12/21/2015

නිමක්‌ නැති දඩයමක්‌!

කතෘ:යුතුකම     12/21/2015   No comments

2009 මැයි 18 වැනිදා අවසන් වූ වන්නි මානුෂික මෙහෙයුමේදී LTTE නායක ප්‍රභාකරන්ගේ ඝාතනයත් සමගම කොටි සන්නද්ධ බලය මුළුමනින්ම අවසන් වූවද දෙමළ ඩයස්‌පෝරාව හා කොටි ත්‍රස්‌තවාදයේ ජාත්‍යන්තර නියමුවන් වන එම්මානුවෙල් පාදිලි තැන, රුද්‍ර කුමාරන් හා විනායකම් ඇතුළු කණ්‌ඩායම ඊළාම් රාජ්‍යය ගොඩනගන කාර්යයෙහි යෙදී සිටිති. ඔවුන්ගේ ප්‍රධානතම කාර්යයක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල බුද්ධි කණ්‌ඩායම් විනාශ කර දැමීම හෝ දුර්වල කිරීමයි. කුමක්‌ හෙයින්ද යත් එම බුද්ධි නිලධාරීන් විසින් කොටින්ගේ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් පවා හඳුනාගෙන උන්ගේ ඔත්තුකාරයින් කොටු කර ගැනීමයි. ආරක්‍ෂක අංශ හා බැඳුණු බුද්ධි නිලධාරීන් කිසිවිටකත් හෙළිදරව් නොකළ යුතුය. ඔවුන් හෙළිදරව් කළහොත් බුද්ධි තොරතුරු ලබා ගැනීමට හා ඒ අනුව ක්‍රියාකිරීමටද ඉඩ නොලැබේ. එය ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක්‌ වෙනවා පමණක්‌ නොව ජාතික ආරක්‍ෂාවටද බරපතල හානියක්‌ වන්නකි.

මෙරට පොලිස්‌ බුද්ධි අංශය ජාත්‍යන්තර පොලිසියේ පවා පිළිගැනීමට ලක්‌ව තිබුණි. එහෙත් 1977-1994 එක්‌සත් ජාතික පක්‍ෂ පාලන කාලය තුළ පොලිසිය දේශපාලනීකරණය කිරීම නිසා එම බුද්ධි අංශය බිඳ වැටුණා පමණක්‌ නොව ශ්‍රී ලංකා පොලිසියද පහතට ඇද වැටුණි. අද වනවිටත් පොලිසියේ ඉහළ තනතුරු දරන වැඩි දෙනා එජාපය ආණ්‌ඩු කාලයේ පොලිසියට බඳවා ගත් පාක්‍ෂිකයෝ වෙති. ඔවුන් ආණ්‌ඩුව කියන දේ කරනවා මිස රටේ ආරක්‍ෂාව ගැන සිතන්නේ නැත.

කොටි ත්‍රස්‌තවාදය මර්දනය කිරීමෙහිලා මැනවින් පුහුණුව ලැබූ යුද හමුදා හා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස එම ත්‍රස්‌තවාදය මර්දනය කළ හැකිවිය. චන්ද්‍රිකා කුමාරතුංග රජයේ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැතිව සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේගේ අනුදැනුමින් ආරම්භ කරන ලද මිලේනියම් සිටි මූලස්‌ථානය කරගත් දුරවිහිදුම් බලකාය ඉතා සාර්ථක ලෙස කොටි කඳවුරු සොයාගෙන ගොස්‌ ත්‍රස්‌තවාදී නායකයින් විනාශ කරමින් ක්‍රියාත්මක විය. එහෙත් 2002 රනිල් වික්‍රමසිංහ අගමැති සිටියදී මහනුවර පොලිස්‌ සුනඛ ඒකකයේ ප්‍රධානියා විසින් කරන ලද අනවශ්‍ය සාපරාධි ක්‍රියාවක්‌ හේතු කොට ගෙන එම දුරවිහිදුම් බලකාය හෙළිදරව් වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙසින් එම බුද්ධි නිලධාරීන් පිරිසක්‌ කොටින්ගේ ග්‍රහණයට අසු වී ජීවිත වලින් සමුගත්හ.

එදා එම බුද්ධි අංශ ඒකකය හෙළිදරව් කිරීම මෙන්ම මෙදා ඇවන්ගාඩ් ආරක්‍ෂක වැඩපිළිවෙලට එරෙහිව ක්‍රියා කිරීමද පොලිසිය ලකුණු දමා ගැනීමට කළ දෙයක්‌ බව එදා ආරක්‍ෂක ඇමතිව සිටි මෙදා ඊනියා යහපාලන ආණ්‌ඩුවේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිව සිටි තිලක්‌ මාරපන මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස්‌වීමට ප්‍රථම ප්‍රකාශ කළේය. කවර දේශපාලන මතවාදයක සිටියත් රටේ ආරක්‍ෂාව පිළිබඳ වගකීමක්‌ ඇති කෙනෙකු ලෙස ඔහු එසේ ප්‍රකාශ කළ බව විශ්වාස කරමු.

යුද හමුදා හා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් සම්මත ක්‍රම මෙන්ම තමන් විසින්ම අලුතෙන් සොයා ගත් අසම්මත ක්‍රමද භාවිතා කරමින් LTTEE ත්‍රස්‌තවාදය විනාශ කර දැමීමට ගත් ක්‍රියා මාර්ග දේශපාලකයන් හා පොදු ජනතාව පමණක්‌ නොව ආරක්‍ෂක අංශයේ බොහෝ දෙනාද නොදනිති. මේ වනවිට එම බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීමට කැසකවන්නේ යුදබිම ගැන කිසිත් නොදන්නා ඇතැම් විට කොටින්ට හා විදේශ රටවලට ගැතිකම් කරන අයයි. ඩොලර්වලට යට වූ අයයි. මේ වනවිට යුද හමුදා බුද්ධි අංශ නිලධාරින් ප්‍රශ්න කිරීමට ලක්‌කර ඇති අතර තවත් පිරිසක්‌ සිරගත කොට ඇත. එය ඇමරිකාව ඇතුළු බටහිර රටවල්වලට මෙන්ම ඉන්දියාවටද සතුටක්‌ ගෙන දෙන කරුණක්‌ වුවද ජාත්‍යන්තරය සතුටු කිරීමට තම ආරක්‍ෂක අංශවල නිලධාරීන්ට එසේ දඬුවම් කිරීම හා හිරහැර කිරීම ශ්‍රී ලංකා රජයේ දේශෙද්‍රdaහී ක්‍රියාවකි. මේ හේතුවෙන් බුද්ධි අංශ නිලධාරින්ගේ පමණක්‌ නොව මුළු මහත් ආරක්‍ෂක අංශවලම චිත්ත ධෛර්යය බිඳ වැටී ඇත. ඔපරේෂන් ඩබල් ඒ- මෙහෙයුමෙන් කොටු කරගත් එහෙත් පසුව නිදහස්‌ කරනු ලැබූ ඇතැම් කොටි ත්‍රස්‌තවාදීන් ආරක්‍ෂක අංශවලට එරෙහිව සාක්‍ෂිකරුවන් ලෙස යොදා ගැනේ. පොදු සමාවක්‌ යටතේ නිදහස්‌ කරන ලෙස කොටි හිතවාදී දේශපාලකයින් කරන බලපෑම්වලට නතු වී කොටි ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කළහොත් ඉදිරියේදී ආරක්‍ෂක අංශවලට පමණක්‌ නොව ජාතික ආරක්‍ෂාවටද බරපතල තර්ජනයක්‌ වනු නොඅනුමානයි.

වන්නි සටනේදී මරුමුවට පත් විනායකම් නමැති මුහුදු කොටි නායකයාගේ නම යොදා ගනිමින් 2012 වසරේදී දැනට ප්‍රංශයේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර කොටි ඔත්තු සේවය අරඹන ලදී. මොහු පොට්‌ටුඅම්මාන් යටතේ සිටි කොටි ඔත්තු සේවා අංශයේ ප්‍රධානියෙකි. කොටින්ගේ ජාත්‍යන්තර බුද්ධි ප්‍රධානියා ලෙස ක්‍රියා කරන විනායකම් නමැත්තා ඉන්දියාවේ සන්නද්ධ කොටි පුහුණු කඳවුරක්‌ ඇරඹීමට කටයුතු යෙදීය. මේ අතර කතෝලික පූජකවරයෙකු ලෙස වෙස්‌වලා ගත් දේවන් නමැති කොටියා ඉන්දියාවට පැනගොස්‌ ඉහත කොටි කඳවුර පවත්වාගෙන යාමේ වගකීම භාර ගත්තේය. ඔහු ලංකාවෙන් ඉන්දියාවට පැනගිය 150 ක්‌ පමණ කොටි එකතු කරගෙන එම කඳවුර ශක්‌තිමත් කළේය. ප්‍රංශයේ ක්‍රියාත්මක වන විනායකම්ගේ කොටි බුද්ධි අංශයෙන් ඉන්දියාවේ දේවන්ට පැවරුණු කාර්ය වූයේ ශ්‍රී ලංකා හමුදාවට කොටින් පිළිබඳ ඔත්තු සපයන දෙමළ ජනයා මරා දැමීමයි. ඒ අනුව ප්‍රංශයෙන් ලැබුණු නියෝගයක්‌ මත හමුදාවට ඔත්තු සැපයූ මුත්තු නමැත්තා (ඔහු ත්‍රීවිල් රියදුරෙකි) ගමනක්‌ යන මුවාවෙන් රැගෙන ගොස්‌ ගෙල කපා මරාදමා "දෙමළ දේශෙද්‍රdaහීන්ගේ අවසානය මෙයයි" යනුවෙන් කොළයක ලියා මළසිරුර මත දමා ගොස්‌ තිබුණි.

එම කොටි කල්ලියේ ඊළග නියෝගය වූයේ කොළඹට ගෙනවිත් පුපුරුවා හැර මහා විනාශයක්‌ කිරීමට යොදා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1200 ක්‌ පිර වූ බෝම්බ ලොරිය පිළිබඳ ඔත්තුව දුන් තැනැත්තා මරා දැමීමයි. හමුදා ඔත්තුකරුවන් මරා දැමීමට යෙදු තිදෙනෙකුගෙන් යුත් කොටි කණ්‌ඩායම " ඉන්බන් පල්ලිය" නමින් හැඳින්විණි. එම තිදෙනා නාවික හමුදාවේ බුද්ධි අංශ විසින් කොටු කර ගැනීම නිසා කොළඹදී විනාශයක්‌ කිරීමට යොදා තිබූ බෝම්බ ලොරිය හා කොටින්ගේ උපාය උපක්‍රම බොහොමයක්‌ හෙළිදරව් කර ගැනීමට හැකිවිය. කොටින්ගේ හා ඔවුන්ට සහාය වන අයගේ මෙන්ම උතුරු පළාත් සභාවේද බලපෑම් මත රජය විසින් නිදහස්‌ කිරීමට අර අඳින්නේ එම දරුණු ක්‍රියාවන්ට මැදිහත්ව සිටියදී හමුදා බුද්ධි අංශ විසින් කොටු කරගනු ලැබ සිරගත කොට සිටින කොටියන්ය.

නාවික හමුදා බුද්ධි අංශයෙහි නැගෙනහිර බුද්ධි නිලධාරිව සිටි ලුතිනන් කොමාන්ඩර් Rගඡගී රණසිංහ ඇතුළු බුද්ධි නිලධාරීන් සහ නාවිකයින් දස දෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සැරසේ. මොවුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වන්නේ යුද්ධයෙහි අවසාන කාල පරිච්ෙ-දය තුලදී ත්‍රිකුණාමලය නාවික හමුදා තටාකාංගනය තුළ " ගෝඨා" කඳවුර නමින් වධකාගාරයක්‌ සහ භූගත සිර මැදිරි සංකීර්ණයක්‌ පවත්වාගෙන යැම සහ පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස්‌ එහි රඳවා තබාගෙන අතුරුදන් කිරීමයි.

නැගෙනහිර නාවික බුද්ධි අංශය ඉහත පුද්ගලයන් පැහැර ගැනීමට කිසිලෙසකත් සම්බන්ධ නොවූ අතර ඔවුන් නීත්‍යනුකූල බුද්ධි මෙහෙයුම් විශාල ප්‍රමාණයක්‌ සිදු කරමින් LTTE බුද්ධි ජාලය අඩපණ කිරීමට, පාවෙන අවි ගබඩා විනාශ කිරීමට, අවි ආයුධ විශාල තොගයක්‌ සොයා ගැනීමට සහ මරාගෙන මැරෙන ප්‍රහාර විශාල ප්‍රමාණයක්‌ වැළැක්‌වීමට කටයුතු කරමින් විශාල මිනිස්‌ ජීවිත ප්‍රමාණයක්‌ ආරක්‍ෂා කිරීමට, (ලංකාවේ විශාලතම බෝම්බ ලොරිය කි. ග්‍රෑ 1200 පුපුරණ ද්‍රව්‍ය සමග ත්‍රි/ මලයේදී සොයා ගන්නා ලද්දේ මොවුන් විසිනි) රටේ ආරක්‍ෂක හා ආර්ථික මර්මස්‌ථානවලට එල්ල කිරීමට සැලසුම් කළ මහා ප්‍රහාරයන් රැසක්‌ ව්‍යර්ථ කිරීමට සහ ඛඔඔE ඉලක්‌ක හඹා ගොස්‌ ඒවා විනාශ කිරීමට කටයුතු කළ දක්‍ෂතම බුද්ධි කණ්‌ඩායමකි. මෙම කණ්‌ඩායම 2005-2010 කාලය තුළ ඛඔඔE ත්‍රස්‌තයන්ට මහත් හිසරදයක්‌ වූ අතර යුද්ධය අවසන් වු පසුව තුන් වතාවක්‌ නැවත හිස එසවීමට වෙර දැරූ ඛඔඔE ක්‍රියාකාරීන් විනාශ කිරීමේ මෙහෙයුම්වලට සාර්ථක ලෙස දායක විය.

එවකට නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් කරන්නාගොඩ මහතා විසින් ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක ලෙස කටයුතු කළ ලුතිනන් කොමාන්ඩර් සම්පත් මුණසිංහ විසින් පුද්ගලයින් 11 දෙනෙකු නීති විරෝධි ලෙස පැහැරගෙන ගොස්‌ අතුරුදන් කර ඇති බවට තොරතුරු ඇති බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ සිදු කරන ලෙස පොලිස්‌පතිවරයා වෙත දන්වා සිටින ලදී. ඒ අනුව සම්පත් මුණසිංහ අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ සිදු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 2010 දී ඔහුව ඇප මත නිදහස්‌ කරන ලදී. කොටුව මහෙස්‌ත්‍රාත් උසාවියෙහි නඩු අංක ඊ 723/2010 යටතේ මෙම නඩුව විභාග වෙමින් පවතී. මේ අතර 2013 වසරේදී පරීක්‍ෂණ පවත්වමින් සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර, පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා වෙත ඉදිරිපත් වන නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩර් කේ. සී. වෙලගෙදර සහ තවත් 12 දෙනෙකු විසින් ලුති/ කොමා. රණසිංහ ඇතුළු දසදෙනාගේ බුද්ධි කණ්‌ඩායම මෙයට සම්බන්ධ බවට සාවද්‍ය තොරතුරු ලබා දී ඇත. මෙයට හේතුව වන්නේ එවකටත් ත්‍රිකුණාමලය බුද්ධි කණ්‌ඩායම මෙහෙය වූ ලුති/ කොමා රණසිංහ විසින් ලුති/ කොමා වෙලගෙදර ඇතුළු 12 දෙනා ඔස්‌ටේ්‍රලියානු මිනිස්‌ ජාවාරමට සම්බන්ධ වී කෝaටි ගණන් මුදල් උපයන බවට සාක්‍ෂි සහිතව නාවික හමුදාපතිවරයා වෙත පැමිණිලි කිරීමයි. ඒ අනුව එම චෝදනාවෙන් ගැලවීම සඳහා වෙලගෙදර විසින් මුළු ජාතියම පාවා දීමට කටයුතු කරනු ලබයි. ඉන් නොනැවතී එක්‌සත් ජාතීන්ගේ නිලධාරීන් හට භූගත සිර මැදිරියයි පවසමින් අතීත අවි ගබඩාවක්‌ පෙන්වා දීමට කටයුතු කළේ වෙලගෙදර විසිනි.

ඔහුගේ අභිප්‍රාය වන්නේ එක්‌සත් ජාතින්ගේ සාක්‍ෂිකරුවකු වී ජීවිත තර්ජන ඇති බව පවසමින් සරණාගතභාවය සහ රැකවරණය පැතීමයි. තමාගේ චෝදනාවලින් ගැලවීමට මෙලෙස ජාතිය පාවාදීමේ ක්‍රියාවලිය පිටුපස සිටින්නේ අතුරුදහන් කළා යෑයි පැවසෙන 11 දෛනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වැලිඅමුණ, නීතිඥ තවරාසා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා වැනි පුද්ගලයින් වේ. මේ පිළිබඳව අදාළ අය විසින් ජනාධිපතිවරයා අගමැතිවරයා නාවික හමුදාපතිවරයා දැනුවත් කරනු ලැබ ඉදිරියේදී කුමක්‌ සිදු වනු ඇත් දැයි අවිනිශ්චිතව බලා සිටිති.

කෙසේ වූවද මෙලෙස දක්‍ෂ බුද්ධි කණ්‌ඩායම් විනාශ කිරීම LTTE යේ සංග්‍රාමික උපක්‍රමයක්‌ වන අතර 2002-2004 සාම කාලයෙහිද ඔවුන් කළේ මෙම උපක්‍රමය ක්‍රියාවට නැංවීමයි. එයින් ශ්‍රී ලංකාවට මහත් සේවයක්‌ කළ වටිනා බුද්ධි නිලධාරීන් විශාල පිරිසක්‌ අහිමි වූහ. මෙම පාවාදීමෙන් පසු මෙම බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත සඳහා ඇති ආරක්‍ෂාව කුමක්‌ද? LTTE වුවමනාවන් ඉටු කර දීමට ඉදිරිපත් වී ඇති ජාති ෙද්‍රdaහින්ගේ අරමුණු ඉටුවනවා නොවේද? මෙවැනි ගැටලු රාශියක්‌ මෙම සිදුවීම තුළ ගැට ගැසී ඇත.

මෙය සියලුම ජාති හිතෛෂීන් එක්‌ව කටයුතු කළ යුතු මොහොතක්‌ යෑයි හැඟේ.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions