-නලින් ද සිල්වා -සාමාන්‍ය ක්‍රමය යටතේ නම් පොළොන්නරුවෙන් බිහි ව පරාක්‍රම සමුද්‍රය දෙසින් එන සුළඟේ පහස විඳිමින් ගල් විහාරය දැක ගනිමින් පාසල් ගිය අයකු මෙරට ජනාධිපති වී නම් එය රටට සම්පතක් වීමට ඉඩ තිබිණි. 1796 සිට පළමුව බස්නාහිර මුහුදු තීරයේ හා යාපන අර්ධද්වීපයේත් පසුව මුළු රටේමත් ආධිපත්‍යය දැරුවේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අද වන විට අධිපතිවාදී සංස්කෘතික ප්‍රභේදය බවට පත් වී ඇති ඇංග්ලො සැක්සන් සංස්කෘතිය ය. අපට මෙය ඇංග්ලිකන් සංස්කෘතිය ලෙස ද හැඳින්විය හැකි ය. මේ ඇංග්ලිකන් සංස්කෘතියේ ආධිපත්‍යයට රිදෙන්නට පහරක් පළමුව වැදුණේ 1956 දී ය. ඇංග්ලිකන් සංස්කෘතියේ මෙරට ප්‍රධාන ම අරටුව වූ මහමුදලි සොලමන් බණ්ඩාරනායකගේ පුතා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා තමා ලත් සංස්කෘතික උරුමයන්ගෙන් මිදෙමින් සිංහල බෞද්ධ සංස්කෘතිය උකහා ගැනීමට උත්සාහ කළේ ය. එයට පෙර අනගාරික ධර්මපාලතුමා ඇග්ලිකන් ආධිපත්‍යයට විරුද්ධව ප්‍රධාන වශයෙන් ම සංස්කෘතික වූ අරගලයක් දියත් කර තිබිණි. එයටත් පෙර වීර කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා ආදීහු අංග්ලිකන් දේශපාලන ආධිපත්‍යයට එරෙහිව සටන් කළහ. බණ්ඩාරනායක මහතාගේ ව්‍යාපාරය දේශපාලනික මෙන් ම සංස්කෘතික සටනක් විය. අද පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනාට මන්ත්‍රීවරුන් වීමට හැකි වී තිබෙන්නේ පනස්හයට පින්සිදුවන්නට ය.
මෛත්‍රිපාල සිරිසේනට පොළොන්නරුවෙන් පැමිණ ජනාධිපති වීමට හැකි වූයේ ද පනස්හය නිසා ය. එහෙත් ඇංග්ලිකන් සංස්කෘතිය, ආර්ථිකය හා දේශපාලනය සිය ලෝක ආධිපත්‍යය නැතිකරගෙන නැත. ඒ ආධිපත්‍යය අද ප්‍රධාන වශයෙන් ම ක්‍රියාත්මක වන්නේ දැනුම, විශේෂයෙන් ම බටහිර විද්‍යාව හා තාක්‍ෂණය මගිනි. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව පිළිගැනීමට තවමත් සිංහල බෞද්ධ ජනතාව සූදානම් නැත. ඔවුන් අති විශාල බහුතරය මොන සූත්‍රය අසා තිබුණත් ද්වයතානුපස්සනා සූත්‍රය අසා නැත. විශේෂයෙන් ම උගතුන් යැයි කියාගන්නා අය බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව පිළිගැනීමට සූදානම් නැත (මා කියන අර්ථයෙන් නොවූවත් බටහිර වෛද්‍ය විද්‍යාව ඇතුළු බටහිර ජෛවීය විද්‍යාවන්හි ඊනියා පර්යේෂණවල බොරුව ගැන ලිපියක් නිව් සයන්ටිස්ට් සඟරාවේ පසුගිය අප්‍රේල් 16 වැනි දා නිකුත් වූ කලාපයේ 39 වැනි පිටුවෙහි පළ වෙයි). මේ උගත්තු කාලාම සූත්‍රයට හා චුල්ලහත්ථිපදොපම සූත්‍රයට බටහිර විද්‍යාවට පෑහෙන සේ අර්ථකථන දෙති (මහාචාර්ය කේ එන් ජයතිලක ද චතුස්කෝටිකය ඇරිස්ටෝටලීය ද්විකෝටිකයට සමාන කිරීමට අසාර්ථක උත්සාහයක් දැරී ය). ඒ මූලික වශයෙන් ම මුළු ලෝකයේ ම දැනුම අංග්ලිකන් සංස්කෘතියේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, හාවඩ්, ප්‍රින්ස්ටන්, එම් අයි ටී විශ්වවිද්‍යාල මගින් පාලනය කෙරෙන බැවිනි. පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයේ ලැබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ලැබෙන අධ්‍යාපනයේ පිටපතක් පමණකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ලැබෙන්නේ එංගලන්තයේ පබ්ලික් ස්කූල් නමින් හැඳින්වෙන පෞද්ගලික පාසල්වල ලැබෙන ඇංග්ලිකන් අධ්‍යාපනයේ පිටපතකි.
මහින්ද රාජපක්‍ෂ මොන දුර්වලකම් තිබුණත් පනස්හයේ දරුවෙකි. මෙරට ඇංග්ලිකන් සංස්කෘතියට හා දේශපාලනයට දරුණු ම පහර වැදුනේ ඔහුගෙනි. ඇංග්ලිකන් සංස්කෘතිය විසින් කල් යල් බලා අද වන විට මෝදිගේ නායකත්වයෙන් ඇංග්ලිකන් සංස්කෘතියට මුළුමනින් ම මෙන් යට වී ඇති ඇංග්ලිකන් ආධිපත්‍යයේ නිර්මාණයක් වූ ඉන්දියාවේ ද ආධාරයෙන් ඔහු නෙරපනු ලැබුයේ එබැවිනි. රනිල් වර්තමානයෙහි බටහිර ගැත්තකු පමණක් නොව ඇංග්ලිකන් ආධිපත්‍යයේ කලාපීය නියෝජිතයා වූ ඉන්දියාවේ ගැත්තෙක් ද වෙයි (එට්කා වෙනුවෙන් අද ක්‍රියාත්මක වන්නේ රනිල්ගේ පාසල් මිතුරකු වූ ද ඔහුගේ විශ්වාසවන්ත ම සගයකු වූ ද මලික් සමරවික්‍රම ය). පනස්හයේ සුජාත දරුවකු නොවූ මෛත්‍රිපාල රාජපක්‍ෂ පැරදවීම සඳහා ඉත්තකු කර ගැනුණේ ඇංග්ලිකන් සංස්කෘතියේ නියෝජිතයා වූ රනිල්ට සම්ම ජාතියේ මහජන ඡන්දයෙන් ජනාධිපති වීමට නොහැකි බැවිනි. මෛත්‍රිපාල පොළොන්නරුවේ හැදී වැඩුණත් ග්‍රාමනිලධාරියකු ලෙස ජීවිතය ඇරඹුවත් ඔහු ජනාධිපති වීම රටට යහපතක් නොවන්නේ ඔහු රනිල්ගේ හා ඇංග්ලිකන් සංස්කෘතියේ ආධිපත්‍යය වෙනුවෙන් නාමික ව ඒ තනතුර දරන බැවිනි.
ඇංග්ලිකන් ආධිපත්‍යය වෙනුවෙන් මෙරට පෙනී සිටින එංගලන්ත (පඬියන්ට අනුව බිරිතානි) මහා කොමසාරිස් පසුගිය දා මෛත්‍රිපාලට පාඩමක් කියා දුන්නේ ය. මෛත්‍රිපාල සිංහල බෞද්ධ ජනතාව රැවටීමට පරිසරය ගැන බෞද්ධ කතා කියයි. තමා දන්නා වෙනත් බෞද්ධ කතන්දර කියයි. ජෙනීවා යෝජනාව අනුව නොගොස් ඊනියා මානව හිමිකම් කැඩීම පිළිබඳ පරීක්‍ෂණයට ජාත්‍යන්තර විනිසුරුවන් සහභාගි නොකරන බව කියයි. ඒ අතර ඔහුගේ ගැති බව පෙන්වමින් එලිසබෙත් වින්ඩ්සර් සමග අත්වැසුම් නොමැතිව අතට අත දුන් කතා කියවයි. වාර්තාවන ආකාරයට එංගලන්ත මහා කොමසාරිස් කියා ඇත්තේ මෛත්‍රිපාල කුමක් කීවත් ජෙනීවා යෝජනා ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරන බව ය. එහි තේරුම ඉහත කී පරීක්‍ෂණය සඳහා විදේශීය විනිසුරුවන් යොදා ගන්නා බව ය. රනිල් දැනට ප්‍රශ්නය මග හරිමින් විදේශීය විනිසුරූැවන් සහභාගි කරන බව කියයි. සහභාගි කරන්නේ කිනම් ආකාරයකට දැයි ඔහු දැනට නො කියයි.
ඉතා පැහැදිලිව මෛත්‍රිපාලට තමාට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක විය නො හැකි ය. ඔහුට අද ඇත්තේ ඔහු මරා දැමූ තම මව වැනි වූ ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන මැති ඇමතිවරුන්ට තර්ජන ගර්ජන කිරීමේ බලය පමණකි. මව මරා උපන් කුමරා කවුදැයි ඇසූ කල කුඩා අවධියෙහි දී අපි කෙසෙල් මල යැයි කීවෙමු. අද කීමට ඇත්තේ කෙහෙල්මල කියා ය.
KALAYA : 2016 අප්‍රේල් 19
කාටූනය : අද
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
Dear Sir,
ReplyDeleteI have a great respect to you; but I have to say that it seems you have not go the message of the New Scientist article you mentioned in your note. There is not Western or Eastern science; the science is Science, problem lies with the people's interpretation of science.
Kithsiri B Dassanayake
ඩොක්ටර් නලින් ඩි සිල්වා කියනවා දැනුම සොයාගන්න දෙයක් නෙමෙයි, නිර්මාණය කරන දෙයක් කියලා.
Deleteඒ කියන්නේ නියෂ්ටියක්, පරමාණුවක් කියලා දෙයක් ඇත්තට නැහැ. ඒක නිකන් අපේ නිර්මාණයක් විතරයි.
මට කියන්ඩ තියෙන්නේ, ඩොක්ටර් නලින් ඩි සිල්වාට පරමාණු බෝම්බයක් ළඟ ඉන්ඩ කියලා පුපුරනකොට. එතකොට එතුමාට තේරෙයි ඇත්තට පරමාණු තියෙනවද නැද්ද කියලා.
හැබැයි එතකොට එතුමා වේපරයිස් (vaporize) වෙලා ඉවරයි.
හැබැයි ඉතින් ඕක දිහා බලාගෙන හිටපු එතුමාගේ ගොලයෙක්ටවත් දැන් තේරෙයි දැනුම නිර්මාණය කරන දෙයක්ද, නැත්තන්, තියෙන දේවල් හොයාගන්න දෙයක්ද කියලා හිටන්.
නලින් ද සිලවා කියන දේ හොඳට තේරුණු බව නම් පෙනෙනවා
Deleteඑහෙනං මොන කෙන් ගෙඩියක් ගැනද ඩොක්ටර් නලින් ඩි සිල්වා කියන්නේ "දැනුම හොයාගන්නේ නැහැ, නිර්මාණය කරනවා" කිව්වම?
Deleteමෙන්න අස්සයගෙම කටින්:
"ඩෝල්ටන් ගේ ආකෘතිය භෞතික හැඩයක් ගත්තේ වී නමුදු එය ද හිතළුවක් පමණකි. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. පරමාණුවක් දැක ඇති, ස්‌පර්ශ කර ඇති, පුද්ගලයෙකු වේ ද? මේ හිතළු, පට්‌ටපල් බොරු ය." - Prof. Nalin de Silva (http://www1.kalaya.org/2014_12_01_archive.html)