4/11/2016

56න් 2016ට

කතෘ:යුතුකම     4/11/2016   No comments

-දර්ශන කස්තුරිරත්න-
කලකට පෙර තිරගත වූ ‘අස්වැසුම‘ නම් චිත්‍රපටයේ මතක හිටින දර්ශනයක් තිබිණි. රත්නපුර ප්‍රදේශයේ ගමක වූ සිද්ධි දාමයක් ඊට පදනම් විය. ඒ ගමේ ප්‍රභූවරයෙක් ලෙස සිටි දොස්තරකෙනෙක්ගේ නිවසේ නිදහස් දින සංවිධානය කරන උත්සවයක් ඒ නිවසේ ගේට්ටුවට පිටත සිට ගැමියන් පිරිසක් බලා සිටිති. ‘මොකටද මුං මේ ජවුසං නටන්නේ‘ කියා එක ගැමියෙක් අනෙකාගෙන් අසයි. අනෙකාටද ඒ ගැන අවබෝධයක් නැත. 48 ලැබුන නිදහස සාමාන්‍ය ගැමියාගෙන් කොතරම් ඈත් වීද යන්න එයින් හැගවුනි. මේ ගැන ධර්මපාලතුමාත් කලින් අනතුරු හගවා තිබිණ. යටත්විජිත පවත්වාගන යාම තවදුරටත් ලාභදායක නොවන විට බිරිතානින් කරේ කළු සුද්දන් පිරිසකට පාලනය පවරා දීමයි. මෙය එක අතකින් සෘජු යටත්විජිත තත්වයටද වඩා භයානකය. මන්ද මිනිසුන් තමන් යටත්විජිතයක වැසියන් බව නොදන්නා හෙයිනි. යටත්වැසියන් බව දන්නා විට කැරලි ගහන මිනිස්සු යටත්වැසියන් බව නොදැන්නා විට යටත්වැසිභාවය පිළිගනිති.

ටික කලෙකින්ම සිංහලයන්ට මේ තත්වය අවබෝධ විය. ඩී.ඇස්. සේනානායක මහතාගේ යම් ජාතිකත්වයක් තිබූ නමුත් (ඇත්තටම පළමු අගමැති වීමට ජාතික බලවේග තෝරගත්තේ ඩී.බී. ජයතිලක මහතා වුවත් ඩි.ඇස්. සේනානායක මහතා කූට ලෙස ඒ අවස්ථාව ඔහුට අහිමි කරේය) ඉන් පසුව අගමැති වූ ජෝන් කොතලාවල සෘජු බටහිර ගැත්තෙකි. සංස්කෘතිකවද ඔහු සිංහලයන්ගෙන් ඉතා ඈතින් සිටියෙකි. ඔහු ගැත්තෙක් වීම ගැන ආඩම්බර වූ ගැත්තෙකි. කොටින්ම රනිල් වික්‍රමසිංහ වැන්නෙකි. එවන් පසුබිමක් යටතේ එජාපය පුපුරා ගොස් ශ්‍රිලනිපය 51දී බිහිවූ අතර එහි ජයග්‍රහණයත් සමග ජාතික නිදහස් අරලගය 56දී පණ ගැන්විනි. ඇත්තටම බණ්ඩාරණායක මහතා ඊට නායකත්වය දුන්නා නොව ඔහුව එතැනට තල්ලු කෙරිනි. මෙත්තානන්ද මහතා වැනි පිරිස නායකත්වය දැරූ ජාතික ව්‍යාපාරයට බණ්ඩාරණායක මහතා නායකත්වය දුන්නද ඔහුගේ ලිබරල් සහ වාමවාදී මුල්වලින් මිදිමට ඔහුට නොහැකි විය. ජාතික බලවේග විසින්ම පසුව ඔහුට ‘සෙවල බණ්ඩා‘ යැයි නාමයක් ගොතන ලද්දේ ඒ නිසා විය යුතුය. ඒ මොන අඩුපාඩු තිබුනද 56 අපේ නිදහස් වසරයි. සිංහල රාජ්‍ය බස වීම ගැන විස්සෝප වන ලිබරල්වාදින් සහ මාක්ස්වාදින් අධිරාජ්‍යවාදීන් යටතේ ඉංගිරිසි නොදන්න සිංහල සහ දෙමළ ජනතාව විදි පීඩාව ගැන නිහඩ වෙති (මේ ගැන යම් අදහසක් බද්දේගම වැනි නවකතාවලින්ද ගත හැකිය). ඇත්තටම යටත්විජිතවාදීන්ට සහ ඔවුන්ගේ ඒජනන්තයට වූ ප්‍රශ්නය සිංහල රාජ්‍ය බස වීම නොව ඉංගිරිසි බසට තිබූ රාජ්‍ය බස තත්වය නැති වීමය. 50-50 (මේ සිංහල 50 සහ දෙමළ 50 නොව, දෙමළ 50 සහ අන් සියල්ලන්ටම 50ය) ඉල්ලීම, චෙල්වනායගම් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවීම (ඉංගිරිසි උගත් මෝඩ සිංහලයන් ඇන්දවීමට ඔහු මෙය ඉංගිරිසියෙන් ෆෙඩරල් පක්ෂය ලෙස නම් කරේය), ආදි වර්ගවාදි බෙදුම්වාදී පියවරයන් දෙමළ වර්ගවාදින් ගත්තේ ඊනියා ‘භාෂා ප්‍රශ්නය‘ නිර්මාණය වීමට බොහෝ කලකට පෙරය.

ජාතික නිදහස් අරගලය විටින් විට වැටි වැටී නැගිටියි. 1815 යටත්විජිතයක් වූ අපි තවම පූර්ණ නිදහස ලබා නැත. අපේ තීරක ප්‍රශනය එයයි. දේශපාලන සහ ආර්ථික යටත්විජිතභාවයට අමතරව සංස්කෘතික (දැනුම්) යටත්විජිතවාදයද අපව පෙළයි. දේශපාලන සහ ආර්ථික යටත්විජිතවාදය පවත්වාගෙන යාමටද දැනුම් යටත්විජිතවාදය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 2009දීද සිදුවූයේ ජාතික නිදහස් අරගලයේ තවත් එක් පියවරකි. ඒ බටහිර සහ ඉන්දියාවේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමය. බටහිරයන් යුධ අධිකරණ පිහිටුවන්නේ ඒ වෙනුවෙන් අපට දඩුවම් කිරීමටය. 2015 පැරදුනේ මහින්ද රාජපක්ෂ පමණක් නොවේ. ඔහු වටා සිටි ජාතික බලවේගද පැරදුනි. එහෙත් එදා දිනුවේ නං රනිල් හෝ යූඑන්පී කාරයන් හෝ ජේවීපී කාරයන් නොවේ. 2015 ජනවාරි මස දිනුවේ අන් කිසිවකු නොව බටහිරයන් සහ ඉන්දියාව බව දැන් යහපාලනය වෙනුවෙන් කඩේ ගිය අයටද ටිකෙන් ටික තේරෙමින් පවතී. එක්ටා ගිවිසුමෙන් ලංකාවට ලැබෙන කෙංගෙඩියක් නැතත් තියෙන, ටිකත් නැති උනත් මේ ආණ්ඩුව ඒ වෙනුවෙන් වැඩ කරන්නේ ඉන්දියාවේ උවමනාවට බව නොතේරෙන කෙනෙක් සිටිය නොහැකිය. තම තමන්ගේ පාක්ෂික ගැතිභාවය නිසා නොතේරෙන බව බොරුවට හගවන අයනම් සිටිය හැකිය.

දැන් නැවතත් 56කට අවස්ථාව පහළ වී ඇත. එදා 48 නාමික නිදහසෙන් පසු එක්සත් (වි)ජාතික පක්ෂය තුළ ජාතික බලවේග සිර කරපු ආකාරයටම අද ශ්‍රිලනිපය වටා සිටි ජාතික බලවේග මෛත්‍රිපාල විසින් එජාපයට හිර කර ඇත. මේ බලවේගවලට මතු වීමට දේශපාලන නායකත්වයක් අවශ්‍යය. මේ නායකත්වය මතු වීමට පක්ෂයක් බිහිවීම යුගයේ අවශ්‍යතාවයකි. එසේ නොමැතිව ජාතික බලවේගවලට හෝ රටට අනාගතයක් නැත. දීර්ඝකාලීනව බැලූ විට අප බෙදන පක්ෂ නම් ගෝත්‍රවාදයෙන් අප මිදිය යුතු වුවද මේ අවස්ථාවේ ජාතික බලවේගවලට විකල්පයක් නැත. මේ තත්වය ඇතිවීමට ශ්‍රිලනිපයේ ලිබරල් සහ වාමවාදී උපන්ගෙයි දෝෂයද බලපා ඇත. ඩිලාන් පේරේරා සහ එස්.බී. දිසානයක වැන්නන් ජාතික බලවේගවල ඡන්දවලින් පාර්ලිමේන්තුවට යන්නේද මෛත්‍රිපාල වැනි පැරණි වාමවාදීන් (සහ පසුව අවස්ථාවාදීන්) ශ්‍රිලනිපයේ ඉහළ තනතුරුවලට පත්වන්නේද ඒ උපන්ගෙයි දෝෂය නිසාය.

සමගි පෙරමුණ ආණ්ඩුවේ අර්ථ ප්‍රතිපත්තිය කොමියුනිස්ට් මනෝරාජිකයන් අතට පත්වී මර්ධනකාරී හාල් පොලු වැටීමත් ඒ පිහිටෙන් නව ලිබරල්වාදී ජේආර් බලයට ඒමත් ඒ උපන්ගෙයි දෝෂයේම රෝග ලක්ෂණ වේ. ඒ දෝෂ හැර ඒ වෙනුවට ජාතිකත්වය මතම පදනම් වූ ජාතිකවාදී පක්ෂයකට සහ පුළුල් පෙරමුණකට අද ඕනෑවටත් වඩා ඉඩ ඇත. ජවිපෙ එජාප ගැති එන්ජීඕවක් වීම සහ පෙසප පොතේ ගුරු වාමවාදී පක්ෂයක් වීම තුළ ඒ ඉඩකඩ තවත් පුළුල් වී ඇත. ඒ නව පක්ෂය/පෙරමුණ පදනම් වන ජාතිකත්වය සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගන්නා අන්‍ය සංස්කෘතීන්ද ආරක්ෂා වන සියලුම දෙනාට සිය වාර්ගිකත්වය සහ ආගමිකත්වය කුමක් වුවද රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්විය හැකි, අධ්‍යාපනය ලැබිය හැකි සහ රැකියාව කිරීමට නිදහස ඇති කරවන පොදු ශක්තිමත් ශ්‍රිලාංකික ජාතිකත්වයක් විය යුතුය. පඩු අබා රජු යක්ෂ නාග ආදි ගෝත්‍රිකයන් සිංහ වාංශිකයන් යටතේ එකතු කර සිංහල ජාතිය ගොඩනැගූ ආකරයටම අද ඒ ජාතිය තවත් පුළුල් කර ඊට දෙමළ සහ මුස්ලිම් වාර්ගිකයන් එකතු කරගෙන ශ්‍රි ලාංකික ජාතියක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවයකි.

56 විප්ලවය තවත් පිම්මකින් ඉදිරියට තැබීමට අවස්ථාවක් 2016 දී උදා වී ඇත. ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවට නායකත්වය දීමට ඉදිරිපත් වේද යන්නය. මේ වන විට සිය දිවි ගමනේ හැත්තෑ වන වියද පසු කර ඇති ඔහුට ඔහුගේ ජීවිත කාලයේ මුහුණ දීමට සිදුවන ඉහළම අභියෝගය එය වේ. ඒ වෙනුවෙන් ඔහුට ගෙවීමට සිදුවන වන්දිය ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නිදහස් ජීවත වේ. එමෙන්ම ඒ ක්‍රියාවලියේදී ඔහුගේ ‘පෙර වැරදි‘ හදාගන්නා අතරම පැරදුන විට පමණක් නොව දිනපු පසුද අවස්ථාවාදීන් සහ වාමවාදී/ලිබරල්වාදී කේවට්ටයන් නොව ජාතික බලවේගම වට කොට ගැනීම ඔහුගේත් රටේත් හිතසුව පිණිස හේතුවනු ඇත.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions