මේජර් ජනරාල් ජගත් චුලනාග ඩයස් සිය විශිෂ්ට හමුදා ජීවිතය නිමවා පසුගිය සිකුරාදා විශ්‍රාම ලැබීය. අප බොහෝ දෙනෙකු තමන්ගේ කතාවේ වීර චරිත වෙද්දී, ජගත් ඩයස් වැන්නෝ ජාතියේ වීරනාමාවලියේ සිය නම සටහන් තබන්ට සමත් වූහ. දුටු ගැමුණු මහ රජතුමා මුලසුන හොබවන සිංහලයේ වීර සභාවේ ජගත් ඩයස්‌ට අසුනක් වෙන්වන්නේ, ඊළාම් අභියෝගය ජය ගැනීම සදහා ඔහු විසින් ජාතියට ලබා දෙන ලද දායකත්වය හේතුවෙනි.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනුම ලබා, ජාතිය විසින් වීරයන් සොයනා මොහොතක 1980 වසරේ අගෝස්‌තු එකොළොස් වෙනිදා ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනේය. එතැන් සිට පා බල නිලධාරියෙකුගේ මෙහෙවරේ නිමග්න වෙමින් ඔහු සිය වෘත්තීමය හමුදා ජීවිතය ආරම්භ කළේය. වඩමාරච්චි මෙහෙයුමට දායක වෙමින්, බ්‍රිගේඩියර් විජය විමලරත්නගේ විධායක අධිකාරි හෙවත් ඇජුටන් ලෙස කටයුතු කරන ලද්දේ ජගත් ඩයස්‌ය. ඔහු සිය හමුදා ජිවිතයේ භාරගත් සන්ධිස්‌ථානීsය අභියෝගය වූයේ මාවිල්ආරුවෙන් ආරම්භ වූ, එල්ටීටීඊය සහමුලින්ම යුදමය වශයෙන් පාරාජය කරන ලද සටන සඳහා 57 වැනි සේනාංකයට නායකත්වය ලබා දීමය. 2007 මාර්තු මාසයේ ජගත් ඩයස් වෙත 57 වැනි සේනාංකය භාර වන විට, එහි සෙබළ මුළුවේ ධෛර්යය සිඳී ගොස් තිබුණි. සේනාංකයේ සෙබළමුළු වෙත, තමන් අත රැඳි ජාතික වගකීම මතක් කර දෙමින් ඔවුන් පණ ගන්නවා සටනට නායකත්වය ලබා දුන් ජගත් ඩයස් නැගෙනහිර සිට 57 වැනි සේනාංකයට අණ දෙමින් "ජයග්‍රහණයේ පදනම ඉදිරිය බලා යැමයි" යන නැපෝලියන්ගේ කියමන අනුව කොටි ත්‍රස්‌තවාදීන්ගේ බල සුන් කරමින් ඉදිරිය කරා සිය සේනාංකය මෙහෙයවීය.
උදාවූ නත්තලේදී මඩු දේවස්‌ථානයේ දේව මෙහෙය, නිදහසේ බැතිමතුන් විසින් පවත්වන ලද්දේ ජගත් ඩයස්‌ගේ නායකත්වය යටතේ 57 වැනි සේනාංකය විසින් 2008 අප්‍රේල් 24 වැනිදා මඩු පල්ලිය ත්‍රස්‌ත ග්‍රහණයෙන් නිදහස් කර ගැනීම නිසාය. ඉන් පසුව පාලම්පිඩ්ඩි, මුන්දිමුරිප්පු, පෙරියමඩු, යන ප්‍රදේශ මුදා ගනිමින් 57 සේනාංකය පළමුවරට ඒ - 9 මාර්ගයෙන් බටහිරින් මුලතිව් දිස්‌ත්‍රික්‌කයට ඇතුළු වෙමින් නැදුන්කන්ඩාල්, කල්විලාන් මුදා ගැනීමේ සටනට බටහ.
2008 ජූලි 11 දා නැදුන්කන්ඩාල් ප්‍රදේශයත්, අගෝස්‌තු 13 දා කල්විලාන් ප්‍රදේශයත් මුදා ගත් 57 සේනාංකය, අනතුරුව මෙහෙයුම් ක්‍රියාත්මක කළේ කොටින්ගේ දෙවැනි පරිපාලන නගරය ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ තුනුක්‌කායිදී මල්ලාවි ඇතුළු ප්‍රදේශ මුදා ගැනීමටය. සැප්තැම්බර් 2 දා මල්ලාවි නගරය ද අත්පත් කරගත් අතර පසුව ඉන් ඔබ්බට මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි. කොකාවිල් පැරණි රූපවාහිනී සම්ප්‍රේෂණ කුලුන තිබූ ප්‍රදේශය මුදා ගැනීමෙන් අනතුරුව මුදාගැනීමේ ඓතිහාසික මෙහෙයුම සඳහා 57 වැනි සේනාංකය ඉදිරියට ගියහ.
චෙන්නායි නගරය මූලික කරගෙන නාක්‌කීරන් සඟරාවට ප්‍රකාශයක් කරමින් ප්‍රභාකරන් පවසා තිබුණේ කිලිනොච්චිය අල්ලා ගැනීම රාජපක්‌ෂ දකින දවල් හීනයක් බවය. කොටි සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස හඳුන්වා ගන්නා තමිල් සෙල්වම් ප්‍රකාශ කර තිබුණේ හමුදාවට කිලිනොච්චියට ඇතුල් වන්නට ඉඩදී ප්‍රහාර එල්ල කරන බවකි. සමහර යුද විශේෂඥයන් ප්‍රකාශ කොට තිබුණේ හිට්‌ලර්ගේ හමුදා රුසියාවේ ස්‌ටැලීන්ග්‍රෑඩ්හිදී මුහුණදුන් ෙ€දවාචකයට සමාන තත්ත්වයකට ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චියේදී මුහුණ දෙනු ඇති බවය. මෝසම් වැසි ඇද හැළෙමින් පාරිසරික සාධක පවා ත්‍රස්‌තවාදයට වාසිදායක ආකාරයට පැවතීම, සීත සමය අබිමුව හිට්‌ලර්ගේ සේනාව රුසියාවට පරාජය වීම මෙන්, . ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයා රුසියාව ආක්‍රමණය කර මොස්‌කව් වෙත ළඟා වී සිටි අවස්‌ථාවේදී ශීත සෘතුව උදාවීම නැපෝලියන්ගේ විනාශයට හේතු වූ අයුරුත් සමහරුන් විසින් කියනා ලද්දේ, කිලිනොච්චිය එල්ටීටීඊයෙන් මුදාගැනීම ජාතියේම දවල් හීනයක් බවටම පත් කරමිනි. සමහර දේශපාලකයන්ගේ තක්‌සේරුව වූයේද හමුදාව කිලිනොච්චියට යන බව කියමින් මැදවච්චියට යන බවය.
මේ සියල්ල 'අනා' ගත් වැකි බවට පත් කරමින් 57 වැනි සේනාංකය 2009 ජනවාරි දෙවැනිදා කිලිනොච්චි නගරය ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදා ගැනීමට සමත් වූහ. එදා කිලිනොච්චියේ සිංහ ධජය එසවූයේ, ඒ සටන සඳහා නායකත්වය ලබා දුන් මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ය. සිය පනස් පස් වෙනි උපන් දිනය දා විශ්‍රාම ලැබ හමුදා සේවයට සමු දෙන්නේ කිලිනොච්චියේ සිංහ ධජය ඉහළ නැංවූ ඒ වීරයාය.
මහලු මඩමක් සේ හැටවිය පමණක් නොව හැට පහ ද පැන ඇති, වැඩකට නැති කෝට්‌කාරයන් සේවයේ යෙදෙන විට මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ට ඉතා පහසුවෙන් විශ්‍රාම යැමට ලබා දීම පවතින අවදානම හමුවේ, ජාතියට හිතකර තත්ත්වයක් නොවන බව අපේ අදහසය.
ජගත් ඩයස් ජර්මනියේ නියෝජ්‍ය තානාපති ලෙස පත් වී වැඩ භාර ගැනීම පිණිස ගුවන් තොටුපළෙන් බිමට බසින විටම ඔහු යුද අපරාධකරුවකු බවට විරෝධතා පළ කරමින් එල්ටීටීඊ ඩයස්‌පෝරාව ඔහුට එරෙහිව වැඩ අල්ලා තිබුණි. එදා සිට ඔහු ජර්මනියේ සිටින තාක් කල් අවම වශයෙන් මාසයකට වරක් වත් "යුද අපරාධකරුවකු වන ජගත් ඩයස් පිටුවහල් කරනු..." යනුවෙන් ජර්මනියේදී විරෝධතා පැවැත්වීමට එල්ටීටීඊ ඩයස්‌පෝරාව කටයුතු කළේය. පරාජයේ විළි වසා ගැනීම සඳහා ගෙන එන ලද, සෑම යුද අපරාධ චෝදනා පත්‍රයකම මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ගේ නම ඉහළින් සටහන් වී තිබුණි.
මේ, අපේ ජාතිය සතු වීරයෙකි. ඔහු අපගේ වීර කාව්‍ය වන මහාවංශයේ නම ලියෑවෙන්නෙකි. නව වසරක් එළැඹෙන මොහොතේ බාල් නටනවා සමගම අප මේ ගෙවන තුටු පහටු, බිය සැක නැති ජීවිතය අපට උදා කර දුන්නේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් ඇතුළු වීර දු පුතුන් පරපුර බව අප සිහි කැඳවා ගත යුතුය.
වීරයන්ගේ යශෝරාවය රැව් දෙන සුබ අලුත් අවුරුද්දක් වේවා... !අපි රටට එසේ ප්‍රාර්ථනා කරන අතරේ
මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මේ ජාතිය පවතින තාක් දේශයේ වාතලය සිසරා ඔබගේ නාමය නින්නාද වනු ඇත. අපගේ දරුවන් බලාගන්නා සේ ආදරයෙන් ඔබ ඇතුළු වීර කැළ රැක බලා ගැනීම අත් නොහරින වගකීමක් ලෙස අපි කර තබා ගන්නා බවට සපථ කරමු.

2015-12-27 දිවයින කතුවැකිය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
සට්ටැඹියෙකුගේ අවසානය
ReplyDeleteඉහත සඳහන් කමෙන්ට් එක ලියපු එකා යුධ කාලයේ දී ද්‍රවිඩ ත්‍රස්තවාදී බෙදුම්වාදයට උපරිම සහය දැක්වූ තුලින් වැටුප් ලබා ජීවිකාව ගෙන ගිය සට්ටැඹියෙක් විය යුතුයි.
ReplyDeleteජර්මන් කොල්ලා