12/14/2015

යහපාලන ගොනා බුද්ධාගමටත් අනී - සුද්දා 1815 දීවත් නොකළ ද්‍රෝහීකම

කතෘ:යුතුකම     12/14/2015   1 comment

බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය පොතෙන් එළියට, ඊලඟට ව්‍යවස්ථාවෙන්.

චන්ද්‍රිකා මහත්මිය සිටින්නේ පාසල් යන වයසක නොවේ. නමුත් ළඟදී චන්ද්‍රිකා මහත්මියට පාසල් පෙළ පොත් මතක් විය. අපටත් ඇතැම් විට කුඩා කළ බැලූ ඒ පොත පත  කිසියම් අතීතාශ්වාදජක හැඟීමක් මුසුව මතකයට නැගෙන අවස්ථා ඇත. නමුත් චන්ද්‍රිකා මහත්මියට පාසල් පෙළ පොත් මතක් වූයේ එවැනි හැඟීමක් ඇතිව නොවේ. බටහිරයන් විසින් ඇයට පැවරූ ප්‍රධාන වගකීමක ආරම්භක පියවර තැබීමටය. ඇය ළඟදී පාසල් විෂය නිර්දේශයෙන් බුද්ධාගම පොත ඉවත් කර සියළු ආගම් ඇතුළත් සර්ව ආගමික පොතක් ළමුනට ලබා දිය යුතු බවට අදහස් පළ කළාය.

වරෙක ඇය තම පුතණුවන් සිංහලයකු වීම පිලිබඳ ඔහු අතිශයින් ලැජ්ජා වන වග තමා සමඟ පැවසු බව ප්‍රසිද්ධියේ පැවසුවාය. ඇයද තමා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන ස්ත්‍රියකි. නොඑසේ නම් සිය පුතා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඇය මේ රටේ සිංහලයන්ට සහ බෞද්ධයන්ට හිමි තැන නොපිලිගන්නා ස්ත්‍රියකි.

බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් තැබූ උඩරට ගිවිසුමේ පවා බෞද්ධාගම රැක ගැනීම උදෙසා ඔවුන් සතු වගකීම අවධාරණය වී ඇත්තේ එය මේ රටේ ඓතිහාසිකව පැවත ආ සම්ප්‍රදාය වූවා සේම එය රජවරුන් සතු යුතුකමක් සහ රාජ්‍යත්වයට ඇති හිමිකමද නිර්ණය වන සාධකයක් වි තිබුන බැවිනි. රටක ව්‍යවස්ථාව සහ නීති බවට පත් වන්නේ එම රටේ සම්ප්‍රදායයි. නමුත් බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වූ අප සතුව ඇත්තේ බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදාය මත සැකසූ ව්‍යවස්ථාවක් විනා අපගේ සම්ප්‍රදාය මත සැකසූ ව්‍යවස්ථාවක් නොවේ. කෙසේ නමුත් උඩරට ගිවිසුමට ද ඇතුලත් කර ඇති පරිදිම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයට අයත් වන නව වන වගන්තියට අනුව ශ්‍රී ලංකා රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතුය. එසේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතුය යනුවෙන්ද එහි ඇතුළත්ය.


දැන් මේ චන්ද්‍රිකා නෝනා එන්නේ මොකාටදැයි වටහා ගැනීමට අමුතු බුද්ධියක් අවශ්‍යය නොවේ. ස්වාභාවික මිනිස් ඉව ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය. ලංකා රජය නව ව්‍යවස්ථාවක් සකසන්නට කැස පට ගසමින් සිටියි. සැබැවින්ම එය ලංකා රජය විසින් සදන්නට යන ව්‍යවස්ථාවක් යැයි කියනවාට වඩා ගැලපෙන්නේ බටහිරයන් විසින් අප ලවා සාදවන අපේ නොවන අපේ ව්‍යවස්ථාවක් බව පැවසීමයි. මෙම ව්‍යවස්ථාව සැකසෙන්නේ නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස් මතය. ආර් සම්බන්ධන් විපක්ෂ නායකතුමා ව්‍යවස්ථාවේ තමනට ඇති ගැටළු දන්වා යවන්නේ මේ නෝර්වේ රටේ කෙවන් වොලන්ටය. මේ ව්‍යවස්ථාව කෙබඳුදැයි තවම අප දන්නේ නැත.

නමුත් චන්ද්‍රිකා පෙළ පොත සර්ව ආගමික කිරීම හරහා නිකුත් කරන්නේ සංඥාවකි. පැහැඳිලි සංඥාවකි. නැතිනම් චන්ද්‍රිකාට ඉස්කෝලේ පොත් මතක් වෙන වයසක් නොවේ මේ. මුලින්ම එන්නේ සර්ව ආගමික පාසල් පෙළ පොතක්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී නැති පාසල් පෙළ පොතක්. ඉන් පසුව එන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති ව්‍යවස්ථාවක්. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති රටක්.

පෙළ පොත හරහා කාර්යයන් දෙකක් සාක්ෂාත් කර ගත හැකිය. එකක් මුලින් මුට්ටිය දමා බැලීමය. මේ මුට්ටියට කුඩු වෙන්න ගැහුවද හොරා පසුබසිනු ඇත්තේ තාවකාලිකවය. මේ හොරා මෙහය වන්නේ බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් විසිනි. ව්‍යවස්ථාව සදන්නේ නෝර්වේ රටින් උපදෙස් ගනිමිනි. එනිසා හොරාටද හොරකමේ යනවා හැරෙන්න වෙන විකල්පයක් නැත. ඉන් සාක්ෂාත් කර ගන්නා දෙවන කාරණය ඊටත් වඩා අතිශය භයානකය. එනම් මතවාදීව බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමි විය යුතු නැතැයි තහවුරු කර ගැනීමයි. පෙළ පොතට මේ වෙනස කරන විට බොහෝ දෙනෙකු ඒ ගැන එතරම් උනන්දු නොවන, බිය නොවන හේතුවක් තිබේ. ඒ ළමුන්ට අන් ආගම් ගැනද වැටහීමක් ලැබීමේ කිසියම් සාධනීය පැත්තක්ද ඇති බැවිනි. එහි සත්‍යයක්ද තිබේ. නමුත් චන්ද්‍රිකා.... ඇය දැන් කල්පනා කරන්නේ ළමුන්ගේ අධ්‍යාපනය ගැනද? අපි ඇය ගැන දනිමු. ගොනා හැරෙන්නේ පොල් පැළයට වැඩේ දීමට බව අපට පෙනී යා යුතුය.

මුලින් පෙළ පොත සර්ව ආගමික කළ පසු සියළු ආගම් මේ රට තුළ සමස්ථානයේ ලා සැලකිය යුතු බවට මතයක් පසුව තහවුරු කර ගැනීම පහසු වේ. කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානයක් අවැසි නැති බව පවසනු ඇත. අවශ්‍ය නම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම බෞද්ධ ධර්මයට පවා පටහැණි යැයි උගන්වන ඊනියා උගතුන් කිහිප දෙනෙකුද කළ එළි බසිනු ඇත. අඥාන සිංහලයාට මෙය වැටහෙන කොට පෙරහැර ගිහින්ය. බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කිරීම සඳහා චන්ද්‍රිකාලා රනිල්ලා හරහා බටහිරයන් ඉතා දක්ෂ අයුරින් මානසික පරිවර්තනයක් සැලසුම් කර ක්‍රියාත්මක කරන බව අපට දැන් පෙනී යා යුතුය. එය මෙරට මහා සංඝයා වහන්සේ ඇතුළු බෞද්ධ දායක දායිකාවන්ගේ අප්‍රමාදි අවධානයටවත් ලක් විය යුතුය. හොරා අල්ලා ගැනීම කෙසේ වෙතත් මුට්ටිය බිද දැමීමටවත් මේ සියළු දෙනා නින්දෙන් අවදි විය යුතුය. නැතිනම් අපට වසර දෙදහස් පන්සියයකට වඩා පැවත ආ සම්ප්‍රදායට, අලිඛිත ව්‍යවස්ථාවට සහ ලිඛිත ව්‍යවස්ථාවට පටහැණි රටක් බිහි වීමට ඇත්තේ තවත් වසර දෙකකට අඩු කාලයක් බව සිහි කැඳවා ගත යුතුය. යළි යටත්විජිතකරණයට ලක් වූ මේ දේශයේ අප ගත කරන්නේ ඉතිහාසය වෙනස් කරවන සන්ධියක් පසු කරන ඉතාම තීරණාත්මක අවධියකි. නිදිගෙන සිටියහොත් සොරා ගෙයි වටිනා කියන කිසිවක් ඉතිරි නොකරනු නිසැකය.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ANDU KRAMA VYAWASTHAWE 9 WAGANTHIYA(VYAWASTHAWA)DIVI HIMIYEN REKAGANIMU

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions