12/07/2015

යහපාලන මහබැංකු බැඳුම්කර මංකොල්ලය සරල සිංහලෙන් කියාදුන් ආචාර්‍ය නාලක ගොඩහේවා හිරේ

කතෘ:යුතුකම     12/07/2015   1 comment




යහපාලන ආණ්ඩුව පත් වී මුල් දින සියයෙන් අඩක් ගත වන්නටත් පෙර සිදුකළ මහ බැංකු බැඳුම්කර වංචාව අද වන විට බොහෝ දෙනාගේ මතකයෙන් ඈතට ගොස් තිබේ. එසේ වී ඇත්තේ ඒ පිළිබඳ කතාබහට වඩා දරුණු නිවට පාවාදීමකට ජිනීවාහිදී අප රට ස්ව කැමැත්තෙන් එකඟවීම හරහා පත්ව ඇති පත්ව ඇති මහා ව්‍යසනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම සහ කොතරම් පෙන්වා දුන්නත් මහ බැංකු මංකොල්ලය පිළිබඳ අදාළ බලධාරීන් බීරි අලින් සේ නෑසූකන්ව සිටින බැවිනුත්ය.

දින 100 ආණ්ඩුවේ මහ බැංකු හොරකමට නම් ගෑවුනු මහ බැංකු අධිපතිවාරයා මෙන්ම ඔහුව ආරක්ෂා කළ මුදල් ඇමතිවරයයා සිරිසේන ජනාධිපතිවරයාගේ හදිසි පාර්ලිමේන්තු විසිරුවා හැරීම හරහා බේරාගත් අතර පසුව අලුත් ආණ්ඩුවේද ඒ තනතුරුවලින්ම පිදීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ බීරි අලින්ට වීණා වැයුවාට වැඩක් නැති බව පසක් කරමිනි.

බැඳුම්කර මගඩිය හරහා දැනට රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි හත්දහස් පන්සියයක් (
රුපියල් කෝටි 7500 ) ආසන්න ගණනක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම එම පාඩුව දිනපතා වර්ධනය වෙමින් පැටව් ගසමින් පවතී.
හොරකමට දූෂණටට විරුද්ධ යැයි මහා ඝෝෂාවක් කරමින් බලයට පැමිණි වික්‍රමසිංහ - සිරිසේන ආණ්ඩුව තුලින්ම ඉතිහාසයේ සිදුකළ දැවැන්තම මංකොල්ලය සිදුවීම දෛවෝපගත සිදුවීමකි. එයත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුජුව පත් කළ තම ඒජන්තයා වූ මහ බැංකු අධිපතිවරයා ,මුදල් ඇමතිවරයා පැටලී තිබීමත් ඒ සිදුවීම හරහා මහ මැතිවරණයට කලින් පැවති ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන විස්වාස භංගයෙන් ඔහු ගලවාගැනීමට ආණ්ඩුව විසුරුවා හැරි මෛත්‍රීපාල සිරිසේන මහතා සෘජුවම මැදිහත්වීමත් එහි දෛවොපගතබව තවත් තීව්‍ර කරයි. සිරිසේන මහතාගේම වචනයෙන් කිවහොත් එදා (දින 200 ක් පමණ පැවති) දින 100 ආණ්ඩුව විසුරුවා නොඇහරියේ නම් මේ බැඳුම්කර ගැටලුව අරභයා රනිල් වික්‍රමසිංහ මහතා ලොකු අකරතැබ්බයක වැටෙන්නට ඉඩ තිබිණ.

පසුගිය මහ මැතිවරණ වේදිකාවේදී මේ පිලිබඳ නැගුණු චෝදානාවලට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ බලයට පත් විගස ඒ පිළිබඳ නැවත පරීක්ෂණ අරඹන බවයි. සමහර විට ඒ කලින් මෙන් සිරිකොතට සෘජුව සම්බන්ධ නීතිඥයන්ගෙන් යුත් කමිටුවකින් වන්නට බැරි නැතැයි එකල සිතුණි. නමුත් ප්‍රශ්නය වන්නේ මංකොල්ලයට වසරක් පිරෙන්නට ආසන්නව තිබියදීත් අ පිලිබඳ හාවක් හූවක් නොමැති වීමයි.

ඒ වෙනුවට ඒ පිළිබඳ ජනතා අවධානයට ලක් කල විනිමය හා සුරැකුම්පත් කොමිෂමේ සභාවේ හිටපු සභාපතිවරයකු වන ආචාර්‍ය නාලක ගොඩහවා මහතා ලක්ෂ 50 ක අනුග්‍රාහකත්වයක් ලබාදීම සම්බන්ධ කාරණයකට රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු මෙහෙයවීම මත ක්‍රියාත්මක වන්නේ යැයි කියන මූල්‍ය අපරාධ විමර්ශන අංශයය මගින් අත්
ඩංගුවට ගෙන හිරේ දමා තිබේ.

ආචාර්‍ය නාලක ගොඩහේවා නොව ඕනෑම අයෙකුට නීතිය ක්‍රියාත්මක වන්නේ නම් එය ප්‍රශ්නයක් නොවේ. නමුත් මෙහි ගැටලුව වන්නේ මහ දවල් සිදුවූ ලක්ෂ 750,000 මගඩිය පිලිබඳ හාවක් හූවක් නැතිව ඔවුන්ට තව තවත් වරදාන පුදද්දී ඒ ගණන් සමග සැසඳීමේදී සොච්චම් ගණුදෙණු පිළිබඳ මේ ක්‍රියාත්මක වන්නේ සැබෑ සාධාරණයද එසේත් නැත්නම් යහපාලන ආණ්ඩුවට එරෙහිව ඔවුන් දරන මතය නිහඬ කිරීමේ ත්‍රාඩ උත්සාහයක්ද යන්නයි.
ආචාර්‍ය් ගොඩහේවා මහතා මහබැංකු මංකොල්ලය පිළිබඳ සිදුකළ මේ පැහැදිළි කිරීම මොහොතක් අසන්න...

යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. Isn't this guy Godahewa a accused criminal??? Why would we want to believe what he says???

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions