4/09/2016

බලනු මැනවි අවුරුදු සිරි

කතෘ:යුතුකම     4/09/2016   No comments

-ධර්මන් වික‍්‍රමරත්න-

සරුසාර කෙත්බිමිවලට යල සහ මහ කන්න දෙකෙන් වැඩි අස්වැන්නක් ලැබෙන්නේ මහ කන්නයටය. මහ කන්නය අවසානයේ සිංහල අළුත් අවුරුද්ද උදාවේ. අතු අග මල් පිපී ඵල බරවී අටුකොටු එදා පිරී තිබිණි. සිය සංවාස කාලය වෙනුවෙන් කොහාගේ කන්කළු කුහු කුහු ගී නාදයද කුරුළු කොබෙයියන්ගේ කිචි බිචියද සමගින් මුළු මහත් පරිසරයම අවුරුදු සිරියෙන් ඇලලෙයි. වසන්ත සමය නිසා සියළු ගස්වැල්, මලින්, ඵලින් බරවේ. එරබදු ගස් රතු පාට මලින් වැසී යන්නේ අලුත් අවුරුද්ද උදාවන බවට ඉගි කරමිනි.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන්කරයි. දින 365ක ගමනකින් පසු මීන රාශියේ ගමන කෙලවර කරන හිරු මේෂ රාශියට හෙවත් තම නිජබිමට සැපත්වන සුභ මොහොත අප සමරන්නේ අලුත් අවුරුද්ද වශයෙනි. සූර්යයා අපට දෙවියෙකු නොවේ. හිරු දෙවියෙකු හෝ හිරු දේවාල හෝ හිරු වන්දනා හෙළයන්ට නොවීය. හිරුට ගරු කිරීමක් පමණක් සිදුවූයේ අපගේ පැවැත්ම සූර්යයා මත සිදුවනබව දත් නිසාය.

හේනෙන් සහ කුඹුරෙන් ලැබෙන අස්වැන්න පරිභෝජනය සඳහා සූදානම් කරන, මුළුතැන්ගෙය මූලික කරගෙන අවුරුදු චාරිත්‍ර පැවැත්වීමෙන් සංකේතවත් වන්නේ නව නිෂ්පාදන වර්ෂයක ආරම්භයයි. කන්නෙට, කයියට, අත්තමට වැඩකල සාමූහිකව ක්‍රියාත්මකවූ කෘෂිකාර්මික සමාජයකට අවශ්‍ය ජනමූල සහජීවනය මෙන්ම කලට වේලාවට නියමිත නැකතට වැඩ ආරම්භකර හිරුගෙන් මෙන්ම සඳුගෙන් වැඩගත් ජීවන රටාවේ හර පද්ධතිය මෙමගින් ශක්තිමත් විය.සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමරන මේ මොහොතේ අවුරුදු සිරිතට මුළු ගෙදරම කලඑළිය කරන්නටද අවුරුදු ජනක්‍රීඩා පවත්වන්නටද චිරාත් කාලයක් මුළුල්ලේ ජනතාව පුරුදුවී සිටිති. මේ ඒ සඳහා විකල්ප යෝජනාවලියකි. එය හුදෙක්, හුදී ජනයාගේ පහන් සංවේගය සඳහාය.

අලුත් අවුරුදු උදාවත් සමඟ තමනගේ ලග්නවලට හිමිවන පලාඵල තත්ත්වයන් පිළිබඳව ජ්‍යෝතිෂ්‍යවේදීන් ලියන විග්‍රහයන් පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනියෙන් අසා කියවා බලා අවස්ථානුකූලව තමන්ට අදාල කරගත හැකිය. ඔවුහු රාජ්‍ය සම්මානලාභී, ඉන්දියානු උපාධිධාරි, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානි, අධ්‍යාත්මවේදී, ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යෙව්දී, ආචාර්ය හෝ මහාචාර්ය යන ගෞරව නාමයන් ස්වකීය නම් ඉදිරියේ ඇත්නම් කිසිවෙකු බියවිය යුතුද නැත. මන්ද ඉන් බහුතරයක් කලක් රජගෙදර අනාවැකි කියා විපක්ෂයේ කැරපොත්තා සම්මානයෙන් පුදලද වැඩ බැරිවුනත් ගම ගාල්ලේ හාදයා මෙන් කශේරුකාවක් නොමැති එම වර්ගයාට අයත් අය බැවිනි.

අලුත් අවුරුද්දට පසු මැයි දිනය සහ පළාත් පාලන මැතිවරණයද එන බැවින් මෙවර අලුත් අවුරුදු සමය දේශපාලන වශයෙන් සංක්‍රාන්තියකි. සැබෑ රාජ්‍ය සහ ජනතා නායකයින් සිය ගමේ අවුරුදු සිරිත් ඉටු කරද්දී ඒවා නොදිරවන අය රට පැනීම සිදුකලද කිසිවෙකු ඒවා අවුලක් කරගත යුතු නැත. අවුරුද්දට පුණ්‍ය කාලය උදාවීමේදී රටපුරා ඇති විහාරස්ථානවලට යන අය තමනට හිතැති විහාරස්ථානයකට ගියාට කම් නැත. නිදසුනක් ලෙස අගනුවර සිටින අයට නුගේගොඩ නාලන්දාරාමයට ගොස් කීනියාවල පාලිත හිමි හෝ නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි බැහැදැක ආශිර්වාද ලබාගත හැකිය. එකම පිලේ අය සමඟ පරණ අවුරුද්දට තරහ මරහ අමතක කරගැනීමේ සුදුසු අවස්ථාව පුණ්‍ය කාලය බැවින් එවැනි අයට පොඩි හාමුදුරුවන් වැඩ සිටින හුණුපිටියේ ගංගාරාමයට ගොස් එක ගලෙන් ප්‍රතිඵල දෙකක් ලබාගත හැකිය. ගිහියන් 'අප්පමාදෝ අමතපදං' කියමින් එම විහාරස්ථානවලින් නික්මෙන විට උන්වහන්සේලා 'අභිවාදන සීලිස්ස' කියා ගෙදර සැමටම ආශිර්වාද කරනු ඇත. පිනට දහමට බළලෙකු හෝ සුනඛ පැටියෙකු නොව ඇත් පැටවෙකු අපල දුරුකිරීම සඳහා අභයදානය දීමට ස්ථානයක් සොයන්නේනම් ඒ සඳහා කිරුළුපන ඇලන්මැතිණියාරාමය ඉදිරිපිට භූමිය වඩාත් සුදුසුය.

අවුරුදු නැකතට ලිපි ගිනි මොලවන්නේ අම්මා හෝ ඥාති වැඩිහිටි කාන්තාවකි. ඉදිරියේදී කුඹුරු අක්කර ලක්ෂ 2ක් ලක්මවට අහිමිවූවද ගොවින්ට කන්න 17ක් නොමිලේ ලැබුණු පොහොර සහනාධාරය අහිමිවූවද ගොවි රජුන් ඊයේ පෙරේදා මන්දිරයට කැඳවා රුපියල් ලක්ෂ 308ක වැයකර රාජ්‍ය උත්සවයක් පැවැත්වූ බැවින් හිතේ කහටක් ඇතිකර ගතයුතු නැත. අලුත් කැකුළු සහලින් අලුත් නෑඹිලියකින් සහල් ගරා ඔරලෝසුව දෙස ලිප ගිනි මොලවීමේ සුභ නැකත එනතෙක් බලාසිටීමට බියවිය යුතු නැත. ඒ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලය මෙන් ඉන්පසු කිසිවෙකු කාලය එහාට මෙහාට වෙනස් නොකල බැවිනි.

ඊලඟට සූදානම් වන්නේ වැඩ ඇල්ලීමේ නැකතටය. කෘෂිකර්මයට ආදරයක් ඇත්තෙක් නම් උදැල්ල ගෙන පැලයක් සිටුවිය හැකිය. පාසැල් දරුවෙක්නම් පතපොත ගෙන පාඩම් කල හැකිය. අලුත් පරපුරේ එකෙක් නම් මුහුණු පොතට එබී රුවන්වැලි සෑය හෝ නිදහස් චතුරශ්‍රය පිළිබද තොරතුරු සෙවිය හැකිය. පුරවැසි පෙරමුණේ අයෙක් නම් ඉදිරියේදී ආත්මය බේරාගැනීම සඳහා ෂොපින් යෑමේ අලුත්ම ක්‍රම සහ විධි මෙනෙහි කල හැකිය. සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින අයටනම් පොතක් කියවමින් අනෙකාට පොත් පෙරලිය හැකි වැඩපිලිවෙලක් ගැන මූලාරම්භයක් තැබිය හැක.

බුලත් කොලයක හුවමාරු කරන ගනුදෙනුවක් මගින් සාම්ප්‍රදායික ලෙසින් ගනුදෙනු කල හැකිය. නැතිනම් දේශපාලන කටුස්සන් මෙන් ඇමති, කංකානම් හෝ භාගේ ඇමති පට්ටමක් ලබාගැනීම සඳහා ඔලු හෝදනවායැයි කියූ ගාල්ලේ නොමිනිසා මෙන්ද ගණුදෙනුවක් කල හැකිය. තාක්ෂණ රාජ්‍ය ඇමතිකම සීනි වැඩිකිරීමට යොදා ගත හැක. දැන් ඇමතිකම් 92කි. දෙන අයටත් ලැජ්ජාවක් නැත. ගන්න අයටද ලැජ්ජාවක් නැත. දැන් කැබිනට් ඇමතිවරුන් 46කි. රාජ්‍ය ඇමතිවරුන් 20කි. නියෝජ්‍ය ඇමතිවරුන් 26කි. විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව යහපාලන ඇමති මණ්ඩලය දෝරේ ගළනවාය.

නිවසේ ආහාර අනුභව නැකතට කිරිබත, ලුණුමිරිසත්, මාළුවත් ඇත. කැවුම්, කොකිස්, අතිරස, මුංකැරලි, අලුවා, දෝසි වර්ග ආදියත් ඉදුණු කෙසෙල් ඇවරියත් අවුරුදු මේසය හැඩ ගන්වනු ඇත. අලුත් තාලේ කේක් ගෙඩියක් ඇතැම්විට ඇත්නම් පවුලේ අය හෝ සමීප හිතවතුන් නිසා අතින් කැවිය යුතුය. එතරම් දිරවන අයෙක් නොවේනම් කේක් හැන්දෙන් කැව්වාට අවුලක්ද නැත.

තෙල්ගාන නැකතේදී පන්සලෙන් නානු සාදා පිරිත්වලින් ආශිර්වාද කල තෙල් ඇත්නම් හොඳය. එසේ නැත්නම් පොල් තෙල්, බෙහෙත් තෙල්වලට, කහ සහ පොල්කිරි මිශ‍්‍රණයක් යොදා නානු ගෙදරදීම සාදා ගත හැකිය. ‘සබ්බිතියෝ...' යනුවෙන් නිරෝගිවීම සඳහා ආශිංසන පණිවුඩයක් සමඟ හිසේ තෙල් ගැල්විය හැකිය. තෙල් ගෑමෙන් පසු දියනෑමට ගමේ අයට දැන් යාමට පොදු ලිඳක් නැති නිසා ඇලේ, දොළේ සහ ගඟේ ඒ කාර්යය කර ගත හැක. ගමේ පොදු ලිඳ ප්‍රතිසංස්කරණය සඳහා ග්‍රාමසේවා වසමේ ව්‍යාපෘතිවලට හැමදාම ආණ්ඩුවෙන් ලැබෙන රුපියල් ලක්ෂ 10 ඉකුත් 2015 සිට මේ දක්වා නොලැබුණ බැවින් එය ලැබේවාදැයි කියා ස්නානය කරන ගමන් ප්‍රාර්ථනාවක්ද කල හැකිය.

රැකී රක්ෂා සඳහා පිටත්වීම අප්‍රේල් 18 සිදුවන බැවින් සුදු වර්ණයෙන් පමණක් සැරසී පිටත්වයාම මැනවි. ඒ කොයි මොහොතේ හෝ හවුල අවුල් වුවහොත් ඕනෑම පැත්තකට සෙට්විය හැකි බැවිනි. වැල යන අතට එවිට මැස්ස ගැසිය හැක. තීරණාත්මක දේශපාලන තීන්දුවකට දෙපිලම සූදානම් බැවින් එය ඇගට ගුණය. හැට පැන්න විශ්‍රාම වියේ පසුවන අයටනම් එය අදාල නැත. එයට හේතුව ඒ බොහෝ දෙනාගේ ලැජ්ජා නහර කපා ඇති බැවිනි.

අලි ඩොං, තුන් හුලස්, අහස් ගුංඩු, චීන පටස් ආදී නම් වලින් හැඳින්වූ විවිධ රතිඤ්ඤා වලින් හාත්පස දෙදරුම් කයි. ඒ සමගින් ඇසෙන්නේ අවුරුදු උත්සවයි. අලුත් අවුරුදු සමඟ බැඳුණු විශේෂිතම ක්‍රීඩාව ලෙස රොබට් නොක්ස් හඳුන්වාදී ඇත්තේ පොර පොල් ගැසීමය. ඒ හැරෙන්නට අං ඇදිමද ජනප්‍රිය බව නොක්ස් කියා තිබේ. වළ කජු ගැසීම, කැට ගැසීම, තාච්චි පැතිම, අඹ කොටු පැනීම, චක්ගුඩු පැනීම, හොරා පොලිස් කී‍්‍රඩාව, හැංගි මුත්තන් සෙල්ලම, කඹ ඇදීම, එල්ලේ ගැසීම, පන්දු ගැසීම වැනි කී‍්‍රඩා එදා ජනප‍්‍රිය කී‍්‍රඩා අතර විය. කුඩා දරුවෝ ඒ කාලයේ සෙල්ලම් ගෙවල් සෑදීම, පෙරහරවල් යාම, ගැමි තොවිල් වැනි භූමිකා රංගන ද, නාට්‍ය පුරුදු පුහුණු වීම් වලද නිරත වූහ. ගෘහස්ථ කී‍්‍රඩා ලෙස පංච දැමීම, දාන් ඇදීම, ඔළිඳ කෙළිය වැනි කී‍්‍රඩා විය.

වර්තමානයේ නවතම ක්‍රීඩා රැසක් මේවාට එක්වී ඇත. මෙම ක්‍රීඩාවලට සුදුසුකම් ඇති 'යහපාලන' ඇත්තෝ රැසක් සිටී. ඒ පිළිබඳව ඉදිරිපත්වීමට ඔවුන්ගේ රුචි අරුචිකම් නොදන්නා නමුදු සලකා බැලීම සඳහා ලැසිස්තුවක් මෙසේ යෝජනා කළ හැකිය. කඹ ඇදීමේ තරඟයේ දෙපිලේ නායකත්වයන් සඳහා සරත් ෆොන්සේකා සහ විජේදාස රාජපක්ෂය. ලිස්සන ගහ හරීන් ප්‍රනාන්දුට උචිත අතර කොට්ටා පොර සුජීව සේනසිංහටය. කණා මුට්ටිය බිඳීම පමණක් නොව කොටු පැනීමටද ජෝන් අමරතුංග දක්ෂයෙකි. කලක් පුංචි තිරයේ දේශපාලන සංවාදවල නිරතුරුව දක්නට ලැබී දැන් වාෂ්ප වී ඇති අජිත් මානප්පෙරුම සැඟවුන අමුත්තාය. රවී කරුණානායකට අන්දයාට කිරි කැවීමට එක්විය හැකිය. වොයිස් කට්වලට මිනිසුන් නොමැතිව කියන කථාවලට පෙනී සිටින පී හැරිසන් ජනකවි ගායනාවට කදිමය. ඉරාන් වික්‍රමරත්න තනි කකුලෙන් දුවන විට අජිත් පී පෙරේරාට පැපොල් ගොඩියේ ඇට ගණන් කල හැකිය. අධිවේගී මාර්ගයේ නොයා ගම හරහා දීවීමට ලක්ෂ්මන් කිරිඇල්ල සුදුස්සෙකු වන අතර නිදහස් චත්‍රරශ්‍රයේ සිකියුරිටි නිලධාරියා ගෙන් ලබාගත් පුහුණුවක්ද ඇති නිසා හර්ෂ ද සිල්වාට ගෝනි පැනීම පහසුය.

රංජන් රාමනායක බැලුම් පුපුරවන අතරේ නලීන් බණ්ඩාරට හාවා පැනීම කල හැකිය. විකට ඇදුම් තරඟයේ සුදු රෙදි හොරා චරිත නිරූපනයට අකිල විරාජ් කාරියවසම් පංකාදුය. අර්ජුන රණතුංග අලියට ඇහැ තැබීමේ ප්‍රවීණයෙකි. අවශ්‍යනම් ඒ සඳහා සහායට රූපවාහිනී මාධ්‍යවේදියෙකුට සද්දේ දැමූ සොහොයුරා ධම්මික සහ පුවත්පත් මාධ්‍යවේදීයෙකුට ගෙජ්ජි සද්දේ දැමූ මාධ්‍ය ලේකම්ගේ රියදුරාද අර්ජුනට එක්කර ගත හැකිය. බනිස් කෑමේ තරඟයට නවීන් දිසානායකද, කෝච්චියේ සීට් තිබියදී හිටගෙන ගොස් අත්දැකීම් ඇති නිසා ගෝනි රේස් යාමට ගයන්ත කරුණාතිලකද, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යෑමට මොහාන් ලාල් ග්‍රේරුද නුසුදුස්සන් නොවේ. සාගර රත්නායකට ඕනෑම සංගිත තොප්පියක් හරිය. ආනන්ද බෝඩිමේ සිටි නිසා රංජිත් මද්දුම බණ්ඩාරට බිත්තර ඇල්ලීමේ තරඟයට ඉදිරිපත්වීමට අපමණ සුදුසුකම් ඇත.


අවුරුදු උත්සවවලට එන අයට කැවිලි අල්ලන්නේ කෙහෙල් කොලේ හෝ නෙළුම් කොලේ තබාය. මත්තල එයාර්පෝට් එකේ වී ගබඩා කරපු අයටද, වත්තල ඇවිදින මංතීරුව ගලවපු අයටද ගඟෙන් දියබී මුහුදට ආවඩනා අයටද ඕනෑම තරඟයකට ඉදිරිපත්වීමේ හැකියාව ඇත. මෙවර අවුරුදු උත්සවයේ තේමාව වනු ඇත්තේ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසාය යන්නය. 'යහපාලන' ආණ්ඩුව පවසන පරිදි ජනතාවගේ අතට මුදල් ගලාඑන ඇහැට පෙනෙන-ඇඟට දැනෙන සංවර්ධන ඇරඹෙන්නේ 2017 මුලදීය. එබැවින් දැන් අපි සැවොම එකතුවී අවුරුදු ජනගී ගයමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions