4/28/2016

"මොහොත එලඹ ඇත... යළි 56ක් " : නව දේශපාලන පෙරමුණක් අවශ්‍ය ඇයි? -ගෙවිඳු කුමාරතුංග

කතෘ:යුතුකම     4/28/2016   No comments

"ඉකුත් නොවැම්බර් 27වන සිකුරාදා නව නගර ශාලාවේදී ඩී.ඒ. රාජපක‍්ෂ 48වැනි ගුණානුස්මරණ උත්සවයේදී ප්‍රධාන දේශනය පවත්වමින් ප්‍රකට දේශපාලන ක්‍රියාධරයෙකු වූ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග කාල බෝම්බයක් අත හැරියේය. එහිදී 21වැනි සියවසේ ස්වාධීන රාජ්‍යයන්‍‍ගේ පැවැත්ම සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝග මැ‍යින් පැවති දේශනයේදී ඔහු දුන් පණිවිඩය ඉතාම පැහැදිලිය. එදා හඬක් නොමැති ජනතාවට නායකත්වය දුන් අධිරාජ්‍යවාදී බටහිරට ගැති එජාපයට එරෙහිව ශ්‍රිලනිපය ගොඩනැගීමට සහායවූ ඩී.ඒ රාජපක්ෂයන්ට තිබූ එඩිතරභාවය ආදර්ශයට ගනිමින් රටේ හඬක් නැති ජනතාවට හඬක් වීමට ඔවුන් වෙනුවෙන් සටන් වැදීමට මවිබිමේ නාමයෙන් ශ්‍රිලනිපයේ සිටින එජාප විරෝධීන්ට ඔහු ආරාධනය කළේය.
ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු දේශනයේදී ඔහු ඉඟි කළේ එජාපයට සහ එජාප ගැති පිරිස් විසින් වර්තමානයේ ප්‍රාණඇපයට ගෙන සිටින ශ්‍රිලනිපයට විකල්පයක් ලෙස තෙවන බලවේගයක් ගොඩනැගෙනු ඇත යන්නය. ලබන වසරේ ජුලි මස පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී නව උපතකට විදුලන නැකත එලඹෙනු ඇතැයි සිතිය හැක.
ගෙවිදු සිය දේශනයේදී වැඩිදුරටත් කියාසිටියේ ශ්‍රිලනිප වර්තමාන නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද දෙවනුව ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා සදාචාර විරෝධීවද පරාජය කරමින් එජාප අගමැතිවරයෙක් පත්කරගත් බවය. ඔහු සදහන් කල පරිදි දෙමල සන්ධානය නියෝජනය කරන විපක්ෂ නායකද ඔවුන් වෙනුවෙන් දරදිය ඇද්දෙකි. ජවිපෙ නියෝජනය කරන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද එම සියළු දේශපාලන උපාය උපක්‍රම වෙනුවෙන් පෙනී සිටි අයෙකි. මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව යළි 56ක් බිහිවිය යුතු බව ගෙවිදු එහිදී අවධාරණය කළේය. "

-ධර්මන් වික්‍රමරත්න :රිවිර 12/04 



ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ කතාවේ අවසන් කොටස:

යළි 56ක්

"මේ අදහස් දැක්වීම ආරම්භයේ දී එ දා ඞී. එ්. රාජපක්ෂයන් නව දේශපාලන බලවේගයක් ගොඩ නංවනු පිණිස බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් හා එක් ව හිටගැනීමේ වැදගත්කම ගැන, එ දා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහි කිරීම, නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමේ වැදගත්කම ඉක්මවා මවුබිමේ ගමන් මඟ වෙනස් කරන සාධකයක් වීම සම්බන්ධයෙන් බණ්ඩාරනායක මහතා දැක්වූ අදහස් ගැන හා එ් සියල්ලෙහි අදට ඇති අතිමහත් අදාළත්වය ගැන ප‍්‍රකාශ කළෙමි. ”නිදහස පිළිබඳ වෙස් මාරුවෙන් පෙනීසිටිමින් ඇත්ත වශයෙන් යටත් විජිත ක‍්‍රමයට සිතුවා වූ ද, කි‍්‍රයා කළා වූ ද, නොයෙක් ආකාර නිහීන ස්වාර්ථයන් ආරක්ෂා කරගැනීම සඳහා මූලික සැලකිලි දැක්වූවා වූ ද, නිදහස යන්නෙන් පාලකයන් වෙනස් වීම විනා ඊට වැඩි ලොකු වෙනසකට භාජනය නොවූ ජනතාව ගෙන් ඉතා වැඩි කොටසේ අවශ්‍යතාවන් පිළිබඳ අල්පමාත‍්‍ර සැලකිල්ලක් පමණක් දැක්වූවා වූ ද ....” මේ බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් ගේ වචන (ජගත්සීල කුලතිලක, බණ්ඩාරනායක සමරු ශතකය, 1999) - එ දා එක්සත් ජාතික පක්ෂ රජය නිදහස් රටක ජනතා අපේක්ෂා කි‍්‍රයාවට නඟනවා වෙනුවට අපව යටත් කරගෙන සිටි සුදු අධිරාජ්‍යවාදීන් ගේ වුවමනාවන් අනුව කටයුතු කිරීම, ඔවුනට ම ගැති වූ විදේශ ප‍්‍රතිපත්තිය, කටුනායක, තිරිකුණාමලේ කඳවුරු මුදාගැනීමට කි‍්‍රයා නොකිරීම, අප ගේ අධිකරණය බි‍්‍රතාන්‍යයේ සාමිවරුන් ගෙන් මුදවාගැනීමට කටයුතු නොකිරීම - මේ නිසා යි එ් රජයෙන්, එ් පක්ෂයෙන් ඉවත් වී නව දේශපාලන බලවේගයක් ගොඩ නැඟීමට මුල් වීම සුවිශේෂ කාරණයක් වූයේ. එ පමණක් නො වේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට පෙර 1951 දී පැවැති සිංහල මහා සභාවේ වාර්ෂික සැසිවාරය අමතමින් බණ්ඩාරනායක මහතා පෙන්වාදුන් පරිදි ම, එ දා පාලක පක්ෂය ජනතා අපේක්ෂා ඉටු නොකරන විට ජනතාවට පිළිගත හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් නොවීම ද (එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක, Speeches and Writings ) නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පෙරට එ්ම ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් වීමට බලපෑ බව පැහැදිලි ය.

අද! අද අප හමුවේ ඇති අභියෝග එ දා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එ් අනුගාමී ව මහජන එක්සත් පෙරමුණ පිහිටුවීමට මුල් වූ පුරෝගාමීන් හමුවේ තිබූ අභියෝග ම නො වේ ද? අද අපේ විදේශ ප‍්‍රතිපත්තිය අප ගේ දිගුකාලීන මිතුරා වූ චීනය හා සහයෝගීතාව වරදක් ලෙස දැකීමට, දුෂ්කර අවස්ථාවල අපට පිහිට වූ රාජ්‍යයන් හා මිත‍්‍රත්වය වරදක් ලෙස දැකීමට තරම් පිරිහී ඇත. මේ දේදුනු විප්ලවයේ මහත්වරු අඩු ම තරමින් ඔවුන් විසින් නේක වර්ණනයන් ගෙන් පුද දෙන නෙල්සන් මැන්ඩෙලා ගේ පහත ප‍්‍රකාශය වත් කියවා නැති ද?

”අප යා යුතු රටවල් කවරේ ද නැති නම් අපි කුමන රටවල් සම`ග මිත‍්‍ර සබඳතා පැවැත්විය යුතු ද යන්න තීරණය කිරීමට තරම් උද්දච්චකමක් ඔවුනට ලැබුණේ කෙසේ ද? ගඩාෆි මගේ මිතුරෙකි. අද මා ගේ මේ ගමන වැළැක්වීමට තැත් කළ අය අප ගේ සතුරන් ව සිටි අවධියේ ඔහු අපට උපකාර කළේ ය. ඔවුනට ආධ්‍යාත්මිකත්වයක් ප‍්‍රතිපත්තියක් නැත. එක් රාජ්‍යයක් ලෝක පොලිස්කාරයා ගේ භූමිකාවට ආරූඪ වීම අපට පිළිගත නොහැකි ය.” : Washington Post, නොවැම්බර 04)

අප ගේ අභිමානනීය හමුදාව, ලෝකයට ම හිංසනයක් වූ දරුණු ම ත‍්‍රස්තවාදයක් සහමුලින් ම පරාජය කළ, එ් නිසා ම ලෝකයේ ම ප‍්‍රශංසාවට බඳුන් විය යුතු, බඳුන් කළ යුතු අප ගේ හමුදාව යුද අපරාධකාරයන්, ස්තී‍්‍ර ¥ෂකයන් ලෙස හංවඩු ගසා නින්දා කොට විරැුකියාවට හා දෙමුහුන් අධිකරණ හරහා සිර ගෙවල්වලට හා වධක භූමියට දැක්වීමට පිඹුරුපත් සැකසෙමින් තිබේ. එ දා මිලේනියම්සිටි පාවා දීම සේ ම මෙ දා එක්නැලිගොඩ පිළිබඳ පරීක්ෂණ, ව්‍යාජ ඇවන්ගාඞ් භීතිකා, රාජ්‍ය ආයතනයන් ගේ ආරක්ෂක කටයුතු රක්නා ලංකා සමාගමට භාර නොදීම හරහා මේ කි‍්‍රයාවලිය දැනට ම ඇරඹී ඇත. වසර ගණනාවක ප‍්‍රයත්නයන් ගෙන් පසු 72 ජනරජ ව්‍යවස්ථාව මඟින් අධිරාජ්‍යවාදී වියගසින් මුදාගත් අපේ අධිකරණය, අපේ රටට වග නොකියන විජාතිකයන් ගේ මෙහෙයවීමට යටත් කරමින් තිබේ. මේ සියලූ අභියෝගයන් ගෙන් අපේ අධිකරණය, අපේ හමුදාව, අපේ ජනතාව, අපේ රට මුදවාගැනීමට අලූත් දේශපාලන බලවේගයක් අද අපට වුවමනා නැද්ද?

එ පමණක් ද? අද අපට සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ගේ යෝජනාවෙන් හා සහයෝගයෙන් තේරී පත් වූ ජනාධිපතිතුමෙකි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරන එ් ජනාධිපතිතුමා විසින් පළමු ව ව්‍යාවස්ථා විරෝධී ව ද, දෙ වනු ව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා සදාචාර විරෝධී ව පරාජය කරවමින් ද තෝරා පත් කළ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමෙකි. එ් හා සමඟ ම මේ ජනාධිපතිතුමා ද අගමැතිතුමා ද පත් කර ගැනීමට දරදිය ඇද්ද විපක්ෂ නායකතුමෙකි. මේ වෙනුවෙන් ම සියලූ දේශපාලන උපායඋපක‍්‍රම තේරූ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමෙකි. මේ ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හවුලට විකල්පයක් ජනතාවට වුවමනා නැද්ද?

එ දා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩ නැඟීමට මුල් වූ, මහජන එක්සත් පෙරමුණ පිහිටුවීමට මුල් වූ, එ් පුරෝගාමීන් හමුවේ තිබූ අභියෝගයන් ම ය අද අප හමුවේ ද ඇත්තේ. එ දා එ් අභියෝග ජය ගැනීමට, නව දේශපාලන බලවේගයක් සෑදීමට නායකත්වය දීමට ඞී. එ්. රාජපක්ෂයන් ඇතුළු පුරෝගාමීන් හට තිබූ නිර්භීත භාවය අද අප සතු ව පවතී ද? එ දා හඬක් නොමැති වූ මවුබිමේ අසරණයන් හා සිටගැනීමට එ් හදවත්වල කිතිකැවුණු අභිලාශය අද අප ගේ හදවත් අමතනු නො ලැබේ ද?

මේ මවුබිම වෙනුවෙන් තීරණයක් ගත යුතු මොහොත යි. එ් සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්යය අප සැම සතු බව මා ගේ අවංක විශ්වාසය යි. එය එ සේ ම වේ වා යනු මා ගේ එ්කායන ප‍්‍රාර්ථනාව යි. එය එ සේ ම වේ වා!
මගේ මවුබිම, ඔබේ මවුබිම, අපේ මවුබිම දිනේවා!

-ගෙවිඳු කුමාරතුංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions