-මනෝඡ් අබයදීර-1954 ඔක්‌තෝම්බර් මාසයේ පැවැත්වූ මහනුවර ආසනය සඳහා වන අතුරු මැතිවරණයෙන් ද ශ්‍රිලනිපය පරාජයට පත් විය. 1955 මැයි මාසයේදී අලූත්නුවර ආසනය සඳහා පැවැත් වූ අතුරු මැතිවරණයේදී ශ්‍රිලනිපය දිනාගත්තේ තුන්වෙනි ස්‌ථානයය. මේ ශ්‍රිලනිපයේ තනි ගමන පිළිබඳව ආරම්භක අවස්‌ථාවේදීම ලැබුණු සංඥාවය. 1955 මැයි මාසය වන විට අතුරු මැතිවරණයක් ජයග්‍රහණය කිරීමටත් නොහැකි තැනක තිබූ ශ්‍රිලනිපය පනස්‌හයේ අප්‍රේල් මාසයේ ආණ්‌ඩුවක් පිහිටුවන්නේ කෙසේද...?
පනස් හයේ ජයග්‍රහණයේ සැබෑ උරුමය කා සතුද...? එය ශ්‍රී ලනිපයේ ජයග්‍රහණයක්‌ද...? බණ්‌ඩාරනායකගේ ජයග්‍රහණයක්‌ද...? පනස් හයේ විප්ලවයට වසර හැටක් පිරෙන මොහොතේ මෙය සාකච්ඡාවට බඳුන් කිරීම අත්‍යවශ්‍ය යෑයි සිතමි.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක සහ ඩි.ඒ. රාජපක්‌ෂ යන මහත්වරු එජාපයේ සිට පිල් මාරු කර 1951 සැප්තැම්බර් දෙවැනිදා ශ්‍රිලනිපය පිහිටුවා ගත්තේය. එය බිහි වී දන ගාන්නටත් පෙර මහ මැතිවරණ අභියෝගයක් හමුවුවේ, 1952 වර්ෂයේදීය.
52 මැයි මාසයේ පැවැත්වූ මහ මැතිවරණයෙන් ශ්‍රිලනිපයට දිනාගත හැකි වූයේ ආසන නවයක් පමණය. ශ්‍රිලනිපය ලබාගත් ඡන්ද ප්‍රමාණය 361,250 කි. එය ප්‍රතිශතයක් ලෙස 15.52%ක් විය. 52 මහ මැතිවරණයෙන් ඩඩ්ලි අගමැති වූයේ ඡන්ද 1,026,005 ක් ලබාගෙන, ආසන 54 ක් දිනා ගෙනය. එවර එජාපය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 44.08% ක් විය. 52 දී ශ්‍රිලනිපය ලැබූ පරාජය දැක, එයට අනාගතයක් නොමැති බව සිතු, පක්‌ෂයේ ආරම්භක සම ලේකම් බර්නාඩ් අලූවිහාරේ, පක්‌ෂය අත්හැරදා යළිත් එජාපයටම ගියේය.
සමසමාජය විසින් මෙම මැතිවරණයට අපේක්‌ෂකයන් 39 දෙනකු ඉදිරිපත් කර තිබු අතර, එයින් ආසන නවයක් දිනා ගැනීමට ඔවුහු සමත් වී තිබුණහ. ශ්‍රිලනිපය ආසන 48 කට අපේක්‌ෂකයන් ඉදිරිපත් කර එයින් අටක් ජයගෙන තිබුණි. ලැබුණු ආසන ගණන සමාන වුවත්, ලබා ගත් මුළු ඡන්ද ප්‍රතිශතයෙන් ශ්‍රිලනිපය ඉදිරියෙන් සිටීම නිසා විපක්‌ෂ නායක තනතුර බණ්‌ඩාරනායකට හිමි විය. යම්, සේ සමසමාජය තව ආසන ගණනකට තර කළේ නම් විපක්‌ෂනායකකම ද ශ්‍රිලනිපයට හිමි නොවන්නට ඉඩ තිබුණි.
මුල් අවස්‌ථාවේදී ශ්‍රිලනිපය සතුව තිබූ දේශපාලන හයිය තේරුම් ගැනීම සදහා මේ මහ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රමාණවත්ය.
1953 ශ්‍රිලනිපය සිටි තැනට වැඩි වෙනසක් ඉන් වසර දෙකක් යන විටත් ශ්‍රිලනිපය පෙන්නුම් නොකළ බව පෙනෙන්නේ කොළඹ මහ නගර සභා ඡන්දයේ ප්‍රතිඵලයෙනි. 1954 ජුලි 24 වෙනිදා පවත්වන ලද කොළඹ නගර සභා ඡන්දයෙන් එජාපය ආසන දොළහක්, සමසමාජ - කොමියුනිස්‌ට් හවුල ආසන හයක් ද දිනා ගෙන තිබුණි. වමේ තවත් අපේක්‌ෂකයන් තිදෙනකුගේ සහ ස්‌වාධින අපේක්‌ෂකයන්ගේ සහය ලබාගෙන සමසමාජයේ ඇන්. ඇම්. පෙරේරා කොළඹ පුරපති වන විට ශ්‍රිලනිපය කොළඹ නගර සභාවෙන් දිනාගෙන තිබුණේ එක් ආසනයක් පමණය.
1954 ඔක්‌තෝම්බර් මාසයේ පැවැත්වූ මහනුවර ආසනය සඳහා වන අතුරු මැතිවරණය ද ශ්‍රිලනිපය පරාජයට පත් විය. 1955 මැයි මාසයේදී අලූත්නුවර ආසනය සඳහා පැවැත් වූ අතුරු මැතිවරණයේදී ශ්‍රිලනිපය දිනාගත්තේ තුන්වෙනි ස්‌ථානයය. මේ ශ්‍රිලනිපයේ තනි ගමන පිළිබඳව ආරම්භක අවස්‌ථාවේදීම ලැබුණු සංඥාවය. 1955 මැයි මාසය වන විට අතුරු මැතිවරණයක් ජයග්‍රහණය කිරීමටත් නොහැකි තැනක තිබූ ශ්‍රිලනිපය පනස්‌හයේ අප්‍රේල් මාසයේ ආණ්‌ඩුවක් පිහිටුවන්නේ කෙසේද...?
මේ වන විට සිංහල ජාතික ව්‍යාපාරය විසින් භාෂා සටනට පණ දීමට පටන් ගෙන තිබුණි. මහා සංඝරත්නය සමඟ එල්. එච්. මෙත්තානන්ද, එන්. කියූ. දියෙස් ප්‍රධාන ගිහි නායකයන් පිරිසක් මෙම සටනට උර දී සිටියහ. සටන ඇවිලෙමින් යන අවස්‌ථාවේ දී අගමැති කොතලාවල විසින් 1954 වර්ෂයේ සැප්තැම්බර් 13 දින යාපනයේ කයිට්‌ස් දූපතේ දී, සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා බවට පත්කරන බවට පැවසීම, ජාතික ව්‍යාපාරය විසින් සිය උද්ඝෝෂණ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නට පටන් ගත්තේය. මේ වන විට බෞද්ධ තොරතුරු පරීක්‌ෂණ කොමිසම ද ආරම්භ කර තිබු අතර, ගමින් ගමට යමින් එය විසින් කරන ලද සේවාව, ජනතාව, ජාතික හැඟêමෙන් ප්‍රබෝධමත් කර තිබුණි. බෞද්ධ තොරතුරු පරීක්‌ෂණ කොමිසමේ වාර්තාව, බණ්‌ඩාරනායක මහතා විසින් පිළිගැනීමත් සමඟ, එතෙක් අඩමානයෙන් දේශපාලනය කළ ශ්‍රිලනිපයට අමුතු පණක් ආවේය. දස පනත නමින් යුත් ජාතික ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය භාර ගනිමින් තමන් මැතිවරණය ජයග්‍රහණය කළහොත් එය ක්‍රියාත්මක කරන බවට බණ්‌ඩාරනායක පනත ක්‍රියාවත් සමඟ ජාතික ව්‍යාපාරයේ සහය ශ්‍රිලනිපය ප්‍රධාන කර ගත් මහජන එක්‌සත් පෙරමුණට ලැබෙන්නට විය. පනස් හයේ මහ මැතිවරණය ජාතික සහ විජාතික සටනක් බවට පත් වන්නේ මේ සමඟය.
එජාපයේ ජන්ම ගති ලක්‌ෂණ කදිමට නිරුපණය කරන ලද සර් ජෝන් කොතලාවල, සිය බටහිර ආනුකාරක ජීවිතයේදී කරන කියන ලද දේ, කේවල ලෙස ඔහුගේ ජීවිතය ලෙස නොව පක්‌ෂය ලෙසම රටට පෙනී යමින් තිබුණි.
සිංහලය වහල්ව තිබියදී කුමන බුද්ධ ජයන්තියක්‌දැයි අසමින් තල්පාවිල ශීලවංශ හිමියන් කරන ලද ප්‍රකාශය අනුව බලන විට පනස් හයේ මහ මැතිවරණය සඳහා ජාතික ව්‍යාපාරය සුදානම් වූ දාර්ශනික පදනම තේරුම් ගත හැකිය.
බුද්ධ ජයන්තිය සැමරීම සදහා ජාතිය නිවහල් කර ගැනීම පළමුවෙන් කළ යුතු බව ජාතික ව්‍යාපාරයේ දේශපාලන අදහස වී තිබුණු බව පෙනේ.
ඒ අනුව පනස් හයේ මහ මැතිවරණදී මහජන එක්‌සත් පෙරමුණේ සංවිධායක බලඇණිය බවට පත් වන්නේ ජාතික මතවාදය සිය න්‍යාය කර ගත් සඟ වෙද ගුරු ගොවි කම්කරු බල මුළුවය. සමසමාජ, කොමියුනිස්‌ට් පක්‌ෂ මේ අවස්‌ථාවේදී නිතරග ගිවිසුමක් යටතේ මඑපෙ සමඟ කටයුතු කරන ලද නමුත් ඔවුන් සිය මාක්‌ස්‌වාදී මග යමින් වෙනම බලවේගයක් ලෙස තරග කරන ලදී. ඒ අනුව පෙනී යන්නේ, පනස් හයේ සැබෑ උරුමය කා සතුද යන්නය.
1952 මහ මැතිවරණයේදී ආසන අටක් දින, ගෙන විපක්‌ෂයේ සිටි ශ්‍රිලනිපය, එජාපය ආසන අටකට බස්‌සවා, සිය ආසන සංඛ්‍යාව 51ක් බවට පත් කර ගත්තේය. 51 ශ්‍රිලනිපයේ ඇදවැටීම හමුවේ, එය අතහැර යළිත් එජාපයට ගිය, මාතලේ උරුමකරුවන් වූ බර්නාඩ් අලූවිහාරේ, එම මැතිවරණයේදී පරාජයට පත්වන්නේ දේශපාලන නවකයෙකු වූ, නිමල් කරුණාතිලකටය.
ලංකා දේශපාලනයේ එතෙක් තිබූ එජාප සහ මාක්‌ස්‌වාදී දෙපිලට අමතරව ජාතිකවාදී දේශපාලන ප්‍රවාහයක් බිහි වන්නේ ඒ අනුවය. මාක්‌ස්‌වාදීන්ට එතෙක් ලබාගත නොහැකිව තිබූ ආණ්‌ඩු බලයක් කෙටි කාලයක් ඇතුළත ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයක් අත්පත් කර ගන්නේ, ජාතික බලවේගය විසින් ගෙන ගිය සටන නිසා බව පෙනේ
දිවයින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .