12/15/2015

මහින්දගෙන් මස් රාත්තලම ඉල්ලා පණ්ඩකලාගේ කටු කළඳෙන් සැනසෙන බේබද්දෝ

කතෘ:යුතුකම     12/15/2015   2 comments

මීට වසර තුනකට පෙර, එනම් 2012 දෙසැම්බර් 12වන දින ළංවෙත්ම රටේ අස්සක් මුල්ලක් නෑරම වූ මහා ඝෝෂාවකි. විඤ්ඤාණවාදීන් සහ භෞතිකවාදීන්ද හරි හරියට ඒ දිනය වනවිට විවිධ කෙස් පැළෙන කර්ක විතර්ක ඉදිරිපත් කරමින් මාධ්‍යය හරඹයක නිමග්න වූවෝය. මේ මහා ඝෝෂාවේ එකම කඩඉම වූයේ 2012. 12. 12 මැදියම 12 පසු කරන්නේ කෙසේද යන්නයි. 2012 දෙසැම්බර් 13 වන දිනට ද එළිවීය. කන්දක් විළිලා වැදූ මී බෙට්ටක්වත් නැති වීය. සාස්තරකාරයෝත් නැත. මාධ්‍යකාරයෝත් නැත. විජ්ජාකාරයෝත් නැත. කිසිවෙකුට හෝ අධෝ වාතයක් පිටවූ තරම්වත් වගක් නැති පරිසරයක් වීය. හරියටම ඉන් වසර තුනකට පසුව සිරි ලංකාවේ ද ඇති වූයේ මහා මාධ්‍ය ඝෝෂාවකි. එහි නෂ්ටාවශේෂ තැන තැන ඉතිරි වී ඇති පසුබිමක මෙම සටහන තබමි.

2012 දෙසැම්බර් මස 12 වැනිදා වනවිට පෙරකී මාධ්‍යක ඝෝෂාව පිළිතුරු සෙවූයේ එදින සිදු වන බවට කිසිවෙකු පැවැසූ බව විශ්වාස කළ ලෝක විනාශය වළක්වා ගන්නේ කෙසේද යන්න නොව එහි අසිරියයි. නො එසේනම් ඒ ලෝක විනාශයෙන් පසු අවට සරන ගන්ධබ්බ ජීවිත ගැන ය. 2015 දෙසැම්බර් 12 වන දින වනවිට එක් මාතෘකාවක් නොව කිහිපයක් ගැන ඝෝෂාවක් නිර්මාණය වී තිබුණි.

රාජ්‍ය සේවයේ කප්පාදුව.
පොහොර සහනාධාර කප්පාදුව.
විශ්‍රාම වැටුප් කප්පාදුව.
රාජ්‍ය ආයතන විකිණීම.
මූලික වැටුප ඉහළදමා ගැනීම.
අර්ථසාධක අරමුදල් පිල්ලිය.
ආදිය ඒ මාතෘකා අතරින් කිහිපයකි.මේ මාතෘකා බොහොමයක් අලුතින්ම නිර්මාණය වූ ඒවා වන අතර, ඇතැම් ඒවා මහින්ද රාජපක්ෂ පාලන කාලයේ කරළියට විත් ඔවුන් විසින් හකුළාගත් ඒවා ය. මේ සියල්ල මහා විනාශයක පෙර නිමිති ලෙස සමාජ ගතවන්නේ රවී කරුණානායක නම් මුදලට ඇමතිත් නොවන එහෙත් මුදල් ඇමති බව පවසන ඇමතිවරයා විසින් ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කළ අය-වැය හෝ වැය-අය කතාවෙන් පසුවය.

මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමය මතක් කළ බැවින්, මහින්ද රාජපක්ෂ ජනපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස අවසන් වරට ඉදිරිපත් කළ අය-වැය අමතක නොකළ යුතුය. එම අය-වැයෙන් රාජ්‍ය සේවකයාට රුපියල් 2500 ක් වැඩි කළ බව දැන් නිට්ටාවට මතකයේ ඇත්තේ කීයෙන් කීදෙනාටද යන පැනය ද පළමුව අසා පිළිතුරක් දැන ගත යුතුමය. මෙය කියවන ඔබත් මොහාතක් ඒ ගැනත් සිතනු ඇතැයි මම සිතමි. මහින්දගේ ආණ්ඩුව පාසැල් නිල ඇඳුම් නිසි පරිදි දෙද්දී, 2015 වසරේ ජනවාරියේ සිට රුපියල් 2500 ක් මූලික වැටුපට එකතු කරද්දී, යතුරු පැදියක් ගන්නට රුපියල් 50,000/= ක් ලබාදෙද්දී, පුද්ගලික අංශයට ද වැටුප් වැඩිවීම් ලබාදෙද්දී, පොහොර සහනාධාරය එලෙසම ලබාදෙද්දී, වී-තේ-පොල්-රබර් සඳහා නිසි මිලක් ගෙවද්දී, සමෘද්ධී සහනාධාරය රුපියල් දහසකින් වැඩිකරද්දී, මහපොළ ශිෂ්‍යත්වය රුපියල් දෙදහසකින් ඉහළ දමද්දී එය එපා කියූ ජනතාවක් යහපාලනයේ නාමයෙන් ලබන ප්‍රතිලාභ මොනවාද ?

2012 දෙසැම්බර් 12 වැනිදා සිදුවන බවට තක්බීර් වී මොරදුන්නාටත් වඩා මහා මාධ්‍ය ඝෝෂාවකින් පසුව මේ අර අරඇන්දේ කුමන ආකාරයේ වැඩ වර්ජනයකට ද ?

මේ වැඩ වර්ජනය සඳහා කැසපට කැවූ සමන් රත්න (අ)ප්‍රියලා දුටුවනම මේ ගොනුන් හැරෙන්නේ කුමකටද..? යනු අපට නම් පැහැදිලිව දර්ශනය වීය. මේ වැඩවැරුම අසමජ්ජාති ප්‍රෝඩාවක් බවට, මොවුන් ගේ හැසිරීම් මනාව හඳුනාගත හැකි මට නම් අපූර්වත්වයක් ගෙන දුන්නේම නැත. මෙය කිසිසේත්ම සිදු නොවන බවට මම නම් පෙර දීම කීවෙමි. කෙසේ වෙතත් එසේ වන්නේ ඇයි ? යන්න දැන් අපි මනෝමූලව විසඳා ගතයුතු පැනයයි.

රනිල්-රවී-සිරිසේන වැය-අය සැබැවින්ම ජනතා ද්‍රෝහී පමණක් නොව දේශ ද්‍රෝහී වැය-අය ක් බව පියවි සිහි ඇත්තෝ දනිති. සැමට තේරුම් යන භාෂාවෙන් මෙම Budget එක දේශ ද්‍රෝහී වන්නේ කෙලෙසකද යන්නට උදාහරණ ඇතිපදම් දිය හැක. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ව්‍යාපාර පුද්ගලික අංශයට පමණක් නොව විදේශිකයනට ද විකුණන සැළසුම් මේ අය-වැය තුල අන්තර්ගත වීමෙන්ම එය දේශ ද්‍රෝහීය. රටේ භූමිය විදේශකයින්ට පැවැරීමම ද්‍රෝහී ය.

සරලව අවසන් කළ නොහැකි එහෙත් අවසානයක් නැති මෙම සටහනේ අවසානයේ අපට කළ හැක්කේ සංසන්දනාත්මක විග්‍රහයකට යාම පමණි. මහා බලසම්පන්න යක්ෂයෙක් ලෙස වෙස් ගන්නවා සමාජගත කරවූ මහින්ද රාජපක්ෂ පාලනයත්, මහානුභාව සම්පන්න ශ්වේත රාජයෙක් ලෙස අභිෂේක ගැන් වූ සිරිසේන-රනිල්-සම්බන්ධන් පාලනයත් දැන් සංසන්දනය කරන්න.

මා විසින් දින දෙකකට පෙර කතාබහකට හවුල් කරගත් ඒකාබද්ධ විපක්ෂයේ කෙරුමෙකුට අනුව, අලුත් ආණ්ඩුව - තවම මාස හතරයි - ජනප්‍රියයයි වගේ ළඳ බොළඳ තර්ක නොමැතිව සරල උදාහරණ කිහිපයකින් මෙම පාලන දෙක සංසන්දනය කරන්න.

මහින්ද ආරක්ෂා කරදුන් රාජ්‍ය සේවයත් නැති, පොහොරත් නැති, සමෘද්ධියත් නැති, පාසැල් නිල ඇඳුමත් නැති, මහපොළත් නැති, මූලික වැටුපත් නැති, විශ්‍රාම වැටුපත් නැති, අවසානයේ හෙළයේ මතු උපදින පරපුරට ජීවත්වන්නට රටකුත් නැති පරිසරයක් උරුම කළේ කවුරුහුද ?

එසේ කළවුන්ට එරෙහිව කඳවුරු බැඳිය යුත්තේ කවුරුන් සමඟ ද ?

මහින්ද රැකදුන් සියල්ලට එරෙහි වූ වෝ කවුරුන්ද ? එනම් ඉහත විග්‍රහකරගත් අර්ථයෙන් නම් සමස්ත රටටම ද්‍රෝහීවූවෝ නම් හංස රෙජීමය නොවේ ද ? ඉඳින් හංස රෙජීමයේ නියමුවෝ විසින් රඟදක්වන නාඩගමක රූකඩවන්නෝ කවුරුහුද ? මේ සංදර්ශන ඔබ තවදුරටත් විශ්වාස කරනවාද ? වර්ජක - වර්ජිත සහ නරඹන සියල්ලන් විසින් ඔවුනොවුන්ගේ සැබෑ හෘදයේ සාක්ෂියෙන් විමසිය යුතු ප්‍රශ්න වැලකි.

එසේනම් මෙතෙක් සිදු වී ඇත්තේ කුමක් ද ?
හංස රෙජීමයේ ෂයිලොක්ලා මහින්දගෙන් මස් රාත්තලම ඉල්ලා සිටියෝ නොවේද ?

දැන් සිදුවන්නේ කුමක් ද ?
රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයෝ පමණක් නොව රටේම බහුතරයක් ගොනාට ඇන්ද වූ හංස රෙජීමයේ ෂයිලොක්ලා හා ජෝකර්ලා විසින් තවදුරටත් රටම ගොනාට ඇන්දවීම නොවේ ද?

තවත් වැදගත් කරුණක් නම්, ජාතික හා අන්තර්ජාතික වශයෙන්ද රටක අනාගත සැලසුම් තීරණය කරන වැදගත්ම මූල්‍ය ලියවිල්ල මේ ආකාරයට හිතු හිතූ ආකාරයට වෙනස්කම්වලට භාජනය කිරීම කෙතරම් නුවණක්කාර ක්‍රියාවක්ද යන්නයි. ජනපතිට, අගමැතිට, මුදල් ඇමතිබව කියාගන්නා එකාට සහ වෘත්තීය සමිතිවල පඟරනැට්ටන්ට අවශ්‍ය ආකාරයට දිනපතා සතිපතා හෝ මාස්පතා වෙනස්කරන ලියවිල්ලක් රටකට අත් කරන්නේ කුමන බලපෑමක් ද?

අවසානයක් නැති විරාමයක දී කෙටියෙන් පවසන්නේ නම්, මහින්දගෙන් මස් රාත්තලම ඉල්ලූ හංස රෙජීමයේ ෂයිලොක්ලා, එලොවටත් නැති මෙලොවටත් නැති පණ්ඩක එකතුවක මස්කටු කළඳකට රටේ ශ්‍රම බලකායෙන් බහුතරයක් පාවා දුන්නේය.

-ජනිත් විපුලගුණ-
2015 දෙසැම්බර් මස 15 වැනිදා

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. දේශපාලන වශයෙන් මහින්දව ග්‍රෑම් එකේ මස් කෑලිවලට කැපිය යුතුයි. නැවත බලයට ආවොත් මොහු ඉඩි අමීන්ගේ ලොකු තාත්තා වගේ ක්‍රියා කරනවා.

    ReplyDelete
  2. Ane Ano ..ka deepan Ranilta/Senata

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions