12/08/2015

යහපාලන නාඩගමට නොදෙවෙනි කොමිසං සබා මායම

කතෘ:යුතුකම     12/08/2015   No comments

කොමිසං සබා මායම
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මහත් ප්‍රහර්ෂයෙන් වාර්තා කර තිබූ ප්‍රවෘත්තියක් නම් ඊනියා ‘ස්වාධීන‘ කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්වීමය. මෙය 19 වන සංශෝධනයේ සෘජු ප්‍රතිඵලයකි. මේවා පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදයේ මහා ජයග්‍රහණයක් ලෙස දිගින් දිගටම මාකට් කරන ලදී. මේ ප්‍රවෘත්තිය මෙන්ම කොමිසං සභාවල සංයුතියද පහතින් බලාගත හැකිය.
http://lankaenews.com/news/3139/si
වර්තමාන පාර්ලිමේන්තු සංයුතිය ලෙස බැලීමේදී පෙනී යන්නේ තනිකරම රනිල් වික්‍රමසිංහගේ අභිමතය පරිදි මේ කොමිසං සභාවලට සාමාජිකයන් පත් වෙන බවයි. දැන් රනිල් කතානායකට විධාන දෙයි. ජනාධිපති මෛත්‍රිපාල මහතා රනිල්වාදියෙකි. ඔහුම කියූ පරිදි ඔහු පාර්ලිමේන්තුව විසුරවා හැරියේ රනිල්ව විශ්වාසභංගයකින් බේර ගැනීමටයි. ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයට රනිල් සමග ඇත්තේ මතවාදී ප්‍රශ්න නොව පොඩි පොඩි ‘තාක්ෂණික‘ ප්‍රශ්නය. අනුර කුමාර නායකත්වය හොබවන ජවිපෙ යනු එජාප යොවුන් පෙරමුණයි. සැබෑ විපක්ෂයක් ලෙස ඉතිරිව ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, වාසුදේව සහ ශ්‍රිලනිපයේම පිරිසක් පමණි. ශ්‍රීලනිප පිරිසටද මෛත්‍රිපාලගේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා හරිහමං විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට බැරිය. එසේ කළහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වයට පමණක් නොව මන්ත්‍රීකමටද කෙළ වීමට ඉඩ ඇත. මේ නිසා මේ කොමිසං සභාවල ස්වාධීනකම නමට විතරක් සීමා වීම වැළැක්විය නොහැකිය. මේ කොමිසං සභා සහ රනිල්ගේ එජාප ‘කුත්තාදිකාරි මණ්ඩලය‘ අතර වෙනසක් නැත (රනිල් කුත්තාදිකාරි මණ්ඩලය පත් කරන අතර කුත්තාදිකාරි මණ්ඩලය නැවත රනිල්ව පත් කරයි).

මේ කොමිසං සභාවල සංයුතිය බැලූ විට රටේ බහුතරය වන සිංහල බෞද්ධයන් බහුතරයක් මේවායේ සුළුතරයක් වී ඇත. එහෙත් අය එතරම්ම වැදගත් කාරණයක් නොවන්නේ ජනවර්ගය සහ ආගම මතම යමෙක් දරන මතවාදය තීරණය නොවන බැවිනි. රනිල් වික්‍රමසිංහ සහ වික්‍රමබාහු කරුණාරත්නගේ උප්පැන්න සහතිකවල සිංහල යනුවෙන්ද මොහොමඩ් මුසම්මිල්ගේ උප්පැන්න සහතිකයේ මුස්ලිම් යනුවෙන්ද ඇත. එහෙත් ඔවුන් දරන මතවාද එයින් සෘජුව නියෝජනය නොවේ. අපට වැදගත් වන්නේ මේ කොමිසං සභාවල ඉන්න අයගේ මතවාද මොනවාද යන්නයි. මේ කිසිවෙක් වැරදිලාවත් ජාතික මතවාදය නොදරන බවට රනිල් වගබලාගෙන ඇත. රනිල්ගේ අභිමතයට පටහැනි කිසිවෙක් මේවාට පත්වන්නේ නැත.

මේ කාරණය වැදගත් වන්නේ මේ කොමිසං සභාවල ස්වභාවයම එය නිසයි. එයින් ජනමතය නියෝජනය නොවේ. එමගින් කරන්නේ ජනවරමක් නැති පිරිසකට රටේ ව්‍යස්ථාදායක බලය මෙන්ම ප්‍රතිපත්ති තීන්දු කිරීමේ බලයද පවරා දීමයි. මේ පිරිස පත් කිරීමට මෙන්ම ඉවත් කිරීමටද ජනතාවට හැකියාවක් නැත. ජාතික මතවාදය තවමත් රටේ සිංහලයන්ගෙන් බහුතරයක්ද රටේ සමස්ත ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන තනි මතවාදයද වුවත් එයට කොමිසං සභාවල කිසිම නියෝජනයක් නැත්තේය. යම් හෙයකින් මෙහි ඇති ‘සීමා නිර්ණය කිරීමේ කොමිසම‘ විසින් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර දෙමළ අලුත් ස්වයං පාලන ඒකකයකට අවශ්‍ය පළාත් සීමා නිර්ණය කළහොත් ඊට විරුද්ධව ජනතාවට කළ හැක්කේ කුමක්ද? කිසිවක් නැත.

ප්‍රශ්නය තවත් බරපතල වන්නේ මේ කොමිසං සභාවල ආයු කාලය අවම වශයෙන් අවුරුදු තුනක් වීමය. මේ අනුව හෙට ආණ්ඩුව පෙරළී ඡන්දයකට ගියත් වැඩක් නැත. ඊළග අවුරුදු තුනේම රටේ ව්‍යවස්ථාදායකය, මූල්‍ය පාලනය ආදී ඉතා වැදගත් දෑ ගැන තීරණ ගන්නේ කලින් ප්‍රතික්ෂේප වූ ආණ්ඩුවෙන් පත් වූ කොමිසං සභාමය. ඡන්ද එකක්වත් නොවැටුනත් තමන්ගේ ගෝලබාලයන් සිටින කොමිසං සභා හරහා ගෙදර ඉදගෙන රට පාලනය කිරීමට වුවද රනිල්ට හැකිය.

කොමිසං සභාවල අනෙක් ප්‍රශ්නය එමගින් ජනවරමක් ඇතුව පත්වූ ආණ්ඩුවට තම වගකීම් පැහැර හැරීමට හැකිවීමයි. සිංහලෙන් කියනවානං Accountability එක ගැනීමට එකෙක් නැති වීමයි. උදා ලෙස රනිල් අයවැය කතාවෙන් කීවේ සේවක අර්ථසාධක අරමුදල් මහබැංකුවේ පාලනයෙන් බැහැර කොට ව්‍යවස්ථාදායක කොමිසං සභාවෙන් පත් කරන අධ්‍යක්ෂක මණ්ඩලයකින් පාලනය කරනු ඇති බවය (http://lankaenews.com/news/3137/si). හරියට රනිල්ගේ මතයට පටහැනිව ‘ස්වාධීනව‘ මේවා ක්‍රියාත්මක වේයැයි සිතන්නට කියා ඔහු අපට කියයි. මෙතනදීත් වෙන්නේ අර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කතාවමයි. අන්තිමට සේවක අර්ථසාධක අරමුදල කම්බස් වී එයින් ආර්ථිකයම කඩා වැටී ආණ්ඩුවත් බංකොලොත් වූ විට රනිල් කියනු ඇත්තේ තමන් මොකුත් නොදන්නා බවත් ව්‍යවස්ථාදායක කොමිසං සභාව මේවා තීන්දු කරපු බවත්ය. සටන් විරාම ගිවිසුම හරහා රට කොටින්ට ලියා දුන් රනිල්ට එදා එහි වගකීම බාර ගැනීමට සිදු වුවත් ඉදිරියේ සීමා නිර්ණ කොමිසං සභාව සහ ව්‍යවස්ථාදායක කොමිසං සභාව හරහා දෙමළ ස්වයං පාලන ඒකකයක් තැනූ විට රනිල්ට එහි වගකීම තමන්ම පත් කරපු කොමිසං සභාවලට පවරා අතපිහ දමාගත හැකිය.

මහා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ලෙස යහපාලනයට රැවටුන ජහමනයාට ගිල්ලවූ මේ කොමිසං සභා ලණුව තරං ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ව්‍යුහයක් තවත් නැත. මෙහි ප්‍රධාන අරමුණ දෙමළ බෙදුම්වාදය රජ කරවීමයි. අනෙක් අරමුණ ආර්ථික යටත්විජිතයක් බවට ලංකාව පත්කිරීමයි. වෙන අරමුණක් මෙහි නැත. වෙන දෙයක් මෙයින් වෙන්නේද නැත. ඊනිව්ස් කරුගේ සතුට ඒ වෙනුවෙනි.

-දර්ශන කස්තුරිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions