4/02/2016

රට රැකෙන්නට නම් : පරාජය කළ යුතු දෙමළ වර්ගවාදය

කතෘ:යුතුකම     4/02/2016   2 comments

පරාජය කළ යුතු දෙමළ වර්ගවාදය
-
දර්ශන කස්තුරිරත්න-මම ජීවත්වෙන වේයන්ගොඩ නගරයේ බහුතරය සිංහල. එයිනුත් බහුතරය සිංහල බෞද්ධ. සිංහල කතෝලිකයන්ද සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඊට අමතරව මුස්ලිම් ජනතාවත් සුළු පිරිසක් ඉන්නවා. දෙමළ වාර්ගිකයන්ගේ ටික දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමළ වාර්ගිකයන්ගේ කඩ ටවුමේ තියෙනවා. ඒවයේ සේවය කරන දෙමළ සහ මුස්ලිම් අයත් ඉන්නවා. මේ අයට නගරය සහ ඒ අවට ස්ථිර දේපළත් තියෙනවා. මට තේරෙන හැටියට සහ මම දැකලා තියෙන විදියටනං මේ අයට සිංහල බෞද්ධ බහුතරය එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්ඩ මේ දක්වා ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. කළු ජූලියෙන් වේයන්ගොඩ නගරයේ වෙළදාම් කරපු දෙමළ ව්‍යාපාරිකයන් නගරය අත්හැරලා ගියපු බවත් ඉන්පස්සේ ඒ අයගේ කඩ සමහර මැර ක්‍රියා කරපු අයම (මේ බොහෝ දෙනා ජේආර් ආණ්ඩුවේ හිතවතුන්) ඒ කඩ අල්ලාගත් බව හෝ කුණු කොල්ලෙට අරන් තියෙන බවත් මං අහලා තියෙනවා. කෙසේ වෙතත් දැං ඒ අය නැවත ඇවිල්ලා තිබීම සතුටට කරුණක්. මේ වගේ කොළඹීන් ඈත නගරවල දෙමළ සහ මුස්ලිම් ජනතාව කුඩා ප්‍රමාණවලින් විසිරිලා ඉන්න අතර කොළඹ නගර සීමාවේ සහ වත්තල වැනි පැතිවල දෙමළ ජනතාව විශාල වශයෙන් පදිංචිව ඉන්නවා. ඔවුන් දෙමළ වීම නිසා හෝ මුස්ලිම් වීම නිසා සිංහල බහුතරයක් ඉන්න බස්නාහිර පළාතෙන් සහ සිංහලයන් බහුතරයක් ඉන්න බස්නාහිර පළාත් සභාවෙන් ඔවුන්ට ඕන තැනක ජීවත් වෙන්ඩ, ඉගෙනගන්ඩ සහ රැකියාව කරන්ඩ ව්‍යාපාර කරන්ඩ තියෙන අවස්ථා සීමා කරලා නෑ.

මට තියෙන ප්‍රශ්නය උතුරු පළාතේ සිංහල ජනතාවට මේ ආකාරයට දෙමළ බහුතරය ඉන්න පැතිවල ඉන්ඩ බැරි වෙලා තියෙන්නේ ඇයි කියන එකයි. ඒකට වර්ගවාදී මානසිකත්වයකින් ක්‍රියා කරන දෙමළ නිලධාරීන් සහ දෙමළ දේශපාලකයන් බාධා කරනවා. අධිරාජ්‍ය ගැති වර්ගවාදීන් හුරතල් කරන ආණ්ඩුත් ඒකට උල්පන්දම් දෙනවා. නැත්තං නොදැක්කා වගේ ඉන්නවා. උපන්බිමේම දෙවන පන්තියේ පුරවැසියන් වූ සිංහල ජනතාව අමතක කරමු. අඩුම තරමින් අනූව දශකයේ මුල් භාගයේ යාපනය නගරයෙන් එක රැයින් පළවාහැරපු ලක්ෂ දෙකක් පමණ වූ මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගෙන් පැවතෙන්නන් නැවත පදිංචි කරන්ඩ බැරිව තියෙන්නේ ඇයි? කොටින් මොවුන් පළවාහැරියේ ආමි එකට ඔත්තු දෙනවා කියන චෝදනාව උඩ. මේකට හේතුව දෙමළ වර්ගවාදය සහ නාසිවාදය මිස අන් කුමක්ද?

මීට අමතරව මේ පළාත්වල වර්ගවාදය පෝෂණය වෙන්ඩ යටත්විජිත යුගයේ ඉදන් එන තේසවලාමෙයි නීතිය වැනි නෛතික වර්ගවාදී නීතිත් තියෙනවා. මට තේරෙන් හැටියටනං මේ නීති ලංකාවෙ ව්‍යවස්ථාවටත් පටහැනියි. මොකද මේවා වර්ගවාදී නීති නිසා. ඒ වගේම බටහිරයන්ගේම (තෝරාගත් රටවල් වලට විතරක් අදාළ වන) මානව හිමිකම් කතන්දරයටත් පටහැනියි. මේ වර්ගවාදය දෙමළ සමාජය ඇතුලේත් තියෙනවා. උතුරේ පාසල්වල හිටං වෙල්ලාල ස්වෝත්තම වාදය දැඩිව ක්‍රියාත්මක වෙනවා. උතුරේම වෙල්ලාල නොවන සහ නැගෙනහිර/වතුකරයේ දෙමළ ජනතාව පාගන්ඩ මේ වෙල්ලාල කුලවාදය වැඩකරනවා. ඒකෙම විකාශනයක් තමා මේ වෙල්ලාල කුලවාදය මත පදනම් වූ දෙමළ වර්ගවාදය. මේ වර්ගවාදය පෝෂණය කරන්ඩ සහ ඊට පන්දම් අල්ලන්ඩ මාක්ස්වාදීන් කියන සිංහල බෞද්ධ විරෝධී වර්ගවාදීන් කටයුතු කරනවා. ඊට අමතරව ලිබරල්වාදීන් කියන අයත් තමන්ගේ බටහිර ගැති බව හින්දා එහෙන් මෙහෙන් පන්දම් අල්ලනවා. නැත්තං අඩුම ගානේ නොදැක්කා වගේ ඉන්නවා. හැබැයි බටහිර රටව ක්‍රියාත්මක වෙන මුස්ලිම් අන්තවාදය විවේචනය කරද්දිනං ලිබරල්වාදීන් තම බටහිර ස්වාමිවරු වෙනුවෙන් සිංහයෝ වෙනවා.

ලංකාව රටක් විදියට ඉදිරියට යන්ඩනං හෝ අඩුම තරමින් පවතින්ඩනං මේ දෙමළ වර්ගවාදය සහ ඒ මත පදනම් වෙච්ච දෙමළ බෙදුම්වාදය මතවාදීව සහ දේශපාලනිකව පරාජය කළ යුතුමයි (මෙහි යුධමය සංරචකය නන්දිකඩාල් කලපුවේ පරාජය කරා. දැන් යහපානය යටතේ නැවතත් එය හිස ඔසවමින් ඉන්න බව පේනවා). මේක පරාජය කරන්ඩ අපහසු ප්‍රධානම හේතුව මේක අභ්‍යන්තර ප්‍රපංචයක් නොව බටහිර අධිරාජ්‍යවාදය සහ ඉන්දීය ව්‍යාප්තවාදය විසින් හසුරවන නිසා සහ පෝෂණය කරන නිසා. මේකෙ ආරම්භය යටත්විජිත යුගයට දිව යනවා. ඉන්පස්සේ ඉන්දියාව විසින් ත්‍රස්තවාදීන්ට පුහුණු කිරීම, ආයුධ දිම, බලෙන් ලංකාවෙ ව්‍යවස්ථාව වෙනස් කිරීම වැනි වැඩක් කරා. අදටත් මේක වෙනවා. විජේවීර ඇතුළු හැටදාහක් ඝාතනය යුධ අපරාධ පරික්ෂණ කරන්ඩ කාරණාවක් නොවෙන්ඩත් කොටි නායකයන් ඝාතනය යුධ අපරාධ පරීක්ෂණ කරන්ඩ කාරණාවක් වෙන්ඩත් හේතුව ඒකයි. උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවට ‘බලය බෙදන්ඩ‘ කියලා එංගලන්තෙ ඇමරිකාව සහ ඉන්දියාව කියන්නේත් ඒකයි. ඒ දෙමළ ජනතාවට ඇති ආදරයකට නං නොවේ. ඔවුන් දෙමළ වර්ගවාදය තම අධිරාජ්‍යවාදය සහ ව්‍යාප්තවාදී අවශ්‍යතාවලට බළල් අතක් විදියට පාවිච්චි කරනවා. බටහිර රටවල් මැදපෙරදිග කලාපය තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්ඩ ඊශ්‍රායල් රාජ්‍යය නිර්මාණය කරා සහ පාවිච්චි කරනවා වගේ. එහෙම නැත්තං බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් යොදාගෙන දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝරය හැදුවා වගේ. යුගෝස්ලාවියාව කැඩුවා වගේ.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. සහතික ඇත්ත. ඒත් දෙමළුන්ට සහ මුස්ලිමුන්ට කඩේ යන බහුතරයකට පෙනෙන්නේ නැත්තේ මේ සත්‍යයයි

    ReplyDelete
  2. //මට තියෙන ප්‍රශ්නය උතුරු පළාතේ සිංහල ජනතාවට මේ ආකාරයට දෙමළ බහුතරය ඉන්න පැතිවල ඉන්ඩ බැරි වෙලා තියෙන්නේ ඇයි කියන එකයි. ඒකට වර්ගවාදී මානසිකත්වයකින් ක්‍රියා කරන දෙමළ නිලධාරීන් සහ දෙමළ දේශපාලකයන් බාධා කරනවා//

    උදාහරණ කියන්න පුලුවන්ද?

    //මේක පරාජය කරන්ඩ අපහසු ප්‍රධානම හේතුව මේක අභ්‍යන්තර ප්‍රපංචයක් නොව බටහිර අධිරාජ්‍යවාදය සහ ඉන්දීය ව්‍යාප්තවාදය විසින් හසුරවන නිසා සහ පෝෂණය කරන නිසා. මේකෙ ආරම්භය යටත්විජිත යුගයට දිව යනවා. ඉන්පස්සේ ඉන්දියාව විසින් ත්‍රස්තවාදීන්ට පුහුණු කිරීම, ආයුධ දිම, බලෙන් ලංකාවෙ ව්‍යවස්ථාව වෙනස් කිරීම වැනි වැඩක් කරා. අදටත් මේක වෙනවා. විජේවීර ඇතුළු හැටදාහක් ඝාතනය යුධ අපරාධ පරික්ෂණ කරන්ඩ කාරණාවක් නොවෙන්ඩත් කොටි නායකයන් ඝාතනය යුධ අපරාධ පරීක්ෂණ කරන්ඩ කාරණාවක් වෙන්ඩත් හේතුව ඒකයි. උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවට ‘බලය බෙදන්ඩ‘ කියලා එංගලන්තෙ ඇමරිකාව සහ ඉන්දියාව කියන්නේත් ඒකයි. ඒ දෙමළ ජනතාවට ඇති ආදරයකට නං නොවේ. ඔවුන් දෙමළ වර්ගවාදය තම අධිරාජ්‍යවාදය සහ ව්‍යාප්තවාදී අවශ්‍යතාවලට බළල් අතක් විදියට පාවිච්චි කරනවා. බටහිර රටවල් මැදපෙරදිග කලාපය තමන්ට අවශ්‍ය විදියට පාලනය කරන්ඩ ඊශ්‍රායල් රාජ්‍යය නිර්මාණය කරා සහ පාවිච්චි කරනවා වගේ. එහෙම නැත්තං බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් යොදාගෙන දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝරය හැදුවා වගේ. යුගෝස්ලාවියාව කැඩුවා වගේ//

    වීරවංශ වගේ දේශපාලනෙන් පීචං වෙච්චි එවුන් මේවා කියන්නේ කියන්න වෙන දෙයක් නැති හින්දා. නැද්ද අලුත් අදහස්. මේවා නිකන් තේ කෝප්පයේ කිඹුල්ලු දැකීමක්.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions