12/02/2015

දයාබර ‍නොවැම්බර්.

කතෘ:යුතුකම     12/02/2015   1 comment

උතුරින් හමනා සුළගේද ඇත්තේ නිදහසේ සුවඳය. පෙර කිසිම දිනක මෙවැනි සුළඟක් හමා නැත. හුදී ජනයා ඉන්නේ පස්වනක් ප්‍රීතියෙනි. ඔවුහු කති, බොති, නටති, ගයති, වයති. පොළිය නැතිව බැංකුවෙන් බේරාගත් රත්තරන් බඩු අතේ, ගෙලේ, කනේ දමාගෙන යන්නේ උජාරුවෙන්ය. මේ සියල්ල ආණ්ඩුවට පිංසිද්ධ වෙන්නය.
තවම තුන් මාසයක්වත් නැත. දන්සැල් දොරෙහි යදියෙක් තබා බල්ලෙක්වත් නැත. පුරවැසියන් සියළු දෙනා සල්පිල් වලය.

නොමැත ඇසක කඳුලක්
නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිනු නොහැක ලේ බිඳුවක්
නොමලොත් මකුණෙක් මදුරුවෙක්


නන්දා මාලනියන්ගේ සිංදුවට ගැලපෙනම විෂුවල් සොයාගත හැක්කේ වර්තමාන ලංකාවෙන්ය. මළ එකෙක් නැවත ඉපදීමටත්, නොමළ එකෙක් නොමැරී ජීවත් වීමටත් මේ උදාවී ඇත්තේ හොඳම කාලයක්.

පාර්ලිමේන්තුවම නිදාගෙන ඉන්නකොට නොනිදා රවී ඇමතිතුමා ඉදිරිපත් කල අයවැය ගැන මතවාදය යටපත් වී අවසානයේ සමාජගත උනේ අයවැයට කරන සංශෝධන ගැනය. ඔය ප්‍රගතිශීලීත්වයේ උච්චතම අවස්ථාව මීට කලින් දැනගත හැකි උනේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේය.

1906 සැප්තැම්බර් මාසයේ ඉපදුණු ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මිය ගියේ 1996 නොවැම්බර් මාසයේ පලවෙනිදාය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පිට සංශෝධනය කලේ එතුමාය. වරක් ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකුණන පොත් සාප්පුවකට ගියපු මනුස්සයෙක් ඉල්ලා ඇත්තේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව දෙන්න කියාය. පොත් සාප්පුවේ මුදලාලි ගත් කටටම කියා ඇත්තේ මාසික වාර ප්‍රකාශන මෙහි විකිණීමට නැති බවය.

ඕවා හිනා නොයන දේශපාලනික විහිළුය. උදාවී ඇති දෙසැම්බර් වලට ප්‍රධාන හේතුව අවසන් උන නොවැම්බර්ය. ඒ නිසා මෙතැන් සිට ලියන්නේ අන්න ඒ නොවැම්බර් ගැනය.

වෙන කිසිම මාසයක් ගැන නොලියා නොවැම්බර් ගැන ලියන්න හේතු ඕනෑ තරමිය. මලවුන්ගේ මාසය ගැන ලියා ඇත් ඵලක් නැත. එහි ඇත්තේ සාම්ප්‍රදායික ආගමික ගතියකි. දකුණු මුහුදට වැටෙනවා... වැටෙනවා... කියූ එහෙත් නොවැටුණු අභ්‍යාවකා යානා කෑල්ල ගැනද ලියා ඇති වැඩක් නැත. හැබැයි මේ ලියන හැම දේම අයිති නොවැම්බරයටය.

නොවැම්බර් කිව්ව සැනින් පොඩි උන්ට මතක් වෙන්‍නේ ලබන මාසේ ඉස්කෝලෙ නිවාඩු කියාය. ලොකු අන්ට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ විජේවීරය. ඊට පස්සේ ප්‍රභාකරන්ය.

අද කාලේ ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමාට වාත අමාරුවක් හැදුනත් ශෝක වෙන්න එක්සත් ජාතික පක්ෂයේ මහත්වරු හිටියත් ඉස්සර රෝහණ විජේවීර මරන්න බොරැල්ල කනත්තට ගෙනාපු වෙලාවේ “මීක්” කියා කියන්නවත් ඔය කිසිම මහත්තයෙක් හිටියේ නැත. පැවති ක්‍රමවේදය වෙනස් කරන්න අරගල කරපු රෝහණ විජේවීරයන් මරා දැම්මේත් මේ නොවැම්බරයේය. ඒ 89 නොවැම්බර් 13 වැනි දා ය.

ජනතා විමුක්ති පෙ‍රමුණ රට පුරා පෝස්ටර් ගසා සමරන්නේ අද එකට කන බොන උන් විසින් එදා මරා දැමූ තමන්ගේ නායකයා ය. ඉල්මහ සමරුවට ගහපු පෝස්ටර් වල තියෙන දේවල් කියවන විට තේරුම් යන්නේ නොතේරුම්කමේ සැබෑ දිග පළලය.

සඳ මතක හද බැඳ
ඉල් මහ යලිත් ආ සඳ
කොතරම් දීප්ති ද නුඹ
හෙටද බැබලේ අඳුර විනිවිද

දැන් අලුත් ඡේදයක් ය. ශිවාජිලිංගම් ගැන ලියන්න කලින් මහින්ද රාජපක්ෂ මහතා ගැන ලිවිය යුතුය. ඒ නොවැම්බර් ගැන ලියන නිසාය. මහින්ද මහත්තයාගේ 70 වන උපන් දිනය තිබුණේ මේ නොවැම්බරයේය. මහින්ද මහත්තයාගේ උපන් දිනය වැදගත් වෙන්නේ නොවැම්බරයේ ඉපදුණු ප්‍රභාකරන්ගේ විපත කියාය. වැදගත්ම දේ මේ පාර ශිවාජිලිංගම්ට ප්‍රභාකරන් නොමැතිව මහවිරු දිනය සමරන්න සිද්ධ වුණේත් 1945 නොවැම්බර් මස 18 වෙනිදා උපත ලැබූ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසාය.

සීතල නොවැම්බරය උණුසුම් කරන දේවල් ගැන ලියන්න ගියොත් එතැන තියෙන්නේ පරිසර වර්ණනාවක්ය. පරිසරයට අර ඉස්සර අපි පුංචි කාලයේ ඉගෙන ගත්ත නිල් පාට කෙත් වතු වල කතාව වගේය. නිල් පාට කෙත් වතු පොතේ පිටු අතර මිස ගමේ නැති බව තේරුම් ගත්තේ දැනුම් තේරුම් යන කොටය.
උතුරු පළාත් සභා මන්ත්‍රී ශිවාජිලිංගම් කුරුණෑගලින් තරඟ කර ඡන්ද 91 ක් ගත්තා කියා කුරුණෑගල එල්.ටී.ටී.ඊ. 91 ක් ඉන්නවා කියා කිසිවෙකු හෝ තේරුම් ගත යුතු නැත. හැබැයි බොහෝ දෙනෙකුට අමතකව තිබූ මහවිරු දිනය අපි හැමෝටම මතක් කර දුන්නේ මෙන්න මේ ප්‍රභාකරන්ගේ මස්සිනා ශිවාජිලිංගම්ය.
මේ හැම දේම සිද්ධ උනේ ගෙවා අවසන් උනු නොවැම්බරයේය. හැබැයි හැම නොවැම්බරයක්ම ඔය වගේ නැත. ඉතිහාසය වැදගත් වෙන්නේ අනාගතයටය. අන්න ඒ හින්දම ගෙවුණු ඉතිහාසගත නොවැම්බර් වලින්ම මේ සටහන අවසන් වෙනවා. දිගින් දිගටම ලියන්න ඉඩ මදි හින්දා ඉලක්කම් කෙටි වෙනවා.

· 1984 නොවැම්බර් 30 - කෙන්ට් ෆාම් සමූල ඝාතනය. කුඩා දරුවන් ඇතුළු මිය ගිය
ගණන 30කි.
· 1985 නොවැම්බර් 7 - ත්‍රිකුණාමලය නාමල්වත්ත ගමේ මරා දැමු පිරිස 10 කි.
· 1987 නොවැම්බර් 9 - මරදාන බෝම්බය. සිවිල් වැසියන් 23 දෙනෙකු මිය ගිය
අතර තුවාල ලැබූ ගණන 150 කට ආසන්නය.
· 1990 නොවැම්බර් 1 - වැලි ඔය ප්‍රහාරය.
· 1995 නොවැම්බර් 11 - කොම්බඤ්ඤවීදියේ දුම්රිය නැවතුමේ බෝම්බය. මිය ගිය
ගණන 18 කි.
2015 ත් ‍ප්‍රභාකරන් සිටියානම් දයාබර නොවැම්බර් මීට වඩා හුඟක් වෙනස්ය.

-නිර්මල කොතලාවල


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මෙන්න මේක බලන්න https://www.facebook.com/Mr.GotabayaRajapaksa/videos/448442705342628/

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions