. ඒකට තමයි ඔය බොරු ප්‍රබුද්ධත්වයක් මවා ගත්තු අලුත් පරපුර, මෝඩ මර්වින් වගේ උන්ගෙ ගොං පාර්ට් කරලියට බස්සන්නෙ. නමුත් ඒ ගහන තුරුම්ම්පුත් ගහන කොටම යටවෙනව ලොකු කොල වලින්. මර්වින් කියන්නෙ ලාංකික දේශපාලනේ පිළුණු වෙච්චි කුණු ගොඩක්, තව දුරටත් මර්වින් වටේ ඉන්නෙ කුණු කන නිල මැස්සො විතරයි. අලුත් පරපුරේ මාද්‍ය සාකච්චා/රැස්වීම් වල ඉන්නේ අලුත් පරපුරේම 10ක් 20ක් විතරයි.

මේ විදියට ගහන ගහන සියලුම තුරුම්ම්පු යට වෙනකොට මේ අධිරාජ්‍යවාදෙට කත් අදින
සිරිසේන /රනිල් ප්‍රමුක නඩේට ඉතුරු වෙන්නෙ එක දෙයයි. ඒ මහින්ද නැති කරන එක. ඒ ගැන මේ වෙදදී ඔවුන් හිතල නැති වෙන්න බෑ. නිකන් පලිගන්න වගේ මහින්දගෙ ආරක්ෂාව නැති කරන්නෙ ආරක්ෂාව නැති කරල පලි ගන්න නෙමේ, ඊට වඩා ලොකු බලාපොරොත්තු ඇතුව.

යම්කිසි විදියකින්
සිරිසේන /රනිල් ඇතුළු නඩය ඒක කරගත්තොත් අපේ රටට වෙන්න පුළුවන් නරකම දේ ඒක.

ඒ අපිට මහින්ද නැති වෙන නිසා නෙමේ, ඒක වෙච්චි දවසක රටේ මිනිස්සු ඔක්කොම පාරට බහින නිසා, 83 කළු ජුලිය වගේ අනවශ්‍ය තැනකට රට පත්වෙන නිසා. මහින්ද නැති කරපු සිංහල/දෙමළ ප්‍රශ්නෙ නැවතත් ඇතිවෙන නිසා. එතන ඉඳන් අවුරුදු ගානක් රට පස්සට යන නිසා.

අධිරාජ්‍යවාදීන්ට ඕනෙත් එකම තමයි, ඔවුන්ට වැදගත් මහින්ද නැති වීම නෙමේ, ආයෙත් රට කලින් තිබුණු තත්වෙට ඇදල දාන එක. මහින්ද නැති රටක මිනිස්සු පාරට බැහැල කපා කොටා ගන්න කොට සාම දූතයො වෙලා ඇවිත් රට දෙකට කඩල, ප්‍රශ්නෙ අවුලල තව චිරාත් කාලයක් ඒකෙන් ගොඩ යන එක.

ඒක නිසා මහින්ද නැති වීමෙන් අපිට වෙන්නෙ මහින්ද නැති වීම නෙමේ, අපිට අපිවම නැතිවීම.




-යොහාන් නාලක විජේනායක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/09/2016

රසල් පීටර්ස්, racism සහ කුණුහරුප

කතෘ:යුතුකම     4/09/2016   4 comments
-යොහාන් නාලක විජේනායක-
අප බොහොමයක් දෙනෙකු දන්නා පරිදි රසල් පීටර්ස් යනු ලෝ ප්‍රකට කැනේඩියානු ජාතික comedian කෙනෙකි. මේ comediansලා යනු තම ජීවිකාව සඳහා මිනිසුන් හිනස්සන අය වේ. මීට අවුරුද්දකට පමණ කලින් මොහුගේ විහිලු සංදර්ශනයක් ලංකාවේද පැවැත්විණි. ඉංග්‍රීසියෙන් කෙරෙන (ගොන්) ''ජෝකස්'' බලන්නට කැමති, තමන් සාමාන්‍ය ජනතාවට වඩා පොෂ් යැයි සිතා සිටින අය අප රටේ බහුල බැවින් ප්‍රදර්ශනයේ ප්‍රවේශ පත් කල් තබාම විකිණී අවසන්ව තිබිණ. එසේ අමාරුවෙන් එම ප්‍රවේශ පත් ලබා ගෙන තිබු උදවිය ඒවා සමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රදර්ශනය කරමින් එම ප්‍රවේශ පත් මිලදී ගැනීමට නොහැකි වූ පොෂ් ප්‍රජාව අපහසුතාවයට පත් කිරීමක්ද සිදුකර තිබුනි.

මගේ මිතුරන් කිහිප දෙනෙකුද මේ රසල් පීටර්ස්ගේ (ගොන්) ජෝක්ස් බලන්නට ගිහින් තිබුන අතර ඔවුන් මොහුගෙ විහිලු සුපිරිම ගනයේ ඉල ඇදෙන විහිලු බව පුන පුනා කී බැවින් ඉඩ ලැබුන වෙලාවක ඔහුගේ විහිලු වීඩියෝ කිහිපයක් නැරඹුවෙමි.

මට තේරෙන පරිදි ඉතාමත් සරලව කිවහොත් මොහුගේ විහිලුවල (මේවත් විහිළුද) පදනම වී ඇත්තේ වර්තමාන ලෝකයේ විවිද ප්රදේශ, විවිද සංස්කෘතීන්, සහ විවිද දේශගුණික කළාපවල ජිවත් වන විවිද ජන කොටස් වල තියන විවිදත්වය මොහුට තේරුම් ගන්නට බැරි වීමය. එහෙමත් නැත්නං රසල්ට මේක තේරුනත්, මේක තේරෙන්නෙ නැති මෝඩයො ඉන්නා බවත් ඔවුන් තමන් කරන (ගොන්) ජෝක්ස් වලට රැවටෙන බවත්, එමගින් තමන්ට සල්ලි හම්බ කරන්න පුළුවන් කියන රසල්ගෙ හිතේ තියන කපටි හැඟීමය. මේ නොතේරුම් හෝ හරි කපටිකමත් සමග නුතන සමාජෙ "Success" කියන එකට අත්වශ්ය ගුණාංග වෙන "ලැජ්ජ නැති කම" සහ "කට හැකර" බවද රසල්ට උපරිමෙන්ම පිහිටා ඇත.

මේ (ගොන්) ජෝක්ස් රසල් නිතර කරනු ලබන එක (ගොන්) ජෝක් එකක් වන්නේ, චීනය, ඉන්දියාව, ලතින් ඇමෙරිකානු වගේ තමන්ගෙ මව් භාෂාව ඉංග්රීසි නොවන රටවල් වල ජිවත් වන ජනතාව ඉංග්‍රීසි උච්චාරණය කරන ආකාරය (accent එක) සමච්චලේට ලක් කිරීමය. නමුත් ඒක හරිම ස්වාභාවික සහ රසල්ට උනත් පොදු දෙයක් (වෙන භාෂාවක් කතා කරන්න උනොත්) කියන බව මේ රසල් fansලාට නොවැටහේ.

විවිද සංස්කෘතීන් සහ විවිද ජන කොටස් වල ආගමික/දාර්ශනික මතවාදත් රසල් විහිලුවට ලක් කරන්නෙ ඔහුට ඒ පිළිබඳව අල්ප මාත්ර දැනුමක්/කියවීමක් ඇතුව නොවේ. තනිකරම ඒ පිළිබඳව නොදන්නා කම (මෝඩ කම) එහෙමත් නැත්නං සල්ලි හම්බු කරන්න තියන කපටි කමටය.

බොරු විවෘත්තබාවයක් පෙන්නාගෙන සිටින රසල් වැන්නෙකුට යුරෝපියානු/ඇමෙරිකානු ජාතිකයන්ගේ සමලිංගිකත්වය පිලිබඳ කිසිම ගැටළුවක් නැති වුවද ගෝත්රික/නුගත්/මෝඩ (රසල් හිතන් ඉන්න විදියට) ආසියානුවෙක් හෝ අප්රිකානුවෙක් තුල ඇති සමලිංගිකත්වය රසල් සහ රසල් fans ලාට බිම පෙරලීගෙන හිනා වියහැකි විහිළුවකි. ඒ වගේ දේවල් පිළිබඳව රසල් කීප තැනකම (ගොන්) ජෝක්ස් කර ඇත. මට වැඩිය රසල් fansලා ඒ පිළිබඳව දන්නවා ඇත.

වැදගත්ම දේ වනුයේ, රසල් මෙහෙම මේ පට්ට racism කතා, මිනිස්සුන්ගෙ ඇදහිලි/විශ්වාස/සංකෘතින් සමච්චලේට ලක් කිරීම කරනුයේ එහෙම ලැජ්ජ කරන මිනිස්සු ඉස්සරහ පිටම වෙන එකය. උදාහරණයකට කිව්වොත් රසල් ලංකාවෙ වේදිකාවක් මත ලංකාවෙ මිනිසුන් ඉදිරිපිටම සිට අපේ සංස්කෘතික අංග, අපි ඉංග්රීසි කතා කරන හැටි, අපි කෑම කන හැටි, අපේ හමේ පාට එතකොට අපේ ඇදහිලි/විශ්වාස අමු කුණුහරුප කියාගෙන පහත් කර සමච්චලේට ලක් කරයි. අපේ රටේ සිටිනා පොෂ් රසල් fans ලාද බර ගනන් සල්ලි දී ප්‍රවේශ පත් මිලදී ගෙන රසල් වේදිකාවට නංවා, රසල්ගෙන් අමු කුණුහරුපෙන් බැනුන් අස්සවාගෙන, බනින බනින වාරයක් පාසා තරහ නොගෙන හිනාවෙමින් අත්පුඩි ගසමින් සතුටු වෙමින්, මමත් දැන් ඉතිං රසල් show එකක් live බලපු genuine රසල් fan කෙනෙකු යැයි සිතාගෙන full satisfaction එකේ ගෙදර එයි.

හැබයි එහෙම ගෙදර එනකොට නිකමට හරි පාරෙ මිනිහෙක් බීල සිංහලෙන් කුණුහරුප කිය කිය හිටියොතින් "කාලකන්නි යක්කු, මුං ඉන්නකං කොහෙද අපේ රට හදන්නෙ පේන්නැද්ද ලැජ්ජ නැතුව පාරෙ කුණුහරුප කිය කිය කාටද බනින හැටි" කියල හැදියාව, සදාචාරය, සබ්යත්වය වගේ එව්ව ගැනයි අපේ රටේ සාමාන්‍ය මිනිස්සු ළඟ ඒව නැති එක ගැනයි පුර්ණ විශ්ලේෂණයක් කරල ඕනනම් පොලිසියටත් කෝල් එකක් දෙයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/07/2015

One Shot One

කතෘ:යුතුකම     12/07/2015   No comments
දිනය - වර්ෂ 2015 දෙසැම්බර් 04 වෙනිදා හෝ ඉන් පසු දවසක්.
ස්ථානය - සෞදි අරාබියාවේ එක්තරා තැනක.

එදින කස පහර දීමට, අත්/කකුල් කපා දැමීමට සහ ගල් ගසා මැරීමට නියමිත වූ ගැහැණු සහ පිරිමි පිරිසක් බන්දනාගාර බස් රථයෙන් බැස පේලියට ගමන් කරනු පෙනේ. හිස බිමට හරවාගෙන ගමන් කරන ඔවුන් හැමදෙනෙකුගෙම පාහේ මුහුණු සුදුමැලි වී දෑස් බියෙන් වෙලී ඇත. බන්දනාගාර බස් රථයෙන් බැස අදාල ස්ථානය කරා පැමිණි ඔවුහු තමන්ගෙ වාරය එනතුරු බලා සිටිති. තම ජීවිතය පුරාවට කුරා කුහුබුවකුට හෝ සිතෙන් වත් වරදක් නොකරනු ලැබූ එරට වැසියෝ වැරදි කළවුන් මෙලොවදීම එයට දඬුවම් ලබන හැටි සියසින්ම දැක බලා ගැනීමටත්, පුළුවන් හැටියකට ඒ සඳහා දායක වීමටත් සැදී පැහැදී බලා සිටිති.

මුලින් ඇරඹුනේ කස පහර සඳහා සුදුසුකම් ලැබූවන්ගේ වාරයයි,

අන් ආගම් ඇදහීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, සිප ගැනීම සහ අනුන් අතින් දුෂණය වීම ආදී දරුණු වැරදි කලවුන් මේ කොටසට අයත් වී ඇත. උඩුකය නිරාවරණය වන ලෙස ඇන්දවූ ඇඳුමකින් යුතු වූ ඔවුන් ගිනි ගහන රත් වූ වැල්ල මත පෙරළෙමින් විලාප තියද්දි ජීවිතේට කිසිම වරදක් නොකරන ලද මුහුණ ආවරණය කරගනු ලැබූ තැනැත්තෙකු විසින් ඔවුන්ට නියමිත කරනු ලැබූ කස පහර ප්‍රමාණය දෙන ලදි. අනතුරුව පිටෙන් රූරා හැලෙන රුදිරයත් සමග ඔවුන් එතනින් ඉවතට ගෙනයන ලදි.

ඉන් අනතුරුව පැමිණියේ අත් පා කපා දමන්නන්ගේ වාරයයි,

ඒ සඳහා සුදුසුකම් ලැබුවන් බොහොමයක් සොරකම් සඳහා චෝදනා ලැබුවන් විය. එම දඬුවමට නියමිත වුවන් සෙලෙවිය නොහැකි වන සේ කඹ ආදියෙන් ගැට ගසා තව කිපදෙනෙකුගේද ආදාර සහිතව, ඒ අදාළ අවයව කොටස ඔවුන්ගේ සිරුරෙන් වෙන් කරන ලදි.

එදිනට යෙදී තිබූ අවසාන දඬුවම වුයේ ගල් ගසා මරා දැමීමයි,

ඒ සඳහා නියමිත වූ බොහොමයක් අය අවිවාහක හෝ අනියම් අඹු සැමි ඇසුරක් පැවැත්වූවන් විය. එදිනට ඒ සඳහා නියමිත වුවන් වරකට එක් අයකු බැගින් රැස්ව සිටි පිරිස් මද්‍යයට ගෙන එනු ලැබූ අතර කිසිදා කිසිවකුට වැරද්දක් නොකෙරූ සහ වැරැද්ද යනු කුමක්දැයි හරි හැටි නොදන්නා ඔවුන් මේ පව්කාරයන්ට ගල් ගසා මරා දමන ලදී.
අවසානයට ඉතිරි වුයේ ශ්‍රී ලංකාවේ මරදාන ප්‍රදේශයේ වාසය කල ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගත වී එහිදී ඇති කරගනු ලැබූ අසම්මත ඇසුරක් හේතුවෙන් එම දඬුවම සඳහා නියම වුනු කාන්තාවකි (අපි ඇයට සුනීතා යැයි කියමු). රාජකාරි බාර නිලදාරීන් විසින් ඇය ගල් ගසා මැරීමට නියමිත ස්ථානය වෙත රැගෙන එන ලදී. ගල් ගසා මරා දැමීමට නියමිත වලට ඇයව බස්සවා එහි බැඳ දැමු නිලදාරීන් ඉවත්ව ගිය පසුව ඇයට පළමු ගල ගසන්නට නියෝග ලබුනාත් පමණි,....

පළාතම දෙදරවාගෙන දුහුවිලි නංවාගෙන බලා සිටින්නවුන්ගේ හිස මතින් පැමිණි ට්‍රේල් වර්ගයේ යතුරු පැදිය සුනීතා බැඳ දමා තිබු වල ලඟට පතිත කරවා උත්තුංග දේහදාරී පුද්ගලයකු එයින් බැස ගත්තේය. හතර වටින් වදින ගල් පහරවල් ඒ මේ අතට හැරෙමින් වලක්වගත් ඔහු වැල්ලේ පෙරලී සුනීතා බැඳ තිබු දෙසට වැල්ල දිගේ ඇදී ගියේය. ඇය බැඳ දමා තිබු ශක්තිමත් කඹ සියල්ල අතින් ඇද කඩාදැමූ ඔහු සුනිතාවද එක අතකින් ඔසවාගෙන "one shot one" කියාගෙන වැල්ල දෙබෑ කරගෙන අහසට පැන නගින ලදි. අහසේ සිටම පළාතම දෙදරවාගෙන යන හඬින් ගර්ජනා කල ඔහු,

"මම අවසාන මොහොත වෙනකං බලං හිටිය, උඹල මේ තීරණේ වෙනස් කර ගනී කියල, ඒත් උඹල මහ අමානුෂික ගති පැවතුම් තියන මිනිස්සු, මම දැන් මේ නංගිවත් අරගෙන අපේ රටට යනව , එත් මං ආයෙත් එනව, උඹල එකෙක්ටවත් මේ one shot one ගෙන් සමාවක් නෑ. අන්න ඒක දැනගනිල්ල හරී, මේ one shot one කිව්වොත් කිව්වා"

භීතියටත් සන්ත්‍රාතයටත් පත් ජනතාව හිස් ලූ ලූ අත දුවද්දී සැඟවී බලාසිටි මා අපේ "රංජා අයියා" හඳුනා ගතිමි.
සතුටු කඳුලින් දෑස් තෙමි යද්දී මට දක්නට ලැබුනේ අපේ "රංජා අයියා" අල්ලා ගැනීමට එන දහසක පමණ ආයුධ සන්නද්ධ හමුදාවක් සහ ප්‍රහාරක ගුවන් යාන සමුහයකි. ඈත සිටම ඔවුන්ගේ වෙඩි පහරවල් වලකා ලමින්, ගුවන් ප්‍රහාරද වලකා ලමින් සුනීතා ද එක් අතකින් ගත් අපේ "රංජා අයියා" ඔවුන්ගෙන් මිදී ඈතට දුවන්නට විය. මේ අතර ඈතින් රංජා අයියා සිටි දෙසට ශ්‍රී ලංකාවේ කොඩියද ප්‍රදර්ශනය කරගත් හෙලිකොප්ටරයක් පැමිණෙනු දුටිමි. එක් අතකින් ගත් මෝටාර් අවියකින් සෞදි හමුදාවටත් ඔවුන්ගේ ගුවන් යානා වලටත් වෙඩි තියමින් හෙලිකොප්ටරය පැද ආවෙ අපේ රාජිත සේනාරත්න මහතාගේ පුත් "චතුර සේනාරත්න" මහතාය. සුදුසු තැනක් බලා පහත් කරන ලද හෙලිකොප්ටරයෙන් බිමට දැමුණු කඹයක ආදාරයෙන් සුනීතාවද එක අතකින් ගත් රංජා අයියා එල්ලිගත් පසු සතුරු හමුදාව අන්ද මන්ද කරමින් ශ්‍රී ලාංකික ධජය රැගත් හෙලිකොප්ටර් රථය ඈත අහසේ නොපෙනී ගියේය.

දිනය - එදිනම පැය කිහිපයකට පසු.
ස්ථානය - කටුනායක ගුවන් තොටුපොල ආසන්නයේ පෙදෙසක්.

මරණයෙන් බේරාගනු ලැබූ සුනීතාවද රැගෙන සෞදි අරාබියාවෙන් පිටත් වුනු චතුර සේනාරත්න රණ විරුවා විසින් පදවනු ලැබූ ගුවන් රථය ලංකාවට ලඟා වෙමින් තිබේ. ඈත එන ගුවන් රථය දුටු මම පුදුමයට පත් වීමි, මා දුටුවේ සෞදියෙන් පිටත් වූ පරිදිම තවමත් එක අතකින් සුනීතා ද රැගෙන අනෙක් අතින් ගුවන් යානයේ කඹයේ එල්ලීගෙන එන අපේ රංජා අයියාවය. දස දෙසින් නැගෙන ප්‍රීති ගෝෂා මද්‍යයේ ගුවන් කරනම් කිහිපයක් ගැසූ යානය කටුනායක ගුවන් තොටුපලේ විශේෂිත වූ ස්ථානයකට බාවන ලදී. ගුවන් යානය ගොඩ බෑමටත් ප්‍රථම සුනිතාද රැගෙන එයින් බිමට පැනගත් රංජා අයියා ජයග්‍රාහී ලීලාවෙන් සෙනග අතරින් යද්දී මා දැක "මල්ලි එහෙදිත් හිටියනේ" යැයි මගෙන් අසන ලදී, "එකනේ අයියා, අයියගේ වැඩ තමා වැඩ" කියා මා කීවිට රංජා අයියා ඉතා නිහතමානී ස්වරයෙන් "ඕවත් වැඩ ද මල්ලි මේ one shot one ට, හැබයි දැන්නම් පොඩ්ඩක් මහන්සී සෞදි ඉඳන්ම අර නංගිවත් අරං තනි අතින් එල්ලිලමනේ ආවෙ මල්ලි, කඹේ නගින්න බෑ නේ තනි අතින්, එත් මේ චතුර කිව්ව ඉන්දියාව දිහායින් නවත්තල ඇතුලට එන්න කියල, මම කිව්ව ඔන්න ඔහේ ඕනෙ නෑ තව ටිකයිනේ යන්න තියෙන්නෙ කියල".

"අයිය, සුපිරියි අයිය" කියල මම බුවාගෙ පිටට තට්ටුවක් දැම්ම විතරයි,

එකපාරටම "මොකක්ද අනේ කරන්නෙ, ඔය පොඩි ළමය ඇහැරවන්න එපා කියල අපේ නෝනා කියපි, මම අනිත් පැත්ත හැරිල නිදා ගත්ත.

-යොහාන් නාලක විජේනායක


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

10/28/2015

උගත්, බුද්ධිමත්, ටැලන්ටඩ් රිසොර්සස් සහ නිකං සාමාන්‍ය රිසොර්සස්

කතෘ:යුතුකම     10/28/2015   No comments
අප ජීවත්වන සමාජයේ විවිද ආකාරයේ දක්ෂතා ඇති පුද්ගලයෝ වෙසෙති. සමාජය විසින් දක්ෂතා යයි පනවාගත් (සම්මත කරගෙන ඇති) දක්ෂතාවලට අමතරව වෙනත් දක්ෂතා ඇති අයද වෙයි. නමුත් එම දක්ෂතා සමාජය විසින් දක්ෂතාවක් ලෙස හඳුනාගෙන නැති බැවින් ඔවුන් සමාජයට අනුව අදක්ෂයන් වෙයි.

කෙසේ නමුත් සමාජයට අනුව දක්ෂයෙක් වීමටනම් සපුරාලියයුතු අවශ්‍යතා කිහිපයක්වේ. උපාධියක්/පශ්චාත් උපා
ධියක් හෝ සමාජය විසින් පිළිගනු ලබන වෘත්තීය සුදුසුකම් තිබීම, විටින් විට අලුත් වන්නා වූ නිෂ්පාදන හෝ ක්රිියාවලි පිලිබඳ කුමන හෝ ආයතනයකින් සහතික ලබා තිබීම, මුලික අවශ්‍යතා වන අතර ඊට අමතරව දක්ෂතායැයි සමාජය විසින් පිළිගනු ලබන යම්කිසි ක්ෂේත්‍රයක අත්දැකීම් ලබා තිබීමද අවශ්‍යය වේ.
අප දන්නා කල පටන් පැවතගෙන ආ මෙවැනි සුදුසුකම් වලට අමතරව මෑත කාලයේදී අලුත් සුදුසුකම් රාශියක්ද අප ජිවත්වන නුතන සමාජය විසින්ම හඳුන්වා දී ඇත,

1. තමාට ඉහලින් ලැබෙන විධි විධාන කිසිසේත්ම ප්‍රශ්න නොකලද තමාට පහලින් සිටින අය කරන කියන දෑ දැඩි කුතුහලයකින් යුතුව විමර්ශනාත්මකව බැලීම.
2. අව
ශ්‍යයතාවයක් ඇතත් නැතත් තමන්ගේ වැඩට අමතරව අනුන්ගේ වැඩ පිළිබඳව සොයා බැලීම සහ එමගින් ඇතිවිය හැකි විවිද තත්වයන් පිළිබඳව ආයතනයේ ඉහල නිළදාරින් දැනුවත් කිරීම (මෙය risk highlight කිරීම ලෙස හැඳින්වෙන අතර අපගේ අදහස වන්නේ එය කලයුත්තේ එම අදාළ ක්‍රියාව බාර සේවකයා විසින් මිසක වෙනකෙකු විසින් නොවන බවය)
3. බොහෝ අවස්ථා වලදී අනෙක් අය කරන වැඩකටයුතු පිළිබඳව තමා සැලකිල්ලක් දක්වන බව පෙන්වීම සඳහා අනවශ්‍ය පරිදි ස්තුති කිරීම්, අගය කිරීම් ආදිය සිදුකිරීම.
4. තමා කරන රැකියාව වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසවී වැඩ කිරීම (මෙය එක්තරා දුරකට අප සියලු දෙනා විසින් කලයුතු වන අතර මෙමගින් අප කියන්නට බලාපොරොත්තු වනුයේ පසුව කළහැකි දේ පවා  අනවශ්‍ය පරිදි වේලාසනින් කරමින් සහ අනුන් ලවා කරවමින් ආයතන ප්‍රධානින්ව සතුටු කිරීමට උත්සහ කිරීමයි. මෙවැනි ක්‍රියා ඔවුන් විසින් dedicated, committed සහ තවත් විවිද අලංකාර සහිතව හඳුන්වනු ලබනු අතර, බොහොමයක් තරුණ ශ්‍රමිකයන් මුලදී මෙවැනි දේට රැවටෙන අතර පසුව ඔවුන් එහි නිෂ්පලබාවය තේරුම් ගනී.

ඇත්ත වශයෙන්ම කිවහොත් ඉහත සඳහන් කරන ලද මෙවැනි දේ සුදුසුකම් ලෙස සැලකීමට සහ එවැනි දේ ඉහලින් පිළිගැනීමට අපව පොළඹවා ඇත්තේ අප විසින්ම වරදවා වටහාගනු ලැබූ බටහිර චින්තනය විසින් වන අතර, අප මෙවැනි දේ කරමින් දියුණු වීමට තතනත්දී දියුණුයැයි සම්මත බටහිර රටවල් බොහොමයක් විසින් සේවා කාලය, කලයුතු වැඩ ප්‍රමාණය වැනි දේ අඩු කරමින් සේවකයන්ට පහසුවත්, නිදහස්ව සිතීමට අවශ්‍ය අවකාශයත් සලසා දීමට වැඩි නැඹුරුවක් දක්වති.

එමගින් ඔවුන් තව තවත් නව නිර්මාණ මෙන්ම ඔවුන්ගේ චින්තනයද වැඩි දියුණු කරගනිති.

සරලව කිවහොත් අප කරනුයේ එසේ ඔවුන් විසින් ඔවුන්ගේ නිදහස් චින්තනයෙන් (ඔවුන් දෙවියන් වහන්සේගෙන් ස්වායක්ත නොවුනද ඒ දක්වා ඔවුන්ගේ චින්තනය නිදහස් වේ, එනමුත් සියලු දෙයින් නිදහස්ව සිතීමේ සංස්කෘතියක් උරුමව ඇති අප තවමත් බටහිර චින්තනයෙන් නිදහස්  නැත.) කරනු ලැබූ පරීක්ෂණ, නව සොයාගැනීම්, නැවත නැවත බාවිතා කිරීම විනා වෙන කිසිවක් නොවේ.

ඉහත කරුණු සියල්ලම ඒ අයුරින් පිළිපදිනු ලබන අය "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්සස්" යනුවෙන් corporate සමාජය විසින් පිළිගනු ලබන අතර එසේ නොකරන අය "නිකං සාමාන්යඩ රිසොර්සස්" වේ.

මේ "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්සස්" තමා ලබාගෙන ඇති "උගත්, බුද්ධිමත් සහ ටැලන්ටඩ්" යන විශේෂණ විනාස වී නොදී රැකගැනීම සඳහා පහත කරුණ පිළිබඳව සැලකිලිමත් වියයුතු වේ,

තමාට "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්ස්" එකක් වීමට ඉඩ දී උපේක්ෂාවෙන් බලාහිඳිනා "නිකං සාමාන්‍ය රිසොර්සස්" වලට තම හැකි උපරිමයෙන් සැලකීම ඔවුන් විසින් කල යුතු අතර ඊට අමතරව "නිකං සාමාන්‍ය රිසොර්සස්" අපහසුතාවයට පත් නොකර පාඩුවේ ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දිය යුතුය. මන්දයත් නිකමට හෝ මෙම "නිකං සාමාන්‍ය රිසොර්සස්" වලටද "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්ස්" එකක් වීමේ අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔවුන් එසේ වීමට උත්සහ කරනු ඇත, එවිට "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්සස්" වීමට ඇති තරඟය වඩාත් තියුණු වනු ඇති අතර එමගින් ජය ලැබීමේ සම්බාවිතාව පෙරට වඩා අඩුවනු ඇත, එපමණක් නොව "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්සස්" වැඩි වුවහොත් "උගත්, බුද්ධිමත් ටැලන්ටඩ් රිසොර්සස්" වලට ඇති ඉල්ලුම අඩුවනු ඇත.

ඒක නිසා බලාගෙන "නිකං සාමාන්‍ය රිසොර්සස්" අවුස්සගන්න එපා.


-යොහාන් නාලක විජේනායක
යුතුකම සංවාද කවය
www.yuthukama.com


ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/26/2015

යහපාලන වසන්තය උදාවීද?

කතෘ:යුතුකම     9/26/2015   No comments
යහපාලන වසන්තය උදාවීද?
"නිකන් ගොන් ප්‍රශ්න අහන්නැතුව වාඩිවෙනව අයිසෙ"

බැලුන් එන්නෙත් නෑ, ඒව පාවෙල ගිහින් වසන්තය හොයා ගෙන. චන්දෙ ඉවරවෙන කොටම පාවෙගෙන ආපු දිසාව වෙනස් වෙලා. රජයට ඒ පිළිබඳව කරන්න දෙයක් නැතුව ඇති. යහපාලන ලිබරල්වාදී ආණ්ඩු ඇතිවීමේ අවශ්‍යතා ඇති තැන් වලට ඒව ඉබේම ආකර්ෂණය වෙනව ඇති. පව් අහිංසක ආණ්ඩුව.

වොක්ස්වැගන් එන්නෙත් නෑලු . උන්ට කෙල වෙලාලු. ඊටත් වොක්ස්වැගන් කොම්පැනියෙන් එහෙම ගිවිසුමක් අත්සන් කරලත් නෑලු. ඒක කරල තියෙන්නෙ ලංකාවේ වොක්ස්වැගන් අලෙවිකරුව වන සෙනොක් කියල සමාගමක් එක්කලු. එකත් චන්දෙට කලින් දවසෙලු. (මේව මෙගා ඩීල් නෙවෙයිද මන්ද)

අඩු මිලට කාර් අරගෙනත් ඉවරයි, (අපි නම් පෞද්ගලිකව ඒකට කැමතියි) ඒත් යහපාලන වසන්තයට පස්සෙ වාහන upgrade කරන්න හිතන් හිටපු ටෝයියො?

කුළුඳුලේම චන්ද දිනල අඩු මිලට අලුත් කාර් ගන්න බලන් හිටපු චුටි නංගිල මල්ලිල.???

Free Wi -Fi සිහිනෙත් ඉවරයි.

තජුදීන් ආයෙත් වලෙන් නැගිටින්න බලන් ඉන්නෙ චන්දයක් එනකං. වෙන මිනිස්සුන්ට කරදර ඉන්නකං විතරයි, එත් මේ මනුස්සය, පව්ලේ උදවිය බයෙන් ඇත්තෙ ආයෙ චන්දයක් ආවොත් මොනව වෙයිද කියල, ආගමික තහනම් පැත්තක දාල පුච්චල දාන්න පුලුවන්නම් කියල හිතෙනව ඇති.

Coka -Cola කාරයො පිළිකා කාරක වස මුදා හැරළලු කැළණි ගඟට, ආණ්ඩුවෙන් වගක් නෑ ඒ ගැන, ඊටත් අපේ දුකේදී ලඟින් හිටපු රතු (කොළ?) කුමාර අයිය? වගේ වගක් නෑ. කාර්ය බහුල ඇති, එහෙමත් නැත්නම් පහුගිය කාලෙ සෑහෙන්න මහන්සි උන හින්ද පොඩි විවේකයක් ගන්නව ඇති. ඔය ලක්ෂ 25ක් 30ක් දුන්නොත් ආයේ කඩාගෙන බිඳගෙන ඒවි. පහුගිය කාලෙ සමාජ සේවය අමතක වුනු හේතුවත් දැනගතහැකි අපිට එතකොට.

එතකොට පහුගිය කාලෙ ජනප්‍රිය මාතෘකා වුනු, රත්තරන් අශ්වයො, හෙලිකොප්ටර්, සුඛෝපබෝගී වැසිකිලි, මෙගා ඩීල් වගේ සිල්ලරේ විකුණන් කාපු මඩ දැන් මඩම වෙලා ඉවරයි. ඒවට රැවටුණු සාමාන්‍ය මිනිස්සු දුක් වෙනව ඇති දැන්, කර ගත්තපු මෝඩ කම් කියල. විලිලැජ්ජාවෙ බැරුව ඇති අහුවෙච්ච අහුවිල්ලට. ගිරිය පුප්පගෙන ඒ ගැන කෑ ගහපු, ඒව නිසා මේ රටේ මිනිස්සුන්ට වෙන අයහපත ගැන කිඹුල් කඳුළු හෙලපු රතු කමිස කාරයොවත්, අල්පේච්ච ජනතාවාදී ජානාධිපතිතුමාවත්, ඒව නැති කරන්න අලුතෙන් පත්වුණු ආණ්ඩුවවත් වගේ වගක් නෑ.

උගත් බුද්ධිමත් ජනතාව ආසාවෙන් බලාගෙන හිටපු 25කගෙන් යුතු ඇමති මණ්ඩලේ, 125 පනින්න ඔන්න මෙන්න, ප්‍රශ්න කරන්න කෙනෙකුත් නෑ ඒ ගැන. අපිට ආදරේට පත්වුණු නිසා පවත්වාගෙන යන්න අධික වියදමක් දරන්න උනත් අවුලක් නෑ කියල හිත හදාගන්නව ඇරෙන්න මොනව කියල කරන්නද? අනික ඉන්නෙත් බාගෙට බාගයක්ම හිටපු අයමනේ.

උගත් බුද්ධිමත් ජනතාව උජාරුවෙන් කතා කරන සර්වජන චන්ද බලයත් බල්ලට ගිහින්, චන්දෙන් ගෙදර යවපු අයත් පර්ලිමෙන්තුව්වට අරන්, කැබිනට් ඇමති කමුත් දීල.

තමන් ආණ්ඩු පෙරලෙව්ව කියල සිඟිති ආතල් ගන්න අයට, මේ ඇමතිවරු හිනාවෙනව ඇති පශ්චාත් බාගෙන්.

ඇට්ලස් චූටි අඩු වියදම් පෑනෙන් අත්සන් කිරීම්, කහ ඉර මත වාහන නැවත්වීම්, ගුවන් යානාවල සාමාන්‍ය පංතියෙ ගමන් කිරීම් වගේ සිඟිතිම සිඟිති ආතල් ආයෙ එන්නෙ ඊළඟ චන්දෙදි. ඉස්සරටත් වඩා දැන් පාර්ලිමේන්තු පාර වහල ගොඩක් වෙලාවට. රාජගිරියේ ඉඳන් පොලිසිය පාර්ලිමේන්තු වෙලාවට. එතකොට ඒ වින්දනයත් වතුරෙ.

දෙනවයි කියපුව නොදෙන කොටත්, කරනවයි කියපුව නොකරන කොටත් නොදැනුවත්වම අපිට ලැබිල තියෙන්නෙ මොනවද?

ඉතිහාසේ ප්‍රථම වතාවට විපක්ෂෙත් නිල වශයෙන්ම high-jack කරල. යුද්දෙකාලෙ ඉඳන් L.T.T.E සංවිදානේ පැත්තෙ හිටපු සන්බන්දන් මහත්මය විපක්ෂ නායක වෙල.

අතිගරු ජානාධිපතිතුමා පාර්ලිමේන්තු චන්දෙට කලින් ලෝක සාමය උදා කලා වගේ අලුත් ආණ්ඩුවෙන් ඉන්දියාවෙ විරැකියා ප්‍රශ්නෙ විසදන්න ඉන්දියානු ජාතිකයොන්ට ලංකාවෙ රස්සා දෙන්න CEPA ගිවිසුම අත්සන් කරනවලු. ලංකාවෙ ඉන්න හරක් ඒකට කැමති නැත්නම් ඔය වෙන නමක් දාල අත්සන් කරල දාවි. මේක මිනිස්සු හිතනවට වැඩිය මේ ආණ්ඩුවෙන් දුර දිග හිතල ගත්තු තීරණයක්, එතකොට ජාති බේද අමතක කරල සියලු ජාතීන්ට එකතු වෙලා කවදකහරි ඉන්දියාවට එරෙහි වෙන්න පුළුවන් වෙයි.

ඩොලරයෙ අගය 143+ දක්වා වැඩිවෙලා, ඒකට හේතුව චිනයේ ඇතිව තිබෙන ආර්ථික අවපාතයක් කියල ඇඟ බේරගන්න හැදුවත්, ඒක අනෙක් රටවලට බලානොපාන්නෙ ඇයි කියල අහන්න කෙනෙක් නෑ, ඇහුවත් "නිකන් ගොන් ප්‍රශ්න අහන්නැතුව වාඩිවෙනව අයිසෙ" කියන තරමට දැන් පාර්ලිමේන්තුව ප්‍රජාතාන්ත්‍රවාදීයි.

සමහර ආසන වලින් වැඩිම මානප ගත්තපු මන්ත්‍රීවරු එලියෙ. ඒ වෙනුවට චන්දෙන් ජනතාව ප්‍රතික්ෂේප කරපු බහුතර ජනතාවකගෙ අප්‍රසාදයට පත්වුණු අය ඇතුලෙ.

යහපාලන වසන්තය උදා කරන්න උර දුන්නු ටෝයියන්ට සහ මද්‍යස්ථ මතදාරී උගත් ප්‍රජාවට සතුටු වෙන්න, විලිලජ්ජාවෙන් බේරෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ මොනවද?

මේ දේවල් වලින් සමහරක් ඒව පහුගිය ආණ්ඩු කලෙත් තිබුන කියල විලිලජ්ජාවෙන් බේරෙන්න පුළුවන්, එතකොට ආණ්ඩුව මාරු කරපු එකේ තේරුම මොකක්ද ඇහුවොත් ආණ්ඩුවෙන්ම ආදර්ශයක් ඇරගෙන අතිශය ප්‍රජාතන්ත්‍රවාදී විදියට "නිකන් ගොන් ප්‍රශ්න අහන්න එපා අයිසෙ" කියල බේරෙන්න පුළුවන්.

තව ආණ්ඩුව පත්වුණා විතරයි, ටිකක් බලන්න ඕනෙ, පහුවෙනකොට ඔක්කොම හරියාවි, නැත්නම් අපි මේගොල්ලොත් ගෙදර යවල තමයි නවත්තන්නෙ කියල ටිකක් පණ්ඩිත කතාවක් කියන්නත් පුළුවන්.

පැවතිච්ච තත්වය, පවතින වාතාවරණය ගැන වැඩි අවබෝධයක් නැතුව, නිකන් රැල්ලට කඩේ ගියපු අයට "අපි දින්නා, "රාජපක්ෂ රෙජීමය ගෙදර යැව්වා, අපිට පුළුවන් ආණ්ඩු මාරු කරන්න, දේශපාලකයො නෙමේ අපියි පොරවල්" කියල හිත සතුටු කරගෙන ඉන්නත් පුළුවන්.

එතකොට පවුල් පාලනය, ඒකාධිපතිත්වය, නාස්තිය, දුෂණය වගේ දේවල් නිසා ආණ්ඩුව ගෙදර යවන්න ඕනෙ කියපු අයට, ආයෙ චන්දයක් එනකන් කම්මුලේ අත තියාගෙන හූල්ලන්න පුළුවන්.

-යොහාන් නාලක විජේනායක
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions