4/09/2016

රසල් පීටර්ස්, racism සහ කුණුහරුප

කතෘ:යුතුකම     4/09/2016   4 comments

-යොහාන් නාලක විජේනායක-
අප බොහොමයක් දෙනෙකු දන්නා පරිදි රසල් පීටර්ස් යනු ලෝ ප්‍රකට කැනේඩියානු ජාතික comedian කෙනෙකි. මේ comediansලා යනු තම ජීවිකාව සඳහා මිනිසුන් හිනස්සන අය වේ. මීට අවුරුද්දකට පමණ කලින් මොහුගේ විහිලු සංදර්ශනයක් ලංකාවේද පැවැත්විණි. ඉංග්‍රීසියෙන් කෙරෙන (ගොන්) ''ජෝකස්'' බලන්නට කැමති, තමන් සාමාන්‍ය ජනතාවට වඩා පොෂ් යැයි සිතා සිටින අය අප රටේ බහුල බැවින් ප්‍රදර්ශනයේ ප්‍රවේශ පත් කල් තබාම විකිණී අවසන්ව තිබිණ. එසේ අමාරුවෙන් එම ප්‍රවේශ පත් ලබා ගෙන තිබු උදවිය ඒවා සමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රදර්ශනය කරමින් එම ප්‍රවේශ පත් මිලදී ගැනීමට නොහැකි වූ පොෂ් ප්‍රජාව අපහසුතාවයට පත් කිරීමක්ද සිදුකර තිබුනි.

මගේ මිතුරන් කිහිප දෙනෙකුද මේ රසල් පීටර්ස්ගේ (ගොන්) ජෝක්ස් බලන්නට ගිහින් තිබුන අතර ඔවුන් මොහුගෙ විහිලු සුපිරිම ගනයේ ඉල ඇදෙන විහිලු බව පුන පුනා කී බැවින් ඉඩ ලැබුන වෙලාවක ඔහුගේ විහිලු වීඩියෝ කිහිපයක් නැරඹුවෙමි.

මට තේරෙන පරිදි ඉතාමත් සරලව කිවහොත් මොහුගේ විහිලුවල (මේවත් විහිළුද) පදනම වී ඇත්තේ වර්තමාන ලෝකයේ විවිද ප්රදේශ, විවිද සංස්කෘතීන්, සහ විවිද දේශගුණික කළාපවල ජිවත් වන විවිද ජන කොටස් වල තියන විවිදත්වය මොහුට තේරුම් ගන්නට බැරි වීමය. එහෙමත් නැත්නං රසල්ට මේක තේරුනත්, මේක තේරෙන්නෙ නැති මෝඩයො ඉන්නා බවත් ඔවුන් තමන් කරන (ගොන්) ජෝක්ස් වලට රැවටෙන බවත්, එමගින් තමන්ට සල්ලි හම්බ කරන්න පුළුවන් කියන රසල්ගෙ හිතේ තියන කපටි හැඟීමය. මේ නොතේරුම් හෝ හරි කපටිකමත් සමග නුතන සමාජෙ "Success" කියන එකට අත්වශ්ය ගුණාංග වෙන "ලැජ්ජ නැති කම" සහ "කට හැකර" බවද රසල්ට උපරිමෙන්ම පිහිටා ඇත.

මේ (ගොන්) ජෝක්ස් රසල් නිතර කරනු ලබන එක (ගොන්) ජෝක් එකක් වන්නේ, චීනය, ඉන්දියාව, ලතින් ඇමෙරිකානු වගේ තමන්ගෙ මව් භාෂාව ඉංග්රීසි නොවන රටවල් වල ජිවත් වන ජනතාව ඉංග්‍රීසි උච්චාරණය කරන ආකාරය (accent එක) සමච්චලේට ලක් කිරීමය. නමුත් ඒක හරිම ස්වාභාවික සහ රසල්ට උනත් පොදු දෙයක් (වෙන භාෂාවක් කතා කරන්න උනොත්) කියන බව මේ රසල් fansලාට නොවැටහේ.

විවිද සංස්කෘතීන් සහ විවිද ජන කොටස් වල ආගමික/දාර්ශනික මතවාදත් රසල් විහිලුවට ලක් කරන්නෙ ඔහුට ඒ පිළිබඳව අල්ප මාත්ර දැනුමක්/කියවීමක් ඇතුව නොවේ. තනිකරම ඒ පිළිබඳව නොදන්නා කම (මෝඩ කම) එහෙමත් නැත්නං සල්ලි හම්බු කරන්න තියන කපටි කමටය.

බොරු විවෘත්තබාවයක් පෙන්නාගෙන සිටින රසල් වැන්නෙකුට යුරෝපියානු/ඇමෙරිකානු ජාතිකයන්ගේ සමලිංගිකත්වය පිලිබඳ කිසිම ගැටළුවක් නැති වුවද ගෝත්රික/නුගත්/මෝඩ (රසල් හිතන් ඉන්න විදියට) ආසියානුවෙක් හෝ අප්රිකානුවෙක් තුල ඇති සමලිංගිකත්වය රසල් සහ රසල් fans ලාට බිම පෙරලීගෙන හිනා වියහැකි විහිළුවකි. ඒ වගේ දේවල් පිළිබඳව රසල් කීප තැනකම (ගොන්) ජෝක්ස් කර ඇත. මට වැඩිය රසල් fansලා ඒ පිළිබඳව දන්නවා ඇත.

වැදගත්ම දේ වනුයේ, රසල් මෙහෙම මේ පට්ට racism කතා, මිනිස්සුන්ගෙ ඇදහිලි/විශ්වාස/සංකෘතින් සමච්චලේට ලක් කිරීම කරනුයේ එහෙම ලැජ්ජ කරන මිනිස්සු ඉස්සරහ පිටම වෙන එකය. උදාහරණයකට කිව්වොත් රසල් ලංකාවෙ වේදිකාවක් මත ලංකාවෙ මිනිසුන් ඉදිරිපිටම සිට අපේ සංස්කෘතික අංග, අපි ඉංග්රීසි කතා කරන හැටි, අපි කෑම කන හැටි, අපේ හමේ පාට එතකොට අපේ ඇදහිලි/විශ්වාස අමු කුණුහරුප කියාගෙන පහත් කර සමච්චලේට ලක් කරයි. අපේ රටේ සිටිනා පොෂ් රසල් fans ලාද බර ගනන් සල්ලි දී ප්‍රවේශ පත් මිලදී ගෙන රසල් වේදිකාවට නංවා, රසල්ගෙන් අමු කුණුහරුපෙන් බැනුන් අස්සවාගෙන, බනින බනින වාරයක් පාසා තරහ නොගෙන හිනාවෙමින් අත්පුඩි ගසමින් සතුටු වෙමින්, මමත් දැන් ඉතිං රසල් show එකක් live බලපු genuine රසල් fan කෙනෙකු යැයි සිතාගෙන full satisfaction එකේ ගෙදර එයි.

හැබයි එහෙම ගෙදර එනකොට නිකමට හරි පාරෙ මිනිහෙක් බීල සිංහලෙන් කුණුහරුප කිය කිය හිටියොතින් "කාලකන්නි යක්කු, මුං ඉන්නකං කොහෙද අපේ රට හදන්නෙ පේන්නැද්ද ලැජ්ජ නැතුව පාරෙ කුණුහරුප කිය කිය කාටද බනින හැටි" කියල හැදියාව, සදාචාරය, සබ්යත්වය වගේ එව්ව ගැනයි අපේ රටේ සාමාන්‍ය මිනිස්සු ළඟ ඒව නැති එක ගැනයි පුර්ණ විශ්ලේෂණයක් කරල ඕනනම් පොලිසියටත් කෝල් එකක් දෙයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. මහින්දට කඩේ යන බයියෝන්ට මොන "stand-up" කොමඩිද බන්??? හේනක් කුඹුරක් කරගෙන හිටියන් මේ මොන ප්‍රශ්නයක් වත් නැහැනේ බන්.
    මහ ලෝකෝ හෙළ බයියෝ, හැබැයි "comedian" කියන එකට සිංහල වචනයක් නැහැ.

    උඹල ඔලුවෙන් හිටගෙන සුද්දට බැන්නත් උඹලට බැහැනේ තනිකර සිංහලෙන් ලියන්ඩ.

    ReplyDelete
    Replies
    1. මහින්දට කඩේ යෑමයි මේකෙයි තියන සම්බන්දෙ මොකක්ද කියල කියන්න පුලුවන්ද? ඇත්ත නමෙන් එන්න නිකං බයයි බයයි වගේද?

      මටනං පොඩි අනුමානයක් තියනව ඔයා කව්ද කියල, එලියට ආවොත් අයෙම රෙදි ගලවල දාන්න පුළුවන්. එතනම අපි එළිපිටම කතා කරමු, මේ "stand-up comedy" සහ "comedian"ට ගැලපෙන සිංහල වචනෙකුත්.

      Delete
    2. ඔයත් රසල්ගේ රසිකයෙක් වගේ හිටං

      Delete
    3. උඹල ඉන්තින් දෙපාරක්ම හොම්බ බිම ඇනගෙනනේ ඉන්නේ. ජනවාරි 8 වැනිදා ඉස්සෙල්ලම ඇනගත්තා. ඊට පස්සේ පරාජය පිළිගන්ඩ බැරුව පිස්සු බල්ලෙක් වගේ මැදමුලන මහින්ද පන්සල් ගානේ හියා. පන්සලුත් කෑවා පොලිටික්ස් කරන්ඩ ගිහින්. ඊට පස්සේ බැලුවා අගෝස්තු 17 වැනිදා එන්ඩ. ඒ පාර චන්ද ලක්ෂ දහයකුත් නැති කරගෙන ඇපත් නැතුව පැරදුනා.

      දැන් රට බේරපු මහින්දට මිනිස්සු කියන්නේ ලජ්ජා නැති මහින්ද කියලා.

      දැන් අනිද්දා පූජිත් ජයසුන්දර IGP වුනාම උඹලගේ අලි බබයි හොරු හතලියයි අල්ලන හැටි බලපන්.

      2020 ජනවාරි 1 වෙනකොට උඹලගේ අලි බබයි හොරු සෙට් එකයි ඔක්කොම ඉන්නේ වැලිකඩ ජම්පර් ඇඳගෙන. එතකොට 2020 චන්දෙත් පැරදෙනවා.

      ඉතින් උඹලගේ, ඒ කියන්නේ බයියෝන්ගේ අනාගතේ අනාතයි හින්ද මන් උඹලට මුකුත් කියන්නේ නැහැ. මටනං උඹල ගැන තියෙන්නේ පුදුම දුකක්. හික්ස් හික්ස් !!!!

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions