12/29/2015

පනත නැතිකරගෙන තනපට අතට ගත් සිරිසේන

කතෘ:යුතුකම     12/29/2015   No comments

සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී දැන් වසරකට වැඩිය. එම පක්ෂයෙන් එළියට බැස ප්‍රථමයෙන්ම ඔහු චන්ද්‍රිකා යටතේ සිටිමින් මෙන් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඔහු එහිදී වැඩියෙන්ම පැවසූයේ තමාට ඖෂධ පනත සම්මත කරන්නට නොලැබුනු බවයි. මහින්ද විසින් එය හොරකම් කර ඇති බවයි. පනතක් හොරකම් කිරීම යනු විකාර කතාවක් යයි ලක් වැසියන්ට එදා තේරුනේ නැත. එය මහ ගොන් කතාවකි. පාසලේදී දෙන ගෙදර වැඩ කරගෙන යන්න බැරි වූ විට කුඩා කාලේ ගුරුවරුනට කියන එක බොරුවකි පොත නැති උනා යන්න. නුවණ මුහුකුරා ගිය ගුරුවරු ඒ බොළඳ බොරු වලට නොරැවටෙති. සිරිසේන පුංචි කාලයේ වුව රචනා පොත මහින්ද හොරකම් කළ නිසා රචනාව ලියන්න බැරි උනා කියා ඒ බව ගුරුවරයා විසින් පිළිගත්තද සමාව ලැබෙන්නේ එක් දිනකට පමණි. ඊළඟ දවසේ පොතක් නැතිනම් කොළයක හෝ රචනාව ලියාගෙන පැමිණිය හැකිය.

පනතක් නැතිවීම යනු පොඩි එකෙකුගේ රචනා පොත නැති වීම වැනි දෙයක් නොවේ. පනතක් කෙටුම්පත් කෙරෙන්නේ කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙනි. එහි පිටපත් අමාත්‍යංශ ලේකම් ඇතුළු එම කාර්යයට දායක වන කිහිපදෙනෙකු ළඟ තිබිය යුතුය. එසේම අද කාලයේ මේවා පරිගනක තුළද තිබිය යුතුය. ඔය කොහේවත්ම නැතත් ඒ පනතේ ප්‍රධාන කරුණු කාරණා විෂයභාර අමාත්‍යතුමාගේ සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඔළුවේ තිබිය යුතුය. ඒ සියල්ල එසේ තිබියදී "පනතක් හොරකම් කළා" යන්න කිසිදු ආකාරයකින් හිතේ මවා ගත නොහැකි අමුතු සංසිද්ධියකි. එහෙත් සිරිසේන දැඩි වෛරයෙන් කීවේ තමාගේ ඖෂධ පනත මහින්ද හොරකම් කළා කියාය. නමුත් මෙරට විශේෂයෙන්ම උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික ජනතාවට මේ වගේ ගොන් බොරු ප්‍රමාණවත් බවට නිවැරදි තක්සේරුවක් සිරිසේනට විය. මේ සියල්ල ප්‍රමාණවත් වූයේ සිරිසේන ගැන කිසිවක් ඒ වන විට මිනිසුන් නොදැන සිටි නිසා විය හැකිය.

මේ බොරුව කොතරම්ම ගොන්ද කියනවා නම් සිරිසේන නැති කරගත් ඖෂධ පනත නව සෞඛ්‍ය ඇමති රාජිත සම්මත කළේය. දැන් නැති වූ පනත සොයා ගත්තේ කවුද? අර පෙර බොරුවලට රැවටුන එකෙකුට සුළු හෝ තාර්කික බුද්ධියක් වේ නම්, සිරිසේනගේ නැති වූ පනත සොරකම් කර තබා ගෙන සිට ඇත්තේ රාජිත සේනාරත්න බව පෙනී යා යුතුය. නැතිනම් අර මනුස්සයා නැති උනා, සොරකම් කරලා කිය කියා වසර ගණනාවක් පුරා හඬ හඬ පැවසූ ඖෂධ පනත රාජිත දින කිහිපයක් ඇතුළත සම්මත කරන්නේ කෙසේද යන පැනය ඔවුන්ගේ ඔළුවට නොඑන්නේ ඇයිදැයි නොදනිමි. සිරිසේනගේ බොරු මේ තරම්ම නින්දිතය. නමුත් සරලය. ලක් ඉතිහාසයේම මෙවැනි බොරු කාරයෙක් මෙහි නායකයා වී නැත. ඔහු පැවසු "ඇමරිකාවේ බකිංහැම් මාළිඟයෙන්" ගෙනා රත්තරං අශ්වයන් ගැන මෙන්ම මහින්ද සිය උපන්දිනයට තෑගි වශයෙන් ළමයින්ට දුන් හෙලිකොප්ටර් ගැනද විශ්වාස කළ මෝඩ නමුත් උගත් බොහෝ පිරිසක් මෙහි විය. සිරිසේනට හැමදාම බොරු කිය කියා පාලනය ගෙන යන්නට ලැබෙන්නේ නැත. අර කලින් බොරු වලට රැවටුනු පුද්ගලයාද කල් යත්ම මේ සිරිසේන යනු අංක එකේ බොරු කාරයෙකු බව දැනගෙන අවසන්ය.

ඇවන්ට්ගාඩ් බොරුවෙන් නඩයම රෙදි ගලවා ගත්තේ අවසානයේ එය ඔවුන්ගේම අභ්‍යන්තර අර්බුදයක් දක්වා දුර දිග යාමෙනි. තාජුඩීන්ගේ මිනිය වැඩිම වුනොත් තව දෙවරක් පමණ ගොඩ ගෙන යළි වළලා දැමිය හැකිය. චූදිතයෙකු නැතිව, ඊට වඩා වාර ගණනක් ගොඩගන්නට යාමෙන් තාජුඩින්ගේ මිනියද මිනිස්සුන්ට එපා වනු ඇත. ඒ නිසා සිරිසේනට මේ දිනවල කරන්නට කියන්නට දෙයක් නැත. නැවත වරක් සෙරප්පු සාප්පුවකට ගොස් සෙරෙප්පු මිල දී ගෙන එය ප්‍රචාරය කළ නොහැකිය. එවිට සරල අයෙකුට කළින් ගත්තු කුට්ටම කැඩෙන්නට පෙර යළි අළුත් කුට්ටමක් කුමටද යන ප්‍රශ්නය මතුවේ.

තව නොබෝ දිනකින් තමා ජනපති වී වසරක් ගත වේ. කරපු දෙයක් කර ඇත්තේ කොටින්ටය. ඇප ලබා දුන්නේ උන්ටය. කොටි වෙනුවෙන් ඇප ලබා දීම දේශපාලකයින් විසින් තීරණය කරන අතරේම අධිකරණය ස්වාධීන යයි පැවසුවද අපේ රටේ සිටින උගත් ජනතාවට එහි පරස්පරයක් පෙනෙන්නේ නැත. ඉන්දියානු ඇමරිකානු සහ බටහිර වහලෙකු බවට පත්ව ඇති සිරිසේන රෙජීමය රණ විරුවන් විසින් යුධ අපරාධ කළ බව පිලිගෙන එය අනෙක් රටවලට යෝජනා කිරීමටද පසුගිය වසර තුළ සමත් විය. සුද්දන් ලව්වා ත්‍රිකුණාමලයේ නාවුක හමුදා කදවුර පරීක්ෂා කරවා එතනින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනිමටද මෙම වහල් රෙජීමය සමත් විය. සුද්දාට කෙරෙන වහල් කම අනුව යමින් සුද්දන්ගේ මුදලින් මෙරට තුළ නඩත්තු වන තීන්දුව දැන්ම දන්නා විශේෂ විදෙස් අධිකරණ පිහිටුවෙන්නේ ලබන වසර තුළය. මානව හිමිකම් කොමසාරිස්ගේ ක්ෂේත්‍ර කාර්යාලය මෙරටට එන්නේ ද ලබන වසරේය. මෙරට ඒකියභාවය නැති කරන, ඉඩම් පොලිස් බලතල සමඟින් 13න් එහාට යන බලයක් උතුරු නැගෙනහිරට ලැබෙන ඊළාම් ගමනට නව පණක් දෙන අළුත් ව්‍යවස්ථාවේ වැඩ පටන් ගන්නටත් තව සති දෙකක් පමණ ඇත. ජනවරමට එරෙහිව කෙරෙන ඒ ඇමරිකන් වහල්කම මෙරටට ඉතා තීරණාත්මක වනු ඇත.

රණ විරුවරුන් කිහිප දෙනෙකුම ත්‍රස්ත මර්දන පනත යටතේ අත් අඩංගුවට ගැනීම සහ ජිනීවාවලදී රටට තොණ්ඩුව දමා ඔබාමාට කඹයේ කෙළවර දී පැමිණීම හැරුණු විට මේ වසරටම සිය පාලනයෙන් කළ ඇඟට දැනෙන මංගල්‍යයක් නැත. චම්පික සමඟ එක් දිනක් ව්‍යායම පවත්වා එය මාධ්‍යයේ දමා ගැනීමද තවත් සාර්ථකව අවසන් කළ කර්තව්‍යයකි. පසු ගිය වසරේ සුවිශේෂම සිදු වීම වූයේ රැජින විසින් මේස් ගලවා සිරිසේනට අතට අත දීම බව නොකිවමනාය.

මේ අල්ලපනලේ කාන්තාවක් සිය තනපට ගලවා එන්රිකේ වෙතට විසි කළාය. එන්රිකේ විසින් පසෙකින් තැබු තනපට අපේ ජනපතිදු දෝතින්ම ගත්තේය. එන්රිකේට පමණක් නොව, එතුමාටද වේදිකාව මත භූමිකාවක් අවශ්‍යය වීම සාධාරණය. හැමදේම මං දැනන් හිටියේ නෑ හිටං කියා රටක් පාලනය කළ නොහැකිය. දැනට රණ විරුවන්ට තැලීමට සිරිසේනගේ අතට සුද්දන් විසින් ලබා දී තිබෙන මඩුවලිගය බොරුවට හෝ තමන් වෙතටද යොමු විය හැකි බව මේ තනපට ගලවා අහසට විසින කරන අලුත් පරපරේ තරුණියන් වටහා ගත යුතුය. සුද්දන්ගේ රටවල මාධ්‍ය තුළ සිරිසේනගේ තනපටේ ප්‍රකාශයට ඉඩක් ලැබෙන්නේ උන් රට බෙදන්න දුන් මඩුවලිගයෙන් මේකා අර කෙල්ලන්ටත් තලාවිද යන සැකයක් උන්ටත් ඇති වූ නිසා බව මේ කෙල්ලන් දත යුතුය. තනපට ගලවන උන්ට තැලීම මඟින් රණවිරුවන්ට තැලීම සඟවා තැබිය හැකි බව සිරිසේන දනී. පනතක් නැති උනා කියා රටක් රවටපු මිනිහෙකුට කවුරුන් හෝ විසින් ගලවා වෙනකෙකු වෙත විසිකරන බ්‍රෙෂියරයක් දෝතින් ගෙන යළිත් රටම ඇන්දවීම කජ්ජක් නොවේ. අනෙක එතුමා ෆේස්බුක් එකේ වෙන්නේ මොනවාදැයි හොදින් දනියි. එතුමා නිතරම ෆේස්බුක් ඉන්නා බවත් අර තනපට ගලවන තරුණියන් ප්‍රවේශමෙන් මතක තබා ගත යුතුය.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

[චායාරූපය FB පිටුවකින් උපුටා ගත්තකි ]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions