12/07/2015

One Shot One

කතෘ:යුතුකම     12/07/2015   No comments

දිනය - වර්ෂ 2015 දෙසැම්බර් 04 වෙනිදා හෝ ඉන් පසු දවසක්.
ස්ථානය - සෞදි අරාබියාවේ එක්තරා තැනක.

එදින කස පහර දීමට, අත්/කකුල් කපා දැමීමට සහ ගල් ගසා මැරීමට නියමිත වූ ගැහැණු සහ පිරිමි පිරිසක් බන්දනාගාර බස් රථයෙන් බැස පේලියට ගමන් කරනු පෙනේ. හිස බිමට හරවාගෙන ගමන් කරන ඔවුන් හැමදෙනෙකුගෙම පාහේ මුහුණු සුදුමැලි වී දෑස් බියෙන් වෙලී ඇත. බන්දනාගාර බස් රථයෙන් බැස අදාල ස්ථානය කරා පැමිණි ඔවුහු තමන්ගෙ වාරය එනතුරු බලා සිටිති. තම ජීවිතය පුරාවට කුරා කුහුබුවකුට හෝ සිතෙන් වත් වරදක් නොකරනු ලැබූ එරට වැසියෝ වැරදි කළවුන් මෙලොවදීම එයට දඬුවම් ලබන හැටි සියසින්ම දැක බලා ගැනීමටත්, පුළුවන් හැටියකට ඒ සඳහා දායක වීමටත් සැදී පැහැදී බලා සිටිති.

මුලින් ඇරඹුනේ කස පහර සඳහා සුදුසුකම් ලැබූවන්ගේ වාරයයි,

අන් ආගම් ඇදහීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, සිප ගැනීම සහ අනුන් අතින් දුෂණය වීම ආදී දරුණු වැරදි කලවුන් මේ කොටසට අයත් වී ඇත. උඩුකය නිරාවරණය වන ලෙස ඇන්දවූ ඇඳුමකින් යුතු වූ ඔවුන් ගිනි ගහන රත් වූ වැල්ල මත පෙරළෙමින් විලාප තියද්දි ජීවිතේට කිසිම වරදක් නොකරන ලද මුහුණ ආවරණය කරගනු ලැබූ තැනැත්තෙකු විසින් ඔවුන්ට නියමිත කරනු ලැබූ කස පහර ප්‍රමාණය දෙන ලදි. අනතුරුව පිටෙන් රූරා හැලෙන රුදිරයත් සමග ඔවුන් එතනින් ඉවතට ගෙනයන ලදි.

ඉන් අනතුරුව පැමිණියේ අත් පා කපා දමන්නන්ගේ වාරයයි,

ඒ සඳහා සුදුසුකම් ලැබුවන් බොහොමයක් සොරකම් සඳහා චෝදනා ලැබුවන් විය. එම දඬුවමට නියමිත වුවන් සෙලෙවිය නොහැකි වන සේ කඹ ආදියෙන් ගැට ගසා තව කිපදෙනෙකුගේද ආදාර සහිතව, ඒ අදාළ අවයව කොටස ඔවුන්ගේ සිරුරෙන් වෙන් කරන ලදි.

එදිනට යෙදී තිබූ අවසාන දඬුවම වුයේ ගල් ගසා මරා දැමීමයි,

ඒ සඳහා නියමිත වූ බොහොමයක් අය අවිවාහක හෝ අනියම් අඹු සැමි ඇසුරක් පැවැත්වූවන් විය. එදිනට ඒ සඳහා නියමිත වුවන් වරකට එක් අයකු බැගින් රැස්ව සිටි පිරිස් මද්‍යයට ගෙන එනු ලැබූ අතර කිසිදා කිසිවකුට වැරද්දක් නොකෙරූ සහ වැරැද්ද යනු කුමක්දැයි හරි හැටි නොදන්නා ඔවුන් මේ පව්කාරයන්ට ගල් ගසා මරා දමන ලදී.
අවසානයට ඉතිරි වුයේ ශ්‍රී ලංකාවේ මරදාන ප්‍රදේශයේ වාසය කල ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගත වී එහිදී ඇති කරගනු ලැබූ අසම්මත ඇසුරක් හේතුවෙන් එම දඬුවම සඳහා නියම වුනු කාන්තාවකි (අපි ඇයට සුනීතා යැයි කියමු). රාජකාරි බාර නිලදාරීන් විසින් ඇය ගල් ගසා මැරීමට නියමිත ස්ථානය වෙත රැගෙන එන ලදී. ගල් ගසා මරා දැමීමට නියමිත වලට ඇයව බස්සවා එහි බැඳ දැමු නිලදාරීන් ඉවත්ව ගිය පසුව ඇයට පළමු ගල ගසන්නට නියෝග ලබුනාත් පමණි,....

පළාතම දෙදරවාගෙන දුහුවිලි නංවාගෙන බලා සිටින්නවුන්ගේ හිස මතින් පැමිණි ට්‍රේල් වර්ගයේ යතුරු පැදිය සුනීතා බැඳ දමා තිබු වල ලඟට පතිත කරවා උත්තුංග දේහදාරී පුද්ගලයකු එයින් බැස ගත්තේය. හතර වටින් වදින ගල් පහරවල් ඒ මේ අතට හැරෙමින් වලක්වගත් ඔහු වැල්ලේ පෙරලී සුනීතා බැඳ තිබු දෙසට වැල්ල දිගේ ඇදී ගියේය. ඇය බැඳ දමා තිබු ශක්තිමත් කඹ සියල්ල අතින් ඇද කඩාදැමූ ඔහු සුනිතාවද එක අතකින් ඔසවාගෙන "one shot one" කියාගෙන වැල්ල දෙබෑ කරගෙන අහසට පැන නගින ලදි. අහසේ සිටම පළාතම දෙදරවාගෙන යන හඬින් ගර්ජනා කල ඔහු,

"මම අවසාන මොහොත වෙනකං බලං හිටිය, උඹල මේ තීරණේ වෙනස් කර ගනී කියල, ඒත් උඹල මහ අමානුෂික ගති පැවතුම් තියන මිනිස්සු, මම දැන් මේ නංගිවත් අරගෙන අපේ රටට යනව , එත් මං ආයෙත් එනව, උඹල එකෙක්ටවත් මේ one shot one ගෙන් සමාවක් නෑ. අන්න ඒක දැනගනිල්ල හරී, මේ one shot one කිව්වොත් කිව්වා"

භීතියටත් සන්ත්‍රාතයටත් පත් ජනතාව හිස් ලූ ලූ අත දුවද්දී සැඟවී බලාසිටි මා අපේ "රංජා අයියා" හඳුනා ගතිමි.
සතුටු කඳුලින් දෑස් තෙමි යද්දී මට දක්නට ලැබුනේ අපේ "රංජා අයියා" අල්ලා ගැනීමට එන දහසක පමණ ආයුධ සන්නද්ධ හමුදාවක් සහ ප්‍රහාරක ගුවන් යාන සමුහයකි. ඈත සිටම ඔවුන්ගේ වෙඩි පහරවල් වලකා ලමින්, ගුවන් ප්‍රහාරද වලකා ලමින් සුනීතා ද එක් අතකින් ගත් අපේ "රංජා අයියා" ඔවුන්ගෙන් මිදී ඈතට දුවන්නට විය. මේ අතර ඈතින් රංජා අයියා සිටි දෙසට ශ්‍රී ලංකාවේ කොඩියද ප්‍රදර්ශනය කරගත් හෙලිකොප්ටරයක් පැමිණෙනු දුටිමි. එක් අතකින් ගත් මෝටාර් අවියකින් සෞදි හමුදාවටත් ඔවුන්ගේ ගුවන් යානා වලටත් වෙඩි තියමින් හෙලිකොප්ටරය පැද ආවෙ අපේ රාජිත සේනාරත්න මහතාගේ පුත් "චතුර සේනාරත්න" මහතාය. සුදුසු තැනක් බලා පහත් කරන ලද හෙලිකොප්ටරයෙන් බිමට දැමුණු කඹයක ආදාරයෙන් සුනීතාවද එක අතකින් ගත් රංජා අයියා එල්ලිගත් පසු සතුරු හමුදාව අන්ද මන්ද කරමින් ශ්‍රී ලාංකික ධජය රැගත් හෙලිකොප්ටර් රථය ඈත අහසේ නොපෙනී ගියේය.

දිනය - එදිනම පැය කිහිපයකට පසු.
ස්ථානය - කටුනායක ගුවන් තොටුපොල ආසන්නයේ පෙදෙසක්.

මරණයෙන් බේරාගනු ලැබූ සුනීතාවද රැගෙන සෞදි අරාබියාවෙන් පිටත් වුනු චතුර සේනාරත්න රණ විරුවා විසින් පදවනු ලැබූ ගුවන් රථය ලංකාවට ලඟා වෙමින් තිබේ. ඈත එන ගුවන් රථය දුටු මම පුදුමයට පත් වීමි, මා දුටුවේ සෞදියෙන් පිටත් වූ පරිදිම තවමත් එක අතකින් සුනීතා ද රැගෙන අනෙක් අතින් ගුවන් යානයේ කඹයේ එල්ලීගෙන එන අපේ රංජා අයියාවය. දස දෙසින් නැගෙන ප්‍රීති ගෝෂා මද්‍යයේ ගුවන් කරනම් කිහිපයක් ගැසූ යානය කටුනායක ගුවන් තොටුපලේ විශේෂිත වූ ස්ථානයකට බාවන ලදී. ගුවන් යානය ගොඩ බෑමටත් ප්‍රථම සුනිතාද රැගෙන එයින් බිමට පැනගත් රංජා අයියා ජයග්‍රාහී ලීලාවෙන් සෙනග අතරින් යද්දී මා දැක "මල්ලි එහෙදිත් හිටියනේ" යැයි මගෙන් අසන ලදී, "එකනේ අයියා, අයියගේ වැඩ තමා වැඩ" කියා මා කීවිට රංජා අයියා ඉතා නිහතමානී ස්වරයෙන් "ඕවත් වැඩ ද මල්ලි මේ one shot one ට, හැබයි දැන්නම් පොඩ්ඩක් මහන්සී සෞදි ඉඳන්ම අර නංගිවත් අරං තනි අතින් එල්ලිලමනේ ආවෙ මල්ලි, කඹේ නගින්න බෑ නේ තනි අතින්, එත් මේ චතුර කිව්ව ඉන්දියාව දිහායින් නවත්තල ඇතුලට එන්න කියල, මම කිව්ව ඔන්න ඔහේ ඕනෙ නෑ තව ටිකයිනේ යන්න තියෙන්නෙ කියල".

"අයිය, සුපිරියි අයිය" කියල මම බුවාගෙ පිටට තට්ටුවක් දැම්ම විතරයි,

එකපාරටම "මොකක්ද අනේ කරන්නෙ, ඔය පොඩි ළමය ඇහැරවන්න එපා කියල අපේ නෝනා කියපි, මම අනිත් පැත්ත හැරිල නිදා ගත්ත.

-යොහාන් නාලක විජේනායක


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions