-සේන තෝරදෙනිය-
සරසවිය හා සරසවි ඇදුරන් පිළිබඳව මීට පෙර නවකතා කිහිපයක්ම නිර්මාණය වී තිබේ. තවත් නිර්මාණ ගණනාවකම සරසවි පද්ධතියේ විවිධ පැතිකඩ ගැන සාකච්ඡා වී ඇත. මෑත නිර්මාණ කිහිපයකින් සරසවි පද්ධතිය ජරාජීර්ණභාවයට පත්ව ඇති ආකාරය අනාවරණය කෙරේ. අප මේ සඳහා උපයෝගී කොට ගන්නේ සාලිය කුලරත්නගේ “සත්පත්මා” (2012) නම් කෙටිකතා සංග්‍රහයේ එන, “ආචාර්ය ප්‍රේත වස්තුව” නම් කෙටිකතාවයි. කෙටිකතා වශයෙන් ඒවායේ ඇති සාහිත්‍යමය අගය හෝ නිර්මාණශීලීත්වය හෝ නොවිමසා“ආචාර්ය ප්‍රේත වස්තුව” නම් කෙටිකතාවෙහි අන්තර්ගතය ගැන පමණක් විමසා බලමු. “ආචාර්ය ප්‍රේත වස්තුව” නම් කෙටිකතාවේ දැක්වෙන ඇදුරා, සිංහලකම හා දේශීයත්වය පිළිකුල් කරමින්, බටහිර චින්තනය කරපින්නාගෙන ජාත්‍යන්තරයට පිවිසි, ග්‍රාමීය දරිද්‍රතාවේ නිර්මිතයක් වන විකෘති කාමාසාකාරයෙකි.ඊට මනෝමුලික වූ වාස්තවික හේතු මෙම කෙටිකතාවේ අන්තර්ගතයෙන් චිත්‍රණය කැරේ.
අපි දැන් සාලිය කුලරත්නගේ “ආචාර්ය ප්‍රේත වස්තුව” කෙටිකතාව වෙතට එළැඹෙමු. සාලිය කුලරත්න සිය පෙරවදනේදී දක්වා ඇත්තේ “මෙම කෙටිකතා එකතුව රචනා වී ඇත්තේ නූතන සමාජ ව්‍යුහයෙහි ස්ථානගත වූ ආයතනික හා පොදු මිනිස් ජීවිතයේ ස්වරූපය, කිසියම් පුරාණෝක්තිමය දෘෂ්ටියකින් අවලෝකනය කරමිනි” කියාය. එය ඉතා වැදගත් වන්නේ මෙම කෙටිකතාව අවබෝධ කර ගැනීමට වැදගත් පිටිවහලක් වන හෙයිනි.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ ආයතනයක ඒකක ප්‍රධානියෙකු වන, ආචාර්ය ඉන්ද්‍රනාථ වංශපුර “මහ පුදුම දර්ශනයක්” සිහිනෙන් දකියි. ඉන්ද්‍රනාථගේ ගමේ බාප්පා දොරකඩ පෙනී සිටියි. ඔහු බාප්පා සමග ලංකාවට එයි. කුරුණෑගල මුස්නව නම් ගමේ පදිංචිකරුවකු වන බණ්ඩා “අද්භූත වෙනසකට ලක්වී සිටියි”. වෛද්‍යවරුනට ද එය අබිරහසකි. බණ්ඩාට කලක පටන් මීමැස්මොර රෝගය වැලඳෙයි. අතට යකඩ ඇණයක් දුන් විට ඔහු යථා තත්ත්වයට පත් වෙයි. දිනක් හතරැස් යකඩ පෙට්ටියක් වැනි හිසක් හා මිනිස් ශරීරයක් ඇති තරුණයෙක් බිම වැටී හුන්නේය. මිනිසාගේ සිරුර ගැහෙන්ට වූයේ, වෙනදා බණ්ඩාට මීමැස්මොර රෝගය වැලඳුණු විට ගැහෙන්නාක් මෙනි. ගැමියන් කීවේ මේ අද්භූත ජීවියෙකු බවයි. ඉන්ද්‍රනාථ මොහුගේ යකඩ හිසේ එක් පැත්තක වීදුරු තහඩුවක් වැන්නක් දකියි. ඉන්ද්‍රනාථ එය සිය ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කළ විට, පරිගණක තිරයේ දිස්වූ රුවක් කතා කිරීමට පටන් ගනී. ඔහු කතා කරන්නේ ඉංගිරිසියෙනි. නම “ඩොක්ටර් මල්ටිගෝල්” ය. මල්ටිගෝල්ගේ ආත්ම ප්‍රකාශනය ඉන්ද්‍රනාථගේ පරිගණකය ඔස්සේ ඉංගිරිසියෙන් ඇසෙන්නට ගනියි.
මීට වසර හතළිහකට පෙර සත්කෝරළයේ හිරියාල පත්තුවේ උපන් ඔහු, නමින් යමර භීරුක මැටිගේ නම් වේ. ඔහුගේ පරපුරේ අය වත්හිමි බණ්ඩාර රජ්ජුරුවන්ට ඊතල හැදූ අය වෙති. රජු රත් වූ යකඩ කූරකින් බේරා ගත් නිසා ඔවුනට ලැබුණු නම්බු නාමය, “යකඩ මාර අභීරුක” නම් වේ. පසුව එය “යමර භීරුක” නමින් ව්‍යවහාරයට ආවේය. “භීරුක” යනු බියවන, ලජ්ජා වන අර්ථය ද ගෙන දෙයි. “යමර” යන්න “යමරෙට වැඩ” හඟවයි. “මැටිගේ” ඔහුගේ දරිද්‍රතාව පෙන්නුම් කරයි.
යමර භීරුක හද්දා පිටිසර ගමක කරක් ගැසුවේ, විලි වසා ගැනීමට පමණක් අමුඩ කෙටියක් ඇඳගෙනය. ඔහුගේ මව ගෙවිලියකි. පියා ගමට ආගන්තුකයෙකි. ඔහු හැමදා හැන්දෑවේ එහා ගමේ සඳගල වැව අසල ගෙදරකට ගොඩ වෙයි. ඔහු එහි යන්නේ සිදාදියෙන් ගෙන ආ සුවඳ විලවුන් කුප්පියක පෙඟවූ, පුළුල් කැබලි දෙකක් කන්පෙති අස්සේ සඟවාගෙනය.
පියාගේ කල්කිරියාව සැලවූ මැටිගේ සඳගල වැව අසල හිඳ සිටී. ඔහුගේ පියා එළවළු මල්ලක් ගෙන අසල කටුමැටි ගෙයකට රිංගනවා ඔහු දකියි. පියා ගෙට ඇතුළු වූ විගසින්ම නිදා සිටි ගැහැනියකගේ සිරුර මත වැතිරෙයි. ඇය අසල අවුරුදු දොළහක පමණ පියකරු දැරියක් වකුටු වී නිදයි. පියකරු දැරිය මව දෙස බලා පැත්තකට හැරී නිදාගන්නවා මැටිගේ බලා සිටියි. ඔහු, ගේ අසල අඳුරේ ඇණබාගෙන සිටී. පියකරු දැරිය ගේ පිළිකන්නට පැමිණ මූත්‍රා කරයි. මැටිගේ දැරිය වෙතට පැන ඇය අල්ලාගෙන ඇය අඳුරට ගෙන යයි. ඇය බිම පෙරළාගෙන ඇයගේ සිරුර මත වැතිර යම් උත්සාහයක් ගත්තද, වැඩි වින්දනයක් ලබා ගැනීමට බාල වියේ සිටි ඔවුන් දෙදෙනාටම නොහැකි වෙයි.
කලකට පසුව මැටිගේ විශ්වවිද්‍යාලයට යයි. තමා සරසවිය දක්වා ආ ගමන නවකතාවක සිදුවීම් පෙළක් මෙන් ඔහුගේ මතකයට නැඟේ. ඔහු පිටසක්වලින් ගෙන ආ අමුතු භාණ්ඩයක් වැන්න. තමා අසමාන සතුන් දෙදෙනෙකුගේ දෙමුහුමක් සේ ඔහුට දැනේ. තමාට පීතෘ ස්නේහය හා රැකවරණය නොලැබුණු අයුරු ඔහුට සිතේ. පියාගේ අවධානය අන් කතකට යොමුවීම නිසා මව නිතර ඔහු හා රණ්ඩු ඇල්ලූ බවත්, පියා අතුරුදන් වූ සැටිත් ඔහුට සිහිපත් වේ. ඔහුට දරුණු ද්වේෂයක් මුසු විකෘති සිතක් ඇති වේ. ඒ විකෘතිය නිසා, කිසිවෙකුට මැටිගේ හඳුනාගත නොහැකි වේ. ඔහුගේ සිතේ රැඳී ඇත්තේ, එදා ඒ පියකරු ගැහැනු ළමයාගෙන් අඩ අඳුරේ ලද මුහුකුරා නොගිය වින්දනයයි. එදා සිට ඔහු ඒ ගැැහනු ළමයා හමුවීමට උත්සාහ ගත්තද ඔහුගේ ගමන නිෂ්ඵල වේ. දිනක් ඔහු දුටුවේ, ඇය වෙනත් තරුණයෙකු සමග අඩ අඳුරේ රමණය කරමින් සිටින බවයි. “එදා සිට ඔහුගේ සිත හීලෑ බල්ලෙකුගේ ස්වරූපය මතුපිටින් පෙන්වන කොටියෙකුගේ වැනි වූයේය”.
බෞද්ධ දර්ශනය පිළිබඳ දේශන ඔහු භීතියට පත් කළේය. ප්‍රේත වස්තු කතා ඔහුට පිළිකුල් විය. තමා උපන් පරිසරය, ඒ ගැමි ජීවිතය වටා වෙලුණු විශ්වාස පද්ධතීන් හා බුදුසමයේ ප්‍රායෝගික අංශය මැටිගේ තුළ ඇති කළේ නුරුස්නාවකි. ඒ නිසාම ඔහු විශ්වවිද්‍යාල දෙවන වසරේදී ඉංග්‍රීසි පාඨමාලා තෝරා ගත්තේය. නිතර ඔහුගේ මුවේ රැව් දුන්නේ අමෙරිකානු ලේඛකයන්ගේ නම්ය. ඔහු වෑයම් කළේ “හිතුවක්කාර එක්ටැම් පෞද්ගලිකත්වයක් පවත්වා ගැනීමටත්, එය සාධාරණීකරණය කිරීමට ශාස්ත්‍රීය කරුණු” සෙවීමටත්ය. ඔහු ප්‍රාර්ථනා කළේ, “තමා අසරණයකු ලෙස දිවි ගෙවූ ඒ ප්‍රාථමික ලෝකයත්, ඊට සම්බන්ධ මිනිසුනුත්, දුරින් දුරලීමටය”. ඔහු “අමුතු හා විකාර පදනම්වල සිට” යුක්තිය අයුක්තිය ගැන වාද කළේය. ඔහු එල්.ටී.ටී.ඊ.යේ මනුෂ්‍ය සංහාරයට අනියමින් පක්ෂපාතී වේ. ආචාරධර්ම හා තහංචි නොතකා “නාකි ලොම්බන්ට” අවලාද නැඟුවේ මොබිඩික් තල්මසා ලෙසිනි.
මින්පසුව ඔහු නිතර “ආවේග කවි” හා කෙටිකතා පළ කරන්නට වීය. ඔහුට “බලවත් සේ ප්‍රශංසා” කළ කවියකුගේ නිවසේ ඔහු ගැවසුණේය. කවියාද මැටිගේට පුතෙකුට මෙන් සැලකීය. කවියාට පියකරු තරුණ දියණියක් සිටියාය. ඇය දකිත්ම ඔහුට “අඩ අඳුරු අතීතයේ එක් සිදුවීමක් මතකයට එයි”. එක්තරා දිනයකදී ඔහු වැසිකිළියට එබිකම් කොට බලද්දී එම තරුණිය මූත්‍රා කරනු දකියි. මැටිගේගේ ග්‍රහණයට අසුවූ තරුණිය ඔහුට අවනත වූවාය.
දැන් හතරැස් ජීවියාගේ හැඩය වෙනස් වී අත් පා නයි පොළඟුන් සේ දඟලන්නට ගනී. අත් පාවලින් දුමක් පිට වෙයි. සැබෑ බණ්ඩා එතැනට පැමිණීමත් සමගම ගම්මු ගල්බීත වෙති. මේ ජීවියා බණ්ඩා නොවේ.
ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයට ගිය මැටිගේ, සිය නම “ඉයෙමොන් බෘනෙට් මල්ටිගෝල්” ලෙසින් වෙනස් කර ගත්තේ, “තමා තවදුරටත් ලාංකේය සමාජයට බද්ධව සිටිනුයේ මේ ගොමස්කඩ සිංහල නම” නිසාය. විදේශයේදී ඔහු බොහෝ අය සමග “ආරාධනා විරහිතව” මිත්‍ර වීය. “හේතු විරහිතව මිශ්‍ර විය”. හේතු රහිතව ඒ “මිත්‍රත්වය අහෝසි කරගත්තේය”. කිසිවෙකු කතා කළ විට “හෙහ්” කියා තප්පුලන ඔහු, “නිතරම සිය උකුසු ඇස දැල්වූයේ”, සරාගික තරුණියන් වෙතටය. ගැහැනුන්ගේ සුදු අත්ගොබ ඔහුට සිහි ගන්වන්නේ, “මිල්ලන්ගොඩ හස්තියාගේ දළ” ය. ආචාර්ය මල්ටිගෝල් ලංකාවේ තරුණියක හා විවාහ ගිවිස ගත්තේ, මවගේ බලවත් ඉල්ලීම නිසාය. ඒ අමෙරිකාවේදී හමුවූ “ඇත්දළ බඳු දෑත් ඇති සරාගි තරුණියකගේ” ඡායාරූපයක් එවා, “කුස ජාතකයෙහි වූ මූලධර්මයක්” ක්‍රියාවේ යෙදීමෙනි.
ඔහු පරිගණක තාක්ෂණයේද ඉහළ සුදුසුකම් ලබයි. එයට හේතුව, “මිනිස් සිතක සිතුවිලි උපදින වේගයටත් වඩා වේගයක්” ඔහුට අවශ්‍ය වූ හෙයිනි. “ඇහිපිල්ලන් ගහන පමාවෙන්” ඔහුට යම් දෙයක් කිරීමටත්, එයම අමතක කිරීමටත් අවශ්‍යය. කවියාගේ දියණියගේ වියරු සිනහව ඔහුට ඇසේ. ඔහුට එය අමතක කිරීමට අවශ්‍ය වූයේ අජාසත්තයාට පීතෘ ඝාතනය අමතක කිරීමට අවශ්‍ය වූ ලෙසිනි. සීතාවක රාජසිංහ මිථ්‍යාදෘෂ්ටිය වැලඳ ගත් ලෙසිනි. රටින් රට යන මල්ටිගෝල් නොයෙකුත් ආහාර වර්ගවල රස බලයි. ඔහු වඩාත් ප්‍රිය කළේ, සිරුරේ අඩක් බදින ලද හා හිසෙහි පණ ඇති මත්ස්‍යයන් ආහාරයට ගැනීමටය. තම හිස එක්වරම පරිගණකයක් බවට පත්වන බවත්, එහි පරිපථ ගිනිගෙන රත්වන බවත් ඔහුට දැනේ. මේ සිතුවිල්ලෙන් ගැලවීමට ඔහු සරාගික ගණිකාවන්ගේ ඇසුර පතා ගියේය. සංසර්ගයේ යෙදීමට පෙර ඔහුට අවශ්‍ය වූයේ, ඔවුන් මූත්‍රා කරනු බලා සිටීමය. මෙසේ ඔහු අර්චනකාමියෙක් බවට පත්වෙයි. අවසානයේදී මල්ටිගෝල් “කොම්පියුටර් ඔළුවක් ඇති පෙරේතයෙක් ලෙස” ඉපදෙයි.
සාලිය කුලරත්න මවන “ආචාර්ය මල්ටිගෝල්” යනු කවරෙකුදැයි හඳුනා ගැනීම පාඨකයාට අපහසුවක් නොවනු ඇත.
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .