12/06/2015

ජහපාලනය හෙවත් රට විසංයෝජනය කිරීම

කතෘ:යුතුකම     12/06/2015   3 comments

වර්තමාන රනිල්-මෛත්‍රී ආණ්ඩුව පැමිණ තිබෙන කුට ගමන කොපමණ කලක සිට විවිධාකාරයෙන් සැලසුම් කෙරුණක් ද කියා දැන ගන්නට, බොහෝ 'ගෙදර වැඩ' කළ යුතුයි.

අද දවසේ එ.ජා‍.ප. පුමුඛ මෙරට නව ලිබරල් ඒජන්තයන් මෛත්‍රීපාල සිරිසේන ද, අන්දවා ගෙන සිදු කරමින් යන දේශපාලනික විපරිවර්තනය තේරුම් කර ගත හැකි ආකාරයේ අදහසක් පළ කිරීමට, 1999 වර්ෂයේ පළ කෙරුණු business today සඟරාවක ඡේදයක් උපුටා දැක්විය හැකි ය. එකී සම්මුඛ සාකච්ඡාව, මංගල සමරවීර සමඟ පවත්වන ලද්දකි.

'The statement is fairly lengthy but the essence of it is to combine the human side of socialism with the dynamism and the efficiency of capitalism. Basically, it is economic transition with a human face. Way back in 1994, that was again one of our slogans. We said we were going to introduce a market economy with a human face. Today of course people like Anthony Giddens is also talking about it. I was happy to see that even President Clinton is now talking about the market economy having to have a human face.' (Nov.1999)

මෙයින් පැහැදිලි කර ගත යුතු වන්නේ, ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි නව ලිබරල්වාදීන්, 'අමෙරිකානු ආර්ථික ප්‍රතිපත්තියෙන් බැහැර වී, සමාජ ආර්ථික වෙළෙඳපළ ක්‍රමයක් සහිත දේශීය ආර්ථිකයක් ගො‍ඩ නඟමින් සිටිනවා' යනුවෙන් පවසමින් තිබෙන ආර්ථික කෙප්පයේ තරම ය. ඒ අනුව, 'සමාජ ආර්ථික ‍වෙළෙඳපළ' යනු, වෙස් මුහුණක් සහිත අමෙරිකානු අධිරාජ්‍යවාදයම බව මෝඩයන් නොවන සියල්ලන් විසින් තේරුම් ගනු ලැබිය යුතු ය.

(අමෙරිකානු) 'පශ්චාත් නූතනවාදය' නමින් පසුගිය කාලයේ මෙරට ප්‍රචලිත වූ සමාජ සංවාදය, අද ගමන් කර ති‍බෙන්නේ කොතැනකටදැයි, කියා දැන් කවුරුත් සිහි එළවා ගැනීම මැනවි. දීප්ති කුමාර ගුණරත්නලා, මංගල සමරවීර වැනි බටහිරවාදීන් සමඟ සමීප ව කටයුතු කර, දැන් 'සත්හඬ' වැනි පුවත්පත්වල කර්තෘකම් දරන්නේ, රස්සා නැති කමට නො වේ.

ඔවුන් විසින් අනවරත අරගලයක් ලෙස දියත් කරන ලද 'විසංයෝජන' (deconstruction) ප්‍රවාදය, උක්ත මංගල සමරවීර ගේ ප්‍රකාශයේ ගැබ් වී ති‍බෙන ආකාරය තේරුම් ගැනීමට, ජහපාලන අඩස්සිය සනීප කර ගත යුතු ය.

'මේ රට විසංයෝජනය කළ යුතු ය'යි, සඳහන් ප්‍රකාශ සහිත ලිපි NGO ප්‍රකාශනවල තිබේ. මංගල සමරවීර ගේ මෙකී අතීත ප්‍රකාශය සමඟ, අද දවසේ ලාංකික දේශපාලනය තුළ සිදු කර තිබෙන විතැන් කිරීම් සසඳා බැලීම බුද්ධිගෝචර ය.

අප විසින් ලියා පළ කරන ලද 'චේ සහ ඇපල්' කෘතියේ පිටු 120ක් පුරා ලියැවුණු පෙරවදනේ, මෙකී දේශපාලනික ක්‍රියාවලිය පිළිබඳ ප්‍රමාණවත් සටහනක් තිබේ. එහෙත් ඒවා කියවා ගැනීමට තරම් විවේකයක් අප රටේ බුඩ්ඩිමතුන්ට නො තිබිණි. 'රට වටලෑම' යනුවෙන් අප ලීවේ එහි දෙවැනි කොටස ය. දැන් සියල්ල සිදු වී තිබේ. වොලේ සොයෙන්කා කීවේ, 'දූෂකයා ගේ ශුක්‍රානු වේලාසනින් ආඝ්‍රාණය කරන්නන් අවශ්‍ය බව' ය.

අප, අපට හැකි පමණින් කළ හැකි දේ කළෙමු.

එසේම, අද ජවිපෙ. කල්ලිය කටයුතු කරමින් සිටින්නේ කා වෙනුවෙන් ද?

ඔවුන් අමෙරිකානු අධිරාජ්‍යවාදය, ලෝක සමාජවාදී කඳවුරට එරෙහි ව දියත් කරන ලද, ගෝලීය දේශපාලන කුමන්ත්‍රණයේ ආසියානු ඒජන්තයන් බවට පත් ව තිබේ. ජ.වි.පෙ. කල්ලිය කොළඹ, රුසියානු තානාපති කාර්යාලයට මහා දවල් කඩා පැන්නේ නිකං ඉන්න බැරි ව නො වේ. ඔවුහු අද පඩි ලබන විප්ලවකාරීහු (paid rebels) බවට පත් ව සිටිති‍.
සෙස්ස පස්සට නො වේ.
හොඳ, හොඳ සෙස්සවල් ඇත්තේ ඉදිරියට ය.

- කුමාර ලියනගේ


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. where can i buy those books?

    ReplyDelete
  2. Why don't you give a link to share this through a social media?

    ReplyDelete
    Replies
    1. see the 'share' button in the bottom of the post

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions