4/19/2016

යහපාලන බෝඩ් ලෑල්ලට මුවාවී රටේ ව්‍යවස්ථාව මහදවල් කෙලෙසූ සිරිසේනලා වික්‍රමසිංහලා

කතෘ:යුතුකම     4/19/2016   No comments

යහපාලනය සහ ව්‍යවස්‌ථාව

-නීතිඥ කණිෂ්ක විතාරණ-


රටේ උත්තරීතරම නීතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවයි. අන් සියලු නීති ඊට යටත්ය. ජනාධිපති ඇතුළු සියලුම පුරවැසියෝ ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කිරීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් බැඳී සිටිති. එසේ නොවන රටක නීතියේ පාලනයත්, ආධිපත්‍යයත් බිඳ වැටෙයි. රටක පාලකයින් විසින් ව්‍යවස්‌ථාව උල්ලංඝනය කළහොත් හෝ එය තැකීමකට නොගෙන කටයුතු කළහොත් ඊට පහළින් සිටින සියලුම අයද කිසිදු නීතියකට ගරු නොකර සිටිනු ඇත. එවිට සක්‍රීය වන පාතාල නීතිය හමුවේ ජනතාව විසින් නීතිය තම අතට ගෙන කටයුතු කිරීමට පෙළඹෙයි. අවසානයේදී කිසිදු පාලනයක්‌ නොමැති නොදියුණු හා ම්ලේච්ඡ සමාජයක්‌ හා පාලන තන්ත්‍රයක්‌ රට තුළ බිහි වෙයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පසුව පාලකයන් විසින් සිදුකරන ලද ව්‍යවස්‌ථා උල්ලංඝනය කිරීමේ අවස්‌ථා හතක්‌ මෙසේ සටහන් තබමි.

2015-1-9 දින සිදුකළ අගමැති පත්කිරීම පළමුවැන්නය- ජනවාරි 8 වැනිදා වත්මන් ජනාධිපතිතුමා විධායකයේ ප්‍රධානියා බවට පත්වුවද පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන්ගේ කිසිදු වෙනසක්‌ නොවීය. දි.මු. ජයරත්න අගමැති ධුරයේ දිගටම සිටියේය. ජනවාරි 9 දින ජනාධිපතිතුමා ධුරයේ දිවුරුම් දීමෙන් පසුව පළමුව සිදු කළේ රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පත් කිරීමය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාට අනුව අගමැතිවරයෙකුගේ ධුර කාලය අවසන් වන්නේ ජනාධිපතිතුමා විසින් ලිතව ඉවත් කරනු ලැබුවහොත් හෝ ඉල්ලා අස්‌වුවහොත් හෝ මන්ත්‍රී ධුරය අහෝසි වුවහොත් පමණී. මේ කිසිත් සිදු නොවී නව අගමැතිවරයෙකු පත්කළ නොහැක. ඒ සඳහා එම ධුරයේ පුරප්පාඩුවක්‌ නොවීය. ඒ අනුව 2015-01-09 වැනි දින නව අගමැති විසින් ධුරයේ දිවුරුම් දෙන ලද්දේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිවය. තවද ජනතාව විසින් ජනාධිපතිවරණයේදී තෝරා පත් කරගන්නා ලද්දේ නව ජනාධිපතිවරයෙකු විනා නව අගමැතිවරයෙකු හෝ ආණ්‌ඩුවක්‌ හෝ නොවේ. පාර්ලිමේන්තුවේ පැවැති මන්ත්‍රී සංයුතිය පිළිබඳව ද කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වා නව ජනාධිපති විසින් සිදුකරන ලද එම ප්‍රථම නිල කටයුත්තම ව්‍යවස්‌ථා විරෝධී එකක්‌ වූ වගට ඉතිහාසගත විය.

දෙවැනුව මහ බැංකු අධිපති පත්කිරීමද ව්‍යවස්‌ථාවට අනුකූල නොවේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු පාලනය කිරීමේ මර්මස්‌ථානය මහ බැංකුවය. එහි අධිපති පත්කරනුයේ ජනාධිපති විසින්ය. ඔහු රජයෙන් වැටුප් ලබන්නෙකි. මූල්‍ය පනතට අනුව මූල්‍ය මණ්‌ඩලයේ සභාපතිවරයා ද මහ බැංකුවේ අධිපතිය. එම තනතුරට පත්වන තැනැත්තකු (වෙනත් රාජ්‍ය සේවකයන් හා තනතුරු හොබවන්නන් මෙන්) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 4 හා 7 වැනි උපලේඛනවල සඳහන් දිවුරුම ලබා දිය යුතුය. එම දිවුරුමෙන් කියවෙන්නේ ශ්‍රී ලංකා දේශය තුළ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට අනුබලය නොදෙන බවත් හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කිරීමට බැඳෙන බවත්ය. එහෙත් පත්වූ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් එම දිවුරුම ලබා දී නොමැත. ඊට හේතුව ඔහු විදේශ රටක පුරවැසිභාවය ලබා සිටින තැනැත්තෙකු වීමය. එම රටේ නීතියට අනුව ඔහුට එසේ කළ නොහැක. 2015 ජනවාරියේදී පටන් මහ බැංකු අධිපති විසින් එම දිවුරුම ලබා දී නොමැතිව තිබියදී එම ධුරයේ කටයුතු කිරීමට ඉඩ හැර ඇත. ඒ අනුව සමස්‌ත මූල්‍ය පාලනයේ ප්‍රධානියා විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කොට අනුගමනය කරන බවට ප්‍රතිඥා දී නොමැත. මෙය රාජ්‍ය මූල්‍ය ආරක්‌ෂාව සම්බන්ධයෙන් රට මුහුණ දී තිබෙන තර්ජනයකි.

ජනාධිපතිතුමා විසින් අගෝස්‌තු මස 24 දින මංගල සමරවීර විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී. එහෙත් එම ධුරයේ බලතල හා කර්තව්‍ය ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කළේ 2015-09-21 දිනදීය. විදේශ ඇමැති වෙත පැවරී ඇති ප්‍රධානතම කටයුත්තක්‌ වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කොට ආරක්‌ෂා කිරීමට පියවර ගැනීමත් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සිදුවන ප්‍රචාරවලට එරෙහිව ප්‍රතිචාර දැක්‌වීමත්ය. එසේම කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට අනුගහය දැක්‌වීම සඳහා තීරණය කිරීමට සෘජු බලයක්‌ ඔහුට නොතිබුණි. එහෙත් ඔහු විසින් පාර්ලිමේන්තුවට ද නොදන්වා 2015-09-25 වන දින ඇමරිකා එක්‌සත් ජනපදය හා තවත් රටවල් කිහිපයක්‌ සමඟ හවුල්ව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහි කොන්දේසි ඇතුළත් යෝජනා සම්මතයක්‌ ඉදිරිපත් කිරීමට සම අනුග්‍රහය දක්‌වන ලදී. එම සම්මුතියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් කඩකර තිබෙන රටක්‌ බවටත් අප හමුදාව විසින් යුද්ධ අපරාධ සිදුකර තිබෙන බවටත් ප්‍රකාශ කර තිබුණු අතර එම නිගමනයන් සහිත තවත් වාර්තාවන් දෙකක්‌ ද පිළිගෙන තිබුණි. එබැවින් එකී යෝජනාවට සම-අනුග්‍රහය ලබා දීමද විදේශ අමාත්‍ය ධුරයේ බලතල අභිබවා කරන ලද කටයුත්තක්‌ වූ අතර රටට හා ජනතාවට අහිතකර වූ එවැන්නකට අනුග්‍රහය ලබා දීමට ප්‍රථම ඒ බව පාර්ලිමේන්තුවට (හා ජනතාවට) හෙළිකර අනුමැතිය ලබාගැනීමට ඔහුට ව්‍යවස්‌ථාමය හා සදාචාරමය යුතුකමක්‌ තිබුණි. මෙය තුන්වැනි උල්ලංඝනය කිරීමය

පාර්ලිමේන්තුවේ සංයුතිය කෘත්‍රිමව විකෘති කර සුළුතර නියෝජනයකට විරුද්ධ පක්‌ෂ නායකත්වය පිරිනැමීම සිව්වැන්නය- 2015 මහ මැතිවරණයෙන් පසුව එක්‌සත් ජාතික පක්‌ෂය විසින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන්ද එකතුකර හවුල් ආණ්‌ඩුවක්‌ පිහිටුවාගන්නා ලදී. එක්‌සත් ජාතික පක්‌ෂයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හඬනඟන නිදහස්‌ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම නිහඬ කිරීමත් අනෙක්‌ අතින් ටී.එන්.ඒ සංවිධානය නියෝජනය කරන ලංකා දෙමළ අරසු කච්චි පක්‌ෂයට විරුද්ධ පක්‌ෂයේ නායකත්වය ලබාදීමත් මෙම හවුලේ තවත් කූට අරමුණුය. පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා පිළිගත් නීතියට අනුව විරුද්ධ පක්‌ෂයක්‌ යනු පාර්ලිමේන්තුවේ දෙවැනියට මන්ත්‍රීධුර සංඛ්‍යාවක්‌ ලබාගන්නා පක්‌ෂය (හෝ කණ්‌ඩායමයි). ආණ්‌ඩුව විසුරුවා හරින ලද විටකදී ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ වගකීම ඇත්තේ විරුද්ධ පක්‌ෂයටය. එහෙත් වත්මන් විරුද්ධ පක්‌ෂ නායකත්වය ලැබී ඇති පක්‌ෂයට ඒ සඳහා කිසිදු සුදුසුකමක්‌ නොමැත. පාර්ලිමේන්තුව තුළ ආණ්‌ඩු පක්‌ෂයට එරෙහිව නියෝජනය වන දෙවෙනි විශාලතම මන්ත්‍රී කණ්‌ඩායම වන පොදු විපක්‌ෂය යනුවෙන් ජනතාව විසින් පිළිගෙන තිබෙන කණ්‌ඩායම විරුද්ධ පක්‌ෂ නායකත්වය ලබාගැනීම සඳහා වැඩිම සුදුසුකම් ලබා තිබේ. එහෙත් පවතින ආණ්‌ඩුව විසුරුවා හරන ලද විටකදී මීළඟ ආණ්‌ඩුව පිහිටුවීමට සුදුසුකම් ලබන්නේ ලංකා දෙමළ අරසුකච්චි පක්‌ෂය බව පිළිගන්නා තරමටම පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජනය විකෘති කර තිබේ.

අද වන විට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන්නේ ජනතාව විසින් අපේක්‌ෂා නොකරන ලද්දකි. එය කෙතරම්ද කියතොත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට (පක්‌ෂයට පමණක්‌) ඡන්දය දුන් ඡන්දදායකයෙකුට තම ඡන්දය ක්‍රියාත්මක වන්නේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති හා තීරණයන්ට පක්‌ෂවද නැතහොත් විපක්‌ෂවද යන්න පවා අවබෝධ කරගත නොහැකි වි තිබේ. එකම ඡන්දය එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ (දෙආකාරයකින්) ක්‍රියාත්මක වීම ප්‍රායෝගිකව සිදු විය නොහැක්‌කකි. එබැවින් පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස විකෘති වී තිබේ.

පස්‌වෙනුව නිරීක්‌ෂණය වන උල්ලංඝනය වන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරගකර ජනතාව විසින් පරාජයට පත්කරන ලද තැනැත්තන් ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරුන් ලෙසට පත්කර ඔවුන්ට අමාත්‍ය ධුර පවා පිරිනැමීමය. මෙය ජනතා පරාමාධිපත්‍යය පයින් ගැසීමක්‌ මෙන්ම ජනතාවට කරන ලද නින්දිත සමච්චලයකි. මෙම පත්කිරීම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බවට තර්ක කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්‌ ගොනුකර තිබේ.

ඊනියා ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා ඇමැතිවරුන්ගේ ගණන වැඩිකිරීම හයවැනි උල්ලංඝනය කිරීම වේ. 2015-09-03 දින අගමැති විසින් පාර්ලිමේන්තුවට ඇමැතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ හා කැබිනට්‌ ඇමැතිවරුන් නොවන ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කරන ලද යෝජනාව මගින් පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම බිඳවැටුණි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව පත්කළ හැකි කැබිනට්‌ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 කි. නියෝජ්‍ය අමාත්‍යවරුන් හා අනෙකුත් අමාත්‍යවරුන්ගේ ගණන 40 කි. මෙම සංඛ්‍යාව වෙනස්‌ කිරීමට පාර්ලිමේන්තුවට හැකිය. එහෙත් එසේ කළ හැක්‌කේ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටවුවහොත් පමණකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46 (5) අනුව ජාතික ආණ්‌ඩුවක්‌ යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක්‌ ලබාගන්නා පිළිගත් දේශපාලන පක්‌ෂය හෝ ස්‌වාධින කණ්‌ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්‌ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්‌ඩුවකි.

එම යෝජනාව සම්බන්ධව පැවති විවාදයේදී අගමැතිවරයා කියා සිටියේ තවත් පක්‌ෂ 3 ක්‌ පමණක්‌ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට හවුල් වී ඇති බවය. එහෙත් ඊට අදාළ ඊනියා ගිවිසුම් පාර්ලිමේන්තුවට හෙළිදරව් කිරීමට ඔහු බැඳී නොමැති බවද පවසන ලදී. ව්‍යවස්‌ථාවට අනුව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නම් පාර්ලිමේන්තුවේ සිටින සියලුම පක්‌ෂ එකතු විය යුතු බව විරුද්ධ පක්‌ෂයේ බොහෝමයක්‌ මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කරන ලදී. එහෙත් කථානායක හා අගමැති විසින් කියා සිටින ලද්දේ පක්‌ෂ කිහිපයක පමණක්‌ එකතුවෙන් ජාතික ආණ්‌ඩුවක්‌ සෑදිය හැකි බවයි. මෙම අර්ථ දැක්‌වීම පිළිගතහොත් ව්‍යවස්‌ථාමය වශයෙන් මහත් අවුලක්‌ සිදු වේ. එවිට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ අගමැති හා අනෙකුත් ඇමැතිවරුන් සමහර දෙනෙකුත්, අගවිනිසුරු සහ අනෙකුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් සමහර දෙනෙකුත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු හා අනෙකතුත් විනිසුරන් සමහර දෙනෙකුත් පත්කිරීමට පමණකි. මෙවැන්නක්‌ සිදුවන බව පැවසීම විහිළුවකි. එම සියලු පත්කිරීම් ජනාධිපති විසින්ම සිදුකළ යුතු වේ. එබැවින් අනෙකුත් පක්‌ෂ හා දේශපාලන පක්‌ෂ යන්නෙන් සියලුම පක්‌ෂ හා දේශපාලන පක්‌ෂ අදහස්‌ වන බවත් ඒ සියල්ලම ජාතික ආණ්‌ඩුවක කොටස්‌කරුවන් වීම ව්‍යවස්‌ථාමය අවශ්‍යතාවක්‌ වන බවත් ඉතාම පැහැදිලි තත්ත්වයකි.

එබැවින් ජාතික ආණ්‌ඩුවක්‌ බිහිවී තිබෙන බවට වූ පදනම මත අමාත්‍යවරුන් සංඛ්‍යාව 48 දක්‌වාත් අනෙක්‌ අමාත්‍යවරුන් ගණන 45 දක්‌වාත් වැඩි කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ කිසිදු වලංගු භාවයක්‌ නොමැත. එසේම අගමැතිවරයාගේ උපදෙස්‌ පිට ජනාධිපති විසින් 47 දෙනෙකුගෙන් සමන්විත කැබිනට්‌ මණ්‌ඩලයක්‌ද 45 දෙනෙකුගෙන් යුත් අනෙකුත් අමාත්‍යවරුන් සංඛ්‍යාවක්‌ද පත්කිරීම ව්‍යවස්‌ථා විරෝධීය. මෙම පත්කිරීම් බලශුන්‍ය බවට පත්කරන ලෙසට ඉල්ලමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්‌ ඉදිරිපත් වී තිබේ. මෙයින් එක්‌ පෙත්සමක සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගඋත්තරකරුවන් කර තිබේ. එය ගොනුකර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රියර් ද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර හා මහාචාර්ය විමලධර්ම අබයවික්‍රම යන විද්වතුන් දෙපළ විසිනි.

ඊනියා හවුල් ආණ්‌ඩුවේ මූලික මෙහෙවරක්‌ වූයේ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම පිණිස ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවීමය. මෙයද හත්වැනියට සිදුකළ ව්‍යවස්‌ථා උල්ලංඝනය කිරීමකි. පවතින ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන්ම පරිචින්න කොට නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීමට පවතින ව්‍යවස්‌ථාවේම පැහැදිලි විධිවිධාන තිබේ. එසේ කිරීමේදී රටේ ඒකීයභාවය වැනි රාජ්‍යයේ මූලික පදනම්වලට හානි කළ නොහැකිය. එහෙත් බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව වන්නේ පවතින රට වෙනුවට නව ව්‍යවස්‌ථාවක්‌ හරහා නව (එක්‌සත්) රටක්‌ බිහිකිරීමය. එවැන්නක්‌ කළ හැක්‌කේ පවතින නීතියෙන් බාහිර ක්‍රියාදාමයකින් පමණි. ඒ සඳහා ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවීම උපක්‍රමික අවශ්‍යතාවකි. ඒකාබද්ධ විපක්‌ෂය හා ජනතාව විසින් දියත් කරන ලද ප්‍රබල සටනක ප්‍රතිඵලයක්‌ වශයෙන් එම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය පවතින ව්‍යවස්‌ථාව යටතේ පත්කරනු ලබන කාරක සභාවක්‌ වශයෙන් ක්‍රියාත්මක කිරීමටත් රටේ ඒකීයභාවයට හා බෞද්ධාගමට මුල්තැන දීමේ වගන්තියට අත නොතැබීමටත් ආණ්‌ඩුවට එකඟ වීමට සිදුවී තිබේ.

දිනෙන් දිනම ජනතාව ගොදුරු කර ගනිමින් සිටින මෙම ව්‍යවස්‌ථා විරෝධී පාලනය මෙල්ල කර එය නිවැරදි කිරීමේ බලය හිමි එකම රාජ්‍ය යාන්ත්‍රණය ලෙස ජනතාවගේ පිහිටට ඉතිරිව ඇත්තේ පිවිතුරු අධිකරණයයි. එහෙත් ව්‍යවස්‌ථාදායක හා විධායක යාන්ත්‍රණය ඔස්‌සේ සිදුකර තිබෙන ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාවන් නිවැරදි කර යහපාලනයක්‌ ස්‌ථාපිත කිරීමේ හැකියාව හා අවස්‌ථාව ජනාධිපතිතුමාට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් ඉතිරිව ඇත.
[Divaina]
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions