4/08/2016

හර්ෂාගේ බොළද බොරුවලට වෘත්තිකයන්ගෙන් පිළිතුරු

කතෘ:යුතුකම     4/08/2016   7 comments


එට්කා ගිවිසුම පිළිබදව කොළඹ දී පැවති සම්මන්ත්ර්ණයකදී අදහස් දැක්වු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්රමසිංහ මහතා විසින් ඉන්දියානු චේතනාව සහ හර්ෂ ද සිල්වා නියෝජ්ය ඇමති තුමා විසින් පැවසූ බොරු කිහිපයක් පිළිබද විග්රහ කළේ මෙසේය.

ඉන්දියාවේ ආසන්නතම ආර්ථික චේතනාව කුමක්ද?

ඉන්දියාව වැදියෙන්ම ගනුදෙනු කරන්නේ චිනයත් එක්ක. 2014 වසරේදී චීනය විසින් ඉන්දියාවට ඇමරිකානු ඩොලර් බිලියන 50 ක පමණ භාණ්ඩ අපනයනය කරන විට ඉන්දියාව විසින් චීනයට අපනයනය කරන්නේ බිලියන 15 ක භාණ්ඩ පමණයි. එනිසා ඉන්දියාවට චීනය සමඟ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් බිලියන 35 ක පමණ සෘණ වෙළඳ පරතරයක් තිබෙනවා. 2014 දී චීන අගමැති ජින්පින් මහතා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී ඉන්දීය අගමැති මෝදි විසින් ඉල්ලීමක් කරනවා මේ වෙළඳ පරතරය අඩු කරගන්න ඉන්දියාවට උදව් කරන්න කියලා. ඉන්දියාවට මේක ගැටළුවක්. ඉන්දියාව විසින් ඒ පාඩුව පියවා ගැනීම සඳහා වටේ තිබෙන රටවල් වලට වෙළද ගිවිසුම් සහ සේවා ගිවිසුම් යෝජනා කරනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඒ රටවලින් විදේශ විනිමය ඉපැයීම. එමඟින් ලංකාව සහ ඉන්දියාව අතර දැනට අපට අවාසි සහගත ලෙස පවතින ඩොලර් බිලියන තුනහමාරක පමණ වන සෘණ වෙළද පරතරය තවත් වැඩි කිරීමට ඉන්දියාව ක්‍රියා කරනවාට නොඅනුමානයි.

අවාසනාවකට මෙහේ ඉන්න පිරිසක් ලංකාව උගසට තියලා ඉන්දියාවේ වුවමනාව වෙනුවෙන් ක්‍රියා කරනවා. මේ ඊනියා උපදේශකයෝ කියන්නේ මේ ගිවිසුම් win-win ගිවිසුම් කියලා. හැබැයි මේගොල්ලා කල්පනා කරලා බලන්නේ නෑ ඉන්දියාව තමන් වැඩියෙන්ම ගනුදෙනු කරන චීනයත් එක්ක ඔය කියන Win-win ගිවිසුමකට යන්නේ නැත්තෙ ඇයි කියලා. ඉන්දියාව, චීනය සමඟ කිසිදු වෙළද ගිවිසුමකට යන්නේ නෑ. එහෙම ගිවිසුමකට ගියොත් දෙරට අතර වෙළද පරතරය ඉන්දියාවට අවාසි සහගත විදියට වැඩිවෙන බව ඉන්දියාව දන්නවා.

මේ ගිවිසුමේ මෝඩ් 4 (නිදහස් පුද්ගල සංචරණය) නැතැයි පැවසීම බොරුවකි

මේ රාමු ගිවිසුමේ මෝඩ් 4 හෙවත් දෙරට අතර නිදහස් පුද්ගල සංචරණය නෑ කියලා රජය කියනවා. නමුත් මේ අපට ලබා දුන්නු පිටපත බැලුවහම මෝඩ් 4 නෑ කියලා නෑ. පළමු මෝඩ් තුන පමණයි තියෙන්නේ කියලත් නෑ. රටවල් දෙක වසර ගාණක් තිස්සේ සාකච්ඡා කළේ මෝඩ් 4 තිබෙන ගිවිඩුමක් ගැන. දැන් මේකේ මෝඩ් 4 නැත්නම් අපි ඉන්දියාවට යවන කෙටුම්පතේ ඒක විශේෂයෙන් සදහන් කළ යුතුයි. එහෙම සඳහන් කරලා නෑ. මේක වෘත්තිකයන් ගොනාට අන්දන්න කියන කතාවක්. මේකේ මෝඩ් 4 තියෙනවා කියන එක ඉතාම පැහැදිලියි. මෝඩ් 4 නැත්නම් මෝඩ් 4 නෑ කියලා මේ කෙටුම්පතට දාලා ඉන්දියාවට යවලා පෙන්නන්න.

වෘත්තිකයන් සඳහා අවම වැටුපක් යෝජනා කරන ආචාර්ය හර්ෂා


ළඟදී හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමති තුමා මේ ගිවිසුම සම්බන්ධයෙන් තවත් බොරු කිහිපයක් කීව්වා. එතුමා පැවසුවා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සඳහා අවම වැටුපක් පනවනවා කියලා. ඒක ඉතාම බොලද කතාවක්. එහෙම අවම වැටුපක් පනවන එක ප්‍රායෝගික නෑ වෘත්තිකයන්ට. අනෙක මේ ද්විපාර්ශවික ගිවිසුම් කියන ඒවා එන්නේ ගෝලීයකරණය කියන සංකල්පය තුළ දේශසීමා අභිබවමින් භාණ්ඩ සහ සේවා පුළුල් කළ යුතුයි කියන දර්ශනය ඇතුලේ. මේ ගිවිසුම් එම දර්ශනය ක්‍රියාවට නැංවීම සඳහා භාවිතාවන උපාංග. මේ දර්ශනය විශ්වාස තබන්නේ නිදහස් වෙළදපල ආර්ථිකය ගැන, එතනදී රාජ්‍ය මැදිහත් වීම අවම විය යුතුයි. ඉතින් එහෙම තැනකට රජය මැද්දට පැනලා වෘත්තිකයාගේ වැටුපත් නිර්ණය කරනවා කියලා ආර්ථික විද්‍යාඥයකුට නම් කියන්න පුළුවන් කතාවක් නෙමෙයි. අපට හොයලා බලන්න වෙනවා හර්ෂ ද සිල්වාත් ආචාර්ය උපාධියක් ගත්තේ මර්වින් සිල්වා ගත්තු විදියටමද කියලා.

මේ ගිවිසුම නිසා මැදපෙරදිගට අම්මලා තව වැඩිපුර යවන්න සිද්ධ වෙන ආකාරය


හර්ෂ ද සිල්වා නියෝජ්ය ඇමතු තුමා බොහොම හැගීම්බරව ප්‍රකාශ කළා අපි හැමදාමත් මැදපෙරදිගට අම්මලා යවනවා විතරද අපි කවදද භාණ්ඩ සහ සේවා වෙළඳාම් කරන්නේ කියලා. අපිත් කියන්නේ බොරුවට හැඟිම්බර වෙලා වැඩක් නෑ. මැදපෙරදිගට අම්මලා යැවීම අඩු කරන්න කියලා තමයි අපිත් කියන්නේ. හැබැයි මේ ගිවිසුමෙන් මැදපෙරදිගට අම්මලා යවන එක අඩු වෙනවාද? නෑ. මේ ගිවිසුමෙන් මැදපෙරෙදිගට අම්මලා යන එක වැඩි වෙනවා. අද අම්මලා මැදපෙරදිග යවන්න එක හේතුවක් තමා අපේ ගෙවුම් ශේෂයේ වෙනස අවම කරගන්නට ඒ අය උපයන විදේශ විනිමය වුවමනා වීම. දැන් මේ ගිවිසුමෙන් පස්සේ මොකද වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉන්දියාව සහ ලංකාව අතර වෙළඳ පරතරය තව තවත් වැඩි වෙනවා. එතකොට ඒක අපේ රටේ ගෙවුම් ශේෂයට සෘජුවම බලපානවා. එතකොට මේ හිඟය පියවන්න තියෙන පහසුම ක්‍රිමය තමයි මේ මවුවරුන් රට යවන එක. හර්ෂ ඇමතිතුමා අවම වැටුපක් යෝජනා කිරීම මඟින් එතුමා පිළිගන්නව මේ ගිවිසුම නිසා වැටුප් අඩුවන බව. ඒ කියන්නේ සමස්ථ ශ්‍රමයේ මිල පහත යනවා. එතකොට අර අම්මාට මෙහේ ඉදන් ලැබෙන මුදල අඩු වෙනවා. ඇයට පේනවා මැදපෙරදිග ගියොත් ඇයට මෙහෙදි ලැබෙන මුදලට වඩා සැළකිය යුතු මුදලක් උපයාගත හැකි බව. ඒ නිසා ඇයගේ පෞද්ගලික ජීවිතයෙනුත් වැඩි පෙළඹමවීමක් ලැබෙනවා මැදපෙරදිග යන්න. අන්න ඒ පෞද්ගලික අවශ්‍යතාවය ගැට ගැසෙනවා මේ ගිවිසුම නිසා වැඩිවන ගෙවුම් ශේෂයේ හිඟය පියවීමේ සාර්ව ආර්ථික වුවමනාව සමඟ. ඒ විදියට මෙ ගිවිසුම නිසා රටේ මවුවරුන් මැදපෙරදිගට විකිණීම වැඩිවෙනවා. හර්ෂ ඇමතිතුමාටත් පුළුවන්නම් බොරුවට හැඟීම්බර වෙන්නේ නැතුව ආර්ථික විද්‍යානුකූලව පහැඳිලි කරන්න කොහොමද මේ ගිවිසුමෙන් මව්වරුන් රට යවන එක අඩුවෙන්නේ කියලා අපි ඒක අගය කරනවා.

මාළු සහ එට්කා

මේ ගිවිසුමට වෙනුවෙන් කටයුතු කරන ලංකාවේ උපදේශකයෝ තුන්දෙනා ක්‍රියා කරන ආකාරය බැලුවහම මටනම් හිතෙනවා මේ ලංකාවේ උපදේශකයෝ තුන්දෙනා පත් කරන්නෙත් ඉන්දියාවේ කැමැත්ත අනුව කියලා. ඉන්දියානු ධීවරයෝ ඇවිත් අපේ මත්ස්‍යය සම්පත ඩැහගෙන යනවා. කොටියෙක් නිදහස් කරගන්න කොළඹ දුවන්න ගරු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහත්තයට තියෙන උනන්දුව නෑ ඒ උතුරු ප්‍රදේශයේ ජනතාවට අයිති මත්ස්‍ය සම්පත කොල්ල කාගෙන යන එක ගැන. දැන් මේ ගැන සාක්ච්ඡාවක් හෝ නැවත තිබෙන්නේ මැයි මාසේ. අපට අයිති මත්ස්‍ය සම්පත කොල්ල කාගෙන යන එක ගැන කතා කරන්න ඉන්නවා මැයි මාසේ වෙනකම්. හැබැයි මේ භයානක එට්කා ගිවිසුම අත්සන් කරන්න බොහොම හදිස්සයි. දැනට තිබෙන ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමේ ගැටළු බොහොමයක් තිබෙනවා. ඉන්දියාවේ ප්‍රාන්ත මඟින් නොයෙකුත් සංකීර්ණ බදු පනවනවා. ඇතැම් විට ඔවුන් වරායන් නම් කරනවා ඒවට විතරයි අපේ බඩු යවන්න පුළුවන්. ඉන්දියාවේ සිටින ලංකාවේ භාණ්ඩ ගැනුම්කරුවා ඒ සඳහා ආනයන බලත්‍රියක් ලබා ගත යුතුයි. ඒක දෙන්න ඔහුව සෑහෙන්න රස්තයාදු කරවලා ලංකාවෙන් භාණ්ඩ ගෙන්වන එක එපා කරවනවා. ඒ ප්‍රශ්න ගැන කතා කරාම ඉන්දියාව නෑ කියන්නේ නෑ. ඔවුන් පිළිගන්නවා මේ ගැටළු තිබෙන බව. ඒ සදහා ඔවුන් හරි අපූරු විසදුමක් යෝජනා කරනවා. ඒ තමයි තව මේ ගිවිසුම පුළුල් කරමින් සේවා ගිවිසුමක් අත්සන් කරන එක. ඒක තමයි එදා සීපා දැන් එට්කා කියලා එන්නේ. මේකට මැදිහත්වන ලංකාවේ ව්‍යාපාරික පුද්ගලයන් එදා ඉදලම කියන්නේ මේ ගැටළු මුලින්ම දැනට තියෙන නිදහස් වෙළද ගිවිසුමේ වපසරිය තුළම විසද ගන්න කියන එක. ඉතාම සාධාරණ ඉල්ලීමක්. ඊට පස්සේ පුළුවන් අළුත් එකක් ගහනවද නැත්ද කියන එක ගැන හිතන්න පටන් ගන්න. අපිත් රජයට කියන්නේ මුලින් මේ තියන ගැටළු ටික විසදලා ඉන්න. උතුරේ ධීවරයන්ගේ ගැටළුව ගැන ඉන්දියාව එක්ක කතා කරලා ඉන්න. දැන් ඉන්න කිසිම කෙනෙක්ගෙ විශ්වාසය දිනා ගැනීමට අසමත් වෙච්ච රජයේ උපදේශකයින් තුන්දෙනා මේ වැඩෙන් අයින් කරලා රටට හිතැති උපදේශකයන්ගෙන් උපදෙස් ගන්න.

එට්කා ගිවිසුමේ එන ගැටළු වලට දෙන අපූරු ඉන්දියානු විසඳුම

ඊළඟ කාරණය තමයි මේ ගිවිසුම අත්සන් කළොත් මේ ගිවිසුම නොයෙකුත් අර්බුද එනවා. ඒවා ගැන ඉන්දියාව එක්ක කතා කර්න්න ගියොත් ඉන්දියාව මොනවා යෝජනා කරයිද? වෙළඳ ගිවිසුමේ ගැටළු වලට විසඳුම ලෙස සේවා ගිවිසුමක් ඉදිරිපත් කළ මේ ඉන්දියානු ලොකු අයියා අපිට කියාවි මල්ලි ධන්ස්කොඩි ඉදලා මන්නාරමට පාලමක් ගැහුවම ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා කියලා. ඒ දවස වැඩි ඈතක නෑ. මෑතකදී අපේ අගමැති තුමා ඉන්දියාවේ ගිය වෙලාවේ මේ ගැන කතා කළා කියල ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා. එදාට ලංකාපදීපය, දිවයින වගේම 'ද අයිලන්ඩ්' කියන පත්තරවල නම් පවා වෙනස් කරගන්න වෙනවා. එහෙම ටික දවසක් යනකොට "ද නේෂන්" කියන එකත් නැතිවේවි. ඒ නිසා මේ එට්කා රාමුව අප පරාජය කළ යුතුයි. රට පුරා වපුළන බොරු වෙනුවට මේ සත්‍යය ඔබ ගෙන යන්න. ඔබේ කෑම මේසයට, තේ මේසයට මේ සත්‍යය අරගෙන යන්න. අපට මාධ්‍යයේ ඉඩ අඩුයි. සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අසත්‍යයට එරෙහිව සත්‍යය වපුරන්න.

එට්කා ගිවිසුමට එරෙහි සත්‍යයේ වාහකයෙක් බවට ඔබ පත් වන්න.

-තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංසදය

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. ආර්ථික ඔසතාද් ල වගෙ විපක්ෂයේ ඉන්නකොට දැම්ම සද්දෙ බලේ ලැබුනම නෑ.

    ReplyDelete
  2. Don't bring "religion" into everything you fool!

    ReplyDelete
    Replies
    1. dan koheda methana religion ekak gawagena thiyenne?

      Delete
    2. ඇයි බත් කන හරකෝ මේ යකා පටන්ගන්නකොටම (00:25) කියන්නේ "බුදුරජානන් වහන්සේ දේශනා කරනවා චේතනා වන් බික්කවේ කම්මන් වදාමි කියලා . ඒක ඉතා ගැඹුරු දෙයක්....". නිකන් හාමුදුරු කෙනෙක් බණක් පටන් ගන්නවා වගේ.

      දැන් ඔතන ඉන්නවා මුල්සිම්, හින්දු, කතෝලික මිනිස්සු. ඒ මිනිස්සු මොනවා හිතයිද???

      දැන් ඔය දේශනා කරන එකා මුල්සිම් නං, ඕකා පටන් ගත්තොත් "අල්ලාහු අක්බර්" කියලා, ඊට පස්සේ කුරානයෙන් මොකක් හරි කිව්වොත් බෞද්දයෝ මොනවා හිතයිද? ඒ මිනිහට බනිනේ නැද්ද ඒ මිනිහ නැති වෙලාවේ?

      මේක තමයි තුන් වැනි ලෝකේ රටවල් වල තියෙන ලොකුම ප්‍රශ්නේ.

      ඒ කියන්නේ පසුගාමී බව, ගෝත්‍රික බව.

      හැම මගුලටම ආගම , ආගම , ආගම. මේක බෞද්ධයොත් කරනවා, මුස්ලිම් උන් කරනවා මුල්සිම් රටවල, හින්දු උන් කරනවා ඉන්දියාවේ.

      කාක්කෙක් පාරේ මැරිලා හිටියත් ඒකට බෞද්ධ විග්‍රහ දෙන ගෝත්‍රික පසුගාමී මිනිස්සු ඉන්න රටක් මේක.

      PS : මම බෞද්ධයෙක් හොඳේ.

      Delete
    3. බුදු රජාණන් වහන්සේ කියලා කිව්වහම හිත රිදෙනවා නම් ඒ උග්‍ර ආගම්වාදියෙකුගෙ වෙන්න ඕනා නේද? කවුරු හරි වෙනත් ආගමික ශාස්තෲවරයෙක් දේශනා කළ දෙයක් පැවසුවට මගේ නම් සිත රිදෙන්නේ නැත. එහෙම සිත රිදෙන කෙනෙක් ඉන්නවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම සුදුසු යයි සිතමි.

      Delete
    4. හික්ස්. බත් කන මීහරකගේ රිප්ලයි එකෙන් මන් කිව්ව දේ සනාථ වෙනවා. ඒ කියන්නේ තුන් වැනි ලෝකේ ඉන්න ති මහත් බහුතරය හැම මගුලකටම ආගම ගාවගන්න ආගම් පිස්සෝ බව.

      මම විරුද්ධ බුදු රජාණන් වහන්සේ කිව්ව එකට නෙමෙයි ගොනෝ. මමත් බෞද්ධයෙක්. බුදු රජාණන් වහන්සේව ගාව ගන්ඩ ඕනේ ගෙදර බණක් කියනකොට, නැත්තන් පන්සලක් ඇතුලේ.

      ආගම් ටෝක් දාන්ඩ බැහැ public forum එකකදී. ඒක ශිෂ්ට නැහැ. ඒක නිකන් සුද්ධෝත් ඉන්න පබ්ලික් ෆෝරම් එකකදී සිංහලෙන් කතා කරනවා වගේ වැඩක්. ඒ වගේ මිනිස්සුන්ට manners දන්නේ නැහැ. නෝ manners. It is a sign of rudeness and incivility. It is discourteous.

      Just like you should not speak in your own language when there are other people who don't understand it, it is extremely rude to talk about and praise "your" religious leader, when there are people of other faiths, in a public setting.

      Of course you don't mind it, because you belong to the backward, tribal majority that has made these countries unlivable 3rd world cesspools.

      Delete
    5. කවුද මේ තුන්වෙනි ලෝකයේ සිටින, ඒ තුන අභිබවූ Anonymous මිනිසා.. ලොරි ටෝක්ස් දීලා ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා මහත්තයෝ. වැදගත් දෙයක් කමෙන්ටුවක් හැටියට දාන්න. නිකම් මෝඩකම ප්‍රදර්ශනය නොකර.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions